තහනම් ප්‍රේමයක පාපොච්චාරණය......

Sunday, February 20, 2011

                                                      
                          ලෝකයා ඉදිරියේ මෙච්චර දවසක් වසන් කරගෙන හිටපු මගේ ආදර කතාව හැමෝටම ඇහෙන්න කැගහලා කියන්න හිතුනේ එයා මගේ හදවත කඩලා බිඳලා කුඩුපට්ටම් කරලා දැම්මට පස්සේ... එයාමයි මට ආදරේ කියාගෙන මගේ පස්සෙන් ආවේ..... එයාමයි මට මුලින්ම ආදරෙයි කිව්වේ....... එයාමයි මම එයාගේ ජීවිතය කිව්වේ...... එයාමයි මුලු ලෝකයම අපිට විරුද්ධ උනත් මාත් එක්ක එයා හැමදාම ඉන්නවා කියලා පැනලා යමු කිව්වේ......... ඒත්....... . එහෙම කියලු එයා අද වෙනස් වෙලා.......... පන වගේ ආරෙයි කියලා කියපු එයාගේ කටින්ම අද එයා අපි දෙන්නගේ කතාව වෙන කෙනෙකුව ගාවලා කියලා මාව අපහසුතාවයට පත් කරන්න, සමාජය ඉදිරියේ කොන් කරන්න හදනවා.... ඇයි ඔයා මෙහෙම කරන්නේ..... මගෙන් වුන වරද මොකක්ද  ????????........

                         අපි දෙන්නගේ සම්බන්ධේ පටන් ගත්තේ දෙවියන්ගේ අඩවියෙදි...... මට මතකයි එයා මාව දැකපු වෙලේ ඉඳන් මං දිහා බලාගෙනම හිටපු හැටි....... එයාගේ බැල්මට කතාවට මගේ හිතත් ඇදිලා ගියා.... ඒත් මම සදාචාරය ගැන හිතලා හිත හදාගත්තා... ඒත් එයා එහෙම නැ..... මගේ ලඟට ඇවිත් බොහෝම සුකොමල විදිහට එයාගේ ආදරේ කියපු හැටි මට තවමත් මැවි මැවී පේනවා...... නඩේ හිටපු අනික් අයගෙන් වෙන් වෙලා අපි දෙන්නා අපේම ලෝකෙක ජීවත් උනා.... ඒත් අද ඇයි ඔයා මෙහෙම කලේ ??????....... ඔයාගේ ආදරයට මොකද උනේ ??????......

                      අද එයා ලෝකයා ඉදිරියේ සමච්චලයට පත් කරන්න හදනවා.... මම වෙන කෙනෙක් එක්ක අසම්මත සම්බන්ධයක් තියනවා කියලා ලෝකයාට පෙන්නලා එයා සුදනා වෙන්න හදනවා. එව්වා කොහෙද මාත් එක්ක... ඔයා මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නැ... ඒ උනත් ඔයා කලා.... මටත් කරන්න දෙයක් නැ... මම හැම දෙයක්ම කියනවා.... ඔයා වෙන පිරිමි එක්ක ගියාට කවදාවත් මම අහිතක් හිතුවේ නැ.... ඔයා සුද්දො එක්ක පැය ගණන් ගත කලාට මම මොකුත් කිව්වේ නැ.... ඇයි රත්ගමයෝ මට මෙහෙම කලේ.... ඔයාගේ ආදරේට මොකද උනේ රත්ගමයෝ..... මට ආදරෙයි කියපු කටින් කොහොමද ඔහොම දෙයක් කිව්වේ රත්ගමයෝ...... මට සමාවෙන්න රත්ගමයෝ.... අපි දෙන්නගේ අසම්මත ප්‍රේමය ලෝකයාට කියනවා හැරෙන්න වෙන විකල්පයක් මට හිතාගන්ට බැරි උනා..... මට සමාවෙන්න රත්ගමයෝ...




ප. ලි : රත්ගමයා මාව නැවූ මඩ බාල්දියෙන්ම රත්ගමයාවද නැවීමේ කුප්ප අරමුණින් යුක්තව ලියා පලකරන ලදි.... මම දැන් ඇති පදම් නා ඇති බැවින් මේ මඩ බාල්දිය චේ උන්නැහේට මඩක් නොවේ....
                 



9 ප්‍රතිචාර:

  • රත්ගමයා says:
    February 20, 2011 at 9:03 PM

    හික්...මඩ ඕනේද පුතා....මේ ඉතින් ඔයා අනා ගත්තු තැන තමා......හික්

  • Anonymous says:
    February 20, 2011 at 9:03 PM

    වචන වලින් හරඹ කරනව වගේ.රන්ඩු නොවී ඉදපල්ලා හික්z...

  • චතුවා says:
    February 20, 2011 at 9:07 PM

    අපෝ.. අපිත් සීන් එක දැනගෙන හිටියට කිව්වේ නෑ...

    මේ ඔය ඩබලට කියන්නේ.. මේ හොඳටෝම ඇති දැන්.. හිහ්.. උඹලට මේ මඩ දිගටම ගෙනියන්න ඕනි නම් හදාපල්ලා වෙනම බ්ලොග් එකක්.. කම්මැලිනම් මම එකක් හදලා දෙන්නම්.. :D නැත්තං අක්ෂර වල තව ටික දවසකින්..... හපොයි...!

  • රත්ගමයා says:
    February 20, 2011 at 9:12 PM

    චේ ගැන මම කිසිත් නොකියමි..මොරෞව ලී බඩු වලට ඉස්සර සිටම ප්‍රසිද්ධය..දැන් දැන් ප්‍රසිද්ද වන්නේ මූ නිසාය...දහම් පාසලේ පොඩි උන් මුලු සිද්දියම දනී...මෙව්වා බාල අපරාධය..මම මෙව්වා මෙතන දැම්මොත් අදාල කොමිසමෙන් පැමින මූ අල්ලන් යනු ඇත..
    තොරතුරු ලැබුනේ විස්වාස කටයුතු පුද්ගලයෙකුගෙනි...
    ඔබට මා අවිස්වාස නම් මම ඔබට ඔහුව මුන ගස්සවමි...
    ෆේස් බුකියේ මැසජයක් මගින් මා සම්බන්ද කර ගන්න
    රත්ගමයා කියා සර්ච් කොරන්න

  • නෙරංජි සුලක්ඛනා says:
    February 20, 2011 at 9:24 PM

    අනේ රත්ගමයා....මම හිතුවෙ නැහැ ඔයා ඔහොමයි කියලා...අපි ඔයාලාට සුබ පතනවා..දෙන්නම ඇමරිකාවෙ යන්න....චේට විතරක් නෙවෙයි....ඔයාටත් සැඅහෙන්න නාන්න වෙයි...මොකද සුලු පටු මඩ බල්දියක් නෙවෙයි නගෙන තියෙන්නෙ....මොන සබන් ද ගාන්නෙ...හැබැයි පේන හැටියට...දැන් නම් ලොකු වයෙන් දීවා පැකට් එකක් නාන්නම වෙයි......

  • Ishanuk77 says:
    February 20, 2011 at 10:14 PM

    හෆ්ෆෝ මේ චේ උන්නැහේ මාර වැඩකරයෙක්නේ.එක කොල්ලෙක් නෙමෙයි කොල්ලෝ දෙන්නෙක් අල්ලන්.හරිම කුප්පි මේ චේ නොහොත් නින්ජකරයානම්

  • This comment has been removed by the author.
    jhothishalanka says:
    February 21, 2011 at 12:26 AM

    This comment has been removed by the author.

  • Asanka Udayanga says:
    February 21, 2011 at 8:28 AM

    එයි රත්ගමයා උබේ ෆිට් එකට මාත් ඉන්නවා,ගමේ එකානේ,මලේ කියපන් මඩ බව්සර් එකක් ගහමු,අයි ඇප නෑති වෙන්න...

  • Bunny says:
    February 21, 2011 at 9:24 PM

    ඊයා..මං මේක කියෙව්වෙවත් නැ..

Post a Comment