වලියක් වලියක් ...

Sunday, October 9, 2011

මම අද කියන්න යන්නෙ මට වුන දෙයක්. මේක මම මදුරුවගෙ ආ සොලි සොලි මදුරංගගෙ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියට දැම්මදත් කොහෙද..

මේක වුනේ මම 9 වසරෙ ඉස්කෝලෙ මාරු කරපු කාලෙ. දන්නවනෙ ඉතිං අලුතෙන් ඉස්කෝලෙකට ආවම දෙන රැග් එක. ඇඟේ හයියෙන් වැද්දීගෙන යනවා, චෝක් කෑලිවලිං ගහනවා, වතුර හලනවා, තව තව ඒවා කලා.. (මතක මෙච්චරයි) :D
ඔය රැග් දෙන සෙට් එකේ හිටියා මහම මහ එපාම එපා කරපු එකෙක්. උගෙන් තමා මාරම වදේ වුනේ.විනාඩියක් මට සැනසීමේ ඉන්න දුන්නෙ නෑ. _වලමා. (පස්සෙ මිනිහා මගේ යාලුවෙක් වුනා. යාලුවෙක් වුන විදිය පස්සෙ කියන්නම්. ඒකත් නියම සීන් එකක්. හික්ස්.. ) මට ඒ කාලේ මාර මළක් තිබ්බෙ ඌත් එක්ක. ඒත් ඉවසගෙන හිටියා අලුත් නිසා. ආපු ගමං වලිවලට සෙට් වෙන්න බෑනෙ.

ඔන්න ඉතිං දවසක් මම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා පාර දිගේ එන කොට මෙන්න මූ එනවා ඉස්සරහට... :/ මමත් ඉතිං දැ‍ක්කෙ නෑ වගේ යන්න හැදුවා.. කොහෙ.. මේකා ඇඟටම කපනවා. මූ එක පාරටම ඇඟේ හැප්පිලා තාත්තා මතක් කරලා කුනුහර්පයක් කියපි. ඉවසනවයි කියලා මෙහෙමක් ඉවසන්න පුලුවනෑ. මම උගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන තමුසෙ මොනාද කියන්නෙ කියලා ඇහුවා. මෙන්න මූ ආයෙ කියපි අර වචනෙ. වට පිට බලලා කවුරුත් නැති එකේ දුන්නා අතමිට මොලෝලා උගේ බඩට. මූ‍ට වැදුන අමාරුවටම බඩ පිටිපස්සට නමාගෙන පිටි පස්සට පැන්නා. ටිකක් වෙලා ඉදලා මූ මෙන්න එනවා මට ගහන්න. මමත් බය වුනේ නෑ. දැන් වලිය නැගලම යනවා. ඔහොම ගහ ගන්නකොට මූ කකුල ඉස්සුවා මගේ බඩට ගහන්න. හ. ඒවා හ‍‍ඳේ තමා. මේ සීතල අයියා අහිංසකයි වගේ හිටියට වලි කාපර්..කරාටි පංති ගිහිං තියෙනවා එක දවසක්.( අනිත් දවසෙ නොගිය එක වෙනම කතාවක්). කකුල උස්සලා ගහන කොටම හිරකර ගත්තා කකුල වම් අතින්. මුලු ඇ‍ඟේම තිබුන උපතින්ම ගෙනාපු පුරුස සත්තිය අරගෙන වම් කකුලෙන් ගැහුවා කකුල් දෙක එකතු වෙන තැනට අනාගතේ අඳුරුම වෙයං කියලා.තාත්තට හුඩු කිව්වලු. මගේ කකුලට හෙනයක් ගැහුවා වගේ තේරුණා නොවැ. @) @) @)


මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ මම මෙච්චර වෙලා ගහගෙන තියෙන්නෙ හීනෙන් නොවැ. අර ගහපු පාර වැදිලා තියෙන්නෙ බිත්තියට.කකුලෙ මහපටැගිල්ල ගැන කියන්න ඕන නෑයි කියලා හිතනවා.නියපොත්ත අමුතු පාටක් ගහලා ඇගිල්ලෙන් මොනාද රතු පා‍ටට වැක්කිරුනා.වැඩිය දෙයක් වුනේ නෑ. ;) එදාට පස්සෙ දවසෙම අම්මා දිග..... කොට්ටයක් ගෙනෙල්ලා දුන්නා බිත්තිය පැත්තෙන් තියා ගෙන ඕන මංගල්ය්‍යක් කරගනිං කියලා. ඔන්න ඔහොමයි මම හීනෙන් ගහ ගත්තෙ. :D


ප.ලි- පස්සෙ මම ඌට අඬන්න ගැහුවා... පස්සෙ මට පව් කියලත් හිතුනා. මොකද කියනවනම් වයිස් රෙට්ටයම කිව්වනෙ මුලු පංතියටම මට දඬුවම් දෙන්න බෑ. ඒක නිසා කව්රු හරි එකෙක් ගැහුවොත් ගහපං කියලා. ඉතිං දුන්නා :)

15 ප්‍රතිචාර:

  • නදී says:
    October 9, 2011 at 8:26 PM

    ඒත් මම් බැලුව මෙයාට මෙච්චර දෙයක් පුලුවන්ද කියල හොහ් හොහ්.හීනෙන් තමා ඉතින්.

  • Anonymous says:
    October 9, 2011 at 8:46 PM

    රැග්කාරයංට ඔහොමටම තමයි කරන්නෙ! හීනෙං හරි හැබැහිං හරි! :D
    මම දවසක්ද යකෙක්ට කලා ජොලි වැඩක්! හැබැයි ඉතිං හීනෙං! :D

  • සීතල අයියා says:
    October 9, 2011 at 9:00 PM

    අඩේ ප.ලි.යෙ ලියලා තියෙන්නෙ හැබෑටම කරපු දෙයක්. ඒක හීනෙන් කරපු දෙයක් නෙමෙයි :/ ~X(

  • දිල් says:
    October 9, 2011 at 9:25 PM

    අපේ කස්ටිය හීනෙන් තමා ඔය වගේ ...හි...හී...හී

  • Anonymous says:
    October 9, 2011 at 9:31 PM

    සමාවෙන්න, හරි හරි ඩියර්! :) එහෙම කලාට මානව වර්ගයා වෙනුවෙන් ස්තූතියි!


    අැත්තනෙ මචන්! වැරැද්දක් නොකර කාගෙංවත් වදවිඳින්නෙ අැයි???? නෙලන්න තියෙන්නෙ අතට අහුවෙන එව්වැයිං! :D

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    October 9, 2011 at 11:25 PM

    හහ් හහ් හහ් හා.......

  • හිස් අහස says:
    October 9, 2011 at 11:49 PM

    බලාගෙන යනකොට උඹ ෂිරා ඩයල් එකක් නේ !

  • චතුවා says:
    October 9, 2011 at 11:55 PM

    පලිය ඇරෙන්න මේකතා පට්ටපල් ඇත්තක්ලු..! :)) :))

  • The Lion says:
    October 10, 2011 at 1:45 AM

    අඩේ මටත් වලියක් තියෙනව.වලියට සෙට් වෙමුද .... :D :D :D

  • Anonymous says:
    October 10, 2011 at 4:03 AM

    නින්දෙන් ගහන වැඩේ මරු!

  • ඉශ්වි says:
    October 10, 2011 at 10:42 AM

    ආවී.. ඔයා මාර වැඩ්ඩෙක්නෙ අයියා.. මං දැනන් හිටියෙ නැනෙ කලින්..!!

  • Rv says:
    October 10, 2011 at 2:40 PM

    ම්ං නම් හිතුවෙ උගේ අනගතේ සදා අදුරෙ කියලා............. හික් හික්ස්ස්ස්ස්ස්ස්ස් :D

  • සයුරි says:
    October 11, 2011 at 12:35 AM

    ඇත්තට නොකරන වැඩ හීනෙන් කරනවලු ගොඩක් අය :))

  • සීතල අයියා says:
    October 11, 2011 at 8:16 AM

    @ නදී- ආ හිතං ඉන්නෙ අපිට බෑයි කියලද? හ..

    @ තනි අලියා- අප්පට හුඩු. යක්කුත් එක්කත් ගහ ගත්තද.. =))
    කමක් නෑ ඩියර් ;)
    @ දිල්- නෑ අනේ. හීනෙං තමා ප්‍රැක්ටිස් කරන්නෙ. ඊට පස්සෙ ගිහින්නා ගහනවා. :D

    @ ඔබ නොදු‍ටු ලොවක්- ආ මෙයාටනම් හොදට හිනා ගිහිල්ලද කොහෙද.. :D

    @ හිස් අහස- නැතුව නැතුව :)

    @ චතුවා- නෑ බං. ප.ලි.ත් පට්ටපල් ඇත්ත බං.

    @ The Lion- ඉස්සෙල්ලම මට දැනගන්න ඕන ඔයා ඉන්නෙ ගුටි කන පැත්තෙද නෙලන පැත්තෙද කියලා.ඊට පස්සෙ සලකා බලමු :D

    @ විසිතුරු- ආයෙත් අහලා හික්ස්...

    @ ටිං ටිං- කරුමෙට ඒක හීනයක් උනානෙ. නැත්තං හරිම තමා.. :D

    @ සයුරි- හීන හැබෑ කරගන්න උත්සාහ කරොත් බැරි වෙන්නෙ නෑ. ;)

    @ ඉශ්වි- ස්තූතියි සහෝදරයා

  • Kiri says:
    October 14, 2011 at 10:47 AM

    රෑග් කරපු උන් තමා අන්තිමට හොදම යාලුවෝ වෙන්නේ..

Post a Comment