කොම්පියුටර් දොස්තර - 03 පාඩම

Tuesday, February 15, 2011

                                   
                                ආයුබෝවන් දරුවනේ.... ඔන්න ටික කාලෙකින් දොස්තර මාමට ආයෙමත් අක්ෂරේ ක්ලිනික් එක මතක් උනා.... දොස්තර මාමට මේ දවස් වල වැඩ කෝටියයි. ඒකයි ක්ලිනික් එක පැත්තේ එන්න බැරි උනේ.....මුලින්ම දොස්තර මාමා ප්‍රමාදය වෙනුවෙන් මගේ දරුවන්ගෙන් සමාව ඉල්ලනවා....... හරි... අපි එහෙනම් පාඩම පටන් ගමු. අදත් මම කියලා දෙන්න යන්නේ පරිගණක දෘඩාංග විද්‍යාවේ න්‍යායාත්මක කරුණු කිහිපයක්. දොස්තර මාමා හිතාගෙන ඉන්නේ මේ පාඩමෙන් න්‍යායාත්මක කරුණු පිළිබඳ සාකච්ජා කරන එක නවත්වලා ඊලඟ පාඩමේ ඉඳන් ප්‍රායෝගික කරුණු පිළිබඳ සාකච්ජා කරන්න. අද මේ කතා කරන දේවල් කොම්පියුටර් දොස්තර කෙනෙක් වෙන්න අවශ්‍යම නැ. නමුත් දැනගෙන ඉන්න එක හොඳයි.

                                හොඳයි.... අපි එහෙනම් පාඩමට යමු.... දොස්තර මහත්තයෙක් උනාම මානව පරිණාමය ගැන දැනගෙන ඉන්න ඕනා.. මොකද මිනිසාගේ පරිණාමික ලක්ෂ‍ණ පිළිබඳ අවබෝධය ප්‍රතිකාර කිරීමේදි ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් මිනිසාට වගේම කොම්පියුටරේටත් පරිණාමික ඉතිහාසයක් තියනවා. තාක්ෂණික අතින් ගොඩක් දුර්වල , ප්‍රමායෙන් විශාල පරිගණක තමයි අද තියන වේගවත් , හුරුබුහුටි පරිගණක බවට විකාශනය වෙලා තියෙන්නේ.  අද අපි මේ පරිගණක විකාශනය පිළිබඳ දල අවබෝධයක් ලබාගමු.
                              
                                පරිගණකය මුලින් නිපදවූ කාලෙයෙන් පටන් ගත්තම අද දක්වා බිහිවුනු සියලුම පරිගණක පරම්පරා 5ක් යටතේ වර්ග කරන්න පුලුවන්. අපි ඒ මොනවද කියලා බලමු.



   01. පළමු පරම්පරාව් - 1st Generation    ( 1950 - 1959 ) :


 
පළමු පරම්පරාවේ පරිගණකයක්

                             පළමු පරම්පරාවට අයත් පරිගණක නිර්මාණය උනේ රික්තක නල ( vacuum tube) තාක්ෂණයෙන්. මෙම පරිගණක වේගය හෙවත් කාර්යක්ෂමතාව අතින් ඉතාමත් අඩු තත්වයක් පැවතුන නමුත් පරිගණකය විසිරී පැවතුන භූමි ප්‍රදේශය කාමරයක් තරම් විශාල උනා. මෙම පරිගණකය නිශ්පාදනය සඳහා වැයවුන වියදම සැහෙන්න තරම් විශාල එකක් උනා.

රික්තක නළ කිහිපයක්
                                      

      
   02. දෙවන පරම්පරාව - 2nd Generation ( 1959 - 1965 ) :


                            දෙවන පරම්පරාවේ පරිගණක බිහිවෙන්නේ ට්‍රාන්සිස්ටරය ( Transistor)  නිර්මාණය වීමත් සමගයි. ට්‍රාන්සිස්ටරය , රික්තක නළයට සාපේක්ෂව ඉතා කුඩා නිසා දෙවන පරම්පරාවේ පරිගණක වල සැලකිය යුතු තරමේ ප්‍රමාණයේ වෙනසක් දකින්න පුලුවන් උනා.  ඒ වගේම මෙම පරිගණක වල කාර්යක්ෂමතාවයේද සැලකිය යුතු වර්ධනයක් දකින්න ලැබෙනවා.


දෙවන පරම්පරාවේ පරිගණකයක්
ට්‍රාන්සිස්ටර සහිත පරිපථ පුවරුවක්
                       


   03.  තෙවන පරම්පරාව - 3rd Generation ( 1965 - 1975 ) :
                                       
                             සංගෘහිත පරිපථය (Integrated Circuit) සොයාගැනීමත් සමග පරිගණකයේ වේගය තව තවත් වැඩි උනා. ඒ වගේම පරිගණකය ප්‍රමාණයෙන් තවත් අඩු උනා. තෙවන පරම්පරාවේ පරිගණක සඳහා පාදක උනේ මේ සංගෘහිත පරිපථයි.

තෙවන පරම්පරාවේ පරිගණකයක්
                     


     04. සිව්වන පරම්පරාව - 4th Generation ( 1975 - වර්තමානය ) :

                                 70 දශකයේ මැද භාගයේදි පරිගණක ක්ෂේත්‍රය උඩු යටිකුරු කල සොයාගැනීමක් උනා..... ඒ තමයි ක්ෂුද්‍ර සකසනය ( Micro Processor) සොයා ගැනීම. මේ සොයාගැනීමත් එක්ක පරිගණකයේ විශාල ප්‍රගතියක් දකින්න ලැබුනා. තිබුනාට වඩා අතිශය වේගවත් පරිගණක සාපේක්ෂව ඉතා අඩු මිලට වෙළඳපොළට ආවා. අද දක්වා පරිගණක සියල්ලේම පාහේ අන්තර්ගත වෙන්නේ මේ ක්ෂුද්‍ර සකසන තාක්ෂණයයි.

                         
                                
Micro Processor




 
සිව්වන පරම්පරාවේ මුල් පරිගණකයක්


  05 . පස්වන පරම්පරාව - 5th Generation ( වර්තමානය - අනාගතය ) :

                               පරිගණකයේ ඊලඟ පරම්පරාව ලෙස සැලකෙන්නේ කෘතිම බුද්ධියයි ( Artificial Intelligent ). අද ලෝකයේ වැඩි වශයෙක් කතාබහට ලක්වන මාතෘකාවක් වන මෙය ක්‍රමයෙක් යථාර්ථයක් බවට පත්වන ලකුණු පෙනෙන්නට තියනවා. මිනිසාට සමාන රොබෝවරුන් නිර්මාණය කිරීම සඳහා දැන් විද්‍යාඥ‍යන් පර්යේශණ කරමින් පවතිනවා. මෙය කොතරම් දුරට සුබදායක් වේදැයි කියන්නටනම් තවමත් කල් වැඩියි. නමුත් අනාගතයේදි පරිගණකය මිනිසා අභිබවා ගියහොත් එදිනට මිනිසාට සිය පැවැත්ම සඳහා විශාල සටනක් කිරීමට සිදුවනු නොඅනුමානයි.


 සැ. යු.  : පරිගණක පරම්පරා වල කාල සීමා දක්වා ඇත්තේ ආසන්න වශයෙන් බව සලකන්න.


                                  එහෙනම් ඔන්න දොස්තර මාමා අදින් න්‍යායාත්මක කරුණු සාකච්ජා කිරීම අවසන් කරනවා. ඊලඟ පාඩම් වාරයේ ඉඳන් අපි පරිගණකයක් ප්‍රායෝගිකව එකලස් කරන ආකාරය සාකච්ජා කරමු. මේ පාඩමෙන් ඔයාලා මොනා හරි දෙයක් ගත්තානම් හෝ මොකක් හරි ප්‍රශ්ණයක් තියනවානම් කොමෙන්ටුවක් දාන්න. ඒ වගේම මේ පාඩම් මාලාව ඉදිරියට ගෙනයාමේදී ඔයාලගේ අදහස් ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මේ පාඩම් මාලාව ගැන ඔබේ අදහස් කියලා කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.

18 ප්‍රතිචාර:

  • Bunny says:
    February 15, 2011 at 12:15 PM

    දොත්තල මාමෙ.. මාමා බිතී උනේ දොත්තල නැන්දාට බබක් ලැබෙන්න ඉන්න නිතාලු නේ ?

  • Bunny says:
    February 15, 2011 at 12:18 PM

    මාමේ මාමේ...1st Generation එකේ මාමලා ටයිකොට් දාන් ඉන්නෙ මොකදැ ?

    තෙවන පරම් පරාවත් 4 වන පරම් පරාවත් අතර ආපු මැසිමක් මං ලග තියෙනවා :D IBM..

  • චේ උන්නැහේ... says:
    February 15, 2011 at 12:19 PM

    ඔව් පුතේ දොත්තල නැන්දාට ලත්තන දොත්තල පුතෙක් ලැබුනා........... :P

  • නිශා says:
    February 15, 2011 at 12:31 PM

    අය්යා පීසීබී හදන හෑටිත් කියල දෙනවා කිවනේ, කෝ ගොඩක් දවස් ඉදන් බලන් හිටියා.

  • චතුවා says:
    February 15, 2011 at 12:45 PM

    හප්පුච්චියේ චේ මාමේ... අපි බලා...ගෙන උන්නේ.. ඊලග පාඩම එනකම්... ඊළඟ එක ලබන අවුරුද්දේ නම් බෑ.. හරිය...

  • kumaraya says:
    February 15, 2011 at 1:13 PM

    ඔව්.. ඔව් .. අඩුම ගානෙ සතියකට එක පාඩමක්වත් දාන්න ඕන.
    නැත්තං ඉගෙනගන්න එවුන්ට අමතක වෙනව.

  • චේ උන්නැහේ... says:
    February 15, 2011 at 1:20 PM

    @ නිශා....
    කියලා දෙනවා කියලා දෙනවා... දිගටම ඉන්නකෝ..

    @ ළමයා...
    දොස්තර මාමට වැඩ වැඩීනේ ළමයෝ.... පුලුවන් හැම වෙලේම ලියන්න තමා ට්‍රයි එක

    @ කුමාරයා...
    ඔව් සහෝදරයා... ඉදිරියට සතියට එක පෝස්ට් එකක්වත් දාන්න බලාපොරොත්තු වෙනවා

  • රත්ගමයා says:
    February 15, 2011 at 3:17 PM

    මාමේ....මෙන්න ලමයා කලිසමේ පිස් කොර ගත්තා

  • චතුවා says:
    February 15, 2011 at 3:30 PM

    අලේ.. තේ මාමේ... මේ රත්ගමයා ඉන්නවා‍නම් මට බැරියෝ... අපිත් නලක් වෙනවා.. ඉකේයියා නෑ.. ඊයා...

  • චේ උන්නැහේ... says:
    February 15, 2011 at 3:51 PM

    ලත්ගමයා පුතේ ........... ළමයා පුතාව ගෙදර එක්කගෙන ගිහින් නැපිය මාරු කරවගෙන එන්න පැතියෝ...........

    ළමයා පුතේ......... ලත්ගමයා පුතා හොඳ එකා.... මුකුත් කියන්න එපා අහිංසක කොලුවට....

  • Anonymous says:
    February 15, 2011 at 4:26 PM

    වටිනා ලිපියක්.. මටත් මතකයි ඉස්කොලේ ගිය දවස් වල දහයේ ක්ලස් එකේ සර් ඔක තමා මුලින්ම කියලා දුන්නේ...
    කිව්වත් වගේ ලමයිනේ ටිකක් පරක්කු උන ගමන් අමතක වෙනවා...සතියකට එක සැරයක්වත් ලිපියක් දාන්න උන්නැහේ...කොම උනත් පැහැදිලිව සරලව ලියලා...අපේ සර් නම් පිටු පහක් විතරම නොට් දුන්නද මන්දා... සුබ පැතුම්... :)

  • Bunny says:
    February 15, 2011 at 9:36 PM

    මං මේ දොත්තල මාමට හැදෙන්න කියන්නෙ..යකෝ.. හැම එකාම ඔය මුල ටික දෙසා බානවා.. ඕන්නම් තව ගූගල් සර්ච් පාරක් දැම්මාම විස්තර හොයා ගන්නත් පුලුවන්..ඉස්කොලේ සරුත් ඔය ටික කියලා අනික්වා කරගනින් කියලා පැත්තකට වෙනවා..එහෙව් එකේ තෝ ඔව්වා තව තව ලියන්ටෝන නැ.. කතාව පැත්තකින් තියලා මැසිමක් එසෙම්බල් කරන්න පටන් ගනින්... :D

  • චේ උන්නැහේ... says:
    February 15, 2011 at 10:51 PM

    බොල ගොං බනියා පුතේ........... මම මේ ටික කිව්වේ පාඩම් මාලාව සම්පූර්ණයෙන් කොරන්න ඕන නිසා.... ඊලඟ එකේ ඉඳන් එසෙම්බලින් පටන්ගන්නවා කිව්වා නේද..... මතක තියාගනින් පුතේ මෙතන ගුරා මමයි....... කියවගෙන ආවොත් අනිනවා ටොක්කක් ඔලුව හිල් වෙන්න හරිද......

  • Bunny says:
    February 15, 2011 at 11:11 PM

    ඉතිං සෑර්..මං ජෝක් කැල්ලක්නෙවැ කලේ..ඵීලග පෝස්ට් එක ලබන ආත්මෙවත් දානවයි ? :P

  • මාරයාගේ හෝරාව says:
    February 16, 2011 at 7:05 AM

    අනේ දොස්තර උන්නැහේ..තමුන්නැහේ කොම්පීතර හදන හැටිත් කියා දෙනවැයි..කඩන හැටිනං මටත් කියා දෙතෑකි...මාත් පාඩමක් දාන්නෙයි..

  • චේ උන්නැහේ... says:
    February 16, 2011 at 2:46 PM

    අන්න වැඩේ මාරයා ලොක්කා........ තමුන්නැහේ කඩන හැටි උගන්නන්න........ මම හදන හැටි උගන්නන්නම්...... අපි දෙන්නා සහයෝගයෙන් බිස්නස් එක කරගෙන යමු........

  • Info@Ruwanpura says:
    September 11, 2011 at 5:51 PM

    එළ එළ මමත් ගත්ත සුදූ ලොකු වැඩකට

  • Info@Ruwanpura says:
    September 11, 2011 at 5:57 PM

    බැලුවා දොත්තල මාමේ මම තොරතුරු ටිකත් ගත්ත ලොකු වැඩකට බොහොම පින් බොහොම ස්තූතියි

Post a Comment