The ජෙටා vs මුණසිංහ මයා..............

Tuesday, February 8, 2011



රත්ගමයා ඉස්කෝලෙ ගිහිල්ලා අහවරයි නේ..ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියලා රත්ගමයා දන්නවා..පුලුවන් හැම වෙලාවෙම රත්ගමයත් හොරෙන් හිත හදිස්සියෙන් දුවනවා ආදරණීය ඉස්කෝලෙ හොයාගෙන..මේක රස කතාවක්..කතාවක් කිව්වට කතා දෙකක්..
      රත්ගමයලට භෞතික විද්‍යාව විෂය ඉගැන්නුවේ මුණසිංහ කියලා සර් කෙනෙක්..ගාල්ලෙ ඉන්න උන් නම් දන්නවා කව්ද කියලා...නිතරම කාට හරි කුප්ප කතාවක් කියල හිනැස්සුවට භෞතික විද්‍යාව නම් එල කිරට උගන්නනවා...සර්ට තියෙනවා කාර් එකක්..අලුත්ම භන්ඩේ..කාර් එක රතු පාටයි..මාර ආඩමබරෙන් තමා ඉන්නෙ කාර් එක ගැන..
    කතාවට සම්භන්ධ අනිත් චරිතේ තමා ජෙටා...නමින් අකිල උනාට ආදරේට කියන්නෙ ජෙටා...නම හැදෙන්නත් හේතු තියෙනවා..ඒව මෙතන කිව්වොත් මේක කියවන්න එන කට්ටිය ආයෙ මේ පැත්තෙ එන්නෙ නෑ.
                           .ඔන්න මුණසිංහ සර් උගන්නනවා...ජෙටා ඉන්නෙ ඉස්සරහම පේලියේ සර්ගේ කට දිහා බලන් ඉන්නවා..පාඩම බලය.. ..සර් කියල දෙනවා රූප බෝර්ඩ් එකේ ඇද ඇද.."කාර් වල ශොකට් තියෙනව නේදැකලා තියෙනවද..ඒකෙන් රෝදෙ මත යෙදෙන බලය අඩු වෙනවා..මේ විදිහට තමා ක්‍රියාත්මක වෙන්නේ...රායිට්..".ජෙටා පොපිය පොපිය ඉදියේ..සර්ට කියල 1 දාගන්න.මූට මතක් උනා සර්ගේ කාර් එක ගැන.මූ පැනපු ගමන් සර්ගෙන් අහපි."සර්.සර්ගේ එකෙත් එහෙම ශොකට් තියෙනවද.කොල්ලො හිනා වෙනවා..සර්ටත් දැන් නෝන්ඩි..මෑනුත් අත අරියෙ නෑ..දුන්නා ජෙටාට ආයේ කට නොඅරින්න ටෝර්ක් එකක්."මගේ එක...මගේ එක පෙන්නනවා මම මෙතන කොල්ලො ඉදියෙ නැති නම්"
  එදා ඉස්කෝලෙ ඉවර වෙනකල් ජෙටා කතා නෑ...කොල්ලෝ අහනව ඉතින් උගෙන්.."ඒ බන් සර් ගෙ එකේ ශොකට් තියෙනවද කියල"
           මේ තමා දෙවෙනි කතාව..එදත් පුරුදු විදිහට සර් උගන්නනවා..අපේ පන්තිය තියෙන තැනට ඉස්කෝලේ ඇතුලෙ තියෙන ප්‍රධාන පාර හොදට පේනවා..ජෙටා ඉදියේ ජනේලේ ලග..මූ ජනේලෙන් එලිය බලන් ඉන්නවා කම්මුලට අතකුත් තියාගෙන..පාරෙ යනවා ටිකක් විතර වයස (60-65 විතර ) ආච්චි කෙනෙක්..මූ ඒ දිහාම බලන් ඉන්නවා..මෙලෝ සීහියක් නෑ...සර් දැක්කා මූව...මෙච්චර පණ දාගෙන උගන්නනවා..මේ යකා පාරේ නාකි ආච්චිලා දිහා බලන් ඉන්නවා."..කොහෙද බලන් ඉන්නෙ..මම මෙහේ උගන්නනවා..තමුසේට ඉතින් නාඩි වැටෙනව නම් ඕන එකක් නේ ඕයි....."..
හික්....සර් එදා කියපු කතාව නම් සහතික ඇත්ත..ඌට නාඩි වැටෙනව නම් ඕන එකක්....
මොන මොන පිස්සු ආතල් ගත්තත් අපේ කොල්ලෝ සෙට් එක එලට ඉගෙන ගන්න එක නම් කරා...

16 ප්‍රතිචාර:

  • නිරහංකාර අහිංසකාවි says:
    February 8, 2011 at 7:06 PM

    මේ රත්ගමයා,ජෙටා අයියට මඩ ගහන්න එපා හරිද??? ඒකා හිත හොද කොල්ලා,අකුරු 4 දි දැකලා ලගටම ඇවිත් කතා කරලා, ගෑනු දැරිවිට කියලා මට පාඩන් වගේකුත් කියලා දෙන්න දවසකුත් හොයලා දුන්න.අන්න එහෙම හිත හොද කොලුවා. මඩ ගහන්න එපා බොල...

  • චතුවා says:
    February 8, 2011 at 7:07 PM

    "ජෙටා" අපි නම වැටෙන්න හේතු හිතා ගන්නම්කෝ... :D

  • MaRLaN says:
    February 8, 2011 at 7:10 PM

    ඉකේයියා රත්ගමයා නැවත පාසල් කතා කියා අපගේ පාසල් මතකයන් අවදි කර අපව දුකට පත් කරයි... කූජිතයි ආ......

  • Anonymous says:
    February 8, 2011 at 7:24 PM

    හෙහ්..... හාක්‍රොස්.. :p

  • රත්ගමයා says:
    February 8, 2011 at 7:49 PM

    @නිරහංකාර අහිංසකාවි,
    මේක පෙන්නපිය ඕකට...තව උගේ අර තඩි පපඩමටත් පෙන්නපන්...ඕකුන් අපිව පොත් අරන් දෙන්න ගිහින් ඩින්ගි බෝට්ටු කවපු කතාව තාමත් මට මතකයි යකෝ...

    http://sun-ge-lookaya.blogspot.com/2010/09/bmich.html
    ----------------------------------------
    @චතුවා (ළමයා) ,
    ජෙටා කිව්වට තව අකුරු දෙකේ වචනයක් එනවා පස්සට...ඒක මම පස්සේ කියන්නම්..මෙතන කියන්න බෑ...හිරිකිත්යි..

    --------------------------------------------
    @ මාලන්... ඉස්කෝලේ කාලේ අමතක කරන්නේ කොහොමද බන්...

    --------------------------------
    නිම්ශා
    මොකෝ...හිර උනයි........

  • මාරයාගේ හෝරාව says:
    February 8, 2011 at 8:27 PM

    අඩෝ උඹ පරණ කතා ටික ආයේ අදිනවා නේද..ඉකේයියා

  • ඉශ්වි says:
    February 8, 2011 at 8:34 PM

    අහ්හා....මාර පල් එක... ඉකේයියා.... :P

  • රත්ගමයා says:
    February 8, 2011 at 8:39 PM

    මාරයියා,, අප්පට සිරි...එහෙනම් එව්වා හොරෙන් හොරෙන් බලලා නෙව

    ඉස්සා
    පල් එක කියන්නේ මක්කා

  • ItalyDilan says:
    February 8, 2011 at 9:00 PM

    යකෝ මාත් මේ කල්පනා කලේ මේ කතාව මන් දැක්කා මීට ඉස්සරත්,,,යකෝ මු ඉකෙයියා

  • ItalyDilan says:
    February 8, 2011 at 9:30 PM

    මෙන්න බඩු----ඉකෙයියා විළිලැජ්ජාවේ තන්තෝසේ බැරුවා
    http://sun-ge-lookaya.blogspot.com/2010/10/vs.html

  • රත්ගමයා says:
    February 8, 2011 at 11:45 PM

    හෙහෙ.....බඩු මාට්ටුයි......යකෝ...මම හිතුවා මුන් මගේ බ්ලොග් එක පැත්ත පලාතේ එන්න නැතුව ඇති කියලා.....බලන කොට ඇවිල්ලා නේ...

  • Observer says:
    February 9, 2011 at 8:44 AM

    "ශොකට්" නෙමෙය් පුතා ඕකට කියන්නේ "ෂොක් ඇබ්සෝබර්". සමහරු කියනවා "ශොකට් ශෝබර්" කියල. එකත් වැරදිය්.
    කතා දෙකම මරු.

  • පිණිබිඳු... says:
    February 9, 2011 at 9:58 AM

    රත්ගමයා ඉකේයියා..

  • සංකල්ප says:
    February 9, 2011 at 11:36 AM

    නියම ඉකෙයියා කතාව රත්ගමයෝ. ලස්සනට ලියලා තියෙනවා. දැන් ඔය ජෙටා මොනවාද කරන්නේ ?

  • රත්ගමයා says:
    February 9, 2011 at 11:59 AM

    Observer
    හෑ එහෙමද...අපි කවද්ද අප්පා ඉගෙන ගත්තේ....හෙහෙ....වාහන පැදලා පුරුදු නැතෝ....

    පිණිබිඳු...
    ඉකේයියා ඉකෙයිය තමා අක්කේ

    මධු
    NIBM ‍යනවා බන් ඌ

  • Dilanka Madhawa says:
    February 18, 2011 at 12:48 AM

    රත්ගමය_රිච්මන්ඩ් නේ?

Post a Comment