ඇයි නොදනි..

Sunday, April 22, 2012


තරුවක් වුවත් ආකසේ දිලෙන්නට..
මලක් වුවත් අතු අතරේ රැදෙන්නට..
කවියක් වෙලා තනුවක් හොයන්නට..
කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට..

නිල් අහසේ තනිකම විදින්නට..
අතු අතරේ තනිකම හුරුකමට..
තනු අතරේ පද අතරේ රැදෙන්නට..
හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම..

තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි..
දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී..
පද අතරේ ඔබේ හුරු පහසේ සුවද දැනි..
නෙතු අතරේ සිර වු කදුලක් බිමට පනි..

12 ප්‍රතිචාර:

  • අනුරාධ says:
    April 22, 2012 at 2:34 AM

    තරු අහසයි
    මල් පොකුරයි
    කවි ගොන්නයි
    නුඹ ලඟමයි


    වෙල්කම් බැක් නිම්ශා.......

  • Shadow/හේමලයා says:
    April 22, 2012 at 6:53 AM

    mmmmm....

  • Prabhath says:
    April 22, 2012 at 9:29 AM

    Menna bole nimsa. :p

  • චතුවා says:
    April 23, 2012 at 10:00 PM

    හප්පේ මේ නිම්ශාමද? බොල කෙල්ලේ කොහේද අතුරුදහන් වෙලා ඉන්නේ.. :P

    නිර්මානේට මම ඉතින් හැමදාමත් වගේ (Y) තමා :D

  • Miyuru says:
    April 26, 2012 at 6:11 AM

    පින්තූරය විසින් කවියෙන් දනවන හැඟීම් තව තවත් තීව්‍ර කරනවා වගෙයි මට දැනෙන්නෙ.....

  • Comee says:
    May 29, 2012 at 10:00 AM

    නියමයි.. ජය වෙවා...!

  • Ru_Sirini says:
    June 1, 2012 at 9:20 AM

    //පද අතරේ ඔබේ හුරු පහසේ සුවද දැනි..
    නෙතු අතරේ සිර වු කදුලක් බිමට පනි..//

    අයියෝ ඔයා අඬන්න එපා...!!

    ලස්සන කවියක්..

  • යසියා says:
    June 2, 2012 at 5:42 PM

    මල් පුසුබයි නැත ඔබගේ සුවද වගේ..
    මෘදු සුලගේ දග කල කෙස් කලබ කොහේ...
    පුංචිම දෙයත් ලොකුවට ගත් ලදුනි ඔබේ..
    එන්නට හිතයි අද නුබ නැති අඩුව දැනේ...

  • Manoj Dharmawardhane says:
    June 6, 2012 at 12:56 PM

    නිල් අහසේ තනිකම විදින්නට..
    අතු අතරේ තනිකම හුරුකමට..

    සරලයි ! ලස්සනයි !

  • නජාත් අක්‍රම් says:
    June 8, 2012 at 12:59 AM

    තනු අතරේ පද අතරේ රැදෙන්නට..
    හිමි වුනත් අහිමිකම දැනෙයි මට..

    අන්තිම වචනය ඒ විදියට වෙනස් වුණා නම් තවත් ලස්සනයි අක්කේ!!
    ජය!!

  • චමී4යූ~chami4u says:
    June 11, 2012 at 10:34 AM

    හරිම ලස්සනයි නිම්ශා.. අදමයි මේ ආවේ.
    ඔන්න අද ඉදලා හැමදාම එනවා...

  • නජාත් අක්‍රම් says:
    June 19, 2012 at 6:06 PM

    //තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි..
    දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී..//

    ආදරය කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි ඕක. කැමැත්ත දෙනකම්, ආදරය කරද්දී සහ විරහවේ දී..

    ජය වේවා!!

Post a Comment