Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts

Thursday, July 28, 2011

දුම්රිය දෙවියෝ කෝප වූ වගයි..

17 ප්‍රතිචාර | Read more...
                 
                   මම  අද කියන්න යන්නේ උණු උණුවේ උන වැඩක් . ඒ කියන්නේ අද උන වැඩක්මෞන වැඩේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අප්පා..... :D :D :D

                 කස්ටිය දන්නවනේ චේ උන්නැහේගේ(ඒ කිව්වේ මගේ) වෙන්ඩ බිරින්දැ මිසිස් චේව, ඔය මිසිස් චේ මීට අවුරුදු 3කට කලින් අද වගේ දවසක කව්දෝ මන්දා ගල් ආදෙක් එක්ක ප්‍රේම පුරාණයකට මුලපුරලා තියනවා. ඉතින් ඒ තෙඅවුරුදු පූර්ණය සමරන්න චේ උන්නැහේයි, මිසිස් චේයි, මිසිස් චේගේ අතිජාත මිතුරිය ලකී නංගියි , චේ උන්නැහේගේ අතිජාත පාප මිත්‍රයා සීතල අයියයි අද පොඩි රවුමක් දාන්න කතා කොරගත්තා

               උදේ පාන්දරම ලකලැහැස්තිවෙලා කස්ටියම උදේ 11 වෙනකොට සීතලයාගේ මහගෙදරට එහෙමත් නැත්නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගියා කියමුකෝ. හරිම විනෝදෙන් කාලේ ගත කලා. පොඩි කේක්ගෙඩියක් කපලා පුංචියට චාමෙට ඇනිවසරිය සෙලිබ්‍රේට් කොලා.. සීතල අයියාගේ නැදැ බැබුන් කෙනෙක්ගෙන් සීතල අයියාට වුනු අකරතැබ්බය ඇරෙන්න මුලු දවල් වරුවම බොහෝම සතුටින් සමාදානයෙන් ගෙවිලා ගියා.  

                   හවස් වෙනකොට සත්තුන්ගේ කෙලි එපා උනා. බඩත්ගිනියි වගේ. ඉතින් ට්‍රීට් කියලා එකක් දෙන්නත් එපැයි, (ඔය ට්‍රීට් කියන එක හොයාගත්ත එකාටනම් හොදක් සිද්ධවෙන්න එපා.)  . ඉතින් කට්ටියත් එක්කම රැජිනගේ කඩේ හෙවත් queens cafe අවන්හලට ගොඩ වැදුනා. හෆොයි දෙවියනේ, කැම ජාති ගේනවා විතරයි, වාශ්ප වෙනවද මංදා. කොහොමෙන් හරි අහිංසක චේ උන්නැහේගේ මුලු සේසතම හිදුනට පස්සේ කස්ටියට එලියට ආවා කියමුකෝ. වෙලාව 4.30ට විතර ඇති. තව වෙලාත් තියන එකේ එම්සී එක පැත්තේ  ශොපිං පාරකුත් දාලා 5.00 විතර වෙනකොට බම්බලපිටියේ දුම්රියපොලෙන්  මොරටුව බලා ගමන්ගන්නා අධිවේගී මන්දගාමී දුම්රියකට ගොඩ උනා.ඉස්කෝලේ කාලේ අපි ඉතින් කවදාවත් කෝච්චියේ යන්න ටිකක් ගත්ත එකක්යැ. අතීතය ආවර්ජනයක් කරන්නත් එක්ක ටිකට් නොගෙනමයි කෝච්චියට ගොඩ උනේ.. ඉතින් සිංදුවක් එහෙමත් කිය කිය ඇවිල්ලා කස්ටියත් එක්ක මොරටුව දුම්රියපොලෙන් බැස්සා......

                          හත්වලාමයි... මෙන්න මොරටුවේ දුම්රියපොලේ ටික්කෝ පෝලිමයි. කට්ටියටම දෙලෝ රත් උනා...  ඇයි යකෝ ටිකට් ගත්තෙත් නැ.. අතේ සතෙත් නැ... ශේප් එකේ මාරුවෙන්න විදිහකුත් නැ. . හතර දෙනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නකොට මරුමුස් පාට ටික්කා අංකල් කෙනෙක් ඇවිලා ටිකට් ඉල්ලපි. කොහෙන් ටිකට් දෙන්නද,  ටිකට් දෙන්න ටිකට් ගන්න එපැයි. කොහොම හරි අංකල්ට පානිය දාලා එක්කෙනෙක්ට දඩේ ලියාගන්න සෙට් උනා..  මෙන්න ඒ අස්සෙ තව ඔටු ටික්කෙක් ඇවිල්ලා කියනවා මෙහෙම හරියන්නේ නැ හතර දෙනාටම දඩගහන්න ඕනා කියලා. ඒ වෙලාවේ උගේ අම්මට සැහෙන්න කිඹුහුං යන්ට ඇති :P :P ... 

                         ඔන්න දඩකොලේ චේ උන්නැහේගේ අතට ලැබුනා.. රුපියල් 940ක්..... පර්ස් එක හරියටම තිබුනේ රුපියල් 284යි.. කට්ටියගෙම පොකට් පර්ස් හූරලා රුපියල් 958ක් යන්තම් හොයාගත්තා. ඒකෙන් 940ක් ගෙඩිය පිටින් අර අවලං ටික්කට පූජා කරලා, ඉතිරි රුපියල් 18 ගැහැණු දැරිවියො දෙන්නට බස් එකේ යන්න දීලා සීතල අයියයි අහිංසක චේ උන්නැහේයි බොහෝම දුකසේ පයිං ගාට ගාට ගෙදර ආවා..... 

ඔන්න චේ උන්නැහේගේ ඇනිවසරියට ලැබුනු මහානුභාව සම්පන්න තැග්ග......!!!!!!!!!! 
  


මහානුභාව සම්පන්න දඩකොලේ

Sunday, May 29, 2011

මංගල දැන්වීමයි....(By චේ උන්නැහේ)

12 ප්‍රතිචාර | Read more...

හම්තුමා ලගදි ගත් ජායාරූපයක්
                                                           
              අපේ අක්ශර සෙට් එකේ ලොකු අයියා වන හම්තුම් හෙවත්     නාකි මනමාලයා සොයුරාගේ නිසි කල වයස ඉක්ම යමින් තිබෙන නිසා ඔහුට ගැලපෙන යුවතියක් සොයාදීමට අක්ශරයේ අපි තීරණය කලෙමු.

                 සත්ගුණවත් මහා දානපති හම්තුම් සහෝදරයා කොටමොඩ්ල් ලග පිකප් ආකාරයේ පුද්ගලයෙක් වන අතර , සිරුරේ හැඩයෙන් තාර පීප්පයකට හෝ වයින් බැරලයකට සමාන වේ. රා කලයක් වන් බඩ ගෙඩියෙන් ඔහුගේ ආහාර ගැනිමට ඇති රුචිකත්වය මනාකොට හෙලිකරයි. වලසෙකුගේ ආකාරයෙන් සිරුර පුරා රෝම විසිරී ඇත. මොහුගේ කේශ කල්‍යාණය යුවතියකගේ මෙන සාරවත්ව වැඩී ඇත්තේ නිසිලෙස සාත්තු නොකල වී වගාවක් සිහිගන්වමිනි. පැහැපත් ජවි කල්‍යාණයකින් යුක්ත වූ සම පාණ්ඩු රෝගියෙකුගේ සමට උපමා කල හැක. අහිංසක පෙනුමැති ඇස් දෙකෙන් කුප්පකම් උතුරා ගලායයි.

   හම්තුම්ගේ චරිත ලක්ශණ ගත්කල කෙටියෙන් අමුම අමු කුප්පයෙක්යැයි කිව හැකිය. සිය අහිංසක පෙනුම උපයෝගී කරගනිමින් කෙල්ලන් රවටා දැලේ දමා ගැනීම මොහුගේ ප්‍රියතම විනෝදාංශය බවට පත්ව ඇත. චිලිපේස්ට් හා මාගරින් සමග පාන් ආහාරයට දැඩි රුචිකත්වයක් දක්වන මොහු ඒවා ඇතිවිට පාන් රාත්තල් තුනකින් මෙහා නොනවතී. වැරදීමකින්වත් මත්පැන් කටේවත් නොතබයි. කොමාර්ශල් බැංකුවේ පියුන් උන්නැහේ ලෙස රැකියාව කරන මොහු ගොඩ මඩ ඉඩම් හිමි ධනවත් (නාකි) කොල්ලෙකි.

          ඉතින් මේ කල වයස ඉක්මවමින් පවතින නූගත් රූමත් සොයුරාට, විනීත, සුකුමාල , සුලලිත, සුරම්‍ය, ප්‍රේමයෙන් මනරංජිත, අහිංසක, කුප්ප නොවන කෙලිපොඩ්ඩියක් ( ආච්චියෙක් වුවද කම් නැත ) අක්ශරවාසීන් සොයයි. කුල මල භේද නොසැලකේ. දරුවන් සිටියද කම් නැත. වරදට සමාව දේ, දැවැදි අත්‍යවශ්‍ය වේ. මුල්ම ඉල්ලුමට සැනින් ප්‍රතිඵල.

අදම අයදුම් කරන්න....             
                                   චේ මලයා.,
                                   ඇඩ්මින් බාරේ,
                                   අක්ශර,
                                   මුහුණු පොත.

 අවවාදයයි. :  හම්තුම් අයියා කුප්පයා බැවින් නංගිලා සිටින අක්කලා නොවිමසන්න.

ප.ලි.
     මේක මම මුහුණුපොතේ නෝට් එකක් විදිහට දාලා ටිකක් කල්. හැබැයි තවම හම්තුමා තනිකඩයා... ඒ නිසා අපි හිතුවා ආයෙත් පාරක් පොඩි පබ්ලිසිටියක් දීලා ට්‍රයි කොරන්ට. ඔන්න කස්ටිය මේ නාකි මනමාලයට කෙල්ලෙක් හොයලා දෙන්ට බලන්ට හොදේ.... පිනකුයි පවකුයි දෙකම එකපාර ලැබෙනවා..... පින මූට කෙල්ලෙක් හොයලා දෙන එක ගැන, පව අහිංසක කෙල්ලෙක්ගේ අනාගතේ කාලා දාන එක. 
එහෙනම් අපේ හම්තුමාට සුබ සිරි මංගලම් කිව්වා...............

Thursday, April 14, 2011

ලග්නයට අනුව ලැබුවා වූ වසර ඔබට.....

23 ප්‍රතිචාර | Read more...
1. මේෂ
          මෙම වසර මේෂ ලග්න හිමි ඔබට සියලු ලෙඩ රෝගයන් වැළදී දුක් පීඩා විදීමට සිදුනොවන, වලි කොකු වලින් බර නොවනු ප්‍රීතිමත් නව වසරක් වේවා.. තවද සිංගල් අය ඩබල් වන, ඩබල් වුනු අය සිංගල් නොවෙන, ලියන ලියන විභාග සීය දාන රැකී රක්ෂා කටයුතු සාර්ථක වන එලකිරි වසරක් වේවා...


2. වෘෂභ
          වෘෂභ ලග්න හිමි ඔබට මේ උදා වන නව වසර ඉතාමත්ම සුභදායක වීමටත් කිරි හා පැණි උතුරා කුඹින්ගෙන් සිදුවන හානි සිදු නොවීමටත් කිරි හා පැණි කෙසේ වෙතත් සාමය හා සතුට උතුරා ගලා යන වසක් ‍වීමටත් මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙමින් පෙම් සිතුම් පහල වී අධ්‍යාපන, රැකී රක්ෂා කටයුතු සාර්ථක වීමටත් මංගල කටයුතු සාර්ථක වන මඤඤං නොවූ වසරක් වේවා..!


3. මිථුන
          මිථුන ලග්න හිමියන්ට සුබ ග්‍රහඵල ලබාදෙන ප්‍රීතමත් ප්‍රබෝධමත් වසරක් මෙන්ම ගෙවී ගියා වූ වසරට වඩා ඉතා සර්ථක ලෙසින් සියලු කටයුතු සාර්ථක වන හිතමිත්‍රාදීන්ගේ උදවු උපකාර සහායොගයන් පැසසුම් අරවා මේවා ඔක්කම ලැ‍බෙන සුබ නව වසරක් වේවා...!


4. කටක
          කටක ලග්න හිමියන්ට මේ වසර මුල් භාගයේ සිට අග භාගය දක්වාම අතේ මිටේ යහමින් මුදල් ගැවසෙන, ඒවා වියදම් කරන්න සිත්දෙන, කරන කියන සියලු කටයුතු සාර්ථක ‍වන ප්‍රීතිමත් මැක්සා නව වසරක් වේවා..!


5. සිංහ
          සිංහ ලග්නය කොටගත් සියලු බ්ලොග්කරුවන්ට මැක්සා පෝස්ට්ස් ලිවීමට හැකි වන, එම පෝස්ට්ස් වලට සට සට ගා කමෙන්ට්ස් වැටෙන කරන කියන සියලු දෑ සාර්ථක වන සිතේ සතුට පිරි හදේ උතුරා ගලා යන ආදරය සමඟ සුබ නව වසරක් වේවා..!


6. කන්‍යා
          කන්‍යා ලග්න හිමි ඔබට මේ වසරේදී මල්පිට මල් සැලෙන දිගු මාවත් වල බියෙන් සැකෙන් තොරව අණතුරු පීඩා වලින් තොර හිතේ පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා...!


7. තුලා
          ඉර හඳ පායන ලෝකේ දුක සැප සමබර වී වසර පුරා කිර කිරා ඉන්න නොවෙන ප්‍රීතිමත් සාර්ථක යුග දිවියක්  හා සාමය සතුට පිරි නව වසරක් වේවා...!


8. වෘශ්චික
          වෘශ්චික ලග්නය හිමි ඔබට සොර සතුරු රෝග විපත් වලින් තොර සියලු කටයුතු සාර්ථක වන කෙල්ලන් නොමැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වෙන, කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වෙන* , ‍ෆෝන් එක දිහා බලද්දී අදාල අයගෙන් කෝල් එකක් SMS එකක් එන ප්‍රීතියෙන් හා සාමයෙන් ගත වන සුබ නව වසරක්වේවා..!


9. ධනු
          ධනු ලග්නය හිමි ඔබට මෙම වසර අත පිරෙන්න සල්ලිත් හිත පිරෙන්න සතුටත් ලැ‍බෙන සියලු කටයුතු ඉතාමත් සාර්ථක වෙන සුබ නව වසරක්වේවා...!


10. මකර
          මකර ලග්න හිමියන්ට මෙම ලබුවා වූ නව වසර ඉතාමත් සුබදායි මෙන්න සියලු කටයුතු සාර්ථක වන්නවා වූ නීරෝගී සුවය ලැබෙන්නා වූද, බෑ බෑ කිය කියා ඉන්න විවාහ කටයුතු ඉක්මන් වන, මනමාලියන් නැති මනමාලයන්ට මනාලියන් හමුවෙන, මානමාලයන් නැති මනමාලියන්ට මනමාලයන් හමු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..!!


11. කුම්භ
          කුම්භ ලග්න හිමියන්ට පෙරේත කුම්භාණ්ඩයින් සෙට් නොවන යහපත් යාලුවෝ සෙට්වෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන සිතන පතන යහපත් දේ ලබාගන්න හැකිවෙන සුබ නව වසරක්වේවා..!


12. මීන 
          මීන ලග්නය හිමි සියලුම දෙනාට නොම්බරය වැරදුනු රීලෝඩ් ලැබෙන, මල් කඩද්දී නෙට්වර්ක් බිසී නොවන, කෝල් කරද්දී වේටින් නොවැටෙන සියලු කටයුතු සාර්ථක වෙන සුබම සුබ නව වසරක්වේවා..!




මේ සියලුම දෙනාට කරන කරන ප්‍රාර්ථනාවන් ඉටුවන, අවුරුද්දම සුබම සුබ කරගන්න හැකියාවක් ලැබේවායි අක්ෂර අපි ඉතසිතින් ප්‍රාර්තනා කරන්නෙමු..


(* කොල්ලන් නැති කෙල්ලන් කරුණා කර පහතින් සටහනක් යොදා යන්න. අක්ෂරයේ සියලුම කොල්ලන් Available ය)

Monday, March 7, 2011

පොදු වැසිකිලියක් ඉකි බිදියි...(by රත්ගමයා)

24 ප්‍රතිචාර | Read more...

වීදියේ අදුරු මුල්ලක..
බස් නැවතුමේ මැදට වන්නට....
නහය හකුලවන පල් ගදින්....
වැටහේවි මා සිටිනා බව.....

කවි ලියයි මහතුන්.....
මල් ගැන ආදරය ගැන....
අනේ නෑ කිසිවෙකුත්....
ලියන්නට වැසිකිලිය ගැන........

හිනා වෙයි පෝස්ට‍ර්....
මාගේ මුහුන පුරාම....
ගදක් නොදැනේ මුන්ට....
ඡන්දේ උනුසුම් ඒ තරමට.......

බලන්නට ලැජ්ජාය.......
රුපියල් දහයකට විස්සකට....
විකිනෙනවාලු.....
අපේ මිනිසුන්ගේ....
මුත්‍රා බර......
                        

Sunday, February 20, 2011

තහනම් ප්‍රේමයක පාපොච්චාරණය......

9 ප්‍රතිචාර | Read more...
                                                      
                          ලෝකයා ඉදිරියේ මෙච්චර දවසක් වසන් කරගෙන හිටපු මගේ ආදර කතාව හැමෝටම ඇහෙන්න කැගහලා කියන්න හිතුනේ එයා මගේ හදවත කඩලා බිඳලා කුඩුපට්ටම් කරලා දැම්මට පස්සේ... එයාමයි මට ආදරේ කියාගෙන මගේ පස්සෙන් ආවේ..... එයාමයි මට මුලින්ම ආදරෙයි කිව්වේ....... එයාමයි මම එයාගේ ජීවිතය කිව්වේ...... එයාමයි මුලු ලෝකයම අපිට විරුද්ධ උනත් මාත් එක්ක එයා හැමදාම ඉන්නවා කියලා පැනලා යමු කිව්වේ......... ඒත්....... . එහෙම කියලු එයා අද වෙනස් වෙලා.......... පන වගේ ආදරෙයි කියලා කියපු එයාගේ කටින්ම අද එයා අපි දෙන්නගේ කතාව වෙන කෙනෙකුව ගාවලා කියලා මාව අපහසුතාවයට පත් කරන්න, සමාජය ඉදිරියේ කොන් කරන්න හදනවා.... ඇයි ඔයා මෙහෙම කරන්නේ..... මගෙන් වුන වරද මොකක්ද  ????????........

                         අපි දෙන්නගේ සම්බන්ධේ පටන් ගත්තේ දෙවියන්ගේ අඩවියෙදි...... මට මතකයි එයා මාව දැකපු වෙලේ ඉඳන් මං දිහා බලාගෙනම හිටපු හැටි....... එයාගේ බැල්මට කතාවට මගේ හිතත් ඇදිලා ගියා.... ඒත් මම සදාචාරය ගැන හිතලා හිත හදාගත්තා... ඒත් එයා එහෙම නැ..... මගේ ලඟට ඇවිත් බොහෝම සුකොමල විදිහට එයාගේ ආදරේ කියපු හැටි මට තවමත් මැවි මැවී පේනවා...... නඩේ හිටපු අනික් අයගෙන් වෙන් වෙලා අපි දෙන්නා අපේම ලෝකෙක ජීවත් උනා.... ඒත් අද ඇයි ඔයා මෙහෙම කලේ ??????....... ඔයාගේ ආදරයට මොකද උනේ ??????......

                      අද එයා ලෝකයා ඉදිරියේ සමච්චලයට පත් කරන්න හදනවා.... මම වෙන කෙනෙක් එක්ක අසම්මත සම්බන්ධයක් තියනවා කියලා ලෝකයාට පෙන්නලා එයා සුදනා වෙන්න හදනවා. එව්වා කොහෙද මාත් එක්ක... ඔයා මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නැ... ඒ උනත් ඔයා කලා.... මටත් කරන්න දෙයක් නැ... මම හැම දෙයක්ම කියනවා.... ඔයා වෙන පිරිමි එක්ක ගියාට කවදාවත් මම අහිතක් හිතුවේ නැ.... ඔයා සුද්දො එක්ක පැය ගණන් ගත කලාට මම මොකුත් කිව්වේ නැ.... ඇයි රත්ගමයෝ මට මෙහෙම කලේ.... ඔයාගේ ආදරේට මොකද උනේ රත්ගමයෝ..... මට ආදරෙයි කියපු කටින් කොහොමද ඔහොම දෙයක් කිව්වේ රත්ගමයෝ...... මට සමාවෙන්න රත්ගමයෝ.... අපි දෙන්නගේ අසම්මත ප්‍රේමය ලෝකයාට කියනවා හැරෙන්න වෙන විකල්පයක් මට හිතාගන්ට බැරි උනා..... මට සමාවෙන්න රත්ගමයෝ...




ප. ලි : රත්ගමයා මාව නැවූ මඩ බාල්දියෙන්ම රත්ගමයාවද නැවීමේ කුප්ප අරමුණින් යුක්තව ලියා පලකරන ලදි.... මම දැන් ඇති පදම් නා ඇති බැවින් මේ මඩ බාල්දිය චේ උන්නැහේට මඩක් නොවේ....
                 



චේ උන්නැහේ ගේ රස කතාවක්

25 ප්‍රතිචාර | Read more...

මේක මම අද මුහුනු පොතේ සැරිසරන කොට මගේ ඉන්බොක්ස් එකට ආපු මැසේජ් එකක්..මඩක් ද දන්නේ නම් නෑ...කොහොම හර් සිද්දිය ඇත්ත..
මේ චේ උන්නැහේ කියන පුද්ගලයා කෙල්ලන්ට වඩා කොල්ලන්ට ආසයි කියලා කට්ටිය දන්නව නේ...මේක ඒ ගැන කතාවක්..ඔන්න මාව අල්ල ගන්න එපා..මේ කතාවේ කිසිම දෙයක් මම ලියපු එව්ව නම් නෙමේ...
මේකයි කතාව........
------------------------------------------------------------------------------------------------------------------------------------
ඔන්න අපේ චේ උන්නැහේට දහම්පාසල් ගුරු සේවයට එන්න හිතිලා දැන් සති දෙක තුනක් වෙනවා. පසුගිය සති දෙක තුන හව්වෙන හව්වෙන පන්තියට ගොහින් උන්දැගේ දැනුම බෙදදුන්නලු.(උන්දැගේ දැනුම මොන වගේද කියලා අපිනේ දන්නේ)

නමුත් අද 8 ශ්‍රේණිය භාර ගුරුතුමා චේ උන්නහෙවත් කැටුව තම පන්තියට ගියේ චේ උන්නහේව සිය පන්තියට හදුන්වා දී තම වැඩකටයුතු වලින් කොටසක් ඔහුට භාර දෙන අරමුණින්.

ඔන්න ඉතින් පන්තිභාර ගුරුතුමා සිසුන් අමතලා "මේ අපේ දහම්පාසලේ ආදී ශිෂ්‍යක්. ඕගොල්ලෝ මෙයාව දන්නවද?" කියලා ඇහුවා.

ඔන්න පන්තියේ ඉන්න කොල්ලෙක් අත ඉස්සුවා. එක දැකපු පංති භාර ගුරුතුමා "ඔයා දන්නවද? කියන්න බලන්න මේ කව්ද කියලා.." කිව්වා..

ඒ පාර අර කොලුගැටයා නැගිටලා "ඔව් ඔව් මං මෙයාව දන්නවා.. මෙයා කලින් අපෙ අයියා එක්ක යාළුවෙලා හිටියනේ.." කිව්වා. එක ඇහුන චේ උන්නැහේට උන්හිටිතැන් මතකනැති උනා. උන්නැහේ එම පංතියෙන් එලියට බැස්සේ ලජ්ජවද උහුලාගත නොහැකිව. අයිය එක්ක යාලු වේලා ඉදපු චේ උන්නැහේ අයියා එක්ක හද පානේ පැනලා යන්න ප්ලෑන් කොරා කියලා තමා වටින් ගොඩින් ආරංචි එන්නේ..දෙන්නා පනට පන වගේලු ඉදියේ..මෙව්වා රට්ටු හිනස්සන වැඩ කියලා අහල පහල පොඩි කොල්ලො කතා වෙනවලු..

Thursday, February 17, 2011

අලගල්ල සොබා සුවිසැරිය

13 ප්‍රතිචාර | Read more...
“බලන මොටන අලගල්ල පැනලා සුද්ද මෙහාට එනවා බොරු“
ඉස්සර මිනිස්සු කියල තියෙන්නෙ අන්න එහෙමයි... ඉතින් අපි (මා ඇතුලු යාළුවො හතර දෙනෙක්) ගියා මේ අලගල්ල කන්ද තරණය කරන්න. මේ තියෙන්නේ ඒ ගැන සටහනක්. 


අන්තර්ජාලයෙන් ඇවිදින්න පුලුවන් තැන් ගැන විස්තර හොයනකොට අහම්බෙන් හම්බුන තොරතුරක් තමයි මේ අලගල්ල. අලගල්ල කියන්නේ ඉස්සර සුද්ද මේ රට ආක්‍රමණය කරපු කාලේ උඩරට රාජධානියේ ආරක්ෂාවට තිබුනු මුර කපොල්ලක්. කෙ කඳු මුදුනට ගියාම ඒ බව නම් පැහැදිලි වෙනවා. හාත්පස සිසාර පේන සුන්දර දසුනින.

ගමන් විසතරය මෙහෙමයි.
අපි අලගල්ලට ලඟාවෙන් යොදාගත්තේ දුම්රිය. උදේ 5.20ට තිබුන දුම්රියෙන් මීරිගමින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ගිහින් පොල්ගහවෙල සිට පෙ.ව 6.00 නුවර බලා යන මනදගාමී දුම්රියෙන් ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානය දක්වා ගමන් කලා. ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයට ලඟාවුනේ උදේ 7ට විතර. එතැන් සිට තියෙන්නෙ පයින් ගමනක්. අපිත් ඉතිං එතනින් එහාට යන පාරක් දැනං හිටියෙ නෑ. ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමා යන්න තියෙන්නේ.

හැම අවුරුද්දෙම පෙබරවාරි 4 වෙනිද නිදහස සමරන්න ගමේ මිනිස්සු මේ කඳූ මුදුනට යනවලු. හැබැයි මේ පාර නම් කට්ටිය ගිහිං නෑ. මොකද පේබරවාරි 4 වැස්සනේ. 



යන ගමන්
ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් ලද තොරතුරුවලට අනුව ඒ අසලින් අපි ගමන් ඇරඹුවේමු. ගම වෙත දිවෙන මග ඔස්සේ ඉදිරියට ගමන් කිරීම එතරම් අපහසුවක් නොවේ.

ඉතින් මේ විදියට ගමන්කරපු අපි, ගම මැද්දෙන් පාර සොයන් යන අතරේ තේ වතු මැදින් යන පාර ගේක මිදුලකින් ඉවර වුනා. දැං ඉතින් අයෙ හැරෙන්නයැ. අහල පහල සෝදිසි කරල බලද්දි, කන්ද පැත්තට යන පොඩි අඩිපාරක් හම්බුනා. අයේ දෙකක් නෑ, මේ පාර කට්ටිය ගියෙත් නැති නිසා කැලෑවුනු පාර වෙන්නැති කියල අපි ඒ පාරෙන් ගමන්කරන්න පටන් ගත්තා. බැලින්නං ඒ කැලේට යන්න තියෙන පොඩි අඩි පාරක්.. කන්ද නගින පාර නෙමෙ....හැබැයි අපිට ආපහු හැරෙන්න විදියකුත් නෑ. වෙන කරන්න දේකුත් නැති නිසා අපි කැලේ මැදින් කන්ද පැත්තට නගිනන් පටං ගත්තා. මේ පේනවනේ හසරක් නැති කැලෑව. 


පටන් ගත් තැන් සිට සතුරා කූඩැල්ලාය. මුන් නම් නිකම්ම නිකම් කූඩැල්ලන් නොව, මහ කුප්ප කූඩැල්ලන් ජාතියකි. පන්න පන්න පහර දෙනවාට අමතරව ඉහල සිටින සිය නෑ හිතමුතුරන්ටද පණිවුඩය දුන් සැටියකි.කෙසේ නමුත් කෑඩැල්ලත් සතෙක්ද :P


පාර සෙයාගනු වස් යන යන තැන ගස් කොල අතු නවන්නට නම් අමතක කලේ නෑ ( ඊලඟ පාර මේ පාරෙන යන අයට උඩට එන්න පුලුවං ඒ මග ඔස්සේ) 
කැලැව කපාගෙන කහඹිලිය ගාල් පීරගෙන කටු අතුවල ඇමීණිගෙන ගිය ඒ ගමන නම් අමතක නොවන අපූරු අත්දැකීම් රැසක් එක් කලා. අපි නියමිත මගින් ගමන් කලානම් ගමන මේ තරම් සුන්දර (අපේ වචනයෙන්ම් ආතල්) නොවෙන්න තිබුනා. දුෂ්කරතා මැඩගෙන ගියපු ගමන නිසාම අපේ යාළුවන්ටත් ගමන අපූරුවට අල්ලල ගියා (ගිය අය මේක දැක්කනං මාව කයි, එක්කන් ගියා කියල නම් මොකුත් තාම කිව්වෙ නෑ හිහ් ) 


ගමන දුෂ්කරයි, පොල්ලක් අතේ තියන් යන එක වඩා හොඳයි. හැබැයි සුන්දරයි. කැලෑව කියන්නෙ කොහොමත් බෝම සොඳුරු ඉසව්වක් නේ...




බහින එක නම් නගින කොට තරම්ම අමාරු නොවුනේ කඳූමුදුනට කිට්ටු වෙද්දි නියම පාර හමුවුනු නිසා.


මේ විදියට පාර හොයාගෙන කන්ද නැගපු අපිට, කදු මුදුන කිට්ටුවේ ගහක “මතු පරපුර උදෙසා තුරුලිය සුරකිමු“ ලෙස ලියු බෝඩ් එකක ගහල තියෙනව දැක්කම මාර සතුටක් දැනුනේ. මිනිස් පුලුටක් වත් අහල පහල නැති කැලේ බෝඩ් ගහල තියෙන්නේ පාරෙ වෙන මොකටද පාර සොයාගන්නත් ඕනි නිසානේ. 

අලගල්ල කන්ද නගින්න තියෙන නියම පාරෙන් කඳු මුදුනට යාම එතරම්ම අපහසු නෑ. අඩිපාරක් නමුත් දුෂ්කර බව අඩුයි. නමුත් කූඩැල්ලන් නම් එමටයි. 

ගමන පටන්ගනිත්දි වාරුවෙන්න පොල්ලක් සොයාගන්න එක හොඳයි. ඒ වගේම පාර හරියටම අසාගන්ත්තොතින් එතරම් අපහසු වෙන එකක් නෑ. 
ගමනට හැකිතරම් වතුර බෝතල් එකතු කරගන්න එක නම් හොඳයි, මොකද කැලේ පීරගෙන යද්දි නම් වතුර ගන්න තැනක් නෑ. ආහාර විදියට අපි නම් පාන් සහ බිස්කට් අරං ගියා. ඒ වගේ සැහැල්ලු ආහාර අරං යන එක හොඳයි කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. 

ආපහු එන්නත් අපි නම් දුම්රියම යොදාගත්ත. මහමාර්ගය භාවිතාකරන කෙනෙකුට මාවනැල්ලට ගිහිං එතනින් ඉහලකෝට්ටෙ වෙත එන්න ඕනි. ආපසුත් ඒ මගම ගන්න පුලුවන්. අලගල්ලට දුම්රියෙන් යාම වඩාත් පහසුයි. නමුත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ නවත්වන දුම්රියන් ප්‍රමාණය සීමිත නිසා ඒ පිළිබඳව දුම්රිය ස්ථානයෙන් දැනුවත්වීම වැදගත්. (අපිටනම් පොඩිමැණිකේ දුම්රිය, දුම්රිය හුවමාරුවක් නිසා ඉහලකෝට්ටෙ දුම්රිය ස්ථානයේ නවැත්වීම ආපසු ගමනට ලොකු පහසුවක් වුනා) 
ඉතින් ලංකාවෙ තවත් බලන්න නම් තැන් ඕනි තරම්. සොඳුරු ඉසව් කරා යන්න. ඒව නරඹන්න. හැබැයි ඡායාරූප සහ මතකය පමණක් රැගෙන එන්න. පියසටහන් විතරක් ඉතුරු කරල එන්න. 


“පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි“







Tuesday, February 8, 2011

The ජෙටා vs මුණසිංහ මයා..............

16 ප්‍රතිචාර | Read more...


රත්ගමයා ඉස්කෝලෙ ගිහිල්ලා අහවරයි නේ..ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියලා රත්ගමයා දන්නවා..පුලුවන් හැම වෙලාවෙම රත්ගමයත් හොරෙන් හිත හදිස්සියෙන් දුවනවා ආදරණීය ඉස්කෝලෙ හොයාගෙන..මේක රස කතාවක්..කතාවක් කිව්වට කතා දෙකක්..
      රත්ගමයලට භෞතික විද්‍යාව විෂය ඉගැන්නුවේ මුණසිංහ කියලා සර් කෙනෙක්..ගාල්ලෙ ඉන්න උන් නම් දන්නවා කව්ද කියලා...නිතරම කාට හරි කුප්ප කතාවක් කියල හිනැස්සුවට භෞතික විද්‍යාව නම් එල කිරට උගන්නනවා...සර්ට තියෙනවා කාර් එකක්..අලුත්ම භන්ඩේ..කාර් එක රතු පාටයි..මාර ආඩමබරෙන් තමා ඉන්නෙ කාර් එක ගැන..
    කතාවට සම්භන්ධ අනිත් චරිතේ තමා ජෙටා...නමින් අකිල උනාට ආදරේට කියන්නෙ ජෙටා...නම හැදෙන්නත් හේතු තියෙනවා..ඒව මෙතන කිව්වොත් මේක කියවන්න එන කට්ටිය ආයෙ මේ පැත්තෙ එන්නෙ නෑ.
                           .ඔන්න මුණසිංහ සර් උගන්නනවා...ජෙටා ඉන්නෙ ඉස්සරහම පේලියේ සර්ගේ කට දිහා බලන් ඉන්නවා..පාඩම බලය.. ..සර් කියල දෙනවා රූප බෝර්ඩ් එකේ ඇද ඇද.."කාර් වල ශොකට් තියෙනව නේදැකලා තියෙනවද..ඒකෙන් රෝදෙ මත යෙදෙන බලය අඩු වෙනවා..මේ විදිහට තමා ක්‍රියාත්මක වෙන්නේ...රායිට්..".ජෙටා පොපිය පොපිය ඉදියේ..සර්ට කියල 1 දාගන්න.මූට මතක් උනා සර්ගේ කාර් එක ගැන.මූ පැනපු ගමන් සර්ගෙන් අහපි."සර්.සර්ගේ එකෙත් එහෙම ශොකට් තියෙනවද.කොල්ලො හිනා වෙනවා..සර්ටත් දැන් නෝන්ඩි..මෑනුත් අත අරියෙ නෑ..දුන්නා ජෙටාට ආයේ කට නොඅරින්න ටෝර්ක් එකක්."මගේ එක...මගේ එක පෙන්නනවා මම මෙතන කොල්ලො ඉදියෙ නැති නම්"
  එදා ඉස්කෝලෙ ඉවර වෙනකල් ජෙටා කතා නෑ...කොල්ලෝ අහනව ඉතින් උගෙන්.."ඒ බන් සර් ගෙ එකේ ශොකට් තියෙනවද කියල"
           මේ තමා දෙවෙනි කතාව..එදත් පුරුදු විදිහට සර් උගන්නනවා..අපේ පන්තිය තියෙන තැනට ඉස්කෝලේ ඇතුලෙ තියෙන ප්‍රධාන පාර හොදට පේනවා..ජෙටා ඉදියේ ජනේලේ ලග..මූ ජනේලෙන් එලිය බලන් ඉන්නවා කම්මුලට අතකුත් තියාගෙන..පාරෙ යනවා ටිකක් විතර වයස (60-65 විතර ) ආච්චි කෙනෙක්..මූ ඒ දිහාම බලන් ඉන්නවා..මෙලෝ සීහියක් නෑ...සර් දැක්කා මූව...මෙච්චර පණ දාගෙන උගන්නනවා..මේ යකා පාරේ නාකි ආච්චිලා දිහා බලන් ඉන්නවා."..කොහෙද බලන් ඉන්නෙ..මම මෙහේ උගන්නනවා..තමුසේට ඉතින් නාඩි වැටෙනව නම් ඕන එකක් නේ ඕයි....."..
හික්....සර් එදා කියපු කතාව නම් සහතික ඇත්ත..ඌට නාඩි වැටෙනව නම් ඕන එකක්....
මොන මොන පිස්සු ආතල් ගත්තත් අපේ කොල්ලෝ සෙට් එක එලට ඉගෙන ගන්න එක නම් කරා...

Sunday, January 30, 2011

රත්ගමයා ආයේ ඇවිල්ලලු..........

5 ප්‍රතිචාර | Read more...

රත්ගමයා බ්ලොග් කෙරුවාවට ඇවිල්ලා මාස 6ක් විතර ඇති මයේ හිතේ.මීට සති 3කට විතර කලින් ලමයා මුහුනු පොතේදි රත්ගමයට හම්බ උනා...උඹ ආයේ ලියන්නේ නැද්ද? ඕක තමා මුලින්ම අහපු ප්‍රශ්නේ."ලියනව නම් කියපන්.අපි අක්ෂරය කියලා බ්ලොග් එකක් ලියනවා කැමති නම් වරෙන්." එදා මම අක්ෂ‍රයට ලියන්න කැමැත්ත දුන්නා..එදා ඉදලා අක්ෂරයට ලියනවා.''කලින් බ්ලොග් එකට මොකද මලයෝ, උනේ'' කියලා ගොඩක් අය මගෙන් අහනවා.
ඒක ගොඩාක් දිග කතාවක්..රත්ගමයා ලියපු මාස 3 මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන මාස කීපයක් තමා..ජීවිතේ විදින්නේ කොහොමද කියලා බ්ලොග් ලියන කාලේ ඉගෙන ගත්තා.ඉස්සර සමහර විට මාසෙකට බ්ලොග් පෝස්ට් 20ක් විතර දානවා.මාස 3ක් ඇතුලත ගොඩාක් යාලුවෝ හම්බුනා.එයාල තාමත් බ්ලොග් එක ලියනවා..ඒත් රත්ගමයා බ්ලොග් එක නැවැත්තුවා..නැවැත්තුවම ගොඩක් අය හෙව්වා..ඊමේල් ආවා ගොඩාක්..මුහුනු පොතේ දන්න දන්න හැම කෙනාම ඇහුවේ මොකෝ යකෝ ලියන්නේ නැද්ද කියලා.මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..මාසයක් ඇතුලත 10,000 ක් බ්ලොග් එක බලලා තිබ්බා.. 100ක් විතර යාලුවෝ රොත්තක් හිටියා..
මෙච්චර කට්ටිය රත්ගමයට ආදරේ කරනව කියලා මම දැනන් ඉදියේ නෑ..අඩුම ගානේ මම වත් දැනන් ඉදියේ නෑ මට ලියන්න පුලුවන් කියලා.ඒත් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් වැඩටෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..දැන් රත්ගමයා අලුතෙන් බ්ලොග් එක පටන් අරන්...ඒ නමින්ම වෙනස් තැනක..ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඒක...ආයේ බ්ලොග් එක පටන් ගන්න අක්ෂරය ලොකු උදව්වක් උනා කියලා හිතෙනවා..ආයේ ලියන්න කැමැත්ත ඇති කරේ අක්ෂරය..ලියන්න ඕනකම ඇති කරේ අක්ෂරය...මාව මේකට එකතු කරගත්ත ලමයට පින්..ඒ වගේමයි අක්ෂරය ලියන අනිත් යාලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූති.රත්ගමයා කියන්නේ තව දුරටත් මගේ බ්ලොග් එකක් නෙමේ..ඒක බ්ලොග් කියවන ඔයාලගේම බ්ලොග් එකක්...
                          ඉස්සර රත්ගමයව ඉස්කෝලේ යාලුවෝ හිතන් ඉදියේ නිකම්ම නිකම් කොල්ලෙක් කියලා..ඒත් රත්ගමයා මට වටිනා කමක් දුන්නා...දැන් මොකක් හරි ලියමනක් ලියව ගන්න උනාම කියන්නේ...''අඩෝ. අරූට ලියන්න පුලුවන් ඔය වැඩේ ඌට බාර දෙමු කියලා....ඉතින් මේ රත්ගමයා මට වටිනවා...දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න කාලේකියලයි මම හිතන්නේ..මගේ ඉස්සර යාලුවෝ ඔක්කොම ආයේ රත්ගමයා පැත්තේ එයි කියලා හිතනවා.......
මෙන්න බ්ලොග් ලිපිනය මෙතනින් යන්න
                                                       රත්ගමයා
(     ප.ලි     -    මම ලියපු පරණ පෝස්ට් ඔක්කොම රත්ගමයට ඉම්පෝර්ට් කරා...)

Wednesday, December 22, 2010

මේ පොඩි එකාගෙ වැඩ

5 ප්‍රතිචාර | Read more...
ඔන්න වෙනද වගේම එදත් අප්පච්චි පත්තරේ බලබල හිටියා.පුරුද්දක් විදියට අපේ ගෙදරට ගත්තෙ සතියන්ත පත්තර දෙක.අනිත් දවස් පහේම අප්පච්චි ගෙදර ලග කඩෙන් ලංකාදීපෙ ගෙනත් බලනවා.බලලා කලින් දවසෙ පත්තරේ රෑ අටට විතර ගිහින් දෙන්නෙ.එදා පත්තරෙත් ඒත් එක්ක ඉල්ලගන එනවා.

ඒ දවසෙත් අප්පච්චි සාලෙට වෙලා පත්තරේ බලනවා,අක්කයි,අම්මයි මමයි ටීවී බලනවා.ඔහොම ඉද්දි රෑට කොන්ඩෙ පීරල ගොතලනෙ මම් නිදියන්නෙ,(මම හය වසරෙ ඉද්දි)ඉතින් කොන්ඩෙ පීරලා ගොතාගන පනාවත් අරන් ආවා සාලෙට.අප්පච්චි කණ්ණාඩි දෙකත් දාගන පත්තරේ බලනවා.අප්පච්චිගෙ ඔලුවෙ ඉස්සරහ පොඩ්ඩක් තට්ටෙ පෑදිලා,පිටිපස්සෙ හරියෙ කොන්ඩෙ තිබ්බා.

වෙනද වගේ මම විහිලුවට අප්පච්චිගෙ කොන්ඩෙ පීරුවා.පීරලා මම් කොන්ඩෙට දාල හිටිය කලු පාට බූල් බෑන්ඩ්ස් දෙකෙන් අප්පච්චිගෙ චූටි කොන්ඩ දෙකක් බෑන්දා.(ඒදවස් වල මම් ලග තිබ්බ හොද බූල් බෑන්ඩ්ස් කලෙක්ශන් එකක්,එක එක පාට ,ලස්සන ලස්සන ඒවා අම්ම අරන්දීපු).ටික වෙලාවකින් මටත් ඕක අමතක උනා ටීවි බෑලිල්ල නිසා.ඒත් එක්කම අප්පච්චී කඩේට ගියා ඊයෙ ගෙනාව පත්තරේ දීල එන්න,ගෙදර ලග කඩේට.

ඔන්න ටික වෙලාවකින් අප්පච්චි එනවා,ඈවිල්ල කියනව අහ්... අද මාරවෑඩේනෙ මට උනේ කියලා.අපි ඔක්කොම ටීවී එක බෑලිල්ල පෑත්තක තියලා අප්පච්චි පෑත්තට හෑරුනා.මම් කඩේට ගියා පත්තරේ දෙන්න..ඉතින් වෙනදවගේ කතා කරකර මුදලාලි හිනා වෙනව,මටත් ගානක් ගියෙනෑ.කඩේට ආව කොල්ලෙකුත් හිනා වෙවීගියා,ඒත් මම් බෑලුවා සරම වත් ඉරිලද කියල,එහෙමත් නෑ.එතකොටම මුදලාලි ඈහුවනෙ මහත්තයා කොන්ඩෙ ඈදෙන්න මොනවත් කරනවද කියලා.

එතකොට තමයි තේරුනේ මේ පොඩි එකාගෙ වෑඩ.මේකා මගෙ කොන්ඩෙ පීරපීර ඉදලා කොන්ඩ දෙකක් බෑදල, මම ගානක් නෑතුව ගියානෙ කඩේට.