Showing posts with label සීතල අයියා. Show all posts
Showing posts with label සීතල අයියා. Show all posts
Home » Posts filed under සීතල අයියා
Sunday, January 29, 2012
Wednesday, January 11, 2012
Saturday, December 31, 2011
Friday, December 30, 2011
How can I
But how can I stop it like that.
You telling me 'forget'
But how can I forget like that
You telling me 'it's over'
But I was just getting started.
You telling me 'it won't work'
But I already planed my life with you.
You telling me 'leave me'
But how can I live without my heart.
You telling me 'just a friend'
But you were my missing piece of my soul.
Manoj Fernando
Monday, December 26, 2011
I can't explain
What is this feeling? Is it something bad?What am I thinking? Is it only for me?
I don't know hw it started,
I don't know hw it will end,
But I know i like it,
And I know where it is.
Am I going crazy? Or it's just a dream?
Do I need to do something? Or wait in silence?
Every day it keep growing and growing,
Now I can't stop my feeling for it,
But I know, it keeps me happy,
But sometimes it let me down.
I love to keep this feeling,
I love to keep thinking,
It is located in my heart,
And I'm not going nuts.
I don't want to wake up from this dream,
And I don't want to end with tears,
It is something inside my soul,
And I can't explain what is it.
P.S- This was written by a good friend of mine, Manoj Frnando. He has requested me to publsh this on our Blog. so here it is. Shall we give him a credit by post our comment....
Sunday, December 25, 2011
X-mas cake
සීතලේගෙන් ඔන්න තවත් කෑමක්. අද හදන්න යන්නෙ X-mas cake එකක්. පරක්කුදත් මංදා. කමක් නෑ. ඊලඟ නත්තලටවත් හදන්නකො ;) මේක හදලා තියෙන්නෙ කෑලි 40 කට. රු.1600 ක් වගේ යයි.
හදපු එකෙන් මට ලැබුන පංගුව. :(
අවශ්‍ය ද්‍රව්‍ය :-
චව් චව්- 225g
ස්ට්‍රෝබෙරි ජෑම්- 100g
ජින්ජර් ප්‍රිසව්- 125g
චව් චව්- 225g
ස්ට්‍රෝබෙරි ජෑම්- 100g
ජින්ජර් ප්‍රිසව්- 125g
කජු- 75g
පලම්ස්- 225g
රේසින්ස්- 100g
ඇස්ට්‍රා මාගරින්- 12g
සීනි- 100g
රුලං- 100g
පුහුල් දෝසි- 250g
චෙරි- 125g
කැන්ඩ්ල් පීල්ස්- 125g
බිත්තර- සුදු මද- 2, කහමද- 6
ආමන්ඩ් එසන්ස්- තේ හැදි 1
රෝස් එසන්ස්- තේ හැදි 2
වැනිලා එසන්ස්- තේ හැදි 2
කරදමුංගු- 3.3g
කරාබුනැටි- 3.3
පලම්ස්- 225g
රේසින්ස්- 100g
ඇස්ට්‍රා මාගරින්- 12g
සීනි- 100g
රුලං- 100g
පුහුල් දෝසි- 250g
චෙරි- 125g
කැන්ඩ්ල් පීල්ස්- 125g
බිත්තර- සුදු මද- 2, කහමද- 6
ආමන්ඩ් එසන්ස්- තේ හැදි 1
රෝස් එසන්ස්- තේ හැදි 2
වැනිලා එසන්ස්- තේ හැදි 2
කරදමුංගු- 3.3g
කරාබුනැටි- 3.3
කුරුඳු- 3.3g
බ්‍රැන්ඩි- අවු. 0.5
බ්‍රැන්ඩි- අවු. 0.5
සියලුම පලතුරු ටික ටිකක් ලොකු ප්‍රමානවලින් කපා ගන්න.
කජු, රුලං ඇර අනිත් සියලු ද්‍රව්‍ය කවලං කර එයට සියලුම එසන්ස්වලින් බාග දමන්න. පැය 24ක් විතර හොඳට වහලා තියන්න.

කජු, රුලං ඇර අනිත් සියලු ද්‍රව්‍ය කවලං කර එයට සියලුම එසන්ස්වලින් බාග දමන්න. පැය 24ක් විතර හොඳට වහලා තියන්න.
කපා අනාගත් පලතුරු
ඇස්ට්‍රා මේස හැදි 1ක් දමා දිය වුනාම මඳ ගින්නෙ රන්වන් පාට වන තෙක් රුලං කබල් ගා ගන්න.
කහමඳ ටිකයි ඇස්ට්‍රයි, සීනියි දමා සීනි දිය වෙනකං බීට් කර ගන්න. ඊට පස්සෙ ඉතිරි එසන්ස් ටිකයි අනාගත් පලතුරුයි,කජුයි, රුලනුයි, බ්‍රැන්ඩි දමා කවලං කර ගන්න. අන්තිමට හොඳින් ගසා ගත් සුදු මද කලවංකර බේක්කර ගන්න.
ප.ලි- බේක්කරන වෙලාවයි උෂ්නත්වයයි නම් නොදනී. මොකද කියනවනම් මේ වගේ කේක් එකක් හදනකොට ගොඩක් හදන නිසා අපි බේකරියට දෙන්නෙ. අනික අම්මගෙ මුල්ම කුකරි පොත නැති වෙලා. ඕගොල්ලොත් බේකරියට දෙන්න. ඇත්තම කියනවනම් ඒක ලාබයි.

ප.ප.ලි- මේ හැම දෙයක්ම කරන්න ඕන වතුර පොඩ්ඩක්වත් ගාව ගන්නෙ නැතුව හොඳේ. මොනාහරි අවුලක් වුනොත් හාවගෙ මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක හදන් බොන්නකො. ;)
Wednesday, December 14, 2011
මතක සටහන්

හිමිදිරි උදයේ
දෙනෙත් ආලෝකයෙන්
පිබිදෙන්නට මත්තෙන්
ඔබේ රුව සිතෙන් ඇඳ
ඔබට ආදරෙයි කියා නැගිටින මා...
තරු කැට දිලෙන
රෑ යාමේ
යහනේ සැතපී
නිදි කුමරී
මා වැලඳ ගන්නට මත්තෙන්
සිතේ තැන්පත්ව ඇති
ඔබේ රුව මතක්කර
සුබ රාත්‍රියක් කියන මා..
කෙසේ නම්
අමතක කරම්ද නුඹව..
ප.ලි- පිලිතුරු අදහස් ලියන්න බැරි වුනොත් සමා වෙන්න ඕන හොඳේ.
Friday, December 9, 2011
ආදරය = ලිංගිකත්වයද????? :O
කට්ටිය මට ගල් ගහයිද දන්නෙ නෑ මේ මාතෘකව දැකලා.
මම මේ කියන්න යන්නෙ යාලුවො සෙට් එකක් කතාඋන මාතෘකාවක් ගැන.කට්ටිය කියන විදියට කෙල්ලෙක් එක්ක විවහ වීමේ ප්‍රධානතම අරමුණ සංවාසයේ යෙදීමලු.එතකොට එකිනෙකාගෙ අවශ්‍යතා සලකා බලමින් එකිනෙකාට උදව් කරමින් ජීවිතයේ ඉදිරි කාලය තනිකඩව නොසිට සතුටින් ජීවත් වීම නෙමෙයිද? :-\ ලිංගිකත්වය කියන්නෙ පවුල් ජීවිතයට අවශ්‍ය එහෙත් ප්‍රධානම අරමුණ නෙමෙයි නේද??????අවශ්‍යතාවලින් එකක් පමණයි නේද?
තව දෙයක්, පොඩි හේතුවකටත් රංඩු වෙලා වෙන් වෙන අයටත් මේක හොඳ ආදර්ශයක් වේවි.
මම ඔය ගැන කල්පනා කරකර ඉන්නකොට මට හම්බ උනා video එක්ක මේ මාතෘකවට ගැලපෙන විදියෙ.මෙයා American IDOL එකේ singer කෙනෙක්.මෙයා ඒකෙ තරග කරන අතරතුරේදි මෙයාගෙ බිරිද අසනීප වෙලා කිසිම දෙයක් කර ගන්න බැරි විදියට අත පය පණ නැති වෙලා.පස්සෙ American IDOL එකේ නිෂ්පාදක මෙයාට සල්ලි දීලා සිංදුවක් කරන්න. (මා හට ලැබුන ආරංචිවල හැටියට)
බලන්නකො මේ වීඩියෝ එක කොච්චර හිතට වැදුනද කියලා.
බොරු කියන්න ඕන නෑනෙ.මම බැලුවෙ 4 පාරයි.4වෙනි පාරත් බැලුවෙ අඩන්නැතුව ඉන්න පුලුවං වෙයි කියලා.කොහෙද බැරි උනානෙ එහෙම ඉන්න. :'(
මේ video එක ඇත්තටම ගත්ත එකක්.
හොදට තේරුම් අරගෙන වීඩියෝ එක හොදින් බලන්නකො. :)
මේ සිංදුව බලනකොට වැටහෙන්නෙ ආදරයට සමාන කීරීමක් කරන්න ඕන නම් වම් පැත්තෙ ගොඩක් දේවල්වල එකතුවක් තියෙන්න ඕනයි කියලා.
මෙන්න මේකෙ වචන
What Are Words
Anywhere you are, I am near
Anywhere you go, I'll be there
Anytime you whisper my name, you'll see
How every single promise I keep
Cuz what kind of guy would I be
If I was to leave when you need me most
What are words
If you really don't mean them
When you say them
What are words
If they're only for good times
Then their done
When it's love
Yeah, you say them out loud, those words
They never go away
They live on, even when we're gone
And I know an angel was sent
Just for me and now know I'm meant
To be where I am and I'm gonna be
Standing right beside her tonight And I'm gonna be by your side
I would never leave when she needs me most

And I'm gonna be here forever more
Every single promise I keep
Cuz what kind of guy would I be
If I was to leave when you need me most
I'm forever keeping my angel close
ප.ලි- මේක මම ලියලා ගොඩක් කල්. පබ්ලිෂ් කරන්න බැරි වුනා. දැන් මේ ඩබල ඩිවෝස් වෙලානම් ඔන්න අපි දන්නෙ නෑ හොඳේ. වගකීම් ගනු නොලැබේ. ;)

Wednesday, December 7, 2011
Sunday, December 4, 2011
සුනාමි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනෙට
අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ නෑ. පස්සෙනෙ මට මතක් වුනේ මම සුනාමි වෝනිං එවන සයිට් එකක රෙජිස්ටර් වෙලා තියෙනවයි කියලා. එහෙම අනතුරක්නම් ඒකෙන් එවනවනෙ මැසේජ් එකක්. :D ( හැබැයි ඉතිං ඒක ඇත්තටම එහෙම හරියටම වෝනිං එක එවයිද කියන්න සහතික කරන්න බෑ. ඒත් ඒ සයිට් එක ගැන මම විස්තරේ නම් සොයා ගත්තෙ පත්තරේකින්)
ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ සයිට් එකට යන්න. (එක පාරක් රෙජිස්ටර් වෙලානම් ආයෙ කරන්න ඕන නෑ) මේකෙ membership එකේ තියෙන become a member කියන එකේ register වුනාම සුනාමි තත්වයක් ආවොත් අපේ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා. register වෙන කොට ඒකෙ අපේ ස්ටේට් එක මොකක්ද කියලා අහනවා. ඒකට Sri Lanka කියලා දාන්න. Country වලටත් Sri Lanka කියලා දාන්න. ඊට පස්සෙ අපි හරියට විස්තර ඇතුලත් කලානම් අපේ ෆෝන් එකටයි ඊ මේල් එකටයි මැසේජ් එකක් එනවා අපි රෙජිස්ටර් වුනයි කියලා.( මටනම් හෙන වෙලාවක් ගියා මැසේජ් එක එන්න. හැබැයි තාත්තව රෙජිස්ටර් කරනකොටනම් ඒ වෙලාවෙම ආවා.)

Thursday, December 1, 2011
Tuesday, November 29, 2011
අකරතැබ්බය

අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකොටත් හිනා යනවා. මෙන්න මේකයි කතාව.
අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම. පලවෙනියට කියලා කියන්නත් පුලුවං. හැමදාම පලවෙනියා වෙන ඉස්කෝලෙ හොර කරන්නෙ නැත්තං අපි තමයි හැමදාම පලවෙනියා වෙන්නෙ. මොනා කරන්නද ඉතිං. අපේම සහෝදර පාසලක් නිසා කට පියං ඉන්නවා. සමස්ත ලංකා 2008 අපි තමා දෙවෙනියා. ඒකත් හොර කරලා පලවෙනියා ගත්තෙ. හොටු පෙරාගෙන කිව්වයි කියලා වුන්ට ලකුණු තුනක් වැඩියෙන් දුන්නා. >:(
ඔන්න ඉතිං අපිට වැල්ලවත්තෙ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ අපේ සහෝදරී පාසලක් ආරාධනා කරනවා BMICH එකේ සංගීත ප්‍රසංගයක් තියන්න. ඒ ගැන කෝල් කරලා අපේ ගීතිකා කන්ඩායම බාර ෆාදර්ට කියපු ගමං අපෙන් ඇවිල්ලා ඇහුවා යන්ද කියලා. ආයෙ ඉතිං මොන කතාද.. කන්න දෙනවනම්, අපිට බොන්න දෙනවනම්, කෙල්ලො ඉන්නවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ කිව්වලු. ෆාදරුත් මාර කතා අහන්නෙ. ඕක අපෙන් අහන්නත් දෙයක්යැ. මොකද කියනවනම් ෆාද අපි ගැන නොදන්නවයැ. අපිත් ඉතිං කට ඇරලා හා ෆාදර් යං යං කිව්වා. දැං ඉතිං අම්මා... බලන්න එපෑයැ කට්ටියයගෙ තියෙන උද්යෝගෙ. සමහර එවුන් උදේට ඉස්කෝලෙ එන්නෙ නැතුව හවස 2.30 ට සිංදු පුහුණු වෙන්න එනවා. ( ඔන්න මමනම් නෙමේ හොඳේ. මම බදාදාට විතරයි ඉස්කෝලෙ කට් කරන්නෙ. එදාට පීරියඩ් 4ක්ම ප්‍රැක්ටිකල්නෙ. වෙන දවසක ගිහිං එදා කරපුවා නිවී හැනහිල්ලෙ කරනවා. ඉතිං එදාට පුහුණුවීම් තිබුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. හවස යන්නම වෙනවා. මොකද ඉතිං ඒ කාලෙ බේස් පාට් එක බාර වෙලා තිබුනෙ මටයි තව යාලුවෙක්ටයි.) අපි කරන්න හිතං හිටියෙ The Wonders ලගෙ That thing you do (මම කැමතිම සිංදුවක්. මමයි යෝජනා කලේ.) කියන සිංදුවයි Neil Diamond ගෙ Red Red Wine (UB 40 Version) කියන සිංදුවයි.
අපි ඉතිං පාට් පුහුනු වෙන වෙලාවෙ කොල්ලෙක් ෆාදට යෝජනා කොලේ නැද්ද පොඩි නැටුමකුත් දැම්මොතින් කොහොමද කියලා. ෆාදත් හනේ ගුඩ් අයිඩියා කිව්වෙ නැතෑ. අපිට මල කියන්නෙ මල අරගෙන උගෙ මූනෙ උලන්න හිතුනා ඒ වෙලේ. මොනා කරන්නද අරූ කියලා දෙන පියවරවල් අපි බලාගෙන කරනවා. අම්මෝ හෙන ගේමක් දෙන්න වුනා නටන ගමං සිංදුව කියන්න ඉගෙන ගන්න. එක්කො නටන වෙලාවට සිංදුව කියන්න අමතක වෙනවා, නැත්තං සිංදුව කියන වෙලාවට නටන්න අමතක වෙනවා. හරි ඉතිං කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතිං දිනෙත් ලං වුනා. අපි ඉතිං ලස්සනට ඇඳලා VIP ලා වගේ අපේ ස්කූල් බස් එකේ ඇවිත් BMICH එකෙන් බැහැලා, පොඩි එවුන්වත් ආන්බාන් කරගෙන අපි එනකොට මඟ අපි දිහාවට එනවා අපිට ආරාධනය කරපු ඉස්කෝලෙ චීස් කෑල්ලක්. අනෙ අම්මේ්්්්්....ඇඟ සලිත වෙනවා. කෙල්ලත් ඉතිං මාත් එක්ක හිනා වීගෙනම මගේ ඉස්සරහටම එනවා. මමත් ඉතිං පොඩි හිනාවක් දාගෙන ඉස්සරහට ආවා. ලඟට එනකොටම මම හෙලෝ කියන්න අතට අත දෙන්න හදනකොටම මෙන්න මේකි මාවත් පහු කරං මගෙ පිටිපස්සෙ හිටපු ෆාද ගාවට ගියෙ නැතෑ. හෆොයි නෝංඩි ගොඩයි. ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕන මම පොඩි එවුන්ගෙන් නෝංඩි වුනේ නෑයි කියලා. ( මගේ යාලුවනම් කිව්වෙ, මම යාලුවන්ට කරන ඉතාමත් යහපත් වැඩවලට ලැබුන ආනිසංස තමයි මේ කියලා.) ඒ ස්වීට් කෙනා අපිට අපේ කාබරේ පෙන්නලා රිහසල් කරන්න තියෙන වෙලාවත් කියලා නොපෙනී ගියා. :'( අපි ඉතිං පොඩ්ඩක් ඉඳලා රිහසල් තියෙන වෙලාවට ස්ටේජ් එකට ගිහිල්ලා සිංදු දෙකත් කියලා ආයෙ අපේ කාබරේට ඇවිත් ඇඳුම් මාරු කරගෙන ෂෝ එක පටන් ගන්නකං හිටියා. ඒත් මටයි තව සෙට් එකකටයි එක දෙයක් ගැන හෙන අප්සට්. මොකද කියනවනම් කට්ටියට නටන්න බැරි සීන් එකක් උද්ගත වෙලා තිබුනා. කොහොමෙන් හරි කට්ටිය තිරනය කලා හෙමින් කකුල් වලින් දාන්න ඕන කරන පියවරයන් හෙමින් දදා නටන්න (ඇල්ටො පාට් එකේ එවුන්ට කිව්වෙ නෑ. මොකද කියනවනම් අර පණ්ඩිතයා හිටියෙ ඒ පාට් එකේ.) කරන්න දෙයක් නෑ. ඌට වැඩක් දෙන්න ඕනනම් පාට් එකටම දෙන්න වෙනවා. සොරි තමා. බට් වට්ටු ඩූ කිව්වලු. කියන්න එපා කියලා අයිඩියාව ගෙනාවෙ මගෙ එහා පැත්තෙ ඉන්න යාලුවා. ඌට හොඳටම මලක් තිබ්බෙ ඒකත් එක්ක. හිකිස්... මම පව් කියලා කිව්වට කොහෙ...මූ කනකට ගන්නෙ නෑ. දැන් ඉතිං කට්ටිය පෝලිං ගැහිලා ස්ටේජ් එකේ ලීවලින් හදලා තියෙන පඩි පෙළවල්වලට නැගලා ඔන්න ඉතිං ලස්සනට සිංදුව කියන්න පටන් ගත්තයි කියමුකො. දැං ඉතිං කට්ටිය සිංදුව කියන ගමං නටනවා. That thing you do සිංදුවේ තියෙනවා හරහට කකුල් දෙක දෙපාරක් තියලා ඒ කකුල ඒ පැත්තට උස්සන සීන් එකක්. අර හරියට සූර පප්පා කථාවෙ කට්ටිය නටන්නෙ. අන්න ඒ වගේ සීන් එකක්. ( කක්කුට්ටො ඇවිදිනවා වගේ හරහට) එක පාට්ටම දඩ බඩාං කියලා සද්දයක් ආවෙ නැතෑ ඇල්ටො පාට් එක ඉන්න පැත්තෙං. ඒ එක්කම වගේ බලන්න ආපු කට්ටියගෙ පැත්තෙං හූ කියනවා වගේ සද්දයක් ආවා. මම පොඩ්ඩක් ඉස්සරහට නැවිලා බැලුවා හැබෑටම මොනාද වුනේ කියලා. අප්පට හුඬු ඇල්ටො පාට් එකේ වුන් සේරම ඒ පඩියත් එක්කම බිමටම පත බෑවිලා. ඇත්තම කියනවනම් ඒකට පඩියක් කියලා කියන්න බෑ. රීප්ප පටිවලිං ඒ මැස්ස හදලා තිබ්බෙ. අරුං ඉතිං හොඳට කකුලට වෙර අරං කකුල පද්දලා. ඉතිං වැටෙන එක අහන්නත් දෙයක්යැ. අපිනම් රිහසල් කරනකොටම දැනගත්ත නිසා අපි බේරුනා. බලන්න ආපු එවුන්ටනම් පට්ට ආතල්. කට්ටිය ලොකු හූ සඡ්ජායනයක නිරත වුනා. හැබැයි ඉතිං අපේ කොල්ලො ටික තප්පර ගානට නැගිටලා ඊට යටිං තිබුන පඩියට නැගලා සිංදුව නවත්තන්නෙ නැතුව කිව්වා. පස්සෙ ආවෙ නැතෑ ලොකු චියර් පාරක්..

සිංදු ටික ඉවර වෙලා කට්ටිය බහිනකොටයි දැක්කෙ ලමයි දෙන්නෙක්ට තුවාල වෙලා හෝ ගාලා ලේ ගලනවා. මේ බූරුවො රිදිල්ල කාගෙනම සිංදුව කියලා. මම ඉක්මනට එතන ඉන්න කෙනෙක්ට කියලා අයිස් බෑග් දෙකක් ගෙනෙල්ලා දිලා වාහනේකින් රෝහලකට යැව්වා. මගේ ඇදුමෙ ලේ එකයි.එකෙක්ගෙ අතක්. අනිත් එකාගෙ ඇහි බැම. අත තුවාල වුන එකාට මැහුම් 2ක් ගහලා. පස්සෙ ඉතිං මේ හැම දේටම හේතු කාරයා වුන පුද්ගලයට, කණ්ඩායමෙන් සමාව ගන්නත් වුනා. එදායින් පස්සෙ ඇස් රතු වෙන විහිලු එයා කාටවත් කරන්නෙ නෑයි කියලා පොරොන්දු වුනා ෆාදට.
ඉතිං යාලුවනේ මම මේකෙන් කියන්න උත්සහ කලේ කෙනෙක්ට විහිලුවක් කරනවනම් ඒ ගැන දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න. ඒක ඒ පුද්ගලයාට කොහොම බලපාවිද කියලා...
මේ සිද්ධිය ඇත්තටම මගේ යාලුවගෙ ජීවිතේ වෙනම මාවතකට යොමු කලා කියලා කිව්වොත් 100% නිවැරදියි . දැං එයා යහපත් ළමයෙක්ලු..
Friday, November 25, 2011
කෝඩුකාරියේ, මේ ඔබටයි

සිරිපා කරුණා කරනට
කෝඩු කාරියක් අත එල්ලී
උඩටම පිය නැඟුනු
ඉඳිකටුවක් වූ මා
සිරිපා නමස්කාර කරනට
නොහැකිවන ලෙස
මඟ තිබූ කලු ගලකට
පටලා ගිය සැටි
මතක් වන විට
ම'සිත කෙසේ නම් උහුලම්ද
මගෙ ආදරියේ..
එනමුත් මා,
තවමත් එතැනම හිඳ
නූල් පට නමැති පවුරුවෙන් මිදී
ලබන කරුණා සමයේ හෝ
එකට යන්නට
බලාපොරොත්තු පොදි බැද
දෑස් විහිදා
බලා සිටිමි.
කෝඩුකාරියේ,
මේ ඔබටයි ආරාධනය..
Thursday, October 27, 2011
Tuesday, October 18, 2011
තාත්තගෙ පුතා අයේෂ්!!!!!!
හලෝ ලමයි. මම අද කියන්න යන්නෙ මට අකරතැබ්බයක් වෙන්න ගිහිං ඔන්න මෙන්න තියෙද්දි බේරුන සීන් කෝන් එකක්. මේක මට අද මතක් වුනේ අදත් ඒ වගේ දවසක් නිසා.
චූටි කතාවක් ;) .මතක් වෙනකොට තාමත් හිනා යනවා. ඕගොල්ලන්ට හිනා යයිද දන්නෙ නෑ. ඒකෙ වීඩියෝ එක තිබුනනම් බඩ අල්ලං හිනා වෙතෑකි. මෙන්න මේකයි කතාව.මේක වුනේ ජූලි 24 පාන්දර 12ට.සාමාන්‍යනෙන් අපේ ගෙදර කාගෙ හරි උපන් දිනයක් තියෙනවනම් පාන්දර 12ට තමයි විෂ් කරන්නෙ. ඔන්න එදා මගෙ අම්මාගෙ හැපි උපන් දිනේ. මම ඉතිං වෙනදා විදියට ඇදෙන් නැගිටලා අම්මලාගෙ කාබරේට ගිහිං අම්මාව නැගිට්ටවන්න කියලා අතින් පොඩ්ඩක් හෙල්ලුවා.මෙන්න අම්මා එකපාරටම කෑගහන්න පටන් ගත්තා නොවැ ඒයි හොරෙක් හොරෙක් කියලා.කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. තාත්තා එක පාරටම කලුවරේම ඇද යට තියෙන දඩාර් පොල්ල ගත්තා නොවැ ගහන්න. මම ඒ වෙලාවෙ හොල්මං වුනා. මම ඒ වෙලාවෙ කියපුවටයි කියපු විදියටයි තමා හිනා යන්නෙ.මෙන්න මේකයි මම කිව්වෙ,
මම හොරෙක් නෙමෙයි, හොරෙක් නෙමෙයි
මේ මම,
තාත්තගෙ පුතා අ.....යේෂ්, අයේ.....ෂ්
ගහන්න එ...පා, ගහන්න එ....පා
මම මේ අම්...මට බර්ත් ඩේ කතා කරන්න ආ....වා..
මම හොරෙක් නෙමෙයි
මගෙ අම්මේ මම ඔහොම හරි කිව්වයිං බේරුනා. නැත්තං මට බර්ත් ඩේ නෙමෙයි කනා කරන්න වෙන්නෙ. පේදුරුත් එක්ක ඇග්රිමන්ට් එකක් ගහ ගන්න වෙන්නෙ ස්වර්ගෙ ඇතුලට යන්න..
එදායින් පස්සෙ හැම පාරම බර්ත් ඩේ කතා කරන්න යනකොට දොර ගාවට ගිහිං තාත්තෙ මම අම්මට බර්ත් ඩේ කතා කරන්න ආවයි කියලා තමයි යන්නෙ. එහෙම එනකොට අම්මා කියන්නෙ ආ තාත්තගෙ පුතා අයේෂ් ආවද මට බර්ත් ඩේ කතා කරන්න. ඕ සාරීීීීීීී............
Sunday, October 9, 2011
වලියක් වලියක් ...
මේක වුනේ මම 9 වසරෙ ඉස්කෝලෙ මාරු කරපු කාලෙ. දන්නවනෙ ඉතිං අලුතෙන් ඉස්කෝලෙකට ආවම දෙන රැග් එක. ඇඟේ හයියෙන් වැද්දීගෙන යනවා, චෝක් කෑලිවලිං ගහනවා, වතුර හලනවා, තව තව ඒවා කලා.. (මතක මෙච්චරයි) :D
ඔය රැග් දෙන සෙට් එකේ හිටියා මහම මහ එපාම එපා කරපු එකෙක්. උගෙන් තමා මාරම වදේ වුනේ.විනාඩියක් මට සැනසීමේ ඉන්න දුන්නෙ නෑ. _වලමා. (පස්සෙ මිනිහා මගේ යාලුවෙක් වුනා. යාලුවෙක් වුන විදිය පස්සෙ කියන්නම්. ඒකත් නියම සීන් එකක්. හික්ස්.. ) මට ඒ කාලේ මාර මළක් තිබ්බෙ ඌත් එක්ක. ඒත් ඉවසගෙන හිටියා අලුත් නිසා. ආපු ගමං වලිවලට සෙට් වෙන්න බෑනෙ.
ඔන්න ඉතිං දවසක් මම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා පාර දිගේ එන කොට මෙන්න මූ එනවා ඉස්සරහට... :/ මමත් ඉතිං දැක්කෙ නෑ වගේ යන්න හැදුවා.. කොහෙ.. මේකා ඇඟටම කපනවා. මූ එක පාරටම ඇඟේ හැප්පිලා තාත්තා මතක් කරලා කුනුහර්පයක් කියපි. ඉවසනවයි කියලා මෙහෙමක් ඉවසන්න පුලුවනෑ. මම උගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන තමුසෙ මොනාද කියන්නෙ කියලා ඇහුවා. මෙන්න මූ ආයෙ කියපි අර වචනෙ. වට පිට බලලා කවුරුත් නැති එකේ දුන්නා අතමිට මොලෝලා උගේ බඩට. මූට වැදුන අමාරුවටම බඩ පිටිපස්සට නමාගෙන පිටි පස්සට පැන්නා. ටිකක් වෙලා ඉදලා මූ මෙන්න එනවා මට ගහන්න. මමත් බය වුනේ නෑ. දැන් වලිය නැගලම යනවා. ඔහොම ගහ ගන්නකොට මූ කකුල ඉස්සුවා මගේ බඩට ගහන්න. හ. ඒවා හඳේ තමා. මේ සීතල අයියා අහිංසකයි වගේ හිටියට වලි කාපර්..කරාටි පංති ගිහිං තියෙනවා එක දවසක්.( අනිත් දවසෙ නොගිය එක වෙනම කතාවක්). කකුල උස්සලා ගහන කොටම හිරකර ගත්තා කකුල වම් අතින්. මුලු ඇඟේම තිබුන උපතින්ම ගෙනාපු පුරුස සත්තිය අරගෙන වම් කකුලෙන් ගැහුවා කකුල් දෙක එකතු වෙන තැනට අනාගතේ අඳුරුම වෙයං කියලා.තාත්තට හුඩු කිව්වලු. මගේ කකුලට හෙනයක් ගැහුවා වගේ තේරුණා නොවැ. @) @) @)
මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ මම මෙච්චර වෙලා ගහගෙන තියෙන්නෙ හීනෙන් නොවැ. අර ගහපු පාර වැදිලා තියෙන්නෙ බිත්තියට.කකුලෙ මහපටැගිල්ල ගැන කියන්න ඕන නෑයි කියලා හිතනවා.නියපොත්ත අමුතු පාටක් ගහලා ඇගිල්ලෙන් මොනාද රතු පාටට වැක්කිරුනා.වැඩිය දෙයක් වුනේ නෑ. ;) එදාට පස්සෙ දවසෙම අම්මා දිග..... කොට්ටයක් ගෙනෙල්ලා දුන්නා බිත්තිය පැත්තෙන් තියා ගෙන ඕන මංගල්ය්‍යක් කරගනිං කියලා. ඔන්න ඔහොමයි මම හීනෙන් ගහ ගත්තෙ. :D
ප.ලි- පස්සෙ මම ඌට අඬන්න ගැහුවා... පස්සෙ මට පව් කියලත් හිතුනා. මොකද කියනවනම් වයිස් රෙට්ටයම කිව්වනෙ මුලු පංතියටම මට දඬුවම් දෙන්න බෑ. ඒක නිසා කව්රු හරි එකෙක් ගැහුවොත් ගහපං කියලා. ඉතිං දුන්නා :)
Saturday, August 27, 2011
Thursday, July 28, 2011
දුම්රිය දෙවියෝ කෝප වූ වගයි..
මම අද කියන්න යන්නේ උණු උණුවේ උන වැඩක් . ඒ කියන්නේ අද උන වැඩක්මෞන වැඩේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අප්පා..... :D :D :D
කස්ටිය දන්නවනේ චේ උන්නැහේගේ(ඒ කිව්වේ මගේ) වෙන්ඩ බිරින්දැ මිසිස් චේව, ඔය මිසිස් චේ මීට අවුරුදු 3කට කලින් අද වගේ දවසක කව්දෝ මන්දා ගල් ආදෙක් එක්ක ප්‍රේම පුරාණයකට මුලපුරලා තියනවා. ඉතින් ඒ තෙඅවුරුදු පූර්ණය සමරන්න චේ උන්නැහේයි, මිසිස් චේයි, මිසිස් චේගේ අතිජාත මිතුරිය ලකී නංගියි , චේ උන්නැහේගේ අතිජාත පාප මිත්‍රයා සීතල අයියයි අද පොඩි රවුමක් දාන්න කතා කොරගත්තා
උදේ පාන්දරම ලකලැහැස්තිවෙලා කස්ටියම උදේ 11 වෙනකොට සීතලයාගේ මහගෙදරට එහෙමත් නැත්නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගියා කියමුකෝ. හරිම විනෝදෙන් කාලේ ගත කලා. පොඩි කේක්ගෙඩියක් කපලා පුංචියට චාමෙට ඇනිවසරිය සෙලිබ්‍රේට් කොලා.. සීතල අයියාගේ නැදැ බැබුන් කෙනෙක්ගෙන් සීතල අයියාට වුනු අකරතැබ්බය ඇරෙන්න මුලු දවල් වරුවම බොහෝම සතුටින් සමාදානයෙන් ගෙවිලා ගියා.
හවස් වෙනකොට සත්තුන්ගේ කෙලි එපා උනා. බඩත්ගිනියි වගේ. ඉතින් ට්‍රීට් කියලා එකක් දෙන්නත් එපැයි, (ඔය ට්‍රීට් කියන එක හොයාගත්ත එකාටනම් හොදක් සිද්ධවෙන්න එපා.) . ඉතින් කට්ටියත් එක්කම රැජිනගේ කඩේ හෙවත් queens cafe අවන්හලට ගොඩ වැදුනා. හෆොයි දෙවියනේ, කැම ජාති ගේනවා විතරයි, වාශ්ප වෙනවද මංදා. කොහොමෙන් හරි අහිංසක චේ උන්නැහේගේ මුලු සේසතම හිදුනට පස්සේ කස්ටියට එලියට ආවා කියමුකෝ. වෙලාව 4.30ට විතර ඇති. තව වෙලාත් තියන එකේ එම්සී එක පැත්තේ ශොපිං පාරකුත් දාලා 5.00 විතර වෙනකොට බම්බලපිටියේ දුම්රියපොලෙන් මොරටුව බලා ගමන්ගන්නා අධිවේගී මන්දගාමී දුම්රියකට ගොඩ උනා.ඉස්කෝලේ කාලේ අපි ඉතින් කවදාවත් කෝච්චියේ යන්න ටිකක් ගත්ත එකක්යැ. අතීතය ආවර්ජනයක් කරන්නත් එක්ක ටිකට් නොගෙනමයි කෝච්චියට ගොඩ උනේ.. ඉතින් සිංදුවක් එහෙමත් කිය කිය ඇවිල්ලා කස්ටියත් එක්ක මොරටුව දුම්රියපොලෙන් බැස්සා......
හත්වලාමයි... මෙන්න මොරටුවේ දුම්රියපොලේ ටික්කෝ පෝලිමයි. කට්ටියටම දෙලෝ රත් උනා... ඇයි යකෝ ටිකට් ගත්තෙත් නැ.. අතේ සතෙත් නැ... ශේප් එකේ මාරුවෙන්න විදිහකුත් නැ. . හතර දෙනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නකොට මරුමුස් පාට ටික්කා අංකල් කෙනෙක් ඇවිලා ටිකට් ඉල්ලපි. කොහෙන් ටිකට් දෙන්නද, ටිකට් දෙන්න ටිකට් ගන්න එපැයි. කොහොම හරි අංකල්ට පානිය දාලා එක්කෙනෙක්ට දඩේ ලියාගන්න සෙට් උනා.. මෙන්න ඒ අස්සෙ තව ඔටු ටික්කෙක් ඇවිල්ලා කියනවා මෙහෙම හරියන්නේ නැ හතර දෙනාටම දඩගහන්න ඕනා කියලා. ඒ වෙලාවේ උගේ අම්මට සැහෙන්න කිඹුහුං යන්ට ඇති :P :P ...
ඔන්න දඩකොලේ චේ උන්නැහේගේ අතට ලැබුනා.. රුපියල් 940ක්..... පර්ස් එක හරියටම තිබුනේ රුපියල් 284යි.. කට්ටියගෙම පොකට් පර්ස් හූරලා රුපියල් 958ක් යන්තම් හොයාගත්තා. ඒකෙන් 940ක් ගෙඩිය පිටින් අර අවලං ටික්කට පූජා කරලා, ඉතිරි රුපියල් 18 ගැහැණු දැරිවියො දෙන්නට බස් එකේ යන්න දීලා සීතල අයියයි අහිංසක චේ උන්නැහේයි බොහෝම දුකසේ පයිං ගාට ගාට ගෙදර ආවා.....
ඔන්න චේ උන්නැහේගේ ඇනිවසරියට ලැබුනු මහානුභාව සම්පන්න තැග්ග......!!!!!!!!!!
| මහානුභාව සම්පන්න දඩකොලේ |
Saturday, July 23, 2011
Friday, July 22, 2011
යහලුවා

සතුට බෙදා ගැන්මට
වටිනා තැනක්
දුක නිවා ගන්නට
සැනසිලි වචන පොදක්
තරහවෙන් පිරි වතට
සිනහ මල් පොකුරක්
කදුලු ගලන දෙනෙතට
වියළි රෙදි කඩක්
වූ
මගේ සෑම තත්පරයකදීම
එකසේ ලගම හිටි
මගේ
හොදම යහලුවා
වටිනා තැනක්
දුක නිවා ගන්නට
සැනසිලි වචන පොදක්
තරහවෙන් පිරි වතට
සිනහ මල් පොකුරක්
කදුලු ගලන දෙනෙතට
වියළි රෙදි කඩක්
වූ
මගේ සෑම තත්පරයකදීම
එකසේ ලගම හිටි
මගේ
හොදම යහලුවා
ප.ලි- මම අද වෙනස්ම විදියෙ නිසදසක් ලිව්වා.මේකට නිසදසක් කියලා කියන්න පුලුවන්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.මෙහෙම එකක් ලියන්න හිතුනෙ මගේ හොදම යාලුවෙක්වන නිමේශ්ගෙ උපන්දිනය 20/07/2011 තිබ්බා.මේක එයා වෙනුවෙන්...
Subscribe to:
Posts (Atom)