කස්ටියම එන්න,මෙහෙන් වටලප්පන් කන්න..

Monday, August 1, 2011

හොදයි යාලුවනේ.. ඔන්න අදත් ආඩම්බරකාරිගේ ඉවුම්පිහුම් පාඩමත් අරගෙන මම ආවා රසවත් අතුරු පසක් අරගෙන.. මොනාද දන්නවද.. රසම රස වටලප්පන් එකක්..!! ඉක්මනට ලේසියෙන් හදන්න පුළුවන් වුනාට මේක ඉතින් යහතින් ඉන්න අපි ඔයාල වගේ කට්ටියට නම් කන්න පුළුවනි,සීනි එහෙම තියෙන වැඩිහිටි අයට නම් හරි යන්නේ නෑ.ඒකත් කියලම පටන් ගන්නෝනි නැත්නම් පස්සෙ කස්ටිය මට බනීවි.. :D :D 


එහෙනම් මෙන්න අපේ වටලප්පන් එක හදන්න ඕනි කරන බඩු ටික..,
  • හකුරු - 250g(කිතුල් හකුරු තියේ නම් වඩා හොදයි,ඒත් ඉතිං අපිට කොයින්ද පූසෝ මාළු..මම ගත්තේ කඩේ තියෙන 3/4සීනි 1/4කිතුල්හකුරු.ඒකත් නරකම නෑ :D)
  • බිත්තර - 06
  • කිරි(පොල්කිරි/එළකිරි) - 250ml (පොල් කිරි ගන්නවා නම් මිටි කිරි ගන්න)
  • සාදික්කා - තේ හැදි 1/4
  • එනසාල් - කරල් 2,3
  • කුරුදු - පොඩි කෑල්ලක්(කුරුදු රසට කැමති නම් විතරක්)
  • සීනි - මේස හැදි 3

අවශ්‍යය නම්,ගෙදර තියෙනව නම් විතරක්..,
  • කජු-50g
  • සුල්තානා-50g
(මේ දෙක මම නම් දැම්මෙ නෑ ගෙදර තියෙනව නම් දාන්න.ඒව නොදැම්මත් අපේ වටලප්පන් එක රසයි :) )

හරේ මේං හදන විදිය,


මුලින්ම හකුරු ටික චූටියට කපා ගන්න.ඊටපස්සෙ ඒ ටික පෑන් එකකට 
දාල වතුර ටිකකුත්(මේස හැදි 4ක්)දාල උණු කරගන්න.දැන් ඒක රත් වෙද්දී එනසල් ටික තලලා,ඒකයි සාදික්කා ටිකයි එකතුකර ගන්න හකුරු මිශ්‍රනයට..කුරුදු කෑල්ලත් දාන්න.දැන් හකුරු එක හොදට උණු වුනයින් පස්සේ එකට කිරි ටික දාලා මිශ්‍ර කරගෙන ලිප නිවල හකුරු හා කිරි මිශ්‍රනය නිවෙන්න අරින්න හොදට.ඒ අතරෙ බිත්තර ටික වෙනම භාජනේකට කඩල දාල විස්ක් එකකින් හොදට බීට් කරගන්න.(බිත්තර බීට් කරන තරම අනුව තමා වටලප්පන් එක කැපුවම ඇතුලෙ ලස්සනට බුබුළු බුබුළු හිටින්නෙ)දැන් අර හොදට නිවා ගත්ත හකුරුයි කිරියි මිශ්‍රනයට,බීට් කරගත්තු බිත්තරත් දාලා හොදට දෙකම කවලම් කරගන්න(හකුරු මිශ්‍රනේ උණුවෙන් තියෙද්දී බිත්තර දාන්න එපා බිත්තර ටික හකුරුවල රස්නෙට තැම්බෙනවා)

දැන් සීනි ටික වෙනම පෑන් එකකට දාල කැරමල් කරගන්න.කැරමල් එක හරියට තියෙන්න ඕනි.ඒක කරන්නෙ මෙහෙමයි.පෑන් එක රත් කරල සීනි ටික ඒකට දාන්න.දැන් වතුර තේ හැන්දක් විතර ඒ සීනි උඩින් ඉහින්න ලිපේ ගින්දර අඩුකරලා සීනි ටික හිමීට උණුවෙනකන් ඉන්න.කවදාවත් සීනි කැරමල් කරනකොට හැදි පාවිච්චි කරන්න එපා.සීනි කැටි ඉතිරි වෙනවා.දැන් කරමල් එක රන්වන් පාටට එනකොට ලිපෙන් බාගන්න.කැරමල් එක කර කරගන්න නම් එපා ළමයිනේ..වටලප්පම තිත්ත රසට කන්න වෙන්නෙ.දැන් අපේ වටලප්පන් එක බේක් කරන්නයි තියෙන්නෙ ඉතින් එකට අවශ්‍යය ප්‍රමාණයේ තැටියක් අරන් අපේ අර සීනි කැරමල් කරපු ටික තැටියෙ තැනින් තැනට වක්කරගන්න(මේ සීනි කැරමල් එක යොදාගන්නෙ වටලප්පන් එක තැටියෙන් ඉවත් කරගන්න ලේසි වෙන්න)දැන් අපේ වටලප්පන් මිශ්‍රනය පෙනේරයකින් පෙරලා තැටියට එකතු කරගන්න.දැන් අර කජු,සුල්තානා එහෙම දානවනම් එකත් එකතු කරගෙන ඊළගට තෙල් කඩදාසියකින් තැටිය හොදට වහලා නූලකින් ගැටගහන්න.
හරි දැන් අපේ වටලප්පන් මිශ්‍රනය අවන් එකට දාන්නයි තියෙන්නෙ.අවන් එකේ සෙන්ටිග්‍රේට්ස් 180ක පැයක් විතර මේක බේක් වෙන්න දාන්න.දැන් දුවලා ගිහින් කුස්සිය ලස්සනට අස්පස් කරන්න.නැත්නම් වනජීවී එකෙන් පනීවි.හරි දැන් කුස්සිය අස්කරලා මූන කට හෝදන් එන්න.දැන් පැය හරි ඇති.ඊළගට අපේ සුවද හමන වටලප්පන් එක අවන් එකෙන් අරගෙන එක ටිකක් නිවෙන්න ඇරලා අන් මෝල්ඩ් කරන්න.ඊටපස්සෙ ශීතකරණයෙ ටිකක් තියලා ඉවරවෙලා අවශ්‍යය වෙලාවට කැමති තරමට කපලා පිළිගන්වන්න.

මෙන්න මේ වගේ....,


අවවාදයයි:- හකුරු වැනිදෑ මිලදී ගැනීමට ටවුන් එකේ සුපිරි වෙළද සැල් වලට යාමට පෙර දෙවරක් සිතා බලා ගමේ හන්දියේ කඩේට දුවන්න..හිකි හිකි හිකි  :P :P 

බායි බායි..හදලා බලලා රසද කියලා කියන්න..

21 ප්‍රතිචාර:

  • චතුවා says:
    August 1, 2011 at 9:32 PM

    හදලා බලන්නෝනි... හදිසියේ වැරදුනොත් ඔයාට කතා කරන්න ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද ආඩම්බරකාරියේ.. :P

  • චතුමිතු says:
    August 1, 2011 at 10:01 PM

    අපේ අම්මා..වටලප්පන් සැදිමට යසට දනී... මම කෑමට නොදනි..:D

  • ශශී says:
    August 2, 2011 at 12:09 AM

    මගෙත් ආසම කෑමක් ඒත් ඉතින් අපිට කොයින්ද බූල් බල්ලො :(

  • malee_msg says:
    August 2, 2011 at 7:57 AM

    වටලප්පන්!!! මං කන්න ආසම ආසම කෑමක්.. ඒත් හදන්න දැනගෙන හිටියේ නෑ.. දැන් මට‍ත් හරියට වටලප්පන් හදාගෙනම කන්න පුළුවන්..! බොහොම ස්තූතියි ඔයාට කියලා දුන්නට....!!!! :ඩී

  • උදාර says:
    August 2, 2011 at 7:59 AM

    දැනුවත් කළාට තෑන්ක්ස්.

  • චේ උන්නැහේ... says:
    August 2, 2011 at 8:29 AM

    වෙන්ඩ මිසිස් චේට කියලා හදවගන්ට ඕනා.. හැබැයි මේ රෙසෙපියේ චේ උන්නැහේගේ සම්බෝලය සැදීමේ පෝස්ට් එකේ ක්‍රමය කොපි කරලදත් කියලා හිතෙනවා.. කමක් නැ අයියෝ කොපි කරනවනම් කොපි කොරගන්න. එතකොට කාටද ආඩම්බර.... හැබැයි ඔන්න මටනම් නෙමෙයි....

  • Praසන්ன says:
    August 2, 2011 at 8:34 AM

    මගෙත් ආසම කෑමක් තමයි. හදල බලන්න ඕන. (ඔම්ලට් වෙයිද දන්නෑ :D)

  • සිතුවිලි නිහඬයි says:
    August 2, 2011 at 9:11 AM

    දැක්කම කටට කෙල උනනවා...මගේ ආසම ආසම කෑමක් තමා

  • නදී says:
    August 2, 2011 at 9:26 AM

    -කටට කෙල උනනව මේව දැක්කම හකුරු හොයාගන්න එක තමා ප්‍රශ්නේ.හදලා බලන්න ඕනේ වෙලාවක.

  • හරී - පිණිපළස says:
    August 2, 2011 at 9:29 AM

    වටලප්පන් හදනකොට අවන් එකේ හදනවට වඩා රසයි වාශ්පයෙන් තම්බලා ගන්නවා නං. අර ස්ටීම් කරනවා කියන්නෙ :)

  • මි හරක් පිඩියා says:
    August 2, 2011 at 9:38 AM

    අම්මා..කෙලත් ගිලෙනවා අප්පා......

  • සීතල අයියා says:
    August 2, 2011 at 1:58 PM

    ආ ඒකනෙ මේ අවුල වෙලා තියෙන්නෙ...සීනි හැදි 3 ද දාන්නෙ..හදනකොට දැම්මනෙ 250g ම. :D
    කොහොමෙන් හරි ලොකු දෙයක් හදන හැටි දාපු එක..
    දැන් එහෙනම් හදමුකො හරියට..

  • සංකල්ප says:
    August 2, 2011 at 8:21 PM

    අම්මෝ කටට කෙල උනා. !!!!
    මාත් මාරම ආසයි වටලප්පන් කන්න. වෙඩිමකදි නම් අනිවා වටලප්පම් කිලෝ එකකට විතර වග කියනවා. හික්ස්

  • පිස්සු පුසා says:
    August 2, 2011 at 8:53 PM

    පින්තුරේ දැක්කම ලැප කන්න හිතේනවා අප්ප. සික්

  • තාරා says:
    August 2, 2011 at 11:26 PM

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........... වටලප්පන්..... ආ.... දැන් රාමසාන් කාලෙ එනවනේ... එතකොට යාලුවන්ගෙ ගෙවල්වල යන්නෙම වටලප්පන් හොයාගෙන තමයි... ඔයා ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා...

  • ශානි says:
    August 3, 2011 at 7:55 AM

    නියමයි මම මේ සතියේ හදන්න හිටියේ මේකේ විදියටම හදලා කොහොමද කියලා කියන්නම්කො

  • Anonymous says:
    August 4, 2011 at 2:06 AM

    bohoma sthuthie....habei oya dala thiyana pinthure caramel pudding ekaka rupayak neda...oya widiyata caramel dala hadanne caramel pudding thamai..watalappanwalata caramel danne naha neda....

    menna watalappan wala pic ekak...
    http://www.srilankanfoodrecipes.com/sri-lankan-desserts/watalappan

  • sanjaya සිතුවිලි says:
    August 15, 2011 at 12:09 PM

    කටට කෙල උනනවා .. වටලප්පන් වලට ...

  • Anonymous says:
    July 24, 2013 at 8:57 AM

    මේකේ තියන විදියට හැදුවා. එලටම ආවා.
    බොහොම ස්තුතියි හදන හැටි දැම්මට

  • රෙහානි says:
    August 14, 2013 at 3:13 PM

    ස්ටීම් කරනවා nam kochchara welaavak thiyanna onada

  • නදී says:
    July 8, 2014 at 8:52 PM

    අනේ කියන්න පුළුවන්ද අන් මෝල්ඩ් කරනවා කියනනෙ මොකදද ක්යලි

Post a Comment