Showing posts with label අරුන්දතී. Show all posts
Showing posts with label අරුන්දතී. Show all posts

Saturday, April 16, 2011

අරුන්දතී 9 වන කොටස

9 ප්‍රතිචාර | Read more...
චමියා... උ..ඹට... මම උදේ කිව්වා නේද යකෝ...  සුදු නංගා එනවා කියලා... ඒකල්ලත් .. චීක්... උඹ කොහොමද ඒ වගේ බලු වැඩක් කලේ.....
චාමීන්ගේ කම්ස කොලරයේ එල්ලීගෙන ඉසංක ගුගුරද්දි  තාරුක වහා පැන ඉසංකගෙන් චාමීන්ව ගලවා ගත්තේය . චාමින් උන්නේ සිදුවූ දෙය අදහාගන්නට බැරිවය.....

ඉසා උඹට පිස්සු හැදිලද ඇයි යකෝ මේ.... මේ තරම් තද වෙන්න දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.  චාමීන් දෙසට වියරුවෙන් පනින්නට උත්සහ කරන ඉසංකව වත්තන් කරගනිමින් තාරක කීවේය.

අහලා බලපන් තරූ මුගෙන් මම උදේම මුන්ට නංගා ගැන කියලා කව්වා රැග් කරන්න  එහෙම එපා කියලා... පව් අහිංසක කෙල්ල.. උඹලට දුක හිතුනේ නැද්ද යකෝ.... ඉසංක දත්මිටි කමින් යලිත් චාමීන් දෙසට පනින්නට උත්සහ කලත් තාරුක ඔහුව දැඩිව අල්ලාගෙන උන්නේය..

විශ්වාස කරපන් ඉසා උඹගේ නංගි රන්දනා තමයි අපිට ඒ කෙල්ලව පෙන්නුවේ අළුතින් ආවේ ගානට වැඩියි කියලා.. සිදුවු කිසිවක් අදහා ගන්නට නොහැකිව උන් වාමීන් සාවදානව කීයද්දී.. ඉසංක විස්මයෙන් දෑස් දල්වාගෙන් ගල් ගෑසී උන්නේය..

රන්දු... මේ අපේ නංගී......??? ඉසංක පරාජිතව මිමිණිවේය.. රන්දනා ගේ නම කියැවුනු බැවින් ඉංසක මිතුරන් ඉදිරියේ මහත් ලැජ්ජාවට පත්වු බවක් ඔහුට දැනිනි.

මටත් හිතා ගන්න බැරි ඒක තමයි ඉසා.. මම බොරුකියනවනම් අහපන් නමාගෙනුයි ප්‍රගියා ගෙනුයි. සත්තයි මචෝ රන්දු කියපු නිසා තමයි අපි සීන් එකට බැස්සේ.. රන්දු කීවේ හැටියට අපි හිතුවේ පරාල ඇණයක් කියලා...
චාමීන් කියාගෙන යද්දී ඉසංකත් තාරුකත් මුහුණට මුහුණ බලා ගත්තෝය..

මට සමාවෙයන් චමී... පරාජිත ස්වරයකින් මිමිනූ ඉසංක චාමීන්ගේ උරහිස මත සුරත තමා තද කලේය.

පිස්සුද ඉසා.. මම තරහා නැහැ.. ඒත් උඹ බලපන් ටිකක් මොකක්ද නංගිලා දෙන්නා අතර කේස් එක කියලා.. හැබෑට කවුදෑ.. මේ වන්දනා.. චාමීන් අමනාපයකින් තොරව ඇසුවේ ඉහි මරමිනි.

අපේ ලොකු මාමාගේ දුව මාස හතරකට කලින් මාමා නැති වුනා, නංගි දැන් අපි එක්ක අපේ ගෙදර ඉන්නේ.. ඉසංක කීවේ තාරුකද නොඉවසිල්ලෙන් දැන ගෑනීමට උන් කරුණකි..

ඒ කියන්නේ  සුරංගනාවිගේ නම වන්දනා.. ඒයා ඉසංකගේ ඇවැස්ස නෑනා.. දෙ..වි..ය.නේ.. ඉසංක මේතරම් වන්දනා ගැන ආදරෙන් කතා කරන්නේ දැනටමත් නැනණ්ඩිව අයිති කරගෙනද.. නෑ.. නෑ.. එහෙම වෙන්න බැහැ.. ඒහෙනම් පොර අර බාලිකාවේ කෙල්ලට සීන් කරන්නේ නැහැනේ.... තාරුක සිතින් තමාටම මුමුණා ගත්තේය....
***********************************************************************

පාසැල හා නිවස අතර  එතරම් දුරක් නොවුයෙන් දිනපතා තාරුකත් ඉසංකත් ආවේ ගියේ පා ගමනිනි. රන්දනාත් ඇගේ යෙහෙලිය වු නිශාදීත් සමග ඔවුන් හා එක් වූවෝය..  එහෙත් මෙදින පාසැල නිමවු විගස රන්දනා අයියලා මගහැර නිශාදි සමග ඉක්මන් ගමනින් පාසැල් ගේට්ටුවෙන් පිට වුවාය.. රන්දනාත් අයියාත් සමග නිවසට යන්නට උන් වන්දනා රන්දනා මගහැර ගියෙන් පාසැල් ගේට්ටුව අසල අසරණව බලා උන්නාය.

ඇයි රන්දු අයියලාට කට් එක දැම්මෙ... අතර මගදී නිශෘදි විමසිලිමත් වුවාය..
නෑ බන් එයාලා එක්ක ආවානම් අර වාත කේස් එකත් සෙටි වෙනවනේ අද ඉදන්.. රන්දනා නොසැලකිලිමත් ලෙස කියා ගමන ඉක්මන් කලාය..

වාත කේස් එක කීවේ...

අර ගොඩේ කෙල්ල වන්දනා.. රන්දනා තරහින් කිවාය

පිස්සුද බන් මට නම් ඒ කෙල්ලගේ ගොඩේ කමක් පේන්නේ නැහැ ඒයාගේ වෙනස්ම ලස්සනක් තියෙන්නෙ.. ගැමි ලස්සනක් ඒක ගොඩේ කම නෙවෙයි.. නිශාදි අවංක හඩකින් කියද්දී රන්දනා තරහින් පිපිරෙමින් ඇය දෙස බලා සිටියාය.

ඇත්තද... එහෙනම් නැවතිලා ඒ අයත් එක්කම ආවානම් හරිනේ. යි කියා කේන්තියෙන් කී වන්දනා වේගයෙන් ඉදිරියට ඇවිද ගෙන ගියාය.

 ඒයි රන්දු... ඔකට ඔය හැටි තද වෙන්න ඔනිද... මොකක්ද බන් මම කීවේ මගේ අදහස.. උඹට ඔය හැටි ඩෝන් යන්න දෙයක් කීවේ  නැහැ. නිශාදි රන්දනා පසුපස දිව යමින් කීවාය..

පාසල අසල තනිවි සිටි වන්දනා දෙනෝහාහක් සිසුන් අතරේ අතරමන්ව ඉසංකව සෙවිවාය.. නන්නාදුනන මාවතක යන්නට නොහැකි කමින් ඇය ඉසංක එනතුරු බොහෝ වේලාවක් ගේට්ටුව අසල රැදුනාය..

සුදු නංගී.. න්නාදුනන සිසු සිසුවියන් අතරින් ඉසංකගේ හඩ ඇසී වන්දනා ඒ දෙසට හැරුනාය. සිනාසෙමින් තමන් දෙසට එන පොඩි අයියා දෙස වන්දනා ලෙන්ගතු සිනහවක් සමග බලා සිටියාය.. ඉන් හිරිවැටිගියේ ඒ සමග එමින් උන් තාරුකයි.

කෝ රන්දු.. ඉසංක වට පිට බලමින් විමසුවේය...

ගියා අයියේ....

මොකක්...?? ඔයාව තනියම දාලා එයා ගියාද... ඉසංක විමතියෙන් දෑස් පුරවාගෙන අසද්දි වන්දනා නිහඩව හිස සැලුවාය.. අයියාත් සමග උන් තාරුකව ඇ‍ය දුටුවේ එවිටයි.. විවේක කාලයේ සිදුවීම මතක් වී ඇයට සියුම් ලැජ්ජාවක් දැනිනි.

සුදු නංගා .. මම දන්නවා දවල් වුනු දේ.. ඔයා බය උනාද... පාසැල පසුකර නිදහස් මාවතට පිවිසෙද්දී තාරුක වන්දනාගේ මුහුණට එබෙමින් ඇසුවේය..  කිසිත් නොකී වන්දනා මුහුණ බිමට නැඹුරු කරන් ගමන් කලාය.. තමා නොකීවාට  ලග සිටින මිතුරා අයියාට සියල්ල කියන්නට ඇති බව ඇයට හැගිනි..

ආයේ එහෙම වෙන්නේ නැහැ .. මම ඉන්නවානේ.. තාරුක වන්දනාගේ හිස පිරිමැද කියද්දි තාරුක හිරිවැටී ගියේය..

මම හිතපු දේ හරි.. තාරුක තමාටම මුමුනා ගත්තේය.  ඉසංකගේ ආදරණිය හැසිරිම්  නිසා  ඉසංකත්  වන්දනාත්  පෙම්වතුන් යැයි වරදවා වටහාගත් තාරුක සිත රිදවා ගත්තේය.. ඔහුට ඉක්මනින් තනිවන්නට උවමනා විය.. මචං ඉසා මම බාප්පි ක්ලාස් කරන තැනට යන්න ඔනි.. මම මෙතනින් හැරෙන්නම්... යි කියා බොරුවක් ගොතාගත් තාරැක ඉසංකත් වන්දනාත් මගහැර ගියේය...
ඉසංකත් වන්දනාත් නිවෙස අසලට යත්ම වන්දනාද ගේට්ටුවෙන් වත්තට ඇතුලු වුවාය.
ආ..අර ඉන්නේ යක්ෂ කෙල්ල... ඉසංක අත් මිටිමොලවාගෙන දත්මිටි කෑවේය.

අනේ වදින්නම් අයියේ.. අක්කා එක්ක මම නිසා රන්ඩු වෙන්න එපා.. මේක මෙතනිත් අමතක කරන්න වන්දනා ඉසංකගේ සුරතේ එල්ලී බැගැපත් වුවාය.

Wednesday, February 23, 2011

අරුන්දතී 8 වන පියවර

6 ප්‍රතිචාර | Read more...

දින ගනනාවක සිට යලිත් දකින්නට පෙරුම් පුරමින් උන් දසුන දුටු තාරුක හිරිවැටී ගියේය..
"ඔයා..." ඔහුට එක්වරම කියැවිනි. දින කිහිපයකට පෙර සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී තම වාදනයට කන්දීගෙන උන් යුවතිය  අද දෙනෙතෙහි කදුලු පුරවාගෙන තමා  අසල දණ ඔබාගෙන සිටී. මේ යැයි කිව නොහැකි ආත්මීය හැගීමකින් තාරුක දැවී ගියේය. පණ ගැහෙන සිතිවිලි අතරේ තාරුක හෙමි හෙමින් පිට්ටනියේ ඈතට ඇවිද යද්දී.. වන්දනා පන්ති කාමරයට ගියාය. 


අවතැන් වු සිතිවිලිත් සමග තාරුකට පන්ති කාමරයේ සිටිය නොහැකි විය විවේක කාලයෙන් පසු කාලච්ඡේදයට ඔහු පන්තියට නොගියේ එබැවිනි. පිට්ටනියේ සිදුවු සිදුවීම් එකිනෙක සිතිවිලි වල දැවටෙමින්ඔහුට වද දෙන්නට විය. වන්දනාගේ කදුලු පිරි දෙනෙත ඔහුගේ හදවත කිසිදාක නොවු තරම් සසල කරවන්නට සමත්ව තිබුණි.


"ඇයි ඔයා හැම වෙලාවේම මගේ හිතට ඇවිත් වද දෙන්නේ" ඔහු තනිවම මිමිණුවේය...


පුස්තකාලයට ගොස් පොතක් පෙරලා ගත්තද බොදවු අකුරු පේලි වල කිසි අරුතක් ඔහුට නොවැටහිනි. කාලච්ඡේද දෙකක්ම නිකරුනේ ගෙවා දැමූ ඔහු අවසන් කාලච්ඡෙදසේ සසල සිතිවිලි සමග පන්ති කාමරයට ගියේය ඔහු දොරෙන් ඇතුල්වත්ම චමීන් ඇතුලු දගකාරයන් පිරිස  උසුලු විසුලු කරමින්  හිනැහෙන්නට විය. 


“ජාත්යේ ගැලවුම්කාරයා..” ඒ අතර කෙනෙක් උස් හඩින් කීවේ පන්තියම සිනහ සයුරේ ගිල්වමිනි.  කිසිත් නොකී තාරුක නිහඩවම ගොස් ඉසංක අසල වු තම සිසු පුටුවට බරවිය. 


“කොහේද උඹ ගියේ හා...” එක්වරම ඉසුංක තාරුකගේ ඇගට කඩන් පැන්නේය. 


“ලයිබ්රරි එකේ හිටියේ...” තාරුක සන්සුන්ව මිමිනුවේය.


“උඹේ මොලේ නරක් වෙලාද උදේ ඉදන් කෙමෙස්ට්‍රි පිරියඩ් එක එනකල් නේ උඹ බලන් හිටියේ.. ඇයි පුත්තලං බූරුවෝ කට් එක දැම්මේ... සර් උඹව ඇහුවා.." ඉසංක විමසිලිමත්විය


“ඔළුවේ කැක්කුමක් ආවා මචන් ඉවසන්න බැරි උනා” තාරුක පරාජිතව කීවේය.


“ඈ තරුවෝ උඹට ඔළුවේ කැක්කුමක් හැදුනද නැත්නම් අර නංගි බබාගේ ඔළුව අත ගගා හිටියද...”‍ චාමින් විහිලුවෙන්ම කතාවට එක්විය


“කවුද බං නංගි බබා......” කිසිත් නොදැන උන් ඉසංක උනන්දුවෙන් චාමින් දෙසට හැරුණි. 


“ අ..හා.. ඉසෝ... උඹට කියන්න බැරි උනානේ.. ඉනටවල් එකේදි අපි චූටියට වැඩේට මුල පිරුවා...”

 
“වැ‍ඩේට... හෑ... මොන වැඩේටද බන්ස්....” ‍

 
“අහගෙන හිටපන්කෝ උඩ පනින්නේ නැතිව....”

 
“හා.. හා... ඉතින් වාත අමාරුව හදාගන්නේ නැතුව කියපන්.....”

 
“අළුත් කෙල්ලෝ දෙන්නෙක් අල්ලගෙන පොඩ්ක්.. දන්නේ නැදද.......” චාමීන් ඉහිමැරුවේය....


“අ.. හා... ඒ වැඩේ...කෙලින්ම කියපන්කෝ රැගත් දුන්නා කියලා.... ඉතින් ඉතින්.....” ඉසංක අළුත් උනන්දුවකින් කතාවට සවන් දුන්නේය


“ඔවි ඉතින්.. එහෙම කලා....අපි ටිකක් සැරට කතා කලාම මෙන්න බොලේ කෙල්ල බිම ඉදගෙන අඩන්න පටන් ගත්තා....” 

 
“නෑ...... ඉතින්....” ඉසංකගේ උනන්දුව දිලිසෙන ඇස් වලින් මනාවට පෙනිනි.


“කොහේද.. හේ මුකලන් බස්සා කොහේදෝ ඉදන් පාත් වෙලා.. ගැලවුම්කාර භූමිකාව රගපාන්න පටන් ගත්තනේ...හ..තු..රා...” චාමින් තාරුකගේ පිටට පහරක් ගසමින් කීවේය... ඔහුගේ වදන්වල විනොදයක් මිස තරහක් නොවීය... 


“කෙල්ලගේ කදුලු දැකලා දුක හිතුනද තරූ...” ඉසංක ගනනකට නොගෙන ඇසුවේය..


“ඉසා... උඹ දන්නවද ඒ කවුද කියලා........”තාරුක ඉසංක දෙස බලා කීවේය
“ඇයි මමත් දන්න කෙනෙක්ද...”

 
"හ්ම්ම්ම්..... අර නංගි උඹලගේ ගෙදර ඉන්නේ......” තාරුක මිමිනුවේ සැක සහිතවය...


“මොනවා...?? වන්දනා....” බලා සිටිත් දී ඉසංකගේ ඉරියව් වෙනස් වුනි 


“නමින් නම් දන්නේ නැහැ මචෝ ඒත් මම දැකලා තියෙනවා  ඒ නංගි උඹලගේ ගෙදර ඉන්නවා”
තාරුක සැකයෙන් මෙන් කියද්දි ඉසංක වේගයෙන් චාමීන් වෙත පැන ඔහුගේ කමිසකෙලරයෙන් අල්වාගත්තේය.

Saturday, February 12, 2011

අරුන්දතී 7 පියවර

7 ප්‍රතිචාර | Read more...

කියමු බලන්න නෝනා මහත්තයා නම එක් සිසුවෙක් ඉසුරිගේ ඉසුරිගේ මුහුණටම එබෙමින් ඇසුවේය..

......ඉසුරි...”

.............. ............... ................ඊසූරී...... මුලින් කීවේ ඉනීසියල්ද.” කොලුරැල හඩ නගා සිනාසුනෝය ඉසුරි වෙව්ලමින් බිම බලාගෙන උන්නාය වන්දනාද උන්නේ ගැහෙමිනි.

හොදයි ඊ..... ..... ඊසූරී... නෝනා ඔයාට තියෙනවා වැඩක්...” ඉසුරි හිස ඔසවා කටකාර කොලුවා දෙස බැලුවාය..

ඇයි...ඇයි......?? මොනාද බලන්නේ....බිම බලාගෙන අහගෙන ඉන්නවා....” ඔහු ඉසුරිට තරවමු කලේයඉසුරි ස්ව්‍යංක්‍රීයව නෙත් බිමට බර කලාය. තමන්ගේ දෙකොපුල් රත්වී දෙකන් රතුවනු වන්දනාටද දැනිනි. දෙනෙත කදුලින් පිරී යද්දී ඇය නොසෙල්වී දෙනෙත් බිමට බරකරගෙන උන්නාය.

අතන ගල් ගොඩෙන් සුදුපාට තිරිවානා ගල් කැට හතරක් හොයාගෙන මේ හෝල් එකේ කොන් හතරේ තියන්න ඔනි. හැබැයි වටේට යන්න පුළුවන් පැත්තට විතරයි, අනික් එක ඒ වැඩේ කරලා සද්ද නැතිව පන්තියට ටන්න ඔනිකාට හරි කම්ප්ලේන් කරලා තිබුනොත් ඉදිරියට කරදර වෙයි.......තේරුණාද.......”
ඉසුරි හිස සැලුවාය.

හා... යන්න පුළුවන් දැන්...” කටකාර සිසුවා නියොග කලෙන් ඉසුරි හා වන්දනා දෙදෙනාම ගල් ගොඩ දෙසට හැරුනෝය

"හා... හා... එක්කෙනාටයි යන්න කීවේ.....ඔයාට වෙන වැඩක් තියෙනවා නෝනා...ඔහොම ඉන්න" තව එකෙකු වන්දනාට මග අහුරමින්  කෑ ගැසුවේය .. වන්දනා උන්තැනම ගල් ගෑසි උන්නාය.

"ඔයා යන්න කියපු වැඩේ කරන්න.." වන්දනාව තනි කර යන්නට පැකිලෙමින් උන් ඉසුරිට තවත් නියොගයක් ලැබුණි ඇයි වයින් කල බොනික්කියක මෙන් ගල් ගොඩ දෙසට ඇදී ගියාය.

"මොකක්ද නම කීවේ...." තවත් කටකාරයෙකු  වන්දනාගේ මුහුණට එබෙමාන් ඇසීය ඇය ඊට පිළිතුරු දීමට අසාර්ථක උත්සහයක් ගනිම්න් උන්නාය. 

"ඇයි කයක් නැද්ද...??" එක් සිසුවෙකු තමා අතවු අඩි රූලෙන් වන්දනාගේ නිකට එසවුවේය.. සැනකින් ඇයිගේ කම්මුල හරහා කදුලු පේලියක් ඇදිනි.

"ආරංච් උනේනම් මෙයා ගල්රොලක් කියලා..හැබැයි ඉතින් කතා කරන්න කලින් අඩනවා..මේ... මේ... මැඩම්... අපි අඩන්න දෙයක් කීවේ නැ ඇහුවේ නම... මෙතන බොරුවට හුරතල් වෙන්න එන්න එපා..." කටකාර සිසුවා.. වන්දනාගේ මුහුණට එබෙමින් ගිගිරුවේය...

"ව...න්...ද......නා...."  දෙතොල්පට සෙලවුනත් හඩ පිට නොවිනි

"ඇයි කට ඇරලා කතා කරන්න අමාරුද.. නොනා මහත්තයාට...." දගකාරයා යලිත් ගිගිරුවේය..

"වන්දනා......." ඇඩි උත්සහයකින් පසු ඇය සිහින් හඩින් මිමිනුවාය.....
"වන්දනාද නම... අනේ.. අම්...මා.... ඉතින් ඔක කලින්ම කීවනම් අපි සැර දාන්නේ නෑ නොවෑ...." එකෙකු හුරතල් හඩින් කියද්දි සියල්ලොම කෙක් හඩලා සිනාසුනෝය.

"වන්දනාට කෙල්ලෙක් ඉන්නවද... අපි අහන්නේ... මේ ලිරිමි දරුවෙක් ඉන්නවද කියලා නෙවෙයි.. ලව් කරන්න කොල්ලෙක් ඉන්නවද කියාල..." යලිත් රළු හඩක් ඇසෙද්දී වන්දනා ගැස්සුනාය... නන්නාදුනන කොල්ලන් හත් අට දෙනෙකූ අතරේ වන්දනා උනනේ බියපත්වය. ඇය හිස දෙපසට සලා නැතැයි කිවාය....

"එහෙනම් වඩාත් හොදයි... හිටියත් අපිට ප්‍රශ්ණයක් නැහැ. ඒව නතර කරන එක සිම්පල්.. දැන් වන්දවා ඔයා.... අපි අට දෙනාගෙන් කැමති කෙනෙක්ව තොරගන්න ඔයාගේ බොයි ෆ්රෙන්ඩ් විදියට  තොර ගන්න විනාඩි දෙකක් දෙනවා  එච්චර වෙලා නැහැ මොකද බෙල් එක ගහනන ළගයි..."

තමනගේ හකු අස්ථින් අගුලු වැටී යන සෙයක් වන්දනාට දැනිනි. නොනවත්වා දෙනෙතින් කදුලු ගලා යදිදී ඇය හිරි වැටී බලා උන්නාය.. 

"ඉක්මනට ඉක්මනට..... අපිට මෙතන කදුලු පිහ පිහ ඉන්න වෙලාවක් නැහැ " එක සිසුවෙකු සැර වෙද්දී සියල්ලෝම දගකාර ලෙස සිනාසුනොය වන්දනාට මුළු පිට්ටනියම තමා වටේ කැරකෙන සෙයක් දැනිනි. ඇය එහෙමම තණ බස්සේ දෙදෙණ ඔබා ගත්තාය.

"චමියා... මොනාද ඔතන වෙන්නේ....." විවේක වේලාව අවසන් වන විට පන්ති කාහර වලට යන සිසු සිසුවියන් හසුරවන්නට යමින් උන් තාරුකට පිට්ටනියේ වු කලබලය ඉව වැටිනි.
එකවරම වන්දනා බිමට කඩා වැටීමත් තාරුකගේ හදිසි පැමිණිමත් නිසාඑතාන සිටි සියල්ලන්ගේම සිනහ හඩ නැවතී තිබුණි. 

"මොකක්ද මෙතන වෙන්නේ මචන්...හදිස්සියේ ධනේ සරිවත් ආවෙත් උඹලට ලේසි වෙන්නේ නැහැ.. උදේ විනය රැස්වීම මතකනේ....ඇයි බන් උදේ කියපු ටික මේ ටිකට අමතනද....යන්න ඇරපන් ඔය නංගිය... ඒකල්ලා පලයල්ලා මචන් පන්ති වලට....ප්ලීස්......"  තාරුක සන්සුන් හඩින් ඒත් නියෝගාත්මක ස්වරයෙන් නියොග කලේය.

"ආවනේ උඹ හතුරු කමට...හිටපංකෝ ටිකක් අපි කාටද හරියන්නේ බලන්න..." කියමින් කොල්ලන් රැල විසිර ගියෝය.

"චමී.... තව කෙනෙක්ව අඩවලාද උඹලා සතුටු  වෙන්නේ... ප්ලීස්... දැන් පලයල්ලා... නැත්නම්...මං  යාළුකම් අමතක කරනවා......" තාරුක තරමක් දැඩි හඩකින් කිවේය...

එසැනින්ම.. විවේක කාලය අවසන් කරණ සීනුව නාද වුයෙන් පිටිටනිය ටිකෙන් ටික හිස් වන්නට විය...

"නැගිටලා ක්ලාස් එකට යන්න නංගී...ඔයාට ආයෙත් කවුරුත් මුකුත් කිවන එකක් නැහැ..." තාරුක පහත් වී... කරුණාබර හඩකින් කීවේය...
"නංගී...." තාරුක තණ බිස්සේ දණ ඔබා ගනිමින් කතා කාලේය....

"කවුරත් නැහැ මෙතන මම ප්‍රිෆෙක්ට් කෙනෙක්  මං ඔයාට රැග් කරන්නේ නැහැ.." තාරුක යලිත් කරුණාබර හඩින් කීවේය... වනිදනා කදුලු පිසිමින් හිස එසෙව්වාය..තාරුක යුවතියගේ මුහුණ දුවුවේ එවිටයි...









Monday, February 7, 2011

අරුන්දතී 6 වන පියවර

4 ප්‍රතිචාර | Read more...
විවේක කාලය එළබෙත්ම පාසැල පුරා සිසු සිසුවියන් කඩිගුලක් මෙන් විසිරිණු නමුත්, වන්දනා ඇයගේ අළුත් යෙහෙලිය සමග පන්ති කාමයේ තනි වුවාය. "සීනියර් කට්ටිය හරි ගනන් වගේ නේද" ඉසුරි වටපිට බලමින් මිමිණුවාය.
"එයාලට ඉස්කෝලේ පුරුදුයිනේ අපිටත් තව ටික දවසක් යද්දි සේරම හරි යයි" වන්දනාද මද සිනා ඇතිව මිමිනුවාය
" අනේ මන්දා....මට වොෂ් රූම් යන්නත් ඔනි ඒත් එළියෙට යන්න මොකක්ද වගේ" ඉසුරි ඒ මේ අත ඇඹරෙමින් කීවාය වන්දනාට ඇය ගැන දුක සිතුණි.
"කමක් නැහැ අපි යමු ඉස්කෝලේ ඇරෙනකල් ඉන්න අමාරුයිනේ" වන්දනා ඉසුරි වෙනුවෙන් නැගී සිටියා
"අනේ වන්දනා.... ඔයා දන්නවද තියෙන තැන"
"මම දන්නේත් නැහැ ළමයෝ අපි කාගෙන් හරි අහමු" වන්දනා ඉසුරිගේ දෑතේ පැටලෙමින් පන්ති කාමරයෙන් පිටතට පැමිණියාය. දෙදෙනාටම දැණුනේ නුහුරු ආගන්තුක තැතිගැන්මකි

" අනේ කාගෙන්ද අහන්නේ වන්දනා...."
නන්නාදුනන ළමුන් අතරේ ඉසුරි අසරණව වට පිට බැලුවාය. වන්දනාද ඇය අනූව පිට්ටනිය වටට නෙත් දුවවද්දී හදිසියේම ඇය නෙත ගැටුනේ ඇත සිටන් තමන් දෙසට සිව එන ඉසංකවයි.. ඉබේටම ඇගේ මුහුණේ ආදරණීය සිනහ මලක් පිපුණි.


"සුදු නංගා කොහෙද මේ ඇවිදින්නේ..." ඔවුන් වෙත සිනහවෙන්ම පැමිණි ඉසංක වන්දනාගෙන් විමසුවේය.
"අ‍..නේ..අයියේ.. මේ මේ...." තමන් සොයන තැන කියාගන්නට වන්දනා වචන සෙවිවාය.
"ඇයි බබා ප්‍රශ්ණයක්ද.....??" ඉසංක සැනෙකින් කලබලවිය.. 

"නැ..හැ....අයියේ... මේ... අපිට ග්ර්ල්ස් වොෂ් රූම් එක තියෙන තැන පෙන්නන්කෝ..." වන්දනා දෙකම්මුල් රතුකරගෙන විමසුවාය... ඉසංකට එකවරම සිනහවක් නැගිනි ඉසුරි වහා බිම බලා ගත්තාය.
"ඔක අහන්නද පිස්සියේ මේ තරම් ඇඹරුනේ..ඔහොම ඉන්න මම නංගි කෙනෙක්ට කියන්නම් ඔයාලව එතනට එක්කන් යන්න කියලා..."
ඉසංක ආදරණිය ලෙස හිනැ‍හෙමින් පහළ පන්තියක සිසුවියකට වනාදනා හා ඉසුරි ඇයිට හදන්වා දුන්නේය.
"යමු අක්කී... මේ හොල් එක කෙලවරට යන්න ඔනි මං පෙන්නන්ම් තැන ඒතන තමා ඉතින් අපේ වල... දවසට දහපාරක්වත් යයි බොරුවටත් එක්ක." යි කියමින් කටකාර යුවතිය ඔවුන්ව කැදවාගෙන ගියාය..


"ගොඩක් ස්තූතියි නංගා... “ වන්දනා ඇයට ස්තූති කලාය.
“ස්තූතියි කියන්න තරම් මේකත් උදව්වක්ද අක්කියෝ එහෙනම් ඔයාල එන්න මම දුවනවා සෙල්ලම් කරන්න.” දගකාර කෙල්ලඈතට දුවන ගමන් කීවාය...


“හම්මේ.... නිවන් දැක්කා වගේ....” ඉසුරි සැහැල්ලුවෙන් කියද්දී වන්දනා සිනාසුනාය.


“ඒක නෙවෙයි කවුද ඒ අයියා...?” ඉසුරි දගකාර ලෙස හිනාහෙමින් ඇසුවාය..


“ආ.. ඒ අපේ අයියා කෙනෙක් මගේ නැන්දගේ පුතා.. මම එයාලගේ ගෙදර නැවතිලා ඉන්නේ...”
“අ..හා.... ඒ කියන්නේ මස්සිනා..” ඉසුරි දගකාර ලෙස කිවාය...
“මස්සිනෙක්ට වඩා මගේම අයියා කෙනෙක් වගේ...එහෙම හිතනින එපා...” වන්දනා අසරණ හඩින් කිවාය.. කුඩාකල සිටම ඉසංකත් අසංකත් මස්සිනාලා ලෙස නෙව සහොදරයන් ලෙසම ඇයගේ හදවතට ලංවී උන්නෝය..


“එහෙම හිතන්න එපා කියලා කීවේ ඔයා හිතුවේ මම කොහොම හිත්‍රවා කියලද ? ? ? “ දගකාර ලෙස සිනාසෙමින් ඉසුරි වන්දනාගේ මුහුණට එබුනාය.. වන්දනා ඇයට නියවා.. ඉක්මනින් ඉවත බලා ගත්තාය...


“ආ.. නංගිලා... ආපු ගමන්ම ගැන්සි හදාගෙන වගේ.....බලාපල්ලකෝ දෙන්නගේ මුකුලුව......”


යුවතියන් සිතන්නත් පෙර සිසුන් පිරිසක් ඔවුන්ව වට කොටගෙන සිටියෝය...කෙල්ලන් දෙදෙනා බියපත් මුවැත්තියන් මෙන් දෙදෙනාගේ දෑත් පටලවා ගත්තෝය...


Sunday, January 23, 2011

අරුන්දතී - 5 වන පියවර..

5 ප්‍රතිචාර | Read more...
වන්දනා උදෑසනින් අවදි වුවාය... අද අළුත් පාසැලට ඇතුලත් වෙන දවසයි. රුහුණු දුම්රියේ නැගී නැන්දාගෙ නිවසට ආ දා සිට මේ වන තුරු සිදුවු සිදුවීමි සිනමාපටයක් මෙන් ඇය ඉදිරියේ මැවෙන්නට විය. 

නැනදාගේත් අයියලා දෙදෙනාගෙත් නොදම ආදරය කරුණාව ලැබුණද රන්දනාගේ නොරිස්සුම නිසා වන්දනා උන්නේ වේදනාවෙනි... 

වන්දනා මෙහි පැමිණි දා සිට මේ වනතුරුත් රන්දනා ඇය හා කිසිත් කතා නොකලාය 
වන්දනාව බනිනට බැරි විට රන්දනා ඇතැම්විට නපුරුලෙස නිවසේ මෙහෙකාරියට පවා තරවටු කලාය. සෘජුව තමා හා දබරයට  පැටලුනේ නැති වුවත් වන්දතා ඉන් විශාග ලෙස සිත රිදවාගත්තාය. 

ජනෙල් පියන් අතරින් පාන්දර මද ආලෝකය කාමරය තුලට එබෙන විට ඇදෙන් බැසගත් වන්දනා මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය 

"අනේ... මෙන්න සුදුබේබි උදෙන්ම නැගිටලා...මම මේ දුවන්න හැදුවේ ඇහැරවන්න කාලෙකින් ඉස්කොලේ යන නිසා චූටි බේබිවනම් ඇහැරවගන්න ට්කක් අමාරුවෙයි....." රන්දනාගේ කාමරය දෙසට යම්න් මාලිකා කීවාය.... නැවුම්ලෙස ඇය හා සිනාසුනු වන්දනා තේ හදමින් උන් නැන්දා අසලට ගියාය.

"ගුඩ්මොනිං සුදු මැණික......සීතලයිද....." නැන්දා ආදරයෙන් වන්දනා හා සිනාසෙමින් ඇසුවාය.

"චුට්ටක් ...ඒ..ත් ගානක් නැහැ..... පහුගිය දවස්වලත් මම උදේම නැගිට්ටා.... දැන් මෙහෙට පුරුදුයි වගේ...." 


"හොද කෙල්ල මේ වයසට කම්මැලි වෙන්න හොද නැහැ" 

චාරුණි වන්දනාගේ තේ කෝප්පය ඇය අතට දී  රන්දනාගේ කාමරය දෙසට ගියාය. 

"නොනා මහත්තයාව ඇහැරවන්න ඔනිනේ දැන්"

යම්න ගමන් නැන්දා කියු දෙයට වන්දනාගේ මුවට සිහින් සිනහ රැල්ලක් නැගුණි.

නිවසේ උදැසන කලබලයේ අවසානයත් රැගෙන චාරුණි වන්දනා සහ රන්දනා සමග පාසැල වෙත ගියේ අද ඔවුන් දෙදෙනාම උසස් පෙළ පන්තියට ඇතුලත් වන දවසයි. කලකට පසු මිතුරු මිතුරියන් අතරට යන බැවින් රන්දනා උන්නේ අමුතුම උදයොගයකිනි. එහෙත් නොදන්නා පිරිසක් අතරට යන වන්දනා මහත් ලෙස කැළඹි උන්නාය.

ලිපි ලේඛණ කටයුතු අවසන් කල චාරුණි පාසලෙන් පිට ගිය පසු වන්දනා නන්නාදුනන්න පිරිසක් අතරේ තනිවෙද්දී රන්දනා තම සුපුරුදු යෙහෙලියන් හා එක්වුවාය. තවත් නවක සිසුවියක් හා පන්තියේ කෙලවර  අසුනක තනිවු වන්දනා අළුත් පරිසරයට හුරුවන්නට උත්සහ දරටමින් උන්නාය. 

"හා....යි මම ඉසුරි......ඔයා....?"  යාබද අසුනේ උන් යුවතිය වන්දනා දෙසට හිතවත් ලෙසින් සිනාසෙමින් ඇසුවාය

" මම වන්දනා...." වන්දනාද ඇයට මිතුරු සිනාවක් පෑවාය....

"ඔයත් අළුතින් නේද......."

"ඔව්...."


"මට නම් කරකවලා අතඇරිය වගේ .....  මෙයාල අපිට ගොඩක් රැග් කරයි....."

"අනේ... මන්දා......" ආගන්තුක බියකින් හදවත පීරී යද්දී... වන්දනා මිමිනුවාය...






Tuesday, January 11, 2011

අරුන්දතී සිව්වන පියවර

5 ප්‍රතිචාර | Read more...

නිවාඩු දිනයක් වුයෙන් තාරුකගේ උදය වරුවම ගෙවී ගියේ.. තමාගෙත් බාප්පාගේත් කිලිටි ඇදුම් සේදීමටත් කුඩා එපාර්ට්මන්ට් නිවස පිරිසිදු කිරීමටත්ය.

තාරුකට උපතින්ම මව් සෙනෙහස අහිම්විය. ඔහු හැදී වැඩුනේ තාත්තාත් බාප්පාත් සමගයි. තාරුකට දසවැනි වියේදී ඔහුට  පිය සෙනෙහසත් අහිමිවිය. ඒ තැන් පටත් ඔහුව රැක බලා ගත්තේ අවිවාහක බප්පාය. තාරුකගේ බාප්පා මහින්ද සංගීත ගුරුවරයෙකි. කාලයෙන් කාලයට පාසැලෙන් පාසැලට මාරුවීමට සිදුවු බැවින් ඔවුන් දෙදෙනාට ස්ථිර නවාතැනක් නොවීය. ‍බොහේවිට කුලී නිවාසවල හෝ ගුරු නිවාසවල  දිවි ගෙවන්නට ඔවුන්ට සිදුවිය. දෙදෙනා ගෙවු සරළ දිවි පෙවෙතේදි ඔවුන් දෙදෙනා එකිකෙනාට බොහෝ සෙයින් සමීප වුවෝය.

"පුතා මම යනවා.... ඔයා කන්න... මම  හවස් වෙයි.... එන්න.. රෑට උයන්න ඔනි නැහැ... මම කොත්තුවක් ගේන්නම්... ඔය ඇති දැන් වැඩ කලා.... මට පුළුවන් ඉතිරි ටික කරන්න  ඔයා කාල පාඩම් කරන්න දැන් දෙකත් පහු වෙලා...." පිටව යන්නට සැරසෙමින් මහින්ද කීවේය

" බඩගිනි නැහැ බාප්පි.... මේ ටික විතරයි තියෙන්නේ ඉවර කරලම ඉන්නම්..... ඇයි රෑ වෙන්නේ..... අහා..... අදත් පාට්යක්වත්ද........." තාරුක යටැසින් බලා සිනාසෙමින් කීවේය.


"ඇති උබේ පණ්ඩිත කම ......... උඹෙන් වැඩ ගන්න බැහැ.... ගිහින් පාඩම් කරපන්...... " මහින්ද හොර හිනාවකින් මුව සරසාගෙන කිවේය.


"හිනා වෙලා මග අරින්න එපා බාප්පී.... ඔයා තාම තරුණයි....  බබී නහස්ති වෙන්නේ නැතිව මට පුංචි කෙනෙක් ගේන්න........ මම පාඩම් කරන්නම්..... රැට තියෙනවනේ පැය දොළහක්ම....."


"හ්ම්ම්ම්ම්ම මම කවදද උඹත් එක්ක කතා කරල දිනුවේ.... මම යනවා...... " මහින්ද තාරුකගේ පිටට තට්ටුවක් දමාගෙනම පඩි පෙල බැස ගියේය.

සේදු රෙදි බැල්කනියේ වනමින් තාරුක මහින්ද යන දෙසම බලා උන්නේය.... බාප්පා තවමත් අවිවාහකව සිටින්නේ තමා නිසා බව තාරුක දනි... ඒකල ඔහුගේ පෙම්වතිය විවාහය හදිස්සි කරද්දි... තමන් වෙනුවෙන් කැපවී... ඇය වෙන කෙනෙකු හා විවාහවන තුරුත් සිට සිතින් විදවන බාප්පා වෙනුවෙන් ගෞරවනීය හැගීමකින් තාරුකගේ සිත පිරී ගියේය.‍
රෙදි වේලෙන්නට දමා අනතුරුව තාරුක දවල් අහාරයෙන් සප්පායම් විය.... පසුව බාප්පාගේ වයලීයත් රැගෙන බැල්කනියේ වු අරලිය සෙවනට ගොස් සුපුරුදු වාදවය ආරම්භ කලේය.... මෙය තාරුකගේ දින චරියාවේ කොටසකි . පාසැල නිමවී නිවස පැමිණ දවල් ආහාරයෙන් අනතුරුව වයලීනය හෝ ගිටාරයත් රැගෙන අරලියා සෙවනට යන තම ප්‍රියතම ගීත ගෙන්නක්ම වාදනය කරයි. තාරුකට ගායන මෙන්ම වාදන හැකියාවද සහජයෙන්ම උරුමව තිබුණි. 



සුපුරුදු ලෙස වාදනයේ යෙදෙමින් සිටින අතර තාරුකගේ නෙත් ගැටුනේ  යාබද සිරිවංශ නිවසේ සිට බැල්කනිය දෙසට නෙත් යොමා සිටින සුන්දර යුවතියකි..... ඔහු වාදනය මදනට නතර කොට ගල් ගැසි සිටියේය.

ඒ තාරුක දුටුවේ...  සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී... මිහිරි වාදනයකට සවන් දෙමින් උන් වන්දනායි... ඇය වාදනය ඇසී ජනෙල් පියන් අද්දරට විත් වාදකයා සොයා අරලියා පොකුරු අතර නෙක් ගෙන ගියත් ඇය තාරුකව නොදුටුවාය. වාදනය සැනෙන් නැවතුනෙන් ඇය   ජනෙල් පියන් වසා දමා.. ඇදට වැටුනාය....
තාරුකට යලිත් වාදනය කරන්නට සිත් නොවූයෙන්... බොහෝ වේලාවක් සිට පාඩම් මේසයට ගියේය... එහෙත් හිත පාඩමට නොරැදෙන බවක් ඔහුට දැනිනි.




Monday, January 10, 2011

අරුන්දති - තෙවන පියවර

3 ප්‍රතිචාර | Read more...
වන්දනා තම පොත් පත් ඇදුම් සියල්ල පිළිවෙලට ඇසිරුවාය.  පසුව කාමරයේ  දොර අසලට  ගොස් කාමරයේ හැඩ බලමින් සිනාසුනාය. 

“ලස්සනයි... ලස්සනයි.... පදිංචි වෙන්න යන කෙනා වගේම  ලස්සනයි” කණ අසලින්ම ඇසුණු සිහින් හඩින්  තිගැස්සුනු වන්දනා පිටුපසට හැරුණාය. 

“පොඩි අයියා.....” වන්දනා මුවින් හා දෙනෙතින් සිනාසෙමින් කියද්දී.... දගකාරයා මහ හඩින් සිනාසුනේය.

“මම ගැස්සුණා... කවුද කියලා.......” වන්දනා ඉසංකට කාමරයට ඇතුල් වන්නට ඉඩ දී දොර අසලින් මෑත් වුනාය....

“ඇත්තටම ලස්සනයි සුදු නංගා..... ඔයා කාමරේ ෂෝයි එකට ඇරේන්ජ් කරලා අනේ වෙලාවක මගේ කාමරෙත් මේ වගේ  ලස්සන කරල දෙන්න කෝ.....” ඉසංක කාමරය පුරා නෙත් දුවවමින් කීවේය..... වන්දනා හිස සලා සිනාසුනාය......

“ ඉතින් පාන්දරින්මද එහෙන් ආවේ.....” ඉසංක ඇද මත හරිබරි ගැසෙමින් ඇසුවේය.....

“හ්ම්ම්ම් ..... පාන්දර කොච්චියේ.....”

“ට්‍රේන් එකේ.......????? ඇයි නංගා.. අම්මා එක්ක  නෙවෙයිද ආවේ.... ඔයා... තනියමද ආවේ.....අහා.....” 

ඉසංක විමතියෙන් දෑස් දල්වාගෙන වන්දනා දෙසම බලා සිටියේය.
මුවින් පිළිතුරු නොදුන් වන්දනා හිසසලා කදුලු වලකා ගත්තාය... අද උදේ අම්මා කලේ මේ ලොව කිසිදු අම්මා කෙනෙකු සිහිනෙන් හො නොකරන වැඩකි...... ඇය මිතුරකු හා යන බව කියා... මුදල් දී ස්ටේෂන් එකෙන් බැස්සුවේ... වන්දනා නොසීතු ලෙසය... මෙතරම් දුරක් තනිවම  පැමිණියේ ජීවිතයේ ප්‍රතම වතාවටයි. තාත්තා ජීවත්ව සිටියේනම් කිසි දිනෙක තමා මෙලෙස අසරණ නොවන බව ඇය ‍වේදනාවෙන් සිතුවාය...

“කෝල් එකක් දෙන්න තිබුණ නේද....... එහෙමනම් මම ලොකු අයියත් එක්ක වාහනේ එනවනේ..... ඇයි තනියෙම ආවේ නංගියා..... ලොකු මාමා හිටියනම් ඔයාව කොයිම දේකටවත් තනියෙම ගෙදරින් එළියට යවනවද..... නැහැනේ...... ඇයි පණ්ඩිත ආච්චි අම්මේ... මේ වගේ වැඩක් කලේ........” ඉසංක බොරු අමනාපයක් දෙනෙතෙහි රදවාගෙන වන්දනා දෙස බලා සිටියේය...
“අන්තිම මොහෙත වෙනකල් මට ඒ ගෙදර ඉන්න ආස හිතුනා අය්යේ ඒකයි එදා මම නැන්දි එක්ක ආවේ නැත්තේ..... අද උදේ මම හිතුවේ අම්මි මාව මෙහෙට බස්සවයි කියලා.... ඒත් එයා මාව බැස්සුවේ ස්ටේෂන් එකට... මම මොනා කරන්නද......” වන්දනා සමාව අයදින සුළු ස්වරයෙන් කීවාය... ඉසංකගේ පපුව හිරි වැටී ගියේය..... තුෂාරි නැන්දානම් හිතක් පපුවක් නැති ගැහැනියකියි ඔහු තනිවම සිතුවේය.......

“ අපි පුංච් කාලේ සෙල්ලම් කරපු ගෙදර.... අපිට නැති වුනා නේද සුදු නංගා....”

 ඉසංක වේදනාත්මක හඩින් කීවේය.... ඔහු ගමේ මහ ගෙදරට බොහෝ සෙයින් ඇළුම් කලේය.. එසේම අසංකත් ඒ නිවසට මහත් ඇල්මක් දැක්වූ බව ඔහු දනී... තුෂාරි ඒ නිවස විකුනන්ට සූදානම් වන බව සැල වූ වහා.. ඉසංකත් අසංකත් එය මිලදී ගනිමුයි කියමින් සිංගප්පූරුවේ උන් තාත්තාට නිතර නිතර ඇවටිලි කරත් ඔවුන් තිරණයකට එන්නටත් පෙර තුෂාරි ඒ නිවස දේපල වෙලදාම් සමාගමකට විකුණා තිබුණාය. 

“තාත්තිගේ ආත්තම්මාගේ සුවද  ඉතිරි වෙලා තිබුණේ ඒ බිත්ති අතර... ...ඒ...ත්........ම...මම...අ...ද...ඒ හැම දෙය..ක්ම දා..ල....” වන්දනා ඉකිබින්දාය.... ඉසංක උන් තැනින් නැගිට විත් ඇයගේ හිස පිරි මදිම්න් සැනසුවේය..

“අනේ අඩන්න එපා මගේ නංගා....ඔයාට අපි ඉන්නවනේ... හැමදාම ඔයාට අපිත් එක්ක ඉන්න පුළුවන්..මතකද පුංචි දවස්වල ඔයයි රන්දුයි අයියයි මායි සෙල්ලම් කරපු හැටි.... අපි හතර දෙනා ආයෙත් එක් වුනා... ඒ ගැන හිතලා සතුටු වෙන්න බබා.....” ඉසංක ආත්මීය සෙනෙහසකින් වන්නනාගේ හිස පිරි මැද්දේය. වන්දනා පිටි අත්ලෙන් කදුලු පිස දමා අහිංසක ලෙස සිනාසුනාය.
ඇයගේ හිස පිරි මැදගෙනම ඉසංක කාමරයෙන් පිටවිය.... වන්දනා සහැල්ලු සුසුමක් හෙලා ජනෙල් පියන් අද්දහට ගියාය.


Monday, January 3, 2011

දෙවන පියවර

6 ප්‍රතිචාර | Read more...
නැන්දාගේ සුවිසල් නිවසේ ගේට්ටුව අසලන් ත්‍රීරෝද රිය නැවතුනි, වන්දනා තම ගමන් මළු ගේට්ටුව මුලින් තබා ගෙට්ටුවේ විදුලි සීනුව නාද කලාය. 

"හානේ... සුදු දුව....." විවර වු ගේට්ටු පියන් අතරින් නැන්දිගේ ආදරණිය සිනහව මතුවිය වන්දනාට හැඩිනි, උදේ පටන්ම දෝර ගලන්නට අර අදිමින් උන් කදුලු කැට වලට ඉඩදි ඇයි චාරුණී නැන්දාගේ උරහිසට වාරු වූවාය
" අනේ පුතේ ඇයි මේ.... ඔය තනියමද ආවේ...මම හිතුවා අම්මා එයාපෝට් යන ගමන් ඔයාව මෙහෙට ඇරලවයි කියලා.... ඇයි මට කෝල් එකක්වත් නොදුන්නේ.... මම පොඩි අයියව හරි එවනවනේ...." චාරුණි කෙල්ල ගේ හිස පිරිමදිමින් කීවාය.


"කෝ ඉතින් යමු ගේ ඇතුලට දැන් ඇති නේද පුතේ ඔය ඇඩුවා....මාස හතරක් එක දිගට අඩනවනේ...ඔහොම තමයි ජීවිතේ තාත්ති ඉන්න තැනක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති. " චාරුණි සැනසිලි වදන් කීයමින් වන්දනාව නිවස තුලට කැදවාගෙන ගියාය. නිවසේ උදව්වට උන් මාලිකා පැම්ණ වන්දනා ගේ ගමන් මළු ‍ඔසවාගත් බාවින් වන්දනා චාරැණිගේ වතට බරවීගෙනට නිවස තුලට ගියාය.


"වාඩි වෙන්න දූ... මම ඔයාට බොන්න මොනව හරි හදාගෙන එන්නම්..........තවම උදේට මුකුත් කාලත් නැතිව ඇති නේද....." වන්දනාව විසිත්ත කාමරයේ අසුන් ගැන්වූ චාරුණි මුළුතැන් ගෙය දෙසට ගියේ එසේ කියමිනි.

වන්දනා නැවතිල්ලේ ගලාගිය කදුලු පිස දමම්න් විසිත්ත කාමරය පුරා නෙත්  ගෙන ගියාය. උඩු මහලේ බරාදියට බරවීගෙන තමා දෙසම බලා සිටි රන්දනා ඇය කදුලු අතරින් රන්දනා හා සිනාසුනාය. නමුත් සැනෙතින් නෙත් මගහල රන්දනා වේගයෙන් පඩිපෙල බැස විත් විසිත්ත කාමරය හරහා මුළුතැන් ගෙය දෙසට ඇවිද ගියාය.
රන්දනා එහි  යනවිට චාරුණී වන්දනා‍ වෙනුවෙන් සිසිල් බීමක් පිළියෙල කරමින් උන්නාය, 


"කාටද ඔයා..... අර.. ගොඩේ කෙල්ලටද....."මේසය මතවු දොඩම් ගෙඩියක් ලෙලි ගසමින් වන්දනා අවක්ඥා සහගත ලෙස ඇසුවාය.


"ගොඩේ කෙල්ල......??? අනේ රන්දු... පව් ඒ කෙල්ල... ඇයි ඔයාට මතක නැද්ද පුංච් කාලේ සුදු නංගි ගාගෙන ඔයා එයාගේ පස්සෙමයි දැන් ඔයා ඔයාට ගොඩේ කෙල්ලක් උනාද.... ඔයත් ඒ ගොඩේ ඉදන් තමයි මෙහාට ආවේ...." චාරුණී රන්දනා දෙස නොරිස්සුමෙන් බලා කිවාය 


"විකාර...මේ අම්මේ ඔයා හද්නනේ මේ ගෙදර අනාථ නිවාසයක් කරන්නද... ?? කොහෙවත් යන උන්ව නවත්තගෙන...." රන්දනා තරමක් උස් හඩින් කියද්දී..‍


"රන්...දූ..." යි දත් මිටි කමින් කියා චාරුණි ඇය නිහඩ කලාය. 


"ඔව් රන්දු තමයි මේ  කියන්නේ... අම්මේ....එයා එයා මෙහෙ නතර කරගෙන අපිට නිදහසේ ඉන්න තියෙන එක නැති කරන්න එපා... දවසකට දෙකකට නෙවෙයිනේ...මුළු ජීවිත කාලෙටමනේ එන්නේ.... මොකෝ  දැන් මමා නැති ඒකේ තුෂාරි නැන්දා ආයේ ලංකාවට එන්නේ නැහැ....මෙයා සදහටම අපිට ඇනයක් වෙයි...අනික මහ මූසල කෙල්ලක්නේ....නැත්නම් ඔහොම යන එන මන් නැතුව අනාථ වෙන්නේ නැහැනේ....පේන්නේ නැද්ද හැටි විතරක් මලේ යාළුවෝ හිනාවෙයි සුදු ඇදගෙන දසසිල් අම්මා කෙනෙක් වගේ......" රන්දනා කේන්තියෙන් පිපිරෙමින් වන්දනාගේ පැමිණිම පිළිබද තම විරොදය ප්‍රකාෂ කලාය.  තම දියනියගේ ප්‍රකාෂයන් හමුවේ හිරිවැටී උන් චාරණිගේ දෙනෙත් කදුලින් බරවිය..


"ර..න්..දූ.... ඒ මගේ එකම සහොදරයගේ එකම දරුවා...මට උ‍ඹෙයි ඒ කෙල්ලගෙයි කිසිම වෙනසක් නැහැ....උඹගේ මැරුණු මාමාටත් එහෙමයි...උඹල දෙන්නා උපන්නේ  එකට.. කාලයන් හැදුනේ වැඩුනේ එකා වගේ... අපිට ඉස්සර මේ තරම් ඉතිරුවේ නැහැ... තාත්තා බසිකලේ නැගල ගිහින් බේල් රෙදි විකිනුවේ... හිගා නොකා හිගා කාපු ඒ කාලේ උඹලව ලොකු මහත් කරගන්න අත දුන්නේ ඒ මනුස්සයා....දැන් ඒ දරුවා අසරණ වෙලා ඉන්න වෙලාවේ අහක බලන්න කියලද උඹ මට කියන්නේ......... මේන් වැන්ද දුවේ.... කට ටිකක් පරිස්සම් කරන් ඉදින් ඒ අහිංසක කෙල්ලගේ හිත රිදවන්නේ නැතිව...." දෙඅත් එක්කර රන්දනාදෙසට වදිමින් චාරුණි කියදිදී ඇගේ කම්මුල් කදුලින් තෙත් විය...


" අපෝ.... මට වදින්න ඔනි නැහැ අම්මේ.... ඔයාට අහක බලන්න බැරිනම් බලාගෙනම ඉන්න.... හැබැයි ඔය එක එක කේස් වලට මගේ රූම් එකේනම් ඉඩ දෙන්නේ නැහැ... " රන්දනා දැඩි හඩින් කියා සිටියාය.


" මේ ගෙදර තියෙන්නේ එක කාමරයයිනේ... මම එයාට පහළ කාමරේ ලැස්ති කලා... ඒ ගැන ඔයා වදවෙන්න එපා...... " දැඩි ස්වරයකින් කියූ චාරුණි බිම වීදුරුවත් රුගෙන විස්ත්ත කාමරය දෙසට ගියාය. 


මවත් දියනියත් අතර වු දෙබස වන්දනාට නොඇසුනද රන්දනාගේ වෙනස් හැසිරිමත් නැන්දාගේ කනසුසලු මුහුණත් දුටුවිට වන්දනාට යමක් ‍තේරුම් ගත හැකිවිය.
"ම..ම..මම නැන්දිට ක...රදරයක් උනා..නේ...ද" බීම වීදුරුවේ පිටත බිත්තියේ වු තුෂර බිදු  ඇගිල්ලෙන් මකමින් වන්දනා කීවාය.


"අනේ රත්තරණේ ඇයි එහෙම කියන්නේ, ඔයා මගේනේ......... මට කවදාවත් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ .... මම හරි ආසාවෙන් උන්නේ... ඔයාවත් මෙහෙට ගන්න ... මෙහෙ ඉස්කෝලෙකට යවන්න.. ඒත් ඔයාව තාත්තිගෙන් ඈත් කරන්න මට හිත දුන්නේ නැහැ. ...ඔයාට ලැබුණේ හොද තාත්තා කෙනෙක් ඒ ආදරේ මගෙනුත් ඒ වගේම ඔයාට ලැබෙනවා... මම ඔයාගේ තාත්තගේ නංගීනේ............." වන්දනාගේ හිස පිරි මදිමින් චාරුණි ඉකි බින්දාය. 


අතීතයේ සදුවුබොහෝ දෑ වන්දනා සමග කීමට මේ සුදුසු කාලය වුවත් කිසිදු දිනයක ඒ සිදුවීමි වන්දනා හා නොපවසන්නට චාරුණි තමාටම පොරොන්දු වී උන්බැවින් ඇයි නිහඩ උවාය.....
වන්දනාට චාරුණිගේ උණුසුමේ දැනුනේ දැඩි ආරක්ෂාකාරී හැගීමක් වුවද රන්දනාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඇයට දරාගන්නට නොහැකි  තරම් විය...


Saturday, January 1, 2011

පළමු පියවර

8 ප්‍රතිචාර | Read more...
‍මුහුදු තීරය ඔස්සේ ඇදී එන දුම්රියෙන් නැගුණු ගොෂාකාරි හඩ, මුහුදු රළ පරයා ඇසුණි. වන්දනා තම තෙත් වුණු දෑස්  දුම්රිය මැදිරියේ වු අනෙකුත් මගීන් ගෙන් සගවන්නට වෙහෙසෙමින් රැළි පිට රැළි නැගෙන සයුරු රළ දෙසටම නෙත් යොමාගෙන උන්නාය .. 
                                                               යාබද ඉදිරි අසුනේ  උන් පෙම් යුවල ඔවුනගේම ලොකයක තනිවී සිටී.. වන්දනාට තරමක අපහසුවක් දැනුනි. හැගීමෙන් තොරව ඔවුන් දෙදෙනා දෙස බලා හිදීමෙන් තමා කලේ වරදක් යැයි  සිතුනු නිසාදෝ ඇය යලිත් සයුරු රළ දෙසට වනත් පා කර හැරියාය.


                                                                                                                              නෙත් හුදෙකලා වු ඇසිල්ලෙන් ඇය මතකය ඔස්සේ  තම ළමා කාලයට දිව ගියාය, ..... තාත්තාගේ මහ ගෙදර පවුලේ කවුරුත් කියනා ලෙස අත්තම්මාගේ ගෙදර ගෙවී ගිය තම සුන්දර ළමා කාලයේ දසුන් එකින් එක ඇගේ මනසේ ඇදෙන්නට විය . ලොකු අයියාත් පොඩි අයියාත් වන්දනාත් එකතුව සෙල්ලම් ගෙදරක් තැනු හැටි  තාත්තා තමන්ට ගෙනැවිත් දෙන කෙලිබඩු පවා ඔවුන්ට දි සතුටු වුනු හැටි, ගම හැරදා ඔවුන් නගරයට යන විට එකිනෙකාට තුරුළුව හඩා වැටුණු හැටි ඇයි එකින් එක සිහි කලාය...

          වන්දනාගේ පියා පාසැල් ගුරුවරයෙකි, මව පෞද්ගලික ආයතනයක සේවය කලාය, වන්දනාත් තාත්තාත් අතර වු සම්බන්ධය ඉතාමත් දැඩි එකක් විය... මව රාජකාරියට උවමනාවට වඩා කැපවී උන් නිසාදෝ ඇය වන්දනාට ‍එතරම් ලං නොවූවාය.. බොහොවිට වන්දනාගේ මව තුෂාරි කාලය ගත කලේ නිවසින් පිටතයි. එනිසාදෝ වන්දනා කුඩා කල සිටි මව ගේත් පියාගේත් සෙනෙහස ලැබුවේ තාත්තාගෙන්මය.

                              සාමාන්‍යපෙළ විභාගය අවසන්වී  සතියක් යන්නට මත්තේන් වන්දනාගේ පියා හදිසියේ රෝගාතුර වුවේය . දෙසතියකට පසු ඔහු වන්දනාව සදහටම තනිකර දමා දෙනෙත් පියා ගත්තේය. පියාගේ සුව දුක් බැලීමට රොහලට තනිවම ගිය වන්දනා එපුවත අසා සිහිසන් වුවාය... ඇය දෙදවසකින් දෙනෙත් හරිද්දි.. තාත්තාගේ අවසන් කටයුතු සදහා සියල්ලම සූදානම් ව තිබුණි, ඒ චාරුණී නැන්දාගේ මූලිකත්වයෙනි. ඒ වන තුරුත් අම්මා නිවසට පැම්ණ නොසිටියාය. අම්මා පැම්ණියේ දෙන සොහෙනටත් ගෙන ගිය පසුය.. ඒ වෙද්දි  ඇය  විදේශයකට ගොස් උන්නාය. 
                                                                                                තාත්තාගේ අවසන් කටයුතු අවසන්ව සුමානයකක් ගෙවෙන්නටත් ‍පෙර තුෂාරි යලිත් විදේශ ගත වුවාය වන්දනා නිවසේ උනනේ තනිවමය, දෙමසකින් යලිත් පැමිණි තුෂාරි විදේශයේ  ස්ථිර පදිංවියට යන්නට අවැසිබව කීවාය. එහෙත් වන්දනා ඊට කිසිසේත්ම කැමති නොවූවාය,

"මගේ තාත්තිගේ සුවද තියෙන්නේ  මේ පොළවේ... අත්තම්මාගේ සුවද තියෙන්නේ මේ ගෙදර... මේ දේවල් අත ඇරල නන්නාදුනන රටකට  යන්න බැහැ. .... මාව බෝඩ්මක හරි නතර කරල අම්මි යන්න....." වන්දනා හඩමින් කීවාය.

 අවසන මහ ගෙදරත් විකුනා දමා තුෂාරි විදෙස්ගත වන්නට සූදානම් වෙද්දී  චාරුණි වන්දනාගේ සියලු වගකීමි භාරගෙන ඇයව තම නිවසට ගෙන්වා ගැනීමට එකග වුවාය.  ඒ අනූව පාන්දරින්ම රුහුණු දුම්රියේ නැගුණූ වන්දනාට මේ ඉරනම් ගමන එන්නට සිදුවිය. 
                                                                     දුම්රිය ගමනාන්තය දක්වා පැමිණෙන තුරුම සිතිවිලි අතර උන් වන්දනා මගීන්ගේ කලබලකාරී ගෝසාවට ගැස්සී වට පිට නෙත් හෙලුවාය... මගීන් එකිනෙකා දුම්රියෙන් බසිමින් සිටී.. ඇයත් තම බෑගයන් රැගෙන සෙසු මගීන්ට එක් වූවාය ... ............
*******************************************************************************
දෙවන පියවරට අවසරයි