වැදගත් දේ

Saturday, February 26, 2011


ජීවිතය සොයන්න හිතුව ජීවත් වෙන්න
ඒත් හොයන්න දෙයක් ඒකෙ නෑ

පාරක් සොයන්න හිතුව ගමනක් යන්න
ඒත් හොයාගන්න පාරක් නෑ

කෙල්ලෙක් හොයාගන්න හිතුව යාළුවෙන්න
ඒත් යාළුවෙන්න කෙල්ලෙක් නෑ

නැති දේවලින් වැඩක් නැති නිසා
ජීවිතය නොවැදගත්දැයි බැලුව

නෑ, වැදගත්ම දේ ජීවිතය.....

තාමත් ජීවත් වෙන්න
පොර අල්ලන මම

8 ප්‍රතිචාර:

  • Bunny says:
    February 26, 2011 at 10:44 PM

    අපෝ ඔයිට වඩා කොච්චර මගුල් නටන්න ඕනිද ජීවත් වෙන්න.. කෙල්ලො නම් අල්ලලා දාපං බන් පොඩී අයියේ..!!

  • චතුවා says:
    February 26, 2011 at 10:47 PM

    අපොයි.. ඔය මොන දේ නැති වුනත් කොච්චර දේවල් තියෙනවාද මේ ජීවිතේ කොරන්න.. වටිනාම දේ ජීවිතේ තමා... :)

  • සීතල අයියා says:
    February 26, 2011 at 10:54 PM

    අනේ මන්දා....

  • නිශා says:
    February 26, 2011 at 11:09 PM

    යාලුවෙන්න කෙල්ලෙක් නෑ.හප්පොච්චියේ.ඔයා යන ඉක්කොලෙ වත් නෑද්ද? ආර්ට් ෆෑකල්ටිය පිරෙන්නම ඉන්නෙ කෙල්ලො නේ.හපෝ මොනාද හලෝ.

    (ඕව ගෑන වෑඩිය හිතන්න එපා,දුක් වෙන්නත් එපා.ඉස්සරවෙලා ඉගනගන ඉන්න.එතකොට කෙල්ලො පේලියට පස්සෙන් එයි. :))

  • Anonymous says:
    February 27, 2011 at 12:43 AM

    ජීවිතයේ අරමුණක් සොයාගන්න
    සැනසීමට යන පාර සොයාගන්න
    රුව නෙවී හිත ලස්සන කෙල්ලෙක් සොයාගන්න
    වැදගත්ම දේ ජීවිතයේ ලස්සන දකින්න

  • Anonymous says:
    February 27, 2011 at 3:37 AM

    හොයන්න හිතුව ජිවිතය..
    ලගම තිබෙන බව නොදැන...
    අතරමංවි පාර හොයන්නේ මන්ද..
    නිවැරදි මග දැන දැනම...

    වැදගත් යැයි සිතාගන්නා බොහෝ දැ...
    නොවැදගත්ම දැ විය...
    නොවැදගත් වු බොහෝ දැ පසු කාලේම...
    වැදගත්ම දැ විය...

    කෙල්ලන් දහසක් සොයාගත්තද කෙනෙකු..
    සොයා ගත යුත්තේද ගැලපෙන්නිය නොවෙද..
    ඉඩ දිය යුතුයි කාලයට..සම්බවේ නොදුරාම...
    සොදුරු සේ සිතත් පින්බර කෙල්ලෙකු..

    කුමක් මම කියන්නද..
    අරුත් නැති දහසක් දේ තුල...
    වටිනාම දේ...
    ජිවිතයම බව නුඹම පිලිගත්තා නම්...

    :)

  • ඔයයිමමයි says:
    February 27, 2011 at 8:35 AM

    පොඩියෝ..... ඕක ඉතින් අද ඉන්න ගොඩක් දෙනාට තේරුම්ගන්න බැහැනේ..... තේරුමක් නෑති කෙහෙල්මලක් වෙනුවෙන් ජීවිතේම නැති කරගන්නවා.......

  • සංකල්ප says:
    February 28, 2011 at 7:14 PM

    පොඩි මහත්තයා මොනවා ලියනවද කියලා හිතා ගන්න බැ. බය වෙන්න එපා පොඩි මහත්තයෝ ලගදිම ජීවිතේ හරි යයි !!!

Post a Comment