ඡන්ද අතරේ අපේ ගෙදර ... (by රත්ගමයා)

Saturday, February 26, 2011


ගිය අවුරුද්දේ
අපේ තාත්තා  UNP
කොල පාටින් ගෙදර තීන්ත ගෑවා...
අම්මා සන්ධානේ
කුස්සිය නිල් පාට ගෑවා....
මල්ලි ජවිපේ
බයිසිකලේ රතු ගෑවා...
ආච්චි අම්මා හෙල උරුමේ...
 පූජ කරපු හැම මලම කහ පාටයි

හැබැයි මේ අවුරුද්දේ

අම්මා UNP ....
තාම කුස්සිය නිල් පාටයි
තාත්තා ජවිපේ....
තාම ගෙදරම කොල පාටයි
මල්ලි සන්ධානේ....
තාම බයිසිකලේ රතු පාටයි  
ඒත් අනේ අපේ ආච්චි අම්මා....
හෙල උරුමෙට කුනුහබ්බෙන් බනිනවා...


                                පැත්තකට වෙලා බලන් ඉදපු මම
                                     --    රත්ගමයා  --

29 ප්‍රතිචාර:

  • පූසා says:
    February 26, 2011 at 11:26 AM

    බොරු නොකිය හිටපන් උඹ හමතිස්සෙම දිනන පැත්තට පැන්නා :D

  • pavithra weerapperuma says:
    February 26, 2011 at 11:28 AM

    ඉතින් පුන්චි අම්ම පූජකරන්නෙ මොන පාට මල්ද අහ්??? අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන ද කොහෙද!!!

  • pavithra weerapperuma says:
    February 26, 2011 at 11:33 AM

    ගර ර ර ර... අර පූස මට කලින් දලානෙ... :/

  • චතුවා says:
    February 26, 2011 at 11:46 AM

    උඹත් කොළපාට පුලුපුලුවන් හැමතැනම ගෑවා සහ මේ පාරත් ගානවා කියලා කියලා නෑනේ?

    @පූසා.. මූ හැමදාම පරදින පැත්තේ බං.

  • චතුවා says:
    February 26, 2011 at 11:49 AM

    ඔය දාලා තියෙන පිංතූරෙන්ම පේන්නේ රත්ගමයාගේ සිහිනය.. කොළපාට රජයන කාලයක්...

  • Observer says:
    February 26, 2011 at 11:51 AM

    ගර්ර්ර්ර්....බව්..වව්...වව්...වව්...ඥාව් ... ඥාව්

  • ආවාටය says:
    February 26, 2011 at 11:55 AM

    හපොයි වුනු දෙයක්...

  • Anonymous says:
    February 26, 2011 at 12:05 PM

    දිනන පෑත්තට හෝයියා කියල හිටහන් බන්.අර ගොඩක් උන් කරනව වගේ...ඉල්ලන් කන්නෙ නතුව.

  • ``` Outsider``` says:
    February 26, 2011 at 12:17 PM

    පැත්තකට වෙලා බලන් හිටියට හිතෙන් සපෝට් එක දෙනව නේද කොයි පැත්තට හරි.. ඇත්ත කියපන්.. :)

  • -HacKrisH- says:
    February 26, 2011 at 12:19 PM

    රත් ගමයා කොරපුවා තමා ඔය තාත්තා කොලා කියලා දාලා තියෙන්නෙ... අපි නොදන්න වැයි...

  • මාරයාගේ හෝරාව says:
    February 26, 2011 at 12:21 PM

    මොන පැත්තක්ද..මූ හෙන අලියා..(වල්)
    ඔය උඩින් දාලා තියෙන්නේ ඌට හැමදාමත් හීනයක් වෙලා තියෙන සහ තව සෑහෙන කාලයකට උදා නොවන සිහිනයක දළ සටහනක්..
    පව් දෙයියනේ පුංචි එකා...

  • අකීකරු හිත says:
    February 26, 2011 at 1:17 PM

    පව්

  • චේ උන්නැහේ... says:
    February 26, 2011 at 5:10 PM

    @ මාරයා..... බොල කුප්ප මාරයෝ...... අලියට මුකුත් කියන්නේ නැ හලිය....... මම චේ උනාට මමත් අලි නැට්ටෙක්....

    කමෝන් රත්ගම පුතා............. ඔහොම යං

  • Gune aiya says:
    February 26, 2011 at 5:18 PM

    හෙළඋරුමයේ තත්වයනම් ශෝචනියයි.

  • ItalyDilan says:
    February 26, 2011 at 6:15 PM

    කුප්ප රත්ගමයෝ අපිත් කැපුවත් කොළ,එල එල

  • Anonymous says:
    February 26, 2011 at 6:16 PM

    :/

  • හිස් අහස says:
    February 26, 2011 at 6:40 PM

    අඩා...! කොලපාටක් කොහෙද අපි එතන .....ඕන සප් එකක් ඉල්ලපං පුතා අපේ පාක්‍ෂිකයොන්ට අපි එකක් ඇරෙන්න අනික් ඕනම දෙයක් දෙනවා ....

    ජය වේවා !!
    ජය වේවා !!

  • මාරයාගේ හෝරාව says:
    February 26, 2011 at 6:47 PM

    @චේ...
    වහාම කිරියාත්මක වන පරිදි නම වෙනස් කොරහං..අපහාස නොකර චේ සහෝදරයට..

    අඩේයි...අලි නැටි සීයකට මැදි උනත් මේ මාරයා අරින්නෑ ඩෝ..
    වරෙවු..පිළිවෙලකට වරෙවු..
    අංක අරගෙන අංක පිළිවෙලට වරෙව්...
    අපි හොඳ චින්තය වාදියෝ අරී...

    (නෙද්දකිං එකෙක් නෑ බේතකට බුලත් නැට්ටක්..)

  • චතුවා says:
    February 26, 2011 at 6:52 PM

    මාරයා අයියා... මං ඉන්නවා බොල.. කඩමු මේ අලියාගේ කකුල්...

  • මාරයාගේ හෝරාව says:
    February 26, 2011 at 7:02 PM

    එළකිරි සහ ජලය..දෙමු ළමයෝ ඇසිටි හැළිලා බැස්ටි බහින්ට..

  • බූරු පුතා says:
    February 26, 2011 at 9:06 PM

    බොලා හැමෝම පුත්තලම් බූරුවෝ නොවී මේ පාරවත් අපේ මේ පාරවත් අපේ පක්ශෙට ඡන්දෙ දමාපියව්.

    පක්ශෙ නම ප්‍රතික්ශේපිත ඡන්ද.
    ලාන්ඡනේ අති විශාල කුරුටු බලියක්.

    අපේ පක්ශය වෙනුවෙන් ඔබේ ඡන්ද පත්‍රිකාව මත අති විශාල කුරුටුබලියක් ඇඳ ඔබගේ සහයෝගය දක්වන්න.

  • Unknown says:
    February 26, 2011 at 10:58 PM

    කහ පාට මල්,,,පවු නේද?

  • Anonymous says:
    February 27, 2011 at 12:47 AM

    අපොයි!!!!

  • ඉශ්වි says:
    February 27, 2011 at 2:36 AM

    ඊයා... බ්ලෑක්කා.... :/

  • Bunny says:
    February 27, 2011 at 7:09 AM

    ඇහ්..උබ එතකොට අර ටොයිලට් එකේ පාට 3-4 ක් ගාලා තිබ්බෙ මොකද ? :P

    අපිත් අලිබොල..!
    වැලි කෙලියේ ඉදන් අලිකෙලියෙ..!!
    අලියට ජය වේවා...!

    ආත්තම්මට තිබ්බෙ කහමල් පූජ කරන්න නෙවේ.. පංසලට යනකොට පොල්තෙල් වෙනුවට පෙට්‍රල් ලීටරේ ලීටරේ ගෙනියන්න..!
    ඇයි ඉතිං අර බල්ලො ලැගලා ඉන්න කාර්වලට කොච්චරනම් තෙල් ඔනිද නේද ?

  • Bunny says:
    February 27, 2011 at 7:11 AM

    අනේ පල මාරයෝ යන්න :P
    චින්තනේ ? රෙද්ද.. :D
    බොලා හොරලයිසොම් ගත්තෙ චින්තනේ නිසා වෙන්ටැ :P :P :P

  • Ishanuk77 says:
    February 27, 2011 at 6:25 PM

    @මාරයා මගේ සජෙස්න් එකක් තියනවා. චේ නම වෙනුවට අපි භාවිතා කරන නින්ජාකාරයා නම භාවිතා කිරීම පිලිබදව ඔහුද කැමති වේවි...

    @චේ(නින්ජකරයා) උබ අලි පරම්පරාවේ තමයි . උබේ ඇග දැක්කහම කියන්න පුළුවන්.

    @රත්ගමයා බොදවූ සිහිනය

  • රත්ගමයා says:
    February 27, 2011 at 8:00 PM

    චින්න්තනය පරාදයි වගේ නේ...මාරේ පව්...ලමයා ඊට වඩා පව්

  • Ishanuk77 says:
    March 1, 2011 at 3:26 PM

    ඔව් නේන්නම්.. රනිල් චින්තනය පරාදයි නේ...

Post a Comment