සමමිතික අසමමිතික

Tuesday, August 9, 2011


සමනලුන් රෑනම රොන් සොයයි....
මලින් මලට පියඹයි....
මල් වල පැණි බොයි....
තවත් මලකට සැනෙන් පියඹයි....
හැම මලක්ම උන්ට කැමතියි....
හැම මලම උන්ට රොන් ගන්නට දී බලා සිටි....
උන් සමමිතිකයි... 


එකම එක සමනලෙක්....
තටුව බිඳනු සමනලයෙක්....
පියාඹිය නොහැකිවම....
සුලං අතට ගසාගෙන වුත්....
අපුෂ්ප ගසක බොහෝම අමාරුවෙන් වාරුගෙන
වසා සිටී...
කවුද ඌට රොන් ගන්නට දෙන මල.....
තටුව බිඳුන
ඌ අසමමිතිකයි


සමමිතික දේ ලස්සනයි...
අසමමිතිය අවලස්සනද???


සොබාදහම සමමිතිකම නැති බව
සොබාදහමට ලංව බැලුවොත් හැමෝටම පෙනේවි.... :)

9 ප්‍රතිචාර:

  • නදී says:
    August 9, 2011 at 12:15 PM

    අසමමිතික දේවල් වලත් අමුතුම ලස්සනක් තියනව.

  • සංකල්ප says:
    August 9, 2011 at 3:24 PM

    අර කිව්වත් වගේ අසමමිතික දේවල් වලත් ලස්සනක් තියෙනවා.

  • සීතල අයියා says:
    August 9, 2011 at 4:07 PM

    ඔලුව කොලොප්පං උනි.පිස්සං කොටුවට නොගොස් යාන්තං බේරීමට හැකි විය. :D
    මොනා උනත් ඇත්ත කතාව.ලස්සන හැබැයි සාපේක්ෂ දෙයක්ලු..මේක උඹ කිව්වෙ ගෑණු ළමෙක්ටවත්ද??? හිතේ කුකුසක් මතු විය.... :-\

  • Anonymous says:
    August 9, 2011 at 5:42 PM

    ලෝකේ ගොඩක් අවලස්සනයි..අසමමිතිකයි කියලා අත අරින දේවල් වල ගොඩක් වෙලාවට අමුතුම ලස්සනක් සැගවිලා තියෙනවා..

  • චතුවා says:
    August 9, 2011 at 5:55 PM

    සමමිතික අසමමිතික කොයි සමනලයටත් අපි ආදරෙයි.. සමමිතික සමනලයට වගේම අසමමිතික සමනලයටත් රොන්දෙන්න ඕන තරම් මල් තියේවි. මොකද සමමිතික අසමමිතික කොහොම වුනත් සමනලයා සමනලයාමයි.. ;)

  • ආඩම්බරකාරී says:
    August 9, 2011 at 6:06 PM

    අය්යේ අසමමිතිකයි කියල අතඇරල දාන ගොඩක් දේවල ඇතුල සමමිතික දේවල් වලටත් වඩා ලස්සන,සුන්දර වෙන්න පුළුවනි.මගේ යාළුවෙක් ඉන්නවා එයා හිතන්නෙත් මෙන්න මේ තටුව බිදුනු සමනළයා වගේ.ඒත් එයාට වගේ සුන්දර,නිහතමානී හදවතක් තියෙන අය මම දැකල තියෙන්නෙ කීප දෙනයි.අනික එයා වෙනස්ම කෙනෙක්.ඒ නිසා මම නම් හිතන්නෙ අසමමිතික කියන්නෙ ආභරණයක් කියලා

  • හිතුවක්කාර කෙල්ල says:
    August 9, 2011 at 6:34 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්... මාත් එහෙම හිතන්වා.. අසමමිතිකයි කියලා අතෑරලා දාන දේවල් වල අමුතුම සුන්දරත්වයක් තියෙනව...:)

  • Anonymous says:
    August 9, 2011 at 8:24 PM

    nice poem...

  • පිස්සු පුසා says:
    August 9, 2011 at 8:39 PM

    "අසමමිතිය අවලස්සනද" අපෝ නැහැ ඒ ඇතුලේ සමමිතික දේට වඩා ලස්සන දෙයක් නැමවිටම තියෙනවා...ලස්සනයි

Post a Comment