දුම්රිය දෙවියෝ කෝප වූ වගයි..

Thursday, July 28, 2011

                 
                   මම  අද කියන්න යන්නේ උණු උණුවේ උන වැඩක් . ඒ කියන්නේ අද උන වැඩක්මෞන වැඩේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අප්පා..... :D :D :D

                 කස්ටිය දන්නවනේ චේ උන්නැහේගේ(ඒ කිව්වේ මගේ) වෙන්ඩ බිරින්දැ මිසිස් චේව, ඔය මිසිස් චේ මීට අවුරුදු 3කට කලින් අද වගේ දවසක කව්දෝ මන්දා ගල් ආදෙක් එක්ක ප්‍රේම පුරාණයකට මුලපුරලා තියනවා. ඉතින් ඒ තෙඅවුරුදු පූර්ණය සමරන්න චේ උන්නැහේයි, මිසිස් චේයි, මිසිස් චේගේ අතිජාත මිතුරිය ලකී නංගියි , චේ උන්නැහේගේ අතිජාත පාප මිත්‍රයා සීතල අයියයි අද පොඩි රවුමක් දාන්න කතා කොරගත්තා

               උදේ පාන්දරම ලකලැහැස්තිවෙලා කස්ටියම උදේ 11 වෙනකොට සීතලයාගේ මහගෙදරට එහෙමත් නැත්නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගියා කියමුකෝ. හරිම විනෝදෙන් කාලේ ගත කලා. පොඩි කේක්ගෙඩියක් කපලා පුංචියට චාමෙට ඇනිවසරිය සෙලිබ්‍රේට් කොලා.. සීතල අයියාගේ නැදැ බැබුන් කෙනෙක්ගෙන් සීතල අයියාට වුනු අකරතැබ්බය ඇරෙන්න මුලු දවල් වරුවම බොහෝම සතුටින් සමාදානයෙන් ගෙවිලා ගියා.  

                   හවස් වෙනකොට සත්තුන්ගේ කෙලි එපා උනා. බඩත්ගිනියි වගේ. ඉතින් ට්‍රීට් කියලා එකක් දෙන්නත් එපැයි, (ඔය ට්‍රීට් කියන එක හොයාගත්ත එකාටනම් හොදක් සිද්ධවෙන්න එපා.)  . ඉතින් කට්ටියත් එක්කම රැජිනගේ කඩේ හෙවත් queens cafe අවන්හලට ගොඩ වැදුනා. හෆොයි දෙවියනේ, කැම ජාති ගේනවා විතරයි, වාශ්ප වෙනවද මංදා. කොහොමෙන් හරි අහිංසක චේ උන්නැහේගේ මුලු සේසතම හිදුනට පස්සේ කස්ටියට එලියට ආවා කියමුකෝ. වෙලාව 4.30ට විතර ඇති. තව වෙලාත් තියන එකේ එම්සී එක පැත්තේ  ශොපිං පාරකුත් දාලා 5.00 විතර වෙනකොට බම්බලපිටියේ දුම්රියපොලෙන්  මොරටුව බලා ගමන්ගන්නා අධිවේගී මන්දගාමී දුම්රියකට ගොඩ උනා.ඉස්කෝලේ කාලේ අපි ඉතින් කවදාවත් කෝච්චියේ යන්න ටිකක් ගත්ත එකක්යැ. අතීතය ආවර්ජනයක් කරන්නත් එක්ක ටිකට් නොගෙනමයි කෝච්චියට ගොඩ උනේ.. ඉතින් සිංදුවක් එහෙමත් කිය කිය ඇවිල්ලා කස්ටියත් එක්ක මොරටුව දුම්රියපොලෙන් බැස්සා......

                          හත්වලාමයි... මෙන්න මොරටුවේ දුම්රියපොලේ ටික්කෝ පෝලිමයි. කට්ටියටම දෙලෝ රත් උනා...  ඇයි යකෝ ටිකට් ගත්තෙත් නැ.. අතේ සතෙත් නැ... ශේප් එකේ මාරුවෙන්න විදිහකුත් නැ. . හතර දෙනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නකොට මරුමුස් පාට ටික්කා අංකල් කෙනෙක් ඇවිලා ටිකට් ඉල්ලපි. කොහෙන් ටිකට් දෙන්නද,  ටිකට් දෙන්න ටිකට් ගන්න එපැයි. කොහොම හරි අංකල්ට පානිය දාලා එක්කෙනෙක්ට දඩේ ලියාගන්න සෙට් උනා..  මෙන්න ඒ අස්සෙ තව ඔටු ටික්කෙක් ඇවිල්ලා කියනවා මෙහෙම හරියන්නේ නැ හතර දෙනාටම දඩගහන්න ඕනා කියලා. ඒ වෙලාවේ උගේ අම්මට සැහෙන්න කිඹුහුං යන්ට ඇති :P :P ... 

                         ඔන්න දඩකොලේ චේ උන්නැහේගේ අතට ලැබුනා.. රුපියල් 940ක්..... පර්ස් එක හරියටම තිබුනේ රුපියල් 284යි.. කට්ටියගෙම පොකට් පර්ස් හූරලා රුපියල් 958ක් යන්තම් හොයාගත්තා. ඒකෙන් 940ක් ගෙඩිය පිටින් අර අවලං ටික්කට පූජා කරලා, ඉතිරි රුපියල් 18 ගැහැණු දැරිවියො දෙන්නට බස් එකේ යන්න දීලා සීතල අයියයි අහිංසක චේ උන්නැහේයි බොහෝම දුකසේ පයිං ගාට ගාට ගෙදර ආවා..... 

ඔන්න චේ උන්නැහේගේ ඇනිවසරියට ලැබුනු මහානුභාව සම්පන්න තැග්ග......!!!!!!!!!! 
  


මහානුභාව සම්පන්න දඩකොලේ

17 ප්‍රතිචාර:

  • චතුවා says:
    July 28, 2011 at 8:40 PM

    අඩේ පට්ට බං.. මාත් අහවල් අයත් එක්ක ‍කෝච්චියේ ටිකට් නැතිව ගිහින් දඩ කොලයක් ලියවගන්නෝනි වෙලාවක.. වෙලාවක කීවේ එයා එක්ක කෝච්චියේ යන්න පුලුවන් තත්වයක් උදා වුනු කාලෙක.. :P :))

  • Bunny says:
    July 28, 2011 at 8:43 PM

    හාහාහා ජිවිතෙට අමතක වෙන්නැති ඇනිවසරියක්.. ඊලග එකෙත් ඔහොම එකක් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා :D :D

  • නදී says:
    July 28, 2011 at 8:53 PM

    හෙහෙ අනේ හැබෑට පාපී මිත්තරයොත් අරන් යනවැයි ඔය වගේ සංචාර කොරන්න?
    ජෝඩුව තනියම යන්න එපැයිනේ!.විසේස දවසක් වෙච්චි එකේ.

    හප්පුච්චේ!මදෑ ඔයින් ගියා.සීතලගේ පසුම්බියටත් තට්ටු උනා කිය කිය ඇඩුවේ මේකයි එහෙනම් රහස.

  • නදී says:
    July 28, 2011 at 8:54 PM

    :)) :p

  • gayani says:
    July 28, 2011 at 8:56 PM

    Maru maru.... Eka newey malli, ko apita treat ????
    Ape pera gaha uda indan neda mul kale mal kaduwe? Dan ewa amathaka welada koheda? :/ Harina pera gahatath treat ekak denna ona.
    Anyway, HAPPY ANNIVERSARY FOR BOTH OF U...... :)

  • සීතල අයියා says:
    July 28, 2011 at 10:15 PM

    මොකක්ද බොල මට උන අකරතැබ්බෙ?අනේ බොල වහින වෙලාවට එළියට බහින්න එපා.හෙන වදින්න පුලුවං..

    @නදී- ඈ මමද පාප මිත්‍රයා? :O චේ කාරයා තමා පාප මිත්‍රයා.

    ඕකා මගේ 500කට කෙලියා.අනේ අම්මා මට හැමදාම කියනවා බං උඹත් එක්ක ආශ්‍රය කරන්න එපා කියලා.අද මම අම්මා කියන දේ ඇහුවනම් ඔය 500 න් net යන්න reload එකක් දාගන්නවනෙ.අනේ අම්මේ මේ පුතාට සමාව දෙන්න.!!!!

  • දේව්දාස් says:
    July 28, 2011 at 11:03 PM

    චේ උන්නැහේගේ 3 වන ඇනිවසරියට සුභ පතනවා... මට සැකයි චේ උන්නැහේ මීට පස්සේ ඇනිවසරි සමරයි ද කියල මේ සමරු මතකයත් එක්ක...

    දේව්දාස්

  • පිස්සු පුසා says:
    July 28, 2011 at 11:07 PM

    ලොල්.මම ඔය වගේ 2 පාරක් දඩ කාලා තියෙනවා.එකක් ඉස්කොලේ කොල්ලොත් එක්ක ආතල් එකට ගිහින්.අනිත් එක ඉස්ටේෂමට එනකොට කෝච්චිය අද්දනවා.ටිකට් ගන්න තැන පෝලිම.මොනවා කරන්නද ඉතින් නැග්ගා.ඊලග ඉස්ටේෂමෙන් ටිකට් ගන්නවා කියලා.එකේදි මාට්‍ටු උනා

  • සාතන් says:
    July 28, 2011 at 11:42 PM

    ජීවිතේට එකම පාරක් මාත් කෝච්චියක දඩයක් කෑව බන්... ඒත් දෙයියනේ කියල කෙල්ලෙක් පස්සෙ යන්න ගිහින්...

  • Anonymous says:
    July 29, 2011 at 12:28 AM

    "අර අවලං ටික්කට පූජා කරලා" ටිකට් පරීක්ෂා කරන එක අවලං කමක් නං, ටිකට් නොගෙන හොරෙන් යන එකට කියන්නෙ මොකක්ද?

  • සංකල්ප says:
    July 29, 2011 at 7:58 AM

    දවසක් මාත් නුවර යන්න කියලා කොටුවෙන් ටුකටුත් අරගෙන හදිස්සියට නැගලා තියෙන්නේ හැන්දෑවේ 3.35ට තිබ්බ ඉන්ටර්සිටියට. අම්මෝ ගැහුවේ නෑතෑ රුපියල් 800ක දඩයක් !!!!!

    මොනා කරන්නද ගෙවලා දාලා ආවා. :(

  • sanjaya සිතුවිලි says:
    July 29, 2011 at 10:29 AM

    මොනවා කරන්නද දඩ කාල ඉවරනේ ..

  • පන්සල් හංදිය says:
    July 29, 2011 at 3:59 PM

    හූ හූ ..........
    හොඳ වැඩේ බොලාට ........

  • අරුණ හෙට්ටිආරච්චි says:
    July 29, 2011 at 9:16 PM

    පර්ස් එකේ 284 කම තියා ගෙනත් ටිකට් 4 ක් ගන්න ලොබ කමට හොරෙන් ආවට හොඳම වැඩේ 4 වෙනි 5 වෙනි ඇනිවසරිත් මේ වගේම සමරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා...

  • කිඩෝ says:
    July 29, 2011 at 9:43 PM

    අපරාදේ කාපුවා 940ක් වමාරලා දෙන්න තිබුනේ :P

  • Ajith Dharma. says:
    December 17, 2015 at 3:59 PM

    හොඳ බ්ලොගයක්. අසෙනි වැසි හරහා ආවේ. ටිකට් නැතුව යන දවසට තමා අහුවෙන්නේ.

Post a Comment