මට උදේ ඉදන් මෙයා ගැන හරි ඩවුට්.. කව්ද හැබෑට මේ... මම මෙයාට වැලා කව්වා කියලා ගූගල් බස් මගියෙක් කිව්වා එහෙම කියන්න එපා කියලා.. එයා සාමි වරයෙක්ලු.. ඉනිත් ගරු නම්බු දීල කතා කරන්නලු.. හප්පේ.. හැබෑ නේනනම්... ඉතින් මම හිතුවා මේයා ගැන ටිකක් හොයා බලන්න... ඉතින් කාගෙත් දෙයියා.. විකිපීඩියා ද ප්‍රී එන්සයික්ලෝපීඩියා එකය ගිහින් හෙවිවා... සෑහෙන විස්තරයක් තියේ... ඔක උඩින් පල්ලෙන් තමා කිවන්න වෙන්නේ... ඒකෙන් යාන්තම් දැන ගත්තූ ටිකක් තමයි මේ
වැලන්ටයින් සැමිවරයා කියන්නේ රොමාණු කතෝලික පූජක වරයෙක් හිටියැයි කියන්නේ මෙන්න මේ ස්ථානවල
Roman Catholic Church
Eastern Orthodox Church
Anglican Communion
Lutheran Church - Missouri Synod
මිය ගියැයි කියන්නේ අද වගේ දවසක ඒ කියන්නේ පෙබරවාරි 14 වැනිදාවක... ඉතින් මේ සාමි වරයා ආදරය වෙනුවෙන් ඉමහත් සේවයක් කරාලුනේ.. ඒ කියන්නේ ඒ කාලේ රජා විවාහ තහනම් කරලා තියෙද්දි මේ උත්තමයා රජාට ඔරොප්පුවට විවාහ මංගල්ල කරලා දුන්නලු.. ඉතින් රජ මොකද කලේ මේ තුමාට මරණිය දණ්ඩනය දුන්නලු...
දැන් මට තියෙන ප්‍රශ්නේ මේ සාමි වරයා මිය ගිය දවස අද නම් ඇයි අපේ කට්ටිය.. රතු රොස මල් හුවමාරු කරගන්නේ.. හොටල් කාමර ගානේ මල්වතුගානේ නිවාඩු දාගෙන ගිහින් දුක් මහන්සියෙන් හම්ම කරණ තුට්ටු දෙක වියදම් කරන්නේ.. මේක මම තරහකට ඉරිසියාවකට කියන දෙයක් නෙවෙයි... ඉස්සර මට මතකයි පෙබරවාරි 14 වැනිදට ඉස්කෝලවල විනය භාර සර් ගාව එක එක ජාතියේ භාන්ඩ... චොකොලට්.. තෑගී... කාඩ්.... පව් දෙයියනේ.. අහිංසක අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරලා ළමයින්ට ඉස්කොලේ එවනවා උන් අතට හම්බ වෙන කීය හරි තේරුමක් නැතිදේකට වියදම් කරනවා.. ඇයි හත්දෙයියනේ.. වැලන්ටයින් සාමිවරයා සිහි කරලා.. හිගන්නෙක්ට බත් පාර්සලයක් අරන් දුන්නම්.. වැලන්ටයින් සාමිවරයටත් පිනක් අපිටත් පිනක්.
කස්ටිය මගේ අදහසට විරුද්ද වෙයිද මන්දා.. ඒත් හැමෝම කියන්නා වගේ ආදරේ මොකටද විශේෂ දවසක්... ආදරේට තැනක් වෙලාවක් නැහැ. දේශයක් වාසයක් නැහැ.. ඒ මගේ හැගීම...
උල්පතයි නුඹ
හදවතට සිසිල් පැන් පුදන
උමතු කවි සිත සනසවන
සිහින් ස්වරයෙන් හඩ නගන
සිසිලසයි නුඹ
ගිනියම් මද්දහන නිවාලන
සුවබර සුයාමය පිනවන
වස්සාන ඉසිඹුවක සැරිසරන
පන්හිදයි නුඹ
සෙනෙහසේ කවි කම් ගොතන
සැනසුමේ සත්සර වයන
නෙත් සරේ හැඩ කවි මවන
අන්න එහෙමයි මට ආදරේ කරණ කෙනාව මට වටින්නේ.. හැබැයි මේ වනකොට කිසිම කෙනෙක් ඒ වාසනාව සදාකාලිකව උරුම කරගෙන නැහැ.. (ඒ කියන්නේ වේකන්සි තියෙනවා කියලා නෙවෙයි ඔන්න)
අනේ ආදරවන්තයිනි අපේ මැසේජ් බොක්ස් පුරවන්න එෆා බොලව්... අපි පව්.... අපිට මල්සරා පරිවාසකාල දීල තියෙන්නේ.... හැම මොහොකතම හැම තත්පරේකම ආදරේ කරපියව්... පුළුවන් හැම වෙලාවෙම රොස මල් දියව්... තෑගි දියව්... ඒකයි වටිනේ... ඒ රොස මලයි තෑග්ගයි.. තවත් උපන්දියක් වගේ දවසකවත් දෙනවට වඩා අහම්බෙන් දෙන එකෙයි රසේ තියෙන්නේ...... එතකොට මෙන්න මෙහෙම කියයි...
"අනේ.... ලස්සන මලක්...... ඒත් ඇයි බබා.. අදම මේක මට දුන්නේ..... අද විශේෂ දවසක් නෙවෙයිනේ...."
"ඔයාට මට හැමදාම විශේෂයි වස්තූ... අද මට ඔයා ගැන ගොඩක් ආදරේ හිතුනා.... ඒකයි... මම දන්නවා ඔයා මේකට ගොඩක් ආසයි..."
අන්න ආදරේ ඇස්වලට සතුටු කදුලු පිරෙන ආදරේ.......
හිතන්න යාළුවනේ......
Subscribe to:
Post Comments (Atom)
අකුරු වැරදි ඇති සමා වෙන්න නෙට් ඇඩිමින්ට හොරෙන් දාපු පෝස්ට් එකක්
කිරි හප්පොච්චියේ අපේ පිස්සො කරන ඒවා. ඔය හොටෙල් කාමර වලට දුවන්නේ මොකටෙයි. මට අන්න ඒක නම් තේරුනේ නෑ...
සුදු හංසියෝ පෝස්ට් එකට මම 100% ලයික් ඕං........ සහතික ඇත්ත..... අද දවසත් වෙනදා වගේම ආදරේ නොකර අද විතරක් අමුතු ආදරයක් දෙනවනම්(දෙන්න හදනවනම්) අන්න ඒ වගේ අයගෙන් ටිකක් ප්‍රවේසම් උනොත් හොඳයි... එහෙම කරන්නේ ඇත්ත ආදරවන්තයෝ නෙමෙයි ලෝක හොරු...
ප. ලි....චේ උන්නැහේ අත්දැකීම් ඇතුව කියන්නේ හරිය...........
මෙන්න හොරෙන් දාලෝ.කථාවනම් ඇත්ත.ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න.හැමදාම තෑගි දෙන්න ගියොත් කොල්ලට මොකද වෙන්නෙ????
අද උදේ මං මේක කියෙව්වනම්.......................
මගේ යාලුවන්ට හොඳ ලෙක්චර් එකක් දෙන්න තිබ්බා.. එහෙනම් උන්ගේ අපතේ ගිය සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා.. දැන් ඉතින් වැඩක් නෑ.. ලබන අවුරුද්දේ තමා... :D
නෙට් ඇඩ්මින්ට හොරෙනුත් පෝස්ට් දාන්න පුලුවන් ද ? අපරාදේ උදෙන්ම කියවන්න තිබ්බා. එතකොට මෙහෙ ගොඩක් කට්ටියව බේර ගන්නත් තිබ්බා. දැනුත් පරක්කු නෑ. මං රූමාව දැනුවත් කරලා එන්නම් !!!!!
ඇත්ත නෙන්නම්.. අද වැලන්ටයින්ම කියලා දෙනවාට වඩා අහම්බෙන් දෙන තැග්ගක් විශේෂ නැති අගයකුත් දැනේයි වටිනාකමකුත්... ආදරේ හැම්දාම නම් හැමදාම වැලන්ටයින් තමා..
ලස්සන කවි ටික සුදු අක්කේ..