Home » Archives for February 2011
Saturday, February 26, 2011
ඡන්ද අතරේ අපේ ගෙදර ... (by රත්ගමයා)
ගිය අවුරුද්දේ
අපේ තාත්තා UNP
කොල පාටින් ගෙදර තීන්ත ගෑවා...
අම්මා සන්ධානේ
කුස්සිය නිල් පාට ගෑවා....
මල්ලි ජවිපේ
බයිසිකලේ රතු ගෑවා...
ආච්චි අම්මා හෙල උරුමේ...
පූජ කරපු හැම මලම කහ පාටයි
හැබැයි මේ අවුරුද්දේ
අම්මා UNP ....
තාම කුස්සිය නිල් පාටයි
තාත්තා ජවිපේ....
තාම ගෙදරම කොල පාටයි
මල්ලි සන්ධානේ....
තාම බයිසිකලේ රතු පාටයි
ඒත් අනේ අපේ ආච්චි අම්මා....
හෙල උරුමෙට කුනුහබ්බෙන් බනිනවා...
පැත්තකට වෙලා බලන් ඉදපු මම
-- රත්ගමයා --
Friday, February 25, 2011
අයිති නෑ මා නුඹට....
හිත දෙමංසලක තනිවි..
නුඹ එක පසක ...
ඔහු එක පසක...
කුමක් මම කරන්නද...
සිතත් මගේ දෙමංසලක...
ඇරඹුම ගත්තේ නුඹ....
නිමාවෙහි තත් ගත්තේ ඔහු..
ඇරඹුමට පෙම් කරත්...
අද නිමාවට වශි වි මම
කලක් පෙම් කලා නුබට...
හැරගියා නොකියාම..
ඔහුට පෙම් නොකලද..
අහම්බෙන් මාපිය යෝජනාවක..
ප්‍රථිපලය වි ඔහු අද...
නොසිතුවත් පෙම් කරන්නට...
ලං වුනා ඔහු හෙමිහිටම...
හිත මතට සොදුරු සිත්තමක්ම විලසින..
පිලිවෙල කලා දුහුවිලි වු මා සිතම...
එදා හැරගිය නුඹ ...
අදත් ඇවිදින් කලඹනවා මා තුන් හිතම..
එනමුදු මිනිස් වෙස් ගත් ඔහු හැරදමා...
පිටුපාන්නට බැ පලාගිය අයෙක් වෙනුවෙන...
ඉතින් හැර දමන් මා..
අයිති නැ මා නුඹට....
Wednesday, February 23, 2011
නුඹේ හිතුවක්කාරි...
හඩන හිත මගේ සනසන්න..
සනසා ලගින් හිදින්න...
කදුලු තෙරෙපෙන දැස මගේ..
පිහිදා හිනාහෙන්න...
නුඹ තරම් වෙන කෙනෙකු...
දන්නේ නැ නේද..
උණුසුම් නුබේ හුස්ම පොද ලග...
ගැහෙන හිත තදකර...
ආදර කතාවක පාට තවරන්න...
ලංවී හිනැහෙන්න...
ආදරයෙන් මා අමතන්න...
නුඹ තරම් වෙන කෙනෙකු නැ මට...
වෙන කෙනෙකු ගැන හිත හිතන්න...
ලංවි නුඹ හැරදමා හිනාවෙන්න..
නුඹේ දුක සතුට කර පා කර යවන්න...
දන්නේ නැ නුඹේ හිතුවක්කාරි...
දන්නේ නැ කෙදිනකවත්..
අරුන්දතී 8 වන පියවර
දින ගනනාවක සිට යලිත් දකින්නට පෙරුම් පුරමින් උන් දසුන දුටු තාරුක හිරිවැටී ගියේය..
"ඔයා..." ඔහුට එක්වරම කියැවිනි. දින කිහිපයකට පෙර සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී තම වාදනයට කන්දීගෙන උන් යුවතිය අද දෙනෙතෙහි කදුලු පුරවාගෙන තමා අසල දණ ඔබාගෙන සිටී. මේ යැයි කිව නොහැකි ආත්මීය හැගීමකින් තාරුක දැවී ගියේය. පණ ගැහෙන සිතිවිලි අතරේ තාරුක හෙමි හෙමින් පිට්ටනියේ ඈතට ඇවිද යද්දී.. වන්දනා පන්ති කාමරයට ගියාය.
අවතැන් වු සිතිවිලිත් සමග තාරුකට පන්ති කාමරයේ සිටිය නොහැකි විය විවේක කාලයෙන් පසු කාලච්ඡේදයට ඔහු පන්තියට නොගියේ එබැවිනි. පිට්ටනියේ සිදුවු සිදුවීම් එකිනෙක සිතිවිලි වල දැවටෙමින්ඔහුට වද දෙන්නට විය. වන්දනාගේ කදුලු පිරි දෙනෙත ඔහුගේ හදවත කිසිදාක නොවු තරම් සසල කරවන්නට සමත්ව තිබුණි.
"ඇයි ඔයා හැම වෙලාවේම මගේ හිතට ඇවිත් වද දෙන්නේ" ඔහු තනිවම මිමිණුවේය...
පුස්තකාලයට ගොස් පොතක් පෙරලා ගත්තද බොදවු අකුරු පේලි වල කිසි අරුතක් ඔහුට නොවැටහිනි. කාලච්ඡේද දෙකක්ම නිකරුනේ ගෙවා දැමූ ඔහු අවසන් කාලච්ඡෙදසේ සසල සිතිවිලි සමග පන්ති කාමරයට ගියේය ඔහු දොරෙන් ඇතුල්වත්ම චමීන් ඇතුලු දගකාරයන් පිරිස උසුලු විසුලු කරමින් හිනැහෙන්නට විය.
“ජාත්යේ ගැලවුම්කාරයා..” ඒ අතර කෙනෙක් උස් හඩින් කීවේ පන්තියම සිනහ සයුරේ ගිල්වමිනි. කිසිත් නොකී තාරුක නිහඩවම ගොස් ඉසංක අසල වු තම සිසු පුටුවට බරවිය.
“කොහේද උඹ ගියේ හා...” එක්වරම ඉසුංක තාරුකගේ ඇගට කඩන් පැන්නේය.
“ලයිබ්රරි එකේ හිටියේ...” තාරුක සන්සුන්ව මිමිනුවේය.
“උඹේ මොලේ නරක් වෙලාද උදේ ඉදන් කෙමෙස්ට්‍රි පිරියඩ් එක එනකල් නේ උඹ බලන් හිටියේ.. ඇයි පුත්තලං බූරුවෝ කට් එක දැම්මේ... සර් උඹව ඇහුවා.." ඉසංක විමසිලිමත්විය
“ඔළුවේ කැක්කුමක් ආවා මචන් ඉවසන්න බැරි උනා” තාරුක පරාජිතව කීවේය.
“ඈ තරුවෝ උඹට ඔළුවේ කැක්කුමක් හැදුනද නැත්නම් අර නංගි බබාගේ ඔළුව අත ගගා හිටියද...” චාමින් විහිලුවෙන්ම කතාවට එක්විය
“කවුද බං නංගි බබා......” කිසිත් නොදැන උන් ඉසංක උනන්දුවෙන් චාමින් දෙසට හැරුණි.
“ අ..හා.. ඉසෝ... උඹට කියන්න බැරි උනානේ.. ඉනටවල් එකේදි අපි චූටියට වැඩේට මුල පිරුවා...”
“වැඩේට... හෑ... මොන වැඩේටද බන්ස්....”
“අහගෙන හිටපන්කෝ උඩ පනින්නේ නැතිව....”
“හා.. හා... ඉතින් වාත අමාරුව හදාගන්නේ නැතුව කියපන්.....”
“අළුත් කෙල්ලෝ දෙන්නෙක් අල්ලගෙන පොඩ්ක්.. දන්නේ නැදද.......” චාමීන් ඉහිමැරුවේය....
“අ.. හා... ඒ වැඩේ...කෙලින්ම කියපන්කෝ රැගත් දුන්නා කියලා.... ඉතින් ඉතින්.....” ඉසංක අළුත් උනන්දුවකින් කතාවට සවන් දුන්නේය
“ඔවි ඉතින්.. එහෙම කලා....අපි ටිකක් සැරට කතා කලාම මෙන්න බොලේ කෙල්ල බිම ඉදගෙන අඩන්න පටන් ගත්තා....”
“නෑ...... ඉතින්....” ඉසංකගේ උනන්දුව දිලිසෙන ඇස් වලින් මනාවට පෙනිනි.
“කොහේද.. හේ මුකලන් බස්සා කොහේදෝ ඉදන් පාත් වෙලා.. ගැලවුම්කාර භූමිකාව රගපාන්න පටන් ගත්තනේ...හ..තු..රා...” චාමින් තාරුකගේ පිටට පහරක් ගසමින් කීවේය... ඔහුගේ වදන්වල විනොදයක් මිස තරහක් නොවීය...
“කෙල්ලගේ කදුලු දැකලා දුක හිතුනද තරූ...” ඉසංක ගනනකට නොගෙන ඇසුවේය..
“ඉසා... උඹ දන්නවද ඒ කවුද කියලා........”තාරුක ඉසංක දෙස බලා කීවේය
“ඇයි මමත් දන්න කෙනෙක්ද...”
"හ්ම්ම්ම්..... අර නංගි උඹලගේ ගෙදර ඉන්නේ......” තාරුක මිමිනුවේ සැක සහිතවය...
“මොනවා...?? වන්දනා....” බලා සිටිත් දී ඉසංකගේ ඉරියව් වෙනස් වුනි
“නමින් නම් දන්නේ නැහැ මචෝ ඒත් මම දැකලා තියෙනවා ඒ නංගි උඹලගේ ගෙදර ඉන්නවා”
තාරුක සැකයෙන් මෙන් කියද්දි ඉසංක වේගයෙන් චාමීන් වෙත පැන ඔහුගේ කමිසකෙලරයෙන් අල්වාගත්තේය.
සුභා අක්කා... ( සන්වේදී මතකයක් )
මේ ලගදි දවසක නිම්ශා දාලා තිබ්බා පෝස්ට් එකක් හරියා කියලා ..ඒක දැකලා තමයි මට මේ කතාව මතක් උනේ..මේක රත්ගමයා බ්ලොග් එකේ දාන්නද ..අක්ෂරේ දාන්නද කියලා ගොඩක් හිතුවා..මේ කතාවට ගැලපෙනම තැන තමා මේක..මම සන්වේදීව ලියන පලවෙනි කතාව තමයි මේක
සුභා අක්කා...ඇත්තටම කවුද මේ...
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..
එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්
මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..
එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"
ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....
එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
නිම්ශා...ඔයා මට මතක් කරේ මේ අමතක කරන්න බැරි මගේ ජීවිතේ තියෙන කල්ම අමතක වෙන්නේ නැති කතාව...එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...
Tuesday, February 22, 2011
(අ) සත්‍ය කථාවක් ඇසුරෙනි - පළමු ප්‍රහාරය..
ඔන්න සහෝදර සහෝදරියනි අද ඉඳන් අපි තවත් අසත්‍ය කථාවක් අක්ෂරයෙන් අරගෙන එනවා. අසත්‍ය කථාවක් කිව්වට මේක අසත්‍ය ආදර අන්දරයක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි...හරි... අපි වැඩිය කියවන්නේ නැතුව කථාවට යමු..
මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කොලුවො දෙන්නෙක්.. අපි උන්දෙන්නව රයිගමයයි ගම්පොලයයි කියලා හඳුන්වමු. ඔන්න ඉතින් මේ රයිගමයයි ගම්පොලයයි ගජයාලුවෝ.. කන්නෙ බොන්නේ, ගමන් බිමන් යන්නේ තියා කෙලි පොඩ්ඩියෙක්ට ලයින් දැම්මත් ඒත් එකට.( ගේ නෙමෙයි) , මුන් දෙන්නා ඉගෙන ගත්තෙත් එකම ඉස්කෝලේ එකම පන්තියේ, ඒ වගේම මුන් දෙන්නා තරම් නාහෙට අහන්නෙ නැති යක්කු දෙන්නෙක් මුලු ඉස්කෝලෙටම හිටියෙ නැ. ගුරුවරු කියන කිසිම දෙයක් අහන්නේ නැ. දෙයක් කරන්න හිතුනොත් කරලම තමා පස්ස බලන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි දෙන්නත් එක්ක ඕලෙවල් කරලා යන්තමින් පාස් වෙලා ඒ ලෙවල් වලට බයෝ කරන්න සෙට් උනා.
පරණ පුරුදු ඉස්කෝලෙට උනත් උසස්පෙළට එනකොට ඉන්ටවිව් එකකට මුහුණ දීල එන්න ඕනනේ.. ඉතින් අපේ මේ වැද්දෝ දෙන්නට ඉන්ටර්විව් කථාකරලා තිබුනේ හවස් වරුවේ. උදේ වරුවේ ඉන්ටර්විව් තියෙන්නේ අලුතෙන් ඉස්කෝලෙට එන ළමයින්ට. ඒ උනත් හවස් වෙලා තමන්ගෙ අවස්ථාව එනකම් බලන් ඉන්නෙ කොහොමද කියලා රයිගමයයි ගම්පොළයයි දෙන්නත් දත කට මැදගෙන විනීත දරුවෝ දෙන්නෙක් වගේ උදේ පාන්දරම ඉස්කෝලෙට එන්න පිටත් උනා...
හප්පේ..... මේක පරණ ඉස්කෝලෙද කියලා අඳුරගන්නත් බැ.... අලුත් ළමයි හැම තැනම ... පාට පාට ටයි දාගත්ත කෙල්ලෝ සූ ...... ගාලා. අපේ ලොක්කෝ දෙන්නත් ඉතින් හොඳ කෙල්ලො ඉන්නවද කියලා පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා.. මෙන්න ඉන්නවා ලස්සන සුවිනීත සුකොමල චූටි පැංචියෙක්..කෙල්ලව දැක්කා විතරයි වැද්දෝ දෙන්න ගොලු උනා.. එච්චරටම ලස්සනයි කෙල්ල. දෙන්නත් එක්ක ඒ වෙලාවෙම අනික් අයට වාරණ නියෝගයක් නිකුත් කලා. " අර කෙල්ලට කිසිම කෙනෙක් පැණි හලලා තිබුනොත් බලාගෙනයි " කියලා. මෙහෙම කිව්වම සමහර කොල්ලොන්ගේ මූණු බලාගෙන ඉඳිද්දි හතරැස් උනා.ඒත් මොනා කියලා කරන්නද....... සත්තු දෙන්නගේ හැටි දන්න නිසා සෙට් එකම කට පියාගෙන හිටියා.
දැන් වැද්දො දෙන්නගේ සිහියේ තියෙන්නේ එකම දෙයක් විතරයි. ඒ කොහොම හරි කෙලි පොඩ්ඩිගේ නම අහගන්න. කොහෙ අහන්නද...??? තියන ආඩම්බරකම. ලස්සන නිසා වෙන්න ඇති.. ඇවිදින්නෙත් පොළවෙන් අඩි දෙකක් විතර උඩින්. ඒත් කොහොම හරි නම අහගන්නත් එපැයි.
නම අහගන්න ක්‍රමයක් දස අතේ කල්පනා කරලා කරලා අන්තිමේදි රයිගමයගේ ටිකිරි මොලේට ටොප් අයිඩියා එකක් ආවා. ඇයි බොලේ ඉන්ටර්විව් එකට කතා කරන්නේ නම කියලනේ .. එතනට ගියානම් කිසි අවුලක් නැතුව නම අහගන්න තිබුනා. ඒත් එතනට යන්නෙ කොහොමද ??? ගියොත් පින්සිරිපාල සර්ගෙන් නොමිලේ වේවැල් කසාය වඩියක් ලැබෙනවා ශුවර්. එතනට යවන්න පුලුවන්නෙක්ව හොය හොය ඉඳලා අන්තිමට සත පනහේ බුල්ටෝ එකක් අරන්දෙන්න පොරොන්දු වෙලා ලඟ හිටපු පොඩි කෙල්ලෙක්ව නම හොයන වැඩේට බොහෝම අමාරුවෙන් පිටත් කරපු අපේ ලොක්කො දෙන්නා කෙල්ල නමත් අහගෙන එනකම් තාප්පයක් උඩට වෙලා අයිස් පැකට් දෙකකුත් ලෙව කකා බලාගෙන ඉන්නවා.
දැන් කෙල්ල ගිහිනුත් පැය භාගයක් විතර වෙනවා. තවම කෙල්ලත් නැ නමත් නැ. මුන් දෙන්නතත් අම්බානෙකට යකා නැගලා ඉන්නේ. ඉවසීමේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අර කෙල්ල හැටට හැටේ දුවගෙන එනවා... කෙල්ලට හති. කතා කොරගන්නත් බැ... අන්තිබේදි තටඹලා තටඹලා මේ කෙල්ල කියපි.
" රයිගම අයියේ රයිගම අයියේ... ඒ අක්කගේ නම ලෙන්චිනා "
..............ටූ බී කන්ටිනියුඩ්................
..............ටූ බී කන්ටිනියුඩ්................
සොයන ජීවිතය..
අකුරක් නොමැති,
වදනක් නොමැති,
හැගුමන් නොමැති,
මගහැරුණ ඇමතුමකින්..
සොයනෙමි මම්
මගේ ජීවිතය..
Monday, February 21, 2011
මැදි වෙලා මම හදවත් ගණනක..
අපට හිමි නැති අපේ ලෝකය...
අහිමි කලේ ඔබත් නොව..
මමත් නොව...
වාසනා නෑ අප හදවත් තුල..
සිහින මැවූ ඒ ලොව තනන්නට...
ආදරේ අඩු නෑ මගෙ හද තුල..
ආදරේ අඩු නෑ ඔබෙ හද තුල...
එහෙත් අසරණ වෙලා අපි අද..
නෙතු අයමින් මියැදෙන ඒ ලොව වෙත..
මැදි වෙලා මම හදවත් ගණනක..
අතරමං කල නොහැකි කෙදිනක...
ඔබේ හදවත, ඔවුන්ගෙ හදවත්..
අත්හල නොහැකිව කොකියන හද තුල...අහිමි කලේ ඔබත් නොව..
මමත් නොව...
වාසනා නෑ අප හදවත් තුල..
සිහින මැවූ ඒ ලොව තනන්නට...
ආදරේ අඩු නෑ මගෙ හද තුල..
ආදරේ අඩු නෑ ඔබෙ හද තුල...
එහෙත් අසරණ වෙලා අපි අද..
නෙතු අයමින් මියැදෙන ඒ ලොව වෙත..
මැදි වෙලා මම හදවත් ගණනක..
අතරමං කල නොහැකි කෙදිනක...
ඔබේ හදවත, ඔවුන්ගෙ හදවත්..
මව්පිය සෙනෙහස හැර එනු කෙලෙසද...
ඔබගේ සෙනෙහස පිටුපා කෙලෙසද..
එකක් කියා තෝරා ගනු කෙලෙසද...
සිතට එකග තීරණක් නොමැති තැන...
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්
පොතේ නම දෑක්ක ගමන්ම ටිකක් කුතුහලය ඇතිවුන නිසාමයි මම මේ පොත ගත්තෙ,මනෝමය කාය, කර්මය, භූතාත්මයන්, දෙවියන් හා දේවදූතයන්,ෆෙඩ්‍රික් මයර්ස්ගේ සත්මහල් ලෝකය ගෑන කරුණු මේ පොතේ සදහන්. විදය්‍යාවේ නූතන සොයාගෑනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන ආකාරය උදාහරණ සහිතවත් මේ පොතෙන් විස්තර කෙරෙනවා. පොතේ පසුපිටේ මෙන්න මෙහෙමත් සදහන් කරල තියනවා.
"ගන්ධබ්බයා නමින් බෞද්ධ ඉගෑන්වීම වලදී හදුන්වා ඈත්තේ ඉතා සියුම් පදාථයකින් නිපෑයුණු ශරීරයක් හා එය ඈසුරුකොටගෙන පවත්නා උපාදානස්කන්ධ සංයුතිය ය. "
" උපාදානස්කන්ධ සංයුතිය ජීවී සෛලය ඇතුලත්වී විකාශනය වන විට හා විකාශනය වු කළ එහි ලක්ෂණ දෑකගත හෑක."
"අද්භූතයක් වශයෙන් බෑලීමට වඩා මිනිස් සිතක් ස්භාවික විද්යුතයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සෑලකීමට මෙතෙක් සොයාගන ඈති දේවලින් මග පෑදෙයි."
පොත ලියල තියෙන්නෙ බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්, ඔයාලත් කියවලා බලන්න, වෙනස් ආකාරයේ පොතක්.
Sunday, February 20, 2011
තහනම් ප්‍රේමයක පාපොච්චාරණය......
ලෝකයා ඉදිරියේ මෙච්චර දවසක් වසන් කරගෙන හිටපු මගේ ආදර කතාව හැමෝටම ඇහෙන්න කැගහලා කියන්න හිතුනේ එයා මගේ හදවත කඩලා බිඳලා කුඩුපට්ටම් කරලා දැම්මට පස්සේ... එයාමයි මට ආදරේ කියාගෙන මගේ පස්සෙන් ආවේ..... එයාමයි මට මුලින්ම ආදරෙයි කිව්වේ....... එයාමයි මම එයාගේ ජීවිතය කිව්වේ...... එයාමයි මුලු ලෝකයම අපිට විරුද්ධ උනත් මාත් එක්ක එයා හැමදාම ඉන්නවා කියලා පැනලා යමු කිව්වේ......... ඒත්....... . එහෙම කියලු එයා අද වෙනස් වෙලා.......... පන වගේ ආදරෙයි කියලා කියපු එයාගේ කටින්ම අද එයා අපි දෙන්නගේ කතාව වෙන කෙනෙකුව ගාවලා කියලා මාව අපහසුතාවයට පත් කරන්න, සමාජය ඉදිරියේ කොන් කරන්න හදනවා.... ඇයි ඔයා මෙහෙම කරන්නේ..... මගෙන් වුන වරද මොකක්ද ????????........
අපි දෙන්නගේ සම්බන්ධේ පටන් ගත්තේ දෙවියන්ගේ අඩවියෙදි...... මට මතකයි එයා මාව දැකපු වෙලේ ඉඳන් මං දිහා බලාගෙනම හිටපු හැටි....... එයාගේ බැල්මට කතාවට මගේ හිතත් ඇදිලා ගියා.... ඒත් මම සදාචාරය ගැන හිතලා හිත හදාගත්තා... ඒත් එයා එහෙම නැ..... මගේ ලඟට ඇවිත් බොහෝම සුකොමල විදිහට එයාගේ ආදරේ කියපු හැටි මට තවමත් මැවි මැවී පේනවා...... නඩේ හිටපු අනික් අයගෙන් වෙන් වෙලා අපි දෙන්නා අපේම ලෝකෙක ජීවත් උනා.... ඒත් අද ඇයි ඔයා මෙහෙම කලේ ??????....... ඔයාගේ ආදරයට මොකද උනේ ??????......
අද එයා ලෝකයා ඉදිරියේ සමච්චලයට පත් කරන්න හදනවා.... මම වෙන කෙනෙක් එක්ක අසම්මත සම්බන්ධයක් තියනවා කියලා ලෝකයාට පෙන්නලා එයා සුදනා වෙන්න හදනවා. එව්වා කොහෙද මාත් එක්ක... ඔයා මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නැ... ඒ උනත් ඔයා කලා.... මටත් කරන්න දෙයක් නැ... මම හැම දෙයක්ම කියනවා.... ඔයා වෙන පිරිමි එක්ක ගියාට කවදාවත් මම අහිතක් හිතුවේ නැ.... ඔයා සුද්දො එක්ක පැය ගණන් ගත කලාට මම මොකුත් කිව්වේ නැ.... ඇයි රත්ගමයෝ මට මෙහෙම කලේ.... ඔයාගේ ආදරේට මොකද උනේ රත්ගමයෝ..... මට ආදරෙයි කියපු කටින් කොහොමද ඔහොම දෙයක් කිව්වේ රත්ගමයෝ...... මට සමාවෙන්න රත්ගමයෝ.... අපි දෙන්නගේ අසම්මත ප්‍රේමය ලෝකයාට කියනවා හැරෙන්න වෙන විකල්පයක් මට හිතාගන්ට බැරි උනා..... මට සමාවෙන්න රත්ගමයෝ...
ප. ලි : රත්ගමයා මාව නැවූ මඩ බාල්දියෙන්ම රත්ගමයාවද නැවීමේ කුප්ප අරමුණින් යුක්තව ලියා පලකරන ලදි.... මම දැන් ඇති පදම් නා ඇති බැවින් මේ මඩ බාල්දිය චේ උන්නැහේට මඩක් නොවේ....
චේ උන්නැහේ ගේ රස කතාවක්
මේක මම අද මුහුනු පොතේ සැරිසරන කොට මගේ ඉන්බොක්ස් එකට ආපු මැසේජ් එකක්..මඩක් ද දන්නේ නම් නෑ...කොහොම හර් සිද්දිය ඇත්ත..
මේ චේ උන්නැහේ කියන පුද්ගලයා කෙල්ලන්ට වඩා කොල්ලන්ට ආසයි කියලා කට්ටිය දන්නව නේ...මේක ඒ ගැන කතාවක්..ඔන්න මාව අල්ල ගන්න එපා..මේ කතාවේ කිසිම දෙයක් මම ලියපු එව්ව නම් නෙමේ...
මේකයි කතාව........
------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න අපේ චේ උන්නැහේට දහම්පාසල් ගුරු සේවයට එන්න හිතිලා දැන් සති දෙක තුනක් වෙනවා. පසුගිය සති දෙක තුන හව්වෙන හව්වෙන පන්තියට ගොහින් උන්දැගේ දැනුම බෙදදුන්නලු.(උන්දැගේ දැනුම මොන වගේද කියලා අපිනේ දන්නේ)
නමුත් අද 8 ශ්‍රේණිය භාර ගුරුතුමා චේ උන්නහෙවත් කැටුව තම පන්තියට ගියේ චේ උන්නහේව සිය පන්තියට හදුන්වා දී තම වැඩකටයුතු වලින් කොටසක් ඔහුට භාර දෙන අරමුණින්.
ඔන්න ඉතින් පන්තිභාර ගුරුතුමා සිසුන් අමතලා "මේ අපේ දහම්පාසලේ ආදී ශිෂ්‍යක්. ඕගොල්ලෝ මෙයාව දන්නවද?" කියලා ඇහුවා.
ඔන්න පන්තියේ ඉන්න කොල්ලෙක් අත ඉස්සුවා. එක දැකපු පංති භාර ගුරුතුමා "ඔයා දන්නවද? කියන්න බලන්න මේ කව්ද කියලා.." කිව්වා..
ඒ පාර අර කොලුගැටයා නැගිටලා "ඔව් ඔව් මං මෙයාව දන්නවා.. මෙයා කලින් අපෙ අයියා එක්ක යාළුවෙලා හිටියනේ.." කිව්වා. එක ඇහුන චේ උන්නැහේට උන්හිටිතැන් මතකනැති උනා. උන්නැහේ එම පංතියෙන් එලියට බැස්සේ ලජ්ජවද උහුලාගත නොහැකිව. අයිය එක්ක යාලු වේලා ඉදපු චේ උන්නැහේ අයියා එක්ක හද පානේ පැනලා යන්න ප්ලෑන් කොරා කියලා තමා වටින් ගොඩින් ආරංචි එන්නේ..දෙන්නා පනට පන වගේලු ඉදියේ..මෙව්වා රට්ටු හිනස්සන වැඩ කියලා අහල පහල පොඩි කොල්ලො කතා වෙනවලු..
Saturday, February 19, 2011
මෙයද මගේ ඉරණම අම්මේ?
මුල් හිරු කිරණ දුටු දිනයේ
ඊට පෙරයි ඔබගේ රුව දුටුවේ
දස මසක් මව් කුසේ දරා සිටියේ
අම්මගෙ රුවයි මා මුලින්ම දුටුවේ
එදින ඇගේ දෙනෙත් කඳුලින් බරවී තිබුනා
මද සිනහවක් පා මා දෙස බැලුවා
මට මතකයි මා අඬමින් කරදර කෙරුවා
ක්ෂනයෙන් ඇගෙ වත කලුවර වුවා
ඇය මා වැළඳගෙන සිප ගත්තා
මොහොතින් ඇය මා විසි කෙරුවා
මා දෙනෙත් කලුවරින් වටවුවා
මා හට කුණු කූඩය උරුම වුනා
පාරේ මිනිහෙක් මා දුටුවා
ඔහු ගෙන මා ඇති දැඩි කෙරුවා
හොරකම මගෙ ශිල්පය කෙරුවා
මෙයද මගේ ඉරණම අම්මේ?
ඊට පෙරයි ඔබගේ රුව දුටුවේ
දස මසක් මව් කුසේ දරා සිටියේ
අම්මගෙ රුවයි මා මුලින්ම දුටුවේ
එදින ඇගේ දෙනෙත් කඳුලින් බරවී තිබුනා
මද සිනහවක් පා මා දෙස බැලුවා
මට මතකයි මා අඬමින් කරදර කෙරුවා
ක්ෂනයෙන් ඇගෙ වත කලුවර වුවා
ඇය මා වැළඳගෙන සිප ගත්තා
මොහොතින් ඇය මා විසි කෙරුවා
මා දෙනෙත් කලුවරින් වටවුවා
මා හට කුණු කූඩය උරුම වුනා
පාරේ මිනිහෙක් මා දුටුවා
ඔහු ගෙන මා ඇති දැඩි කෙරුවා
හොරකම මගෙ ශිල්පය කෙරුවා
මෙයද මගේ ඉරණම අම්මේ?
මගේ මේ පලවෙනි පෝස්ට් එක.වැරැද්දක් තියෙනවනම් කියන්න හොඳේ.හිතේ තියං ඉන්න එපා.මට මේ මාතෘකාව ගැන ලියන්න හිතුනේ පහුගිය දවස් ටිකේම ප්‍රවෟත්තිවල ප්‍රධාන ප්‍රවෟත්තිය වු නිසා.
Friday, February 18, 2011
මායි චමි අයියයි...
ඔන්න අක්ශරේට මගෙ පලවෙනි කතාව දාන්න හිතුවා..හිතුවා හිතුවා ලියන්න දෙයක් ආවෙම නෑ, ඉතින් මං හිතුවා මං පොඩි කාලේ මට යාලුවටත්,සහෝදරයටත්,හිනා වෙන්නත්,අඩන්නත්, ගහගන්නත් උන්න අපේ චමි අයියා එක්ක කරපු හොද හොද වැඩ ටිකක් ගැන කට්ටියට කියන්න..අපේ අක්කා උන්න තමයි ඒත් ඉතින් එයාලා අපේ වයසට ගැලපුනේ නෑ නෙව.. චමි අයියා කියන්නේ අපේ අම්මගෙ අයියගේ පුතා .. මට වඩා අවුරුදු දෙක තුනක් ලොකු ඇති, මට පොඩි කාලේ සෙල්ලම් කරන්න උන්න එකම යාලුවා තමයි .. අනිත් කස්ටියම මට වඩා හෙන ලොකුයි...
අපිට එක එක කාලෙට එක එක පිස්සු තිබ්බා.. සරුංගල් පිස්සුව, බට තුවක්කු පිස්සුව, කැට පෝල පිස්සුව... මාත් ඉතින් කෙල්ල උනාට පොඩි කාලෙ කොල්ල වගේ තමයි, මං හිතන්නේ කොල්ලෙක් එක්කමනේ එක්කහු වෙලා උන්නේ..
අපිට කරන්න සෙල්ලමක් නැති උන තැන ගහගන්න එකත් සෙල්ලමක් උනා.. වැඩ්ඩා වගේ ගහගන්න ගියාට මොකද අත පය තලාගෙන හොදට ගුටි කෑවෙත් මංම තමයි.. බට තුවක්කු හදා ගත්තම කොහිකිරිල්ල ගෙඩි හොය හොය ගම වටේ දුවනව අපේ චමි අයියාත් එක්ක, පස්සෙ දෙන්න ගස් වටේ දුව දුව බට තුවක්කු වලින් විදගන්නවා වෙඩි තියනවය කියල.. ඒත් වැඩියෙන්ම වෙඩි කන්නේ මම පලු දාන්නම...
අපේ ගෙට පිටිපස්සේ ඒ කාලෙ තිබ්බා මහ වත්තක් අක්කර 10 කද කොහෙද, ඔය වත්ත බලා ගන්න උන්න නැන්දට ලමයි නෑ ඉතින් අපි දෙන්නට පන ඇරගෙන .. ඉස්කෝලෙ ඇරිලා ආව ගමන් දුවන්නෙ එහෙ තමයි දෙන්නා..එහෙ අපි දෙන්නට උන්න සෑහෙන්න හුරතල් සත්තු : ලේන්නු පැටව් 3ක්, ඇහැක් පොට්ට උන කුන්දික්කාලියෙක් ( ඇහැ පොට්ට කරෙත් අපි දෙන්නම තමා ), පූස් පැටියෙකුයි තව බල්ලෙකුයි..ඔය බල්ලයි පූසයි ඇරෙන්න අනිත් සේරමත් මායි චමි අයියයි අල්ලපු එවුන්.. ලේන් පැටව් නම් මහ වත්තේ පොල් ගස් වලින් වැටුන එවුන්.. අර කුරුල්ලා ඇල්ලුවෙ නම් අපි දෙන්නා..
ඔන්න එක දවසක් මායි අපෙ චමි අයියයි වත්ත පහල සෙල්ලම් කරනවා (කැට පොලු පිස්සුව කාලේ ) මේ කුරුල්ලා උන්නා පොල් ගහක අත්තක් උඩ කෑ ගගහා... ඔන්න චමි අයියා සද්ද නොකර කලිසම් කොටේ පිටිපස්ස සාක්කුවේ තිබ්බ කැට පොල්ල ඇදලා ගත්තේ හිමීටම සද්ද නොකර ඉන්නවා කියන ගමන්මයි.. මාත් මීයා වගේ සද්ද නෑ.. ඒ කාලෙ එයා කරපු මොන පව්කාර වැඩේටත් මං උඩින්ම සපෝර්ට් එක දුන්නා..ඊලගට ගල් කැටේ ගානට තියලා ඇහැක් වහලා ඉලක්කේ ගන්නවා.. පටස් ගාල තියෙයි පොට්ට ඉලක්කේ ගිහින් වැදුනේ පොල් ගහේ රැදිලා තිබ්බ දිරච්ච අතු කෑල්ලකට... ඒත් මේකගෙ වෙලාව කියන්නෙ අත්ත ගිහින් වැදුනේ කුරුල්ලට.. ජබෝස් ගාල කුරුල්ලා බිම...දුවලා ගිහින් කුරුල්ලව අතට අරන් ගම වටේ දිව්වා කුරුල්ලෙක් ඇල්ලුවා කියන්න.. පස්සෙ තමා වත්තෙ නැන්දව මතක් උනේ, ඊලගට දිව්වේ එහෙ..දෙන්න හොද බැනුමක් අහගත්තා පව්කාර වැඩ කරනවය කියලා..නැන්දා කොහොම හරි කුරුල්ලා බේර ගත්තා, හැබැයි ඇහැ නම් පොට්ටයි.. ඌට අපි නම දැම්මා චූටි කියලා..
ඊලගට අපේ කැමතිම සෙල්ලම උනේ හමුදාවයි කොටියි.. හමුදාව නම් අපි දෙන්නා කොටි තමයි කම්බි වැට දිගේ දුවන දිමියෝ.. ගිනි පැලැල්ලක් අරන් එක දිගට උන්ව පුච්චන් යනවා .. ඒ තමා වෙඩි තියනවා.. සමහරුන්ව බාගෙට පුච්චලා කාර් පොඩි වල දාන් දුවනවා ඇම්බුලන්ස් එකේ ඉස්පිරිතාලේ ගෙනියනවා කියලා.. නිදි කුම්බා තලලා බෙහෙත් කරනවා.. සමහර දිමියො නම් තරහටද කොහෙද පස්ස උඩ දාන් අත් කකුල් හපනවා, එවෙලෙට ඉතින් මරණීය දන්ඩනය තමයි උන්ට..අපෝ උන්ගේ පස්ස පොඩි උනාම ගදේ බෑ..
තව අපේ පූස් පැටියට උන හදිය ගැන, චමි අයියා වත්තෙ මාම එක්ක බුලත් කාපු හැටි ගොඩක් දේවල් තියෙනව කියන්න නම් එව්වා මේකෙ ලිව්වොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.. කස්ටියට මේක හිතට ඇල්ලුවොත් ඒවත් ලියන්නම් ඉස්සරහට..
කස්ටියගෙ ප්‍රතිචාර හැටියට තමා ඉතින්.. මේක ලිව්වම මඩ වදින්නත් ඉඩ තියෙනවා කියලා මට හිතුනත් ඕන එකක් වෙද්දෙන් කියලා ඔහෙ ලියලා දැම්මා... :D
Thursday, February 17, 2011
අලගල්ල සොබා සුවිසැරිය
“බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“
පාර සෙයාගනු වස් යන යන තැන ගස් කොල අතු නවන්නට නම් අමතක කලේ නෑ ( ඊලඟ පාර මේ පාරෙන යන අයට උඩට එන්න පුලුවං ඒ මග ඔස්සේ)
බහින එක නම් නගින කොට තරම්ම අමාරු නොවුනේ කඳූමුදුනට කිට්ටු වෙද්දි නියම පාර හමුවුනු නිසා.
ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ අන්න එහෙමයි... ඉතින් අපි (මා ඇතුලු යාළුවො හතර දෙනෙක්) ගියා මේ අලගල්ල කන්ද තරණය කරන්න. මේ තියෙන්නේ ඒ ගැන සටහනක්.
අන්තර්ජාලයෙන් ඇවිදින්න පුලුවන් තැන් ගැන විස්තර හොයනකොට අහම්බෙන් හම්බුන තොරතුරක් තමයි මේ අලගල්ල. අලගල්ල කියන්නේ ඉස්සර සුද්ද මේ රට ආක්‍රමණය කරපු කාලේ උඩරට රාජධානියේ ආරක්ෂාවට තිබුනු මුර කපොල්ලක්. කෙ කඳු මුදුනට ගියාම ඒ බව නම් පැහැදිලි වෙනවා. හාත්පස සිසාර පේන සුන්දර දසුනින.
ගමන් විසතරය මෙහෙමයි.
අපි අලගල්ලට ලඟාවෙන් යොදාගත්තේ දුම්රිය. උදේ 5.20ට තිබුන දුම්රියෙන් මීරිගමින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ගිහින් පොල්ගහවෙල සිට පෙ.ව 6.00 නුවර බලා යන මනදගාමී දුම්රියෙන් ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානය දක්වා ගමන් කලා. ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයට ලඟාවුනේ උදේ 7ට විතර. එතැන් සිට තියෙන්නෙ පයින් ගමනක්. අපිත් ඉතිං එතනින් එහාට යන පාරක් දැනං හිටියෙ නෑ. ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමා යන්න තියෙන්නේ.
හැම අවුරුද්දෙම පෙබරවාරි 4 වෙනිද නිදහස සමරන්න ගමේ මිනිස්සු මේ කඳූ මුදුනට යනවලු. හැබැයි මේ පාර නම් කට්ටිය ගිහිං නෑ. මොකද පේබරවාරි 4 වැස්සනේ.
යන ගමන්
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් ලද තොරතුරුවලට අනුව ඒ අසලින් අපි ගමන් ඇරඹුවේමු. ගම වෙත දිවෙන මග ඔස්සේ ඉදිරියට ගමන් කිරීම එතරම් අපහසුවක් නොවේ.
ඉතින් මේ විදියට ගමන්කරපු අපි, ගම මැද්දෙන් පාර සොයන් යන අතරේ තේ වතු මැදින් යන පාර ගේක මිදුලකින් ඉවර වුනා. දැං ඉතින් අයෙ හැරෙන්නයැ. අහල පහල සෝදිසි කරල බලද්දි, කන්ද පැත්තට යන පොඩි අඩිපාරක් හම්බුනා. අයේ දෙකක් නෑ, මේ පාර කට්ටිය ගියෙත් නැති නිසා කැලෑවුනු පාර වෙන්නැති කියල අපි ඒ පාරෙන් ගමන්කරන්න පටන් ගත්තා. බැලින්නං ඒ කැලේට යන්න තියෙන පොඩි අඩි පාරක්.. කන්ද නගින පාර නෙමෙ....හැබැයි අපිට ආපහු හැරෙන්න විදියකුත් නෑ. වෙන කරන්න දේකුත් නැති නිසා අපි කැලේ මැදින් කන්ද පැත්තට නගිනන් පටං ගත්තා. මේ පේනවනේ හසරක් නැති කැලෑව.
පටන් ගත් තැන් සිට සතුරා කූඩැල්ලාය. මුන් නම් නිකම්ම නිකම් කූඩැල්ලන් නොව, මහ කුප්ප කූඩැල්ලන් ජාතියකි. පන්න පන්න පහර දෙනවාට අමතරව ඉහල සිටින සිය නෑ හිතමුතුරන්ටද පණිවුඩය දුන් සැටියකි.කෙසේ නමුත් කෑඩැල්ලත් සතෙක්ද :P
පාර සෙයාගනු වස් යන යන තැන ගස් කොල අතු නවන්නට නම් අමතක කලේ නෑ ( ඊලඟ පාර මේ පාරෙන යන අයට උඩට එන්න පුලුවං ඒ මග ඔස්සේ)
කැලැව කපාගෙන කහඹිලිය ගාල් පීරගෙන කටු අතුවල ඇමීණිගෙන ගිය ඒ ගමන නම් අමතක නොවන අපූරු අත්දැකීම් රැසක් එක් කලා. අපි නියමිත මගින් ගමන් කලානම් ගමන මේ තරම් සුන්දර (අපේ වචනයෙන්ම් ආතල්) නොවෙන්න තිබුනා. දුෂ්කරතා මැඩගෙන ගියපු ගමන නිසාම අපේ යාළුවන්ටත් ගමන අපූරුවට අල්ලල ගියා (ගිය අය මේක දැක්කනං මාව කයි, එක්කන් ගියා කියල නම් මොකුත් තාම කිව්වෙ නෑ හිහ් )
ගමන දුෂ්කරයි, පොල්ලක් අතේ තියන් යන එක වඩා හොඳයි. හැබැයි සුන්දරයි. කැලෑව කියන්නෙ කොහොමත් බෝම සොඳුරු ඉසව්වක් නේ...
බහින එක නම් නගින කොට තරම්ම අමාරු නොවුනේ කඳූමුදුනට කිට්ටු වෙද්දි නියම පාර හමුවුනු නිසා.
මේ විදියට පාර හොයාගෙන කන්ද නැගපු අපිට, කදු මුදුන කිට්ටුවේ ගහක “මතු පරපුර උදෙසා තුරුලිය සුරකිමු“ ලෙස ලියු බෝඩ් එකක ගහල තියෙනව දැක්කම මාර සතුටක් දැනුනේ. මිනිස් පුලුටක් වත් අහල පහල නැති කැලේ බෝඩ් ගහල තියෙන්නේ පාරෙ වෙන මොකටද පාර සොයාගන්නත් ඕනි නිසානේ.
අලගල්ල කන්ද නගින්න තියෙන නියම පාරෙන් කඳු මුදුනට යාම එතරම්ම අපහසු නෑ. අඩිපාරක් නමුත් දුෂ්කර බව අඩුයි. නමුත් කූඩැල්ලන් නම් එමටයි.
ගමන පටන්ගනිත්දි වාරුවෙන්න පොල්ලක් සොයාගන්න එක හොඳයි. ඒ වගේම පාර හරියටම අසාගන්ත්තොතින් එතරම් අපහසු වෙන එකක් නෑ.
ගමනට හැකිතරම් වතුර බෝතල් එකතු කරගන්න එක නම් හොඳයි, මොකද කැලේ පීරගෙන යද්දි නම් වතුර ගන්න තැනක් නෑ. ආහාර විදියට අපි නම් පාන් සහ බිස්කට් අරං ගියා. ඒ වගේ සැහැල්ලු ආහාර අරං යන එක හොඳයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
ආපහු එන්නත් අපි නම් දුම්රියම යොදාගත්ත. මහමාර්ගය භාවිතාකරන කෙනෙකුට මාවනැල්ලට ගිහිං එතනින් ඉහලකෝට්ටෙ වෙත එන්න ඕනි. ආපසුත් ඒ මගම ගන්න පුලුවන්. අලගල්ලට දුම්රියෙන් යාම වඩාත් පහසුයි. නමුත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ නවත්වන දුම්රියන් ප්‍රමාණය සීමිත නිසා ඒ පිළිබඳව දුම්රිය ස්ථානයෙන් දැනුවත්වීම වැදගත්. (අපිටනම් පොඩිමැණිකේ දුම්රිය, දුම්රිය හුවමාරුවක් නිසා ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයේ නවැත්වීම ආපසු ගමනට ලොකු පහසුවක් වුනා)
ඉතින් ලංකාවෙ තවත් බලන්න නම් තැන් ඕනි තරම්. සොඳුරු ඉසව් කරා යන්න. ඒව නරඹන්න. හැබැයි ඡායාරූප සහ මතකය පමණක් රැගෙන එන්න. පියසටහන් විතරක් ඉතුරු කරල එන්න.
“පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි“
Subscribe to:
Posts (Atom)