චමියා... උ..ඹට... මම උදේ කිව්වා නේද යකෝ... සුදු නංගා එනවා කියලා... ඒකල්ලත් .. චීක්... උඹ කොහොමද ඒ වගේ බලු වැඩක් කලේ.....”
චාමීන්ගේ කම්ස කොලරයේ එල්ලීගෙන ඉසංක ගුගුරද්දි තාරුක වහා පැන ඉසංකගෙන් චාමීන්ව ගලවා ගත්තේය . චාමින් උන්නේ සිදුවූ දෙය අදහාගන්නට බැරිවය.....
“ඉසා උඹට පිස්සු හැදිලද ඇයි යකෝ මේ.... මේ තරම් තද වෙන්න දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.” චාමීන් දෙසට වියරුවෙන් පනින්නට උත්සහ කරන ඉසංකව වත්තන් කරගනිමින් තාරක කීවේය.
“අහලා බලපන් තරූ මුගෙන් මම උදේම මුන්ට නංගා ගැන කියලා කව්වා රැග් කරන්න එහෙම එපා කියලා... පව් අහිංසක කෙල්ල.. උඹලට දුක හිතුනේ නැද්ද යකෝ....” ඉසංක දත්මිටි කමින් යලිත් චාමීන් දෙසට පනින්නට උත්සහ කලත් තාරුක ඔහුව දැඩිව අල්ලාගෙන උන්නේය..
“විශ්වාස කරපන් ඉසා උඹගේ නංගි රන්දනා තමයි අපිට ඒ කෙල්ලව පෙන්නුවේ අළුතින් ආවේ ගානට වැඩියි කියලා..” සිදුවු කිසිවක් අදහා ගන්නට නොහැකිව උන් වාමීන් සාවදානව කීයද්දී.. ඉසංක විස්මයෙන් දෑස් දල්වාගෙන් ගල් ගෑසී උන්නේය..
“රන්දු... මේ අපේ නංගී......???” ඉසංක පරාජිතව මිමිණිවේය.. රන්දනා ගේ නම කියැවුනු බැවින් ඉංසක මිතුරන් ඉදිරියේ මහත් ලැජ්ජාවට පත්වු බවක් ඔහුට දැනිනි.
“මටත් හිතා ගන්න බැරි ඒක තමයි ඉසා.. මම බොරුකියනවනම් අහපන් නමාගෙනුයි ප්‍රගියා ගෙනුයි. සත්තයි මචෝ රන්දු කියපු නිසා තමයි අපි සීන් එකට බැස්සේ.. රන්දු කීවේ හැටියට අපි හිතුවේ පරාල ඇණයක් කියලා...”
චාමීන් කියාගෙන යද්දී ඉසංකත් තාරුකත් මුහුණට මුහුණ බලා ගත්තෝය..
“මට සමාවෙයන් චමී...” පරාජිත ස්වරයකින් මිමිනූ ඉසංක චාමීන්ගේ උරහිස මත සුරත තමා තද කලේය.
“පිස්සුද ඉසා.. මම තරහා නැහැ.. ඒත් උඹ බලපන් ටිකක් මොකක්ද නංගිලා දෙන්නා අතර කේස් එක කියලා.. හැබෑට කවුදෑ.. මේ වන්දනා..” චාමීන් අමනාපයකින් තොරව ඇසුවේ ඉහි මරමිනි.
“ අපේ ලොකු මාමාගේ දුව මාස හතරකට කලින් මාමා නැති වුනා, නංගි දැන් අපි එක්ක අපේ ගෙදර ඉන්නේ..” ඉසංක කීවේ තාරුකද නොඉවසිල්ලෙන් දැන ගෑනීමට උන් කරුණකි..
“ඒ කියන්නේ සුරංගනාවිගේ නම වන්දනා.. ඒයා ඉසංකගේ ඇවැස්ස නෑනා.. දෙ..වි..ය.නේ.. ඉසංක මේතරම් වන්දනා ගැන ආදරෙන් කතා කරන්නේ දැනටමත් නැනණ්ඩිව අයිති කරගෙනද.. නෑ.. නෑ.. එහෙම වෙන්න බැහැ.. ඒහෙනම් පොර අර බාලිකාවේ කෙල්ලට සීන් කරන්නේ නැහැනේ....” තාරුක සිතින් තමාටම මුමුණා ගත්තේය....
***********************************************************************
පාසැල හා නිවස අතර එතරම් දුරක් නොවුයෙන් දිනපතා තාරුකත් ඉසංකත් ආවේ ගියේ පා ගමනිනි. රන්දනාත් ඇගේ යෙහෙලිය වු නිශාදීත් සමග ඔවුන් හා එක් වූවෝය.. එහෙත් මෙදින පාසැල නිමවු විගස රන්දනා අයියලා මගහැර නිශාදි සමග ඉක්මන් ගමනින් පාසැල් ගේට්ටුවෙන් පිට වුවාය.. රන්දනාත් අයියාත් සමග නිවසට යන්නට උන් වන්දනා රන්දනා මගහැර ගියෙන් පාසැල් ගේට්ටුව අසල අසරණව බලා උන්නාය.
“ඇයි රන්දු අයියලාට කට් එක දැම්මෙ...” අතර මගදී නිශෘදි විමසිලිමත් වුවාය..
“ නෑ බන් එයාලා එක්ක ආවානම් අර වාත කේස් එකත් සෙටි වෙනවනේ අද ඉදන්..” රන්දනා නොසැලකිලිමත් ලෙස කියා ගමන ඉක්මන් කලාය..
“වාත කේස් එක කීවේ...”
“ අර ගොඩේ කෙල්ල වන්දනා..” රන්දනා තරහින් කිවාය
“ පිස්සුද බන් මට නම් ඒ කෙල්ලගේ ගොඩේ කමක් පේන්නේ නැහැ ඒයාගේ වෙනස්ම ලස්සනක් තියෙන්නෙ.. ගැමි ලස්සනක් ඒක ගොඩේ කම නෙවෙයි..” නිශාදි අවංක හඩකින් කියද්දී රන්දනා තරහින් පිපිරෙමින් ඇය දෙස බලා සිටියාය.
“ඇත්තද... එහෙනම් නැවතිලා ඒ අයත් එක්කම ආවානම් හරිනේ.” යි කියා කේන්තියෙන් කී වන්දනා වේගයෙන් ඉදිරියට ඇවිද ගෙන ගියාය.
“ඒයි රන්දු... ඔකට ඔය හැටි තද වෙන්න ඔනිද... මොකක්ද බන් මම කීවේ මගේ අදහස.. උඹට ඔය හැටි ඩෝන් යන්න දෙයක් කීවේ නැහැ.” නිශාදි රන්දනා පසුපස දිව යමින් කීවාය..
පාසල අසල තනිවි සිටි වන්දනා දෙනෝහාහක් සිසුන් අතරේ අතරමන්ව ඉසංකව සෙවිවාය.. නන්නාදුනන මාවතක යන්නට නොහැකි කමින් ඇය ඉසංක එනතුරු බොහෝ වේලාවක් ගේට්ටුව අසල රැදුනාය..
“සුදු නංගී..” න්නාදුනන සිසු සිසුවියන් අතරින් ඉසංකගේ හඩ ඇසී වන්දනා ඒ දෙසට හැරුනාය. සිනාසෙමින් තමන් දෙසට එන පොඩි අයියා දෙස වන්දනා ලෙන්ගතු සිනහවක් සමග බලා සිටියාය.. ඉන් හිරිවැටිගියේ ඒ සමග එමින් උන් තාරුකයි.
“ කෝ රන්දු..” ඉසංක වට පිට බලමින් විමසුවේය...
“ ගියා අයියේ....”
“ මොකක්...?? ඔයාව තනියම දාලා එයා ගියාද...” ඉසංක විමතියෙන් දෑස් පුරවාගෙන අසද්දි වන්දනා නිහඩව හිස සැලුවාය.. අයියාත් සමග උන් තාරුකව ඇය දුටුවේ එවිටයි.. විවේක කාලයේ සිදුවීම මතක් වී ඇයට සියුම් ලැජ්ජාවක් දැනිනි.
“සුදු නංගා .. මම දන්නවා දවල් වුනු දේ.. ඔයා බය උනාද...” පාසැල පසුකර නිදහස් මාවතට පිවිසෙද්දී තාරුක වන්දනාගේ මුහුණට එබෙමින් ඇසුවේය.. කිසිත් නොකී වන්දනා මුහුණ බිමට නැඹුරු කරන් ගමන් කලාය.. තමා නොකීවාට ලග සිටින මිතුරා අයියාට සියල්ල කියන්නට ඇති බව ඇයට හැගිනි..
ආයේ එහෙම වෙන්නේ නැහැ .. මම ඉන්නවානේ.. තාරුක වන්දනාගේ හිස පිරිමැද කියද්දි තාරුක හිරිවැටී ගියේය..
“මම හිතපු දේ හරි..” තාරුක තමාටම මුමුනා ගත්තේය. ඉසංකගේ ආදරණිය හැසිරිම් නිසා ඉසංකත් වන්දනාත් පෙම්වතුන් යැයි වරදවා වටහාගත් තාරුක සිත රිදවා ගත්තේය.. ඔහුට ඉක්මනින් තනිවන්නට උවමනා විය.. “ මචං ඉසා මම බාප්පි ක්ලාස් කරන තැනට යන්න ඔනි.. මම මෙතනින් හැරෙන්නම්...” යි කියා බොරුවක් ගොතාගත් තාරැක ඉසංකත් වන්දනාත් මගහැර ගියේය...
ඉසංකත් වන්දනාත් නිවෙස අසලට යත්ම වන්දනාද ගේට්ටුවෙන් වත්තට ඇතුලු වුවාය.
“ආ..අර ඉන්නේ යක්ෂ කෙල්ල...” ඉසංක අත් මිටිමොලවාගෙන දත්මිටි කෑවේය.
“අනේ වදින්නම් අයියේ.. අක්කා එක්ක මම නිසා රන්ඩු වෙන්න එපා.. මේක මෙතනිත් අමතක කරන්න” වන්දනා ඉසංකගේ සුරතේ එල්ලී බැගැපත් වුවාය.


