Home » Posts filed under මතකයන්
අකුරට පෙම් බැඳි
අප සැම හමුවුන,
සිනාසුන,
මිතුරු වුන,
මිතුදමේ තෝතැන්න..
"අක්ෂරය"
අද තනි වෙලා..
එදා,
අකුරට ගොඩවැදී,
දිරි දිදී.....
බැන වැදී.....
අපත් සමගම හුන්....
අක්ෂර හිතවතුන්
වෙනුවෙන්,
සයිබර් ලෝකයේ,
අකුරු අතර සැඟව ගිය,
"අක්ෂරයේ"
නිමක් නැති සිතුම් රළ,
නැවත නංවන්නට,
ආදී "අක්ෂර" වාසීනි,
ඔබ සැමට ආරාධනා.....!
මීට පෙර මා විසින්ම පලකරන්නට යෙදුනේද මරණදැන්වීමක් ගැන පුවතකි. මෙවරද එය එසේමය. මෙය ශෝකානුකූල කාල පරිච්ඡේදයක්දැයි විටෙක සිතට දැනේ. අද්විතීය කෘතහස්ත පුද්ගලයින් කිහිප දෙනෙකුම කෙටිකාලයක් තුල අපෙන් සමුගෙන හමාරය.
ඉහත ඡායාරූපය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. කුඩාකල අපි ආසාවෙන් බැලූ කාටූන් වල මෙන්ම රොබින් හුඩ් වැනි සුරු විරු කතාන්තර වල අවසානයේ රූප පෙට්ටියේ දිස්වන රුව එයයි. එකල පටන් අප ඔහු හැදින ගන්නෙ ටයි මාමා නැතිනම් ටයිටස් තොටවත්තයන් ලෙසිනි.
ටයිටස් තොටවත්ත නම් සොඳුරු මිනිසා අපේ මනසට එසේ ආමන්ත්‍රණය කොට ඇත. ඒ පිළිඹද අටුවා ටීකා ටිප්පනි අවැසි නොවේ. ලොකු කුඩා බාල මහලු ඕනැම කෙනෙක් එක සේ ටයි මාමාට ආදරේ කරන්නෙ ඒ සොඳුරු මිනිසාගේ සුන්දර ළමා නිර්මාණ මනැසේ රැව්දෙන නිසාමය.
එතුමන් දස්කම් දැක්වූයේ ක්ෂේක්ස්ත්‍රයකට දෙකකට නොවේ බොහෝමයකටය. කැමරාකරණය, සංස්කරණය, අධ්‍යක්ෂණය, රසායනාගාර කටහඬ, හඬකැවීම් ශිල්පයන්ගේ ඔහු දැක්වූ දස්කම් අපි සියැසින් විඳ ගත්තෙමු. ලංකාවේ කාටුන් කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඔහු විසින් ඉටු කලේය. අප කාගේත් සිත් බැඳගත් දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හා හා හරි හාවා වැනි නිර්මාණ මෙන්ම රොබින් හුඩ්, ඔෂීන්, මල්ගුඩි දවස ඇතුළු ටෙලි නාට්‍ය, කාටූනන් සිංහල හඬ කවා මෙන්ම උපසිරැසි සමගින් අපේ හදවත් ලඟට ගෙනාවේ ඔහු විසිනි.
අද ටයි මාමා අපෙන් සමුගෙනය. එතුමන් ගේ නම සදා අප සිත් සතන්තුල රැඳේවි
ටයි මාමේ ඔබට නිවන්සුව!!!
මම අද කියන්න යන්නෙ මට වුන දෙයක්. මේක මම මදුරුවගෙ ආ සොලි සොලි මදුරංගගෙ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියට දැම්මදත් කොහෙද..
මේක වුනේ මම 9 වසරෙ ඉස්කෝලෙ මාරු කරපු කාලෙ. දන්නවනෙ ඉතිං අලුතෙන් ඉස්කෝලෙකට ආවම දෙන රැග් එක. ඇඟේ හයියෙන් වැද්දීගෙන යනවා, චෝක් කෑලිවලිං ගහනවා, වතුර හලනවා, තව තව ඒවා කලා.. (මතක මෙච්චරයි) :D
ඔය රැග් දෙන සෙට් එකේ හිටියා මහම මහ එපාම එපා කරපු එකෙක්. උගෙන් තමා මාරම වදේ වුනේ.විනාඩියක් මට සැනසීමේ ඉන්න දුන්නෙ නෑ. _වලමා. (පස්සෙ මිනිහා මගේ යාලුවෙක් වුනා. යාලුවෙක් වුන විදිය පස්සෙ කියන්නම්. ඒකත් නියම සීන් එකක්. හික්ස්.. ) මට ඒ කාලේ මාර මළක් තිබ්බෙ ඌත් එක්ක. ඒත් ඉවසගෙන හිටියා අලුත් නිසා. ආපු ගමං වලිවලට සෙට් වෙන්න බෑනෙ.
ඔන්න ඉතිං දවසක් මම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා පාර දිගේ එන කොට මෙන්න මූ එනවා ඉස්සරහට... :/ මමත් ඉතිං දැක්කෙ නෑ වගේ යන්න හැදුවා.. කොහෙ.. මේකා ඇඟටම කපනවා. මූ එක පාරටම ඇඟේ හැප්පිලා තාත්තා මතක් කරලා කුනුහර්පයක් කියපි. ඉවසනවයි කියලා මෙහෙමක් ඉවසන්න පුලුවනෑ. මම උගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන තමුසෙ මොනාද කියන්නෙ කියලා ඇහුවා. මෙන්න මූ ආයෙ කියපි අර වචනෙ. වට පිට බලලා කවුරුත් නැති එකේ දුන්නා අතමිට මොලෝලා උගේ බඩට. මූට වැදුන අමාරුවටම බඩ පිටිපස්සට නමාගෙන පිටි පස්සට පැන්නා. ටිකක් වෙලා ඉදලා මූ මෙන්න එනවා මට ගහන්න. මමත් බය වුනේ නෑ. දැන් වලිය නැගලම යනවා. ඔහොම ගහ ගන්නකොට මූ කකුල ඉස්සුවා මගේ බඩට ගහන්න. හ. ඒවා හඳේ තමා. මේ සීතල අයියා අහිංසකයි වගේ හිටියට වලි කාපර්..කරාටි පංති ගිහිං තියෙනවා එක දවසක්.( අනිත් දවසෙ නොගිය එක වෙනම කතාවක්). කකුල උස්සලා ගහන කොටම හිරකර ගත්තා කකුල වම් අතින්. මුලු ඇඟේම තිබුන උපතින්ම ගෙනාපු පුරුස සත්තිය අරගෙන වම් කකුලෙන් ගැහුවා කකුල් දෙක එකතු වෙන තැනට අනාගතේ අඳුරුම වෙයං කියලා.තාත්තට හුඩු කිව්වලු. මගේ කකුලට හෙනයක් ගැහුවා වගේ තේරුණා නොවැ. @) @) @)
මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ මම මෙච්චර වෙලා ගහගෙන තියෙන්නෙ හීනෙන් නොවැ. අර ගහපු පාර වැදිලා තියෙන්නෙ බිත්තියට.කකුලෙ මහපටැගිල්ල ගැන කියන්න ඕන නෑයි කියලා හිතනවා.නියපොත්ත අමුතු පාටක් ගහලා ඇගිල්ලෙන් මොනාද රතු පාටට වැක්කිරුනා.වැඩිය දෙයක් වුනේ නෑ. ;) එදාට පස්සෙ දවසෙම අම්මා දිග..... කොට්ටයක් ගෙනෙල්ලා දුන්නා බිත්තිය පැත්තෙන් තියා ගෙන ඕන මංගල්ය්‍යක් කරගනිං කියලා. ඔන්න ඔහොමයි මම හීනෙන් ගහ ගත්තෙ. :D
ප.ලි- පස්සෙ මම ඌට අඬන්න ගැහුවා... පස්සෙ මට පව් කියලත් හිතුනා. මොකද කියනවනම් වයිස් රෙට්ටයම කිව්වනෙ මුලු පංතියටම මට දඬුවම් දෙන්න බෑ. ඒක නිසා කව්රු හරි එකෙක් ගැහුවොත් ගහපං කියලා. ඉතිං දුන්නා :)