තාත්තගෙ පුතා අයේෂ්!!!!!!

Tuesday, October 18, 2011


හලෝ ලමයි. මම අද කියන්න යන්නෙ මට අකරතැබ්බයක් වෙන්න ගිහිං ඔන්න මෙන්න තියෙද්දි බේරුන සීන් කෝන් එකක්. මේක මට අද මතක් වුනේ අදත් ඒ වගේ දවසක් නිසා.

චූටි කතාවක් ;) .මතක් වෙනකොට තාමත් හිනා යනවා. ඕගොල්ලන්ට හිනා යයිද දන්නෙ නෑ. ඒකෙ වීඩියෝ එක තිබුනනම් බඩ අල්ලං හිනා වෙතෑකි. මෙන්න මේකයි කතාව.මේක වුනේ ජූලි 24 පාන්දර 12ට.සාමාන්‍යනෙන් අපේ ගෙදර කාගෙ හරි උපන් දිනයක් තියෙනවනම් පාන්දර 12ට තමයි විෂ් කරන්නෙ. ඔන්න එදා මගෙ අම්මාගෙ හැපි උපන් දිනේ. මම ඉතිං වෙනදා විදියට ඇදෙන් නැගිටලා අම්මලාගෙ කාබරේට ගිහිං අම්මාව නැගිට්ටවන්න කියලා අතින් පොඩ්ඩක් හෙල්ලුවා.මෙන්න අම්මා එකපාරටම කෑගහන්න පටන් ගත්තා නොවැ ඒයි හොරෙක් හොරෙක් කියලා.කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. තාත්තා එක පාරටම කලුවරේම ඇද යට තියෙන දඩාර් පොල්ල ගත්තා නොවැ ගහන්න. මම ඒ වෙලාවෙ හොල්මං වුනා. මම ඒ වෙලාවෙ කියපුවටයි කියපු විදියටයි තමා හිනා යන්නෙ.මෙන්න මේකයි මම කිව්වෙ,


මම හොරෙක් නෙමෙයි, හොරෙක් නෙමෙයි

මේ මම,
තාත්තගෙ පුතා අ.....යේෂ්, අයේ.....ෂ්
ගහන්න එ...පා, ගහන්න එ....පා
මම මේ අම්...මට බර්ත් ඩේ කතා කරන්න ආ....වා..
මම හොරෙක් නෙමෙයි

මගෙ අම්මේ මම ඔහොම හරි කිව්වයිං බේරුනා. නැත්තං මට බර්ත් ඩේ නෙමෙයි කනා කරන්න වෙන්නෙ. පේදුරුත් එක්ක ඇග්රිමන්ට් එකක් ගහ ගන්න වෙන්නෙ ස්වර්ගෙ ඇතුලට යන්න..


එදායින් පස්සෙ හැම පාරම බර්ත් ඩේ කතා කරන්න යනකොට දොර ගාවට ගිහිං තාත්තෙ මම අම්මට බර්ත් ඩේ කතා කරන්න ආවයි කියලා තමයි යන්නෙ. එහෙම එනකොට අම්මා කියන්නෙ ආ තාත්තගෙ පුතා අයේෂ් ආවද මට බර්ත් ඩේ කතා කරන්න. ඕ සාරීීීීීීී............

21 ප්‍රතිචාර:

  • ශානි says:
    October 18, 2011 at 10:50 AM

    හිකිස් පුතා නෙමෙයි බොල දුව කියහන්

  • ආඩම්බරකාරී says:
    October 18, 2011 at 10:50 AM

    කතාවෙ විදියට නම් එක පොලුපාරක් හරි කාල තියෙන්නෝනි..

  • Bunny says:
    October 18, 2011 at 11:01 AM

    හික් හික් හික්.. මට මතක් වෙන්නෙ අර ගෙම්බාගෙ සිංදුවෙ අන්තිම කොටස..
    ගහන්න එපා ගහන්න එපා අයියෝ
    ඔය කකුල නෙවේ කඩන්න එපා කඩන්න එපා අයියෝ.. :D :D

    යකෝ මනුස්සයෙක්ගේ උනත් පුද්ගලික ජිවිතයක් තියෙනවා.. ඊට වඩා බැදපු දෙන්නෙක්ට ඒක තියෙනවා.. කාඹරේට යද්දි තට්ටු කරලා යන්න පුරුදු වෙයං.. :D

  • සංකල්ප says:
    October 18, 2011 at 11:14 AM

    කෝ ඉතින් ඒකත් හරියට කියලා නෑනේ,

    "තාත්තගෙ පුතා අ.....යේෂ්, අයේ.....ෂ්"
    එහෙම නෙමෙයි "තාත්තගේ නස්තිකාර පුත්‍රයා"

    (නාස්තිකාර පුත්‍රයාගේ උපමාව මතකයි නේහ්)
    ----------------------------------------

    "පේදුරුත් එක්ක ඇග්රිමන්ට් එකක් ගහ ගන්න වෙන්නෙ ස්වර්ගෙ ඇතුලට යන්න.. "

    සුවර් ද ??? :)

  • දිල් says:
    October 18, 2011 at 11:25 AM

    මට පේන්නෙ නම් චූටියට හරි පොලු පාර වැදිලා තියෙනවා...ඒකනෙ ඔය තරම් මතක හිටියෙ.....

  • Loku John says:
    October 18, 2011 at 11:30 AM

    මැනර්ස් දන්නෙ නැති හින්දා ඔය පනිෂ්මන්ට් එක හොද වැඩියි කාගෙ හරි කාමරයකට යනකොට තට්ටු කරන්න පුරුදු කරලා නැද්ද ?

  • සීතල අයියා says:
    October 18, 2011 at 12:06 PM

    @ ශානු- අනේ පලයං යන්න :P

    @ ආඩම්බරකාරී / දිල් - පිස්සුද මෙයා.කෑවනම් මම මෙතන නෑ

    @ Bunny- මොකක්ද බං ඒ සිංදුව? මම ඒකක් දන්නෙ නෑනේ. ඒකනෙ බං කියන්නෙ. ඕක ඒ වෙලාවෙ මතක් වුනේ නෑනේ.

    @ මධුරංග- ආ අපි එහෙම නාස්තිකාර නෑ. මම හරි හොඳායිිිිිි. මතක හැටියටනම් පේදුරු අංකල් තමා ඉන්නෙ අර ලොකු පොත තියාගෙන

    @ ලොකු ඡෝන්- පුරුදු කරලා තියෙනවා. ප්‍රශ්නෙ වුනේ නින්දෙන් ඇවිදිනවා වගේනෙ ගියේ. ඒ වෙලාවට ඕක කල්පනා වුන්නෑ :(

  • Anonymous says:
    October 18, 2011 at 12:25 PM

    පුතා හොරා කියල දන්න හින්ද වෙන්න බැරිද??????? :D :P ;)

  • පිස්සා පලාමල්ල says:
    October 18, 2011 at 1:15 PM

    අනිවා පොලු පාරක් කාල තියෙනව... ආයෙ එකේ හෝදන්න දෙයක් නෑ.... හික් හික්... යකෝ ඔහොමත් යනවද කාමර වලට...

  • පන්සල් හංදිය says:
    October 18, 2011 at 1:34 PM

    ඔහොමත් කාමරවලට යන සිරිතක් තියනවද .....
    ඔයින් ගියා මදෑ .....

    “මේ මම,
    තාත්තගෙ පුතා අ.....යේෂ්, අයේ.....ෂ්
    ගහන්න එ...පා, ගහන්න එ....පා
    මම මේ අම්...මට බර්ත් ඩේ කතා කරන්න ආ....වා..
    මම හොරෙක් නෙමෙයි“

    ෂෝක් වදන් ටික .........

  • Raj says:
    October 18, 2011 at 2:29 PM

    චික් මුට එකක් වැදුනේ නැනොවැ ඇ බං ඔය විදිහට කඩාගෙන බිඳගෙන කාමර ඇතුලට යනවද...පොඩි බ්‍රෙරෙක් පාරක් ගහල පලයං..ආයි යද්දී...

  • සංකල්ප says:
    October 18, 2011 at 3:23 PM

    @සීතල :
    නෑ නෑ පේදුරු තුමා තමා ඉන්නේ. මම් සුවර්ද කියලා ඇහුවේ අනිවාර්යෙන්ම සුවර්ගෙට යන එක සුවර්ද කියලා. සාතන් අල්ලන් යයි !!!!

  • නදී says:
    October 18, 2011 at 4:41 PM

    යකඩෝ මැන‍්ර්ස් කියල එකක් දන්නෙ නැද්ද අම්ම අප්පච්චි උනත් කාමරේට යද්දි කතා කරල යන්න දන්නෙ නැද්ද.හොදවයින් එකක් වදින්න තිබ්බෙ පාඩමක් ඉගන ගන්නත් එක්ක.
    මේ පේදුරු කියන්නෙ කවුද?

  • Anonymous says:
    October 18, 2011 at 5:35 PM

    හොද වැඩේ....කතා කරන් නැතුව යනවද එහෙම කාමර වලට......
    ඒ වුනාට ශෝයියන් පුතා අප්පා...

  • සංකල්ප says:
    October 18, 2011 at 6:10 PM

    @නදී :
    පේදුරු තුමා කියන්නේ ජේසු තුමාගේ ගෝලයෙක්. එයට තමා ජේසු තුමා තමන්ගේ සභාව (කිතුණු සභාව) භාර දීලා ගියේ. වැඩි විස්තර අයේස් ගෙන් අහගන්න. :)

  • සීතල අයියා says:
    October 18, 2011 at 6:16 PM

    @තනි අලියා- ආ අපි එහෙම හොලකම් කලන්නෙ නෑ. අපි හොඳ ළමයි. :P

    @පිස්සා පලාමල්ල- පිස්සුද මෙයා. එකක් කන්න හම්බුන් නෑ. ඒ වෙලාවට තිබ්බ නිදිමතය ඕක කල්පනා වුන්නෑ බොල. :D

    @ පන්සල් හංදිය- ඒ වෙලාවට තිබ්බ නිදිමතය ඕක කල්පනා වුන්නෑ.ෂෝක් වදන් ටික තමයි තව පොඩ්ඩෙන් පාරක් වැදුනනම්.

    @Raj- වෙනදට ගහනවා තමයි. එදා කරුමෙටම කල්පනා වුන් නෑ. :(

    @මධුරංග- නෑනේ හලෝ. පේදුරු අංකල්නෙ තීරණය කරන්නෙ කොල්ලා ඇතුලට දානවද නැද්ද කියලා.මම නම් ඉතිං පේදුරු අංකල්ට පොඩි පගාවක් දෙන්නම වෙයි ඇතුලට යා ගන්නනම ;)

    @නදී- ඒක තමයි හලෝ කියන්නෙ "වෙනදට ගහනවා තමයි. එදා කරුමෙටම කල්පනා වුන් නෑ" කියලා
    පේදුරු කියන්නෙ ජේසු ස්වර්ගෙට යනකොට නායකත්වය බාර දීලා ගිය කෙනාට. එයා තමයි ස්වර්ගෙ ගේට්ටුව ගාව අපේ පව් පොත තියං ඉන්නෙ මූව ස්වර්ගෙට ගන්නවාද නැද්ද බලන්න.

    @අසනි- අමතක වුනා හලෝ. :P

  • චතුවා says:
    October 18, 2011 at 6:29 PM

    සික්.. තාත්තා උඹට ගැහුවානම් මේ මහපොළවේ ඉන්න එක වැඩකට නැති එකෙක් අඩු වෙනවානේ.. :))

  • සීතල අයියා says:
    October 18, 2011 at 8:33 PM

    @චතුවා- අනේ පෙනේද මුගේ තියෙන ඊරිසියාව මාත් එක්ක.. :)

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    October 19, 2011 at 4:18 AM

    හහ් හහ් හහ් සිරා සීන් එකක් ද ..... මාර වැඩේ නේ .....

  • සීතල අයියා says:
    October 19, 2011 at 8:01 AM

    @ඔබ නොදු‍ටු ලොවක්- ඔව් හලෝ. සිරාවටම වුන එකක්.. :)

  • ගලයා says:
    October 19, 2011 at 8:32 PM

    හික්z මාර වැඩක්නේ වෙලා තියෙන්නේ...මෙවා කාට කාටත් හොඳ පාඩම්

Post a Comment