Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

Monday, June 25, 2012

නුඹ සතුටින් නම්

26 ප්‍රතිචාර | Read more...


එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්..
ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්..
කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්..
ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්..

එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්..
නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්..
ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්..
අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්..

හති වැටෙමින් මේ රැ මා හඩන සෝ  සුසුම්..
නුඹට ඇහෙන් නැති බව මම දනිමි මේ හැඩුම්..
ගව් ගණනක් නුඹ දුර ගොස් මම දනිම් මේ සිතුම්..
හිත හැඩුවත් කම් නැ ඉතින්  නුඹ සතුටින් නම්..



Sunday, April 22, 2012

ඇයි නොදනි..

12 ප්‍රතිචාර | Read more...

තරුවක් වුවත් ආකසේ දිලෙන්නට..
මලක් වුවත් අතු අතරේ රැදෙන්නට..
කවියක් වෙලා තනුවක් හොයන්නට..
කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට..

නිල් අහසේ තනිකම විදින්නට..
අතු අතරේ තනිකම හුරුකමට..
තනු අතරේ පද අතරේ රැදෙන්නට..
හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම..

තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි..
දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී..
පද අතරේ ඔබේ හුරු පහසේ සුවද දැනි..
නෙතු අතරේ සිර වු කදුලක් බිමට පනි..

Wednesday, January 11, 2012

අනේ සමාව දෙන්නකො.

6 ප්‍රතිචාර | Read more...




බොඳව ගිය දෑස් මායිම,
ඉකි ගසන හද ගැස්ම අභියස
සිදුවූ වරද සිත සිත
නොදිය යුතු සමාවක් 
පසුතැවි තැවී ඉල්ලන
මේ අසරණ පෙම්වතාට සමාව දෙන්නකෝ
මගේ රත්තරං....

Wednesday, December 14, 2011

මතක සටහන්

3 ප්‍රතිචාර | Read more...

හිමිදිරි උදයේ
දෙනෙත් ආලෝකයෙන්

පිබිදෙන්නට මත්තෙන්

ඔබේ රුව සිතෙන් ඇඳ

ඔබට ආදරෙයි කියා
නැගිටින මා...
තරු කැට දිලෙන

රෑ යාමේ

යහනේ සැතපී

නිදි කුමරී

මා වැලඳ ගන්නට මත්තෙන්

සිතේ තැන්පත්ව ඇති

ඔබේ රුව මතක්කර

සුබ රාත්‍රියක් කියන මා..

කෙසේ නම්

අමතක කරම්ද නුඹ
..


ප.ලි- පිලිතුරු අදහස් ලියන්න බැරි වුනොත් සමා වෙන්න ඕන හොඳේ.

Thursday, December 1, 2011

සිතුවිලි නිහඬයි

4 ප්‍රතිචාර | Read more...

සිතුවිලි සමුදුරේ
චන්ඩ මාරුත මැද
ජයග්‍රාහී ජයඝෝසා මැද
තොටුපල කරා මා රැගෙන ගිය
කප්පිත්තා,
අද මා, රුදුරු මහ මූද මැද
හොර රහසේම
දමා ගොසින්...

ඔබ නැතිව
අබලන් වූ මේ නැව
හෙට දිනවන විට
මසුනට පාරාදීසයක් වනවා සේ
ඔබ හා ගෙවුනු
සුලු මතකය
සදහටම මා හට
පාරාදීසයක් මවනු ඇත.

Friday, November 25, 2011

කෝඩුකාරියේ, මේ ඔබටයි

7 ප්‍රතිචාර | Read more...



සිරිපා කරුණා කරනට
කෝඩු කාරියක් අත එල්ලී
උඩටම පිය නැඟුනු
ඉඳිකටුවක් වූ මා
සිරිපා නමස්කාර කරනට
නොහැකිවන ලෙස
මඟ තිබූ කලු ගලකට
පටලා ගිය සැටි
මතක් වන විට
ම'සිත කෙසේ නම් උහුලම්ද
මගෙ ආදරියේ..

එනමුත් මා,
තවමත් එතැනම හිඳ
නූල් පට නමැති පවුරුවෙන් මිදී
ලබන කරුණා සමයේ හෝ
එකට යන්නට
බලාපොරොත්තු පොදි බැද
දෑස් විහිදා
බලා සිටිමි.
කෝඩුකාරියේ,
මේ ඔබටයි ආරාධනය..

Monday, November 21, 2011

වසන්තය එන තුරු...

15 ප්‍රතිචාර | Read more...
ගොඩාක් කාලෙකට කලින්...
එක වසන්ත කාලෙක හමුවුණ ඔයා,
මගේ ආදරේ වුනා...
ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්ච ඔයාට
ඔයාගේ ලෝකේ ඇතුලේ මම,
පුංචිම පුංචි තරුවක් වුනා...
හ්ම්ම්ම්ම්......
ඔයා මට කිවුවා, තෝරගන්න...
ආදරයද, කැමැත්තද...
මං තෝරගත්තා...
කවදාවත්ම නොලැබෙන මගේ ආදරය,
දෙවෙනි කරා මගේ කැමැත්තට...
ගොඩක් කල් ගියා...
මගේ කැමැත්ත මගෙන් දුර ගිහින්...
ඒත් මගේ ආදරය...
මං බලාගෙන ඉන්නවා...
ආයිමත් වසන්තය එනකල්ම..
කවදාම  හරි.... කවදාම හරි.....




Thursday, November 10, 2011

මගේම වී ඔබ.....

16 ප්‍රතිචාර | Read more...


නුඹේ සුසුම් පොදක්වත්
නොවැදෙන මානයේ
කොහේ කියා සොයන්නද
පිළිසරනක්!
නෙත් කෙවෙනි වලට....


හුස්ම පොද රැඳුනු
නුඹේ හසරැල්ලේ
කෙසේ විඳිම්ද
පවන් රොදක්!
නොදැක නුඹ....


ලඟින් නොසිටියත් මගේ
ඔය ලෙන්ගතු දෑස,
ඔය ලෙන්ගතු හිනාව,
හැමදාමත් මගේ ලඟ
මගේම වී හිඳිවී......

Thursday, October 27, 2011

මිරිඟුවක්දැයි නොදනිමි.

6 ප්‍රතිචාර | Read more...



සංසාර පුරුද්දට සොයාගෙන ආ
ඔබව,
අද මට මඟ ඇරිලා
සෑම තැනම සොයන්නෙමි මා
ඔබ කොතනදැයි කියලා
කාන්තාරේ ඇවිද යමි මා,
ගිනි කාශ්ටක අව්වකුදු නොබලා
දකින ඔබෙ රුව මිරිඟුවක් නොවන්නැයි
පතමි ම'සිතින්,
ශෝක සිතුවිලි බලෙන් හකුලා

Tuesday, October 4, 2011

"අම්මා"

11 ප්‍රතිචාර | Read more...
මගේ යලුවෙක් ලියපු නිසදැස් 2ක් තියෙනව...එයාගෙනුත් අවසර අරගෙන පෝස්ට් කරන්නේ...මෙව්වා තේරෙන්නේ නැති මටත් මොකක්ද මොකක්ද උනා ඒවා කියවල...

හිතට දැනෙන...
පුන්චිම පුන්චි දේකට......
පුලුවන්නම්....
ඇහැට කදුලක් ගේන්න...
හිතේ මැවෙන දේකට පුලුවන්නම්...
... ඇහැට කදුලක් ගේන්න...
ඇහැට පේන දේකට පුලුවන්නම් ...
ඇහැට කදුලක් ගේන්න.....
මට පුලුවන්නම් ..
වදපු අම්මට ..
සතුටට කදුලක් දෙන්න....
මට ඒ ඇති සතුටු වෙන්න.....


----------------------------------------------

සිනහවකට කදුලක් එකතු වෙනකොට...
ජීවිතේට දුකක් එකතු වෙනකොට....
කදුලට සිනහවක් එකතු කරන්න...
දුකට සතුටක් එකතු කරන්න...
පුලුවන් උන කෙනෙක් හිටිය....
"අම්මා'..

---------------------------------------

Saturday, August 27, 2011

තනිකම

10 ප්‍රතිචාර | Read more...
ඇසක කඳුලු උනනා
දුක් ගෙවෙන්නට..
රිදුම් දෙන දවාලක සිත
නිවන්නට...
පැටලී ගිය සිතුවිලිදම්
ලෙහන්නට...
තනිකම හොඳම මිතුරෙකි
හිත හැදෙන්නට..

Monday, August 22, 2011

අනඟ ලිය ( by චේ උන්නැහේ )

9 ප්‍රතිචාර | Read more...


සූ සැටක් වූ ,
මායම් දහරින්...
දීන සලෙලුන්,
තුටු දනන මුත්...

රිය සකක් වන්,
පුළුලුකුල මත..
අනෙක පුං කඳ,
සැනහෙනා මුත්..

තිසර තන නොව,
වැහැරුනා වූ...
සම දරාගත්,
ලය මඬල දැක.

කෙසේ අගයම්ද,
නුඹේ ඔය රුව..
දැන් වියපත්ය,
නුඹ අනඟ ලිය...

Friday, August 12, 2011

සුසුම් උණුසුම් 2

5 ප්‍රතිචාර | Read more...

''මොකද බං මේ අද උදෙන්ම මුණ එල්ලන්..අදත් මාලින්ද එක්ක වලියක්ද ..'' හොදම මිතුරිය මෙන්ම සොයුරිය වු සඳලි පැවසුවේ කවට කමටය ..එනමුදු එලෙස විය හැකි බවද ඇය සහසුද්දයෙන්ම දැන උන්නාය ..

''ඇත්තමයි මෙච්චර යාලුවෝ වෙච්චි මට බැරි උනානේ තාම ඔය ගිනි කුකුලාව බලා ගන්න..''

''එක්කෝ උඹ කලින් යනවා..නැත්නම් මම කලින් යනවා..අපේ ටර්න් එක ඉවර වෙද්දි කවුරු හරි ඉන්නම එපැයි ෆයිල්ස් අතටම දෙන්න ...''

අප දෙදෙනාම වැඩ කලේ පෞද්ගලික ආයතනයකය ..පාසල් කාලයේ මෙන් කෙලිලෝල් දගකාරකම් කාර්යාලේ මිතුරන් ඇසුරේ නොවැඩුනද මමත් සඳලිත් අතර වුයේ දැඩි මිත්‍රත්වයකි..

''ඇත්තටම අද මොකද බං මුණ ...''

''ඇයි '' දහවල් කැම වේලේහිදි මා තනිකර ගත් සඳලි මා දෙස සංවේගයෙන් බලා හිදින්නට විය ..

''මාලින්ද එක්ක ඉදලා මට එපා වෙලා..මට හිතෙනවා මේ එෆෙයාර් එක නවත්තලා දාලා ඉන්න ..''

''ඉතින් නවත්තන්න..ඇයි බොරුවට හිතින් දුක් විදින්නේ..''

''මාලින්ද එකට ඉඩ දෙන්නේ නැහැ මාව මරයි''

''පිස්සු..මාලින්ද ඇයි එහෙම කරන්නේ..''

ඇය නොදන්නා කොතෙක් නම් දැ අප ජිවිතයේ ඇත්ද..මා හුදෙක් මාලින්දගේ පෙම්වතියම නොවන වග ඈ ට මා කෙලෙස කටක් ඇර කියන්නද..ඈ මා ගැන කෙලෙස සිතනු ඇත් දැයිද කියා මා බිය උනෙමි..

''එ සැරේ පිළිකුල් භාවනාව කරනවද''

''අනේ මන්දා බං සඳලි මට මාව පැටලිලා කියලා විතරයි හිතෙන්නේ..මට ඉස්සර තිබ්බ එ ආදරේ මාලින්දට නැ ..නැහැමත් නෙමේ..මහා මොකක්දෝ දෙකින් මාවයි මාලින්දවයි ඇත් කරලා''

ආදරයක් වුවද කල් ගත වන විට පුස්වෙන වග මා අසා නොතිබුනද මගේ ආදරයට වි තිබුනේ එය යැයි මට සිතුනි..මම ඔහුට පෙම් නොකරනවා යැයි කිවොත් බොරුය ..මම ඔහුට මහත් සේ පෙම් බඳිමි..නුමුත් ඔහු හා මගේ ගති සිරිත් අහස පොලව බඳුය ..මෙතරම් කලක් මා ඉවසන් උන්නද තව දුරටත් එය කල හැකිද කියා මම නොදනිමි..ඔහු මට ලෙසියෙන් යන්නට ඉඩ නාරින බවද මම දනිමි..

''ඔච්චර හිතන්න එපා අන්න උඹේ අකුසල් මේ පැත්තට එනවා ටිකක් හිනා වෙයන්..''

''කොහොමද සිතාරි''

''වරදක් නැ කුසල් වෙනදා වගේමයි..''

කුසල් යනු අප වැඩපලේම ඉහල අංශයේ නිළධාරියෙකි..නමුත් ඔහුත් අපත් අතර වුයේ සේවක සබදතාවට ඉහලින් ගිය හිතේශි හැඟිමකි..ඔහුට නම කියා මිස ගරු ලෙස කතා කිරිමට අප පුරුදු වි නොසිටි අතර ඔහුද එය ගනනකට ගත් අයෙකුද නොවේ.. කුසල් මමත් සඳලිත් සමාගමට වැටුනු කල අනෙක් අයගේ දැස් වලට එය කටු ඇනෙනාක් බඳු විය .

''අද සීතාරි ඉන්නේ ලොකු කල්පනාවක'' විමසුම් ඇසින් මා දෙස නිරික්ශනය කරන වග හැගවෙන දැසකින් බැලු ඔහුගේ දැස් ත් මා දැස් එක් වු තැන ඉක්මනින් මා බත් පතට නෙත යොමු කලේමි..

''සීතාරි මේ වෙඩින් එක ගැන හිතනවා.''

එක්විටම කමින් සිටි බත්කට ඉස්මොල්ලේ ගිය කුසල් මා දෙස බලන් උන්නේ අසරණ වු මුවපොව්වෙකු ලෙසය ..

''සීතාරි බඳිනවද'' ගොත ගසමින් මෙන් ඔහු ඇසු පැනය මා හිතට මහත් දුකක් ඇති විය ...

''නැ නැ සීතාරි නෙමේ දසුනි..ඇයි ඔයාට වෙඩින් එක කිව්වේ නැද්ද'' බොහෝ අමාරුවෙන් සිනාව විකාගත් සඳලි එය ඇසුවේ මහත් බැරැරුම් කමින්ය..මටත් සිනා ආ මුත් ඇගේ විලාසය දැක තව තවත් ඔහු අසරණ කෙරුමට සිත් නොවිය ..

''මම යනවා'' අඩක්වත් නොකැ බත් මුල අසල වු කුණු බක්කියට දමා නැගිට ගත් කුසල් ඉක්මන් ගමනින් යන යුරු බලා සිටි අප දෙදෙනා මහා හයියෙන් හිනා වුනද මට මහත් දුකක් ඔහු ගැන දැනුනි..

''පව් බං අසරණයා'' මම සිනාව යටපත් කරගනිමින් කිවේමි..මෙතක් වු දුක්ඛ දොම්නස් කොහේ පාවුනේදැයි සිතා ගත නොහැක ..

''දැක්කානේ ඇති යාන්තම් උඹේ මුඩ් ෆික්z උනා..හෙහේ..වරෙන් වරෙන්..යමු..ඕක කුසල් ට හෙට උදේ වෙද්දි අමතකයි''

Tuesday, August 9, 2011

සමමිතික අසමමිතික

9 ප්‍රතිචාර | Read more...

සමනලුන් රෑනම රොන් සොයයි....
මලින් මලට පියඹයි....
මල් වල පැණි බොයි....
තවත් මලකට සැනෙන් පියඹයි....
හැම මලක්ම උන්ට කැමතියි....
හැම මලම උන්ට රොන් ගන්නට දී බලා සිටි....
උන් සමමිතිකයි... 


එකම එක සමනලෙක්....
තටුව බිඳනු සමනලයෙක්....
පියාඹිය නොහැකිවම....
සුලං අතට ගසාගෙන වුත්....
අපුෂ්ප ගසක බොහෝම අමාරුවෙන් වාරුගෙන
වසා සිටී...
කවුද ඌට රොන් ගන්නට දෙන මල.....
තටුව බිඳුන
ඌ අසමමිතිකයි


සමමිතික දේ ලස්සනයි...
අසමමිතිය අවලස්සනද???


සොබාදහම සමමිතිකම නැති බව
සොබාදහමට ලංව බැලුවොත් හැමෝටම පෙනේවි.... :)

Monday, July 25, 2011

මට මතක නැ එක පොදක්..

13 ප්‍රතිචාර | Read more...

මට මතක නැ එක පොදක්..
මතක ඇති දැ වත් නිකම්වත්..
මතක් කෙරුවත් හාරා ඔලුව..
නැනේ මතක මට එක පොදක්..

සෙව්ව මුත් අමතක දැ මොනාද කියා..
හිත පමණකි පිලිතුර මොළයට නැ ඉඩා..
පුදුමයකි මෙය මහත් පුදුමයක් ලෝව දනා.
අමතක වි ඔලුව සිදුරු වි මතකය මා හැර ගියා..

බිලා ඊයේ රැ මංමත්ව රස්තියාදුකරුවෙකු විලස..
මහත්මා ගති බලු වි හැර ගියා නොදැනිම මා අසල..
තොපුලමින් කෙන්තියෙන් මා බිරිද කියන විට ලඟින් හිද...
අදහනු බැ නුමුත් මතකය නැ.. අරන් ගිහින් බෝතලය හිස් ලෙසට..

Sunday, July 24, 2011

මගේ සමනලයෝ..

10 ප්‍රතිචාර | Read more...
හීන මන්සලින් එහාට පියාඹන් යන්න
අත්තටු අරන් එන්නේ කවදද 
හින සුපුපෙන මේ නෙතු පියන් අගට
රසදුනක් වෙන්නේ කවදද
කියන්න මගේ සමනලයෝ..
තුහින මල් වැස්සට මා එක්ක තෙමෙන්න
ඔයා එන්නේ කවදද
වසන්තය නිම වෙන්න කලියන් එනවද
ගිම්හානෙදි වියලි සුළගක් වෙලා වත්
සිසිරයේ හිම කැටික නැගිලා
හේමන්තයට යන සුලං පොදක් වෙලා
ඔයා එන දවසට
දෙවිලොවින් රෝස මල් වැහි වැටෙයි...
පි‍යවෙනා තුරු මේ දෙනත.. 
බලා ඉන්නම් දින ගැන ගැන

Saturday, July 23, 2011

ඉතින් සමුගනිමි...

9 ප්‍රතිචාර | Read more...

අතීතයේ එක් විරාමයක් ලඟ
නුඔද මාද තනිවූ එක් මොහොතක
අත් අල්ලා ඇවිදන් ගිය බෝ දුර
අද තනිවී දෙතැනක අපි දෙදෙනම


හඩන්න නුඔ ලග නොමැත වරම් අද
සිනා සලපු මතකය පමනද මට
නුඹද මාද නැති මේ අවකාශය
මටම පිටස්තර වී මගෙ ලෝකය


යා නොහැකිය අප දෙදෙන එක මඟම
නුඔ ලෝකය තව දුරයි මගෙ නෙතට
නික්ම යනු පිණිස මතකය බොඳකර
අවසරද ඔය හිතින් සමුගෙන යන්නට....

මාතෘකාවක් නොදනී...

7 ප්‍රතිචාර | Read more...

පැද්දී පැද්දී
ඈ යනෙන දෙස බලද්දි
මැව්නි මැව්නී
සුරංගනාවියක් සිතෙහි මැව්නි

යද්දි යද්දී
අ'දර හැගුම් මෝදු වෙද්දි
ගැස්සි ගැස්සී
මගෙ හදවත ගියා පිළිස්සි

Friday, July 22, 2011

යහලුවා

12 ප්‍රතිචාර | Read more...

සතුට බෙදා ගැන්මට
වටිනා තැනක්
දුක නිවා ගන්නට
සැනසිලි වචන පොදක්
ත‍රහවෙන් පිරි වතට
සිනහ මල් පොකුරක්
කදුලු ගලන දෙනෙතට
වියළි රෙදි කඩක්



වූ
මගේ සෑම තත්පරයකදීම
එකසේ ලගම හිටි
මගේ

හොදම යහලුවා

ප.ලි- මම අද වෙනස්ම විදියෙ නිසදසක් ලිව්වා.මේකට නිසදසක් කියලා කියන්න පුලුවන්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.මෙහෙම එකක් ලියන්න හිතුනෙ මගේ හොදම යාලුවෙක්වන නිමේශ්ගෙ උපන්දිනය 20/07/2011 තිබ්බා.මේක එයා වෙනුවෙන්...

Saturday, July 16, 2011

සැමදාමත් මා නුඹේමයි..

12 ප්‍රතිචාර | Read more...
හුදකලා රතු රෝස මලක්
මදෙස බැල්ම හෙලා
අයාලෙ ගිය
මගෙ හදවත
සිරකර දැමුවා
ආදර හැගුමෙන්
මා මුසපත්කර

වල් බිහිව තිබූ
මාගේ හදවතේ
වල් උදුරා
යලි පණ දුන්නේ
නුඹයි මගෙ පුංචි
රෝස මලේ

දිවිය ඇති තෙක්ම
මම,නුඔව රැක ගන්නෙමි
සදා නොවෙනස්වන
මගෙ ආදරය
නුඹට පමණක්ම පුදා.