මෙයද මගේ ඉරණම අම්මේ?

Saturday, February 19, 2011


මුල් හිරු කිරණ දුටු දිනයේ
ඊට පෙරයි ඔබගේ රුව දුටුවේ
දස මසක් මව් කුසේ දරා සිටියේ
අම්මගෙ රුවයි මා මුලින්ම දුටුවේ


එදින ඇගේ දෙනෙත් කඳුලින් බරවී තිබුනා
මද සිනහවක් පා මා දෙස බැලුවා
මට මතකයි මා අඬමින් කරදර කෙරුවා
ක්ෂනයෙන් ඇගෙ වත කලුවර වුවා


ඇය මා වැළඳගෙන සිප ගත්තා
මොහොතින් ඇය මා විසි කෙරුවා
මා දෙනෙත් කලුවරින් වටවුවා
මා හට කුණු කූඩය උරුම වුනා


පාරේ මිනිහෙක් මා දුටුවා
ඔහු ගෙන මා ඇති දැඩි කෙරුවා
හොරකම මගෙ ශිල්පය කෙරුවා
මෙයද මගේ ඉරණම අම්මේ?




මගේ මේ පලවෙනි පෝස්ට් එක.වැරැද්දක් තියෙනවනම් කියන්න හොඳේ.හිතේ තියං ඉන්න එපා.මට මේ මාතෘකාව ගැන ලියන්න හිතුනේ පහුගිය දවස් ටිකේම ප්‍රවෟත්තිවල ප්‍රධාන ප්‍රවෟත්තිය වු නිසා.

16 ප්‍රතිචාර:

  • නිශා says:
    February 19, 2011 at 10:34 PM

    ඈග සීතලවෙලා ගියා.දිගටම ලියන්න.සුබ පෑතුම්.

  • Anonymous says:
    February 19, 2011 at 10:35 PM

    ආයේ කියන්නේ නැ මුකුත් අප්පා...මරු...
    ලස්සනට ලියනවානේ ආයෙශ් අයියා..දිගටම ලියන්න .... :)

  • චතුවා says:
    February 19, 2011 at 10:37 PM

    නියමයි බ්‍රදර්.. දිගටම ලියමු..

    වෙල්කම් ටු අක්ෂර.. :)

  • සීතල අයියා says:
    February 19, 2011 at 10:39 PM

    කට්ටියටම බොහොමත්ම ස්තූතියි

  • මාරයාගේ හෝරාව says:
    February 19, 2011 at 10:39 PM

    කියන්න දෙයක් නැහැ තව ටික දවසක් යනකොට උඹ කවි මරයි වගේ..
    හොඳ තැනකින් වැඩ අල්ලලා තියෙන්නේ මල්ලී..

  • Prabhath says:
    February 19, 2011 at 10:41 PM

    අයේෂ්ට හොද ලිවිමේ කෞෂල්‍යක් තියෙනවානේ.... නියමයි කොල්ලො...ඔහොම යං.... :) :)

    මාතෘකාව ගැන- කාලීනයි
    අසම්මතයේ සිදුවුනු වරදට
    වැරදිකරුවා පුදුද අම්මේ
    මා පිය සෙනේහෙ නැති මා දිවියට
    පිලිසරනක් කොයින්ද මේ ලෝකේ....

  • සීතල අයියා says:
    February 19, 2011 at 10:42 PM

    මරනවා,අනේ අම්මේ මම මිනී මරන්නෙ නැතෝ.හික්ස්...මාර අයියා තැක්කූ තැන්කූ

  • සීතල අයියා says:
    February 19, 2011 at 10:46 PM

    අසම්මතයෙන් සිදු වුවත්
    ඇයි මා විසි කලේ අම්මේ
    පිය සෙනෙහස නැති වුනත්
    ඔබ මට ආදරේ නැද්ද අම්මේ?

  • චේ උන්නැහේ... says:
    February 19, 2011 at 11:26 PM

    අයි ඇම් ප්‍රවුඩ් ඔෆ් යු මයි බ්‍රදර්...........
    සීතලයව අක්ෂරයට හඳුන්වා දීම පිළිබඳව මම හදවතින්ම සතුටු වෙනවා......එලකිරි සහෝදරයා....... දිගටම ලියමු ......... ජයවේවා..!!!!!

  • එල මචෝ
    කියෙව්වම සිතුවිල්ලට දුක හිතුන..
    සිතුවිල්ලත් සුබපතනව ඔන්න.. :)

  • jhothishalanka says:
    February 19, 2011 at 11:59 PM

    මට කවි ලියන්න බැරි උනාට කවි රසය තේරෙනවා.හොදයි

  • රත්ගමයා says:
    February 20, 2011 at 8:30 AM

    මෙන්න බොලේ සීතලයා ලියනවෝ...මේක ලියලා තියෙන්නේ හිම වැටෙන වෙලාවක..එතකොට තමා සීතල මෑන්ගේ පව‍ර්ස් එන්නේ...හික්

  • Kavindya says:
    February 20, 2011 at 9:07 AM

    පළමු ලියවිල්ල මෙතරම් අගනේනම් කුමට කතාද ඉදිරි ලියවිලි ගින... සුභ පැතුම් සීනල සහොදරයා.... ඔහොම යමු එහෙනම්...

  • සීතල අයියා says:
    February 20, 2011 at 10:14 AM

    @ JHOTHISHALANKA- වෙන නමක් නැද්ද බං උඹට දාගන්න?හෙන ගේමක් දෙන්න උනා නම ලියන්න.බැරිම තැන copy කලා.ඉතිං බං මාත් දන්නෙ නෑනෙ.
    @ රතයා-හිම වැටුනට වැඩක් නෑ බං.තාම සුද්දෙක් set කරගන්න බැරි උනානෙ බං
    @ S.H.(සුදු හංසී)-මම යන්න නෙමෙයිනෙ ආවෙ.ඉන්නනෙ.මෙන්න මෙයා මට යන්නලු :'( .මම පොඩි විහිලුවක් හොඳේ කලේ.තව ඉස්සරහට ලියමු

    @ චේ-චේ ටත් තැන්කු.මාව මේකට set කොලාට.උඹට පිං දුන්නට වැඩක් නෑනෙ.කොච්චර පිං දුන්නත් උඹ යන්නෙ අපායටමනෙ.ආ එහෙම කියන්නත් බෑ නේ.N.S. ගෙ post එක අනුව අපායට යන්න බෑ නේ?
    @සිතුවිල්ල-තැන්කූ වේවා


    කොහොමෙන්හරි කට්ටියට බොහොමත්ම තැන්කූ.

  • Bunny says:
    February 20, 2011 at 7:29 PM

    අප්පච්චියේ..ඇඩෙන්න දුක ටොපික් එකක් තමා උබ මුලින්ම අල්ලන් තියෙන්නෙ.. :-/

    (මේකේ මුල් කොටස දාලා නේද උබ FB එකේ සාටර් උනේ :P)

  • pavithra weerapperuma says:
    February 20, 2011 at 11:14 PM

    රැයේ මැදියම ගෙවෙන මොහොතෙහි
    දනන් කෙළිලොල් හඩ නිමාවිය
    මවක ඉකි බිඳ වැලපෙනා හඬ
    පාලු වීදිය වසා මතුවිය.... ඔහොමයි සාහිත්‍ය පොතෙ තිබුනෙ අම්ම ගැන්.. ඒත් මෙ හෙම එව ඇයි සාහිත්‍ය පොතට දන්නෙ නැත්තෙ..???

Post a Comment