ඔබ කිව් වදන් සැබෑ වෙලා අද .....

Wednesday, February 9, 2011


අඟලක් අඟලක් ගානේ..
චලනයක් චලනයක් ගානේ..
වචනයක් වචනයක් ගානේ..
මතක ඇති තවමත්...

ලඟයි ඔබ එතරම්..
ඇසට...
ලඟයි ඔබ එතරම්..
මතකෙට..
ලඟයි ඔබ එතරම්..
හදවතට..

අද දුරස් වෙලා...
ඇසින්...
අද දුරස් වෙලා...
මතකයෙන්...
අද දුරස් වෙලා...
හදවතින්...

ඇසින් වැටෙන කදුලකට...
රිදුම් දෙන මතකයට...
දුක දැනෙන හදවතට...
යලි නො එන්නම...

ඔය ඇස් හඩාවි..
මතකය රිදේවි...
හදවත තැවේවි...
මම ලඟ නොවේවි...
ඔබ කිව් වදන්..
සැබෑ වෙලා අද...

තෙත්වූ නෙත් යුග සොයනවා අද..
මිහිරි මතකය ගෙනෙනවා දුක..
ඔබේ හදවත සොයනවා මම...
එහෙත් ඔබ දුර වැඩියි මා හට...

23 ප්‍රතිචාර:

  • පිණිබිඳු... says:
    February 9, 2011 at 9:25 AM

    කලාවෙන් කලාවට
    වැඩෙන පුන් සඳ සේම
    ආදරය සමගින්ම
    දුක වැඩෙයි හැමදාම

  • MaRLaN says:
    February 9, 2011 at 10:31 AM

    දුර ගිය ඔහුව ඇයි මතකෙට ගන්නේ...
    ඇයි ඔය දෑස් උනු කදුලින් පුරවන්නේ...
    ඔහු කල කී දේ අමතක කරපන්නේ...
    නුබ වෙනුවෙන් "රත්ගමයා" ලතවෙන්නේ...

  • සංකල්ප says:
    February 9, 2011 at 11:26 AM

    ලස්සන කවි පෙලක් !!!! මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරි උනා

  • රත්ගමයා says:
    February 9, 2011 at 12:01 PM

    අඩෝ යකෝ මාලනයෝ මේ අහපන්...
    රත්ගමයට ටෝක් කරලා ගුටි කාපන්..
    ඉශ්වි කෙල්ල නන්ගා මගේ යැයි සිතපන්..
    ඉකේ බොලේ විලි ලැජ්ජයි එය මකපන්..

  • MaRLaN says:
    February 9, 2011 at 12:06 PM

    @ Iru

    ඇයි මෙය කියවා නුබ හට තරහා යන්නේ...
    විහිලුවක්ම පමනකිනේ මා කෙරුවේ...
    ඉශ්වි නංගි කෝමත් බොට උස වැඩිනේ...
    අක්කා ලෙස සිතුවොත් නම් ගැලපෙන්නේ...

  • රත්ගමයා says:
    February 9, 2011 at 12:10 PM

    මගේ උසත් අඩි 6ක් ය දැන ගන්නේ
    කාගෙන් හරි උඹ අහගෙන බලපන්න්නේ
    තෝ ගහනා ඕන මඩක් ගහපන්නේ
    නන්ගා හට මම හොද අයියෙක් වන්නේ

  • MaRLaN says:
    February 9, 2011 at 12:18 PM

    නුබේ ෆොටෝ බලලයි මම උස හැදුවේ...
    5යි 8ක් පැන්නීමට බැරි වෙන්නේ...
    අනේ මචෝ මඩ ගහන්න නොම ආවේ..
    නංගා හොද නිසයි නුබ හොද අයියෙක් වන්නේ...

  • රත්ගමයා says:
    February 9, 2011 at 12:25 PM

    ඒක තමයි තොට කිව්වේ
    යන තැනට්කට පල කිව්වේ
    නන්ගා මට ලව් කිව්වේ
    තොගේ කටින් නෙව කිව්වේ

    මට නෝනෙක් ඉන්නව තෝ දැන ගනිය
    මේක දැකලා මා එල්ලන්නට බැරිය
    මගේ අහින්සක පවුලට කෙල වෙවිය
    අවුලක් නෑ මම පැහැදිලි කොර දෙමිය

  • MaRLaN says:
    February 9, 2011 at 12:29 PM

    නුබ වෙනුවෙන් "රත්ගමයා" ලතවෙන්නේ...
    මෙලෙස කියා මේ මං අදහස් කෙරුවේ..
    ආදරයක් නොව ඒ අයියගේ සෙනෙහසවේ..
    පටල ගත්තේ මමද නුබද හිතපන්නේ...

  • ඉශ්වි says:
    February 9, 2011 at 2:40 PM

    @පිණිබිදු : දුක නැති පෙමක් දැකලත් නැතිය...
    හමුවුන දවසට බලන්න බැරිය... :)
    ගොඩාක් ස්තූතියි කොමෙන්ටුවට....

    @මධුරංග : නම කිව්වට අයියද මල්ලිද නම් මන්දා... :) කවි පෙල ලස්සන නම් ගොඩාක් ස්තූතියි ඔයාටත්....

  • ඉශ්වි says:
    February 9, 2011 at 2:51 PM

    @ MaRLaN aiya :
    මගෙ උස ගැන කිසිත් නොකියන්නේ...
    නැතිනම් මට තරහ එන්නේ....
    අක්කා වගේද බොට මා පෙනෙන්නේ...
    මේක නම් දැන් හරි නොයන්නේ .. :P

    @ iru aiya :
    ඔය මඩ ගැන නොසිතන්නේ..
    සහෝදර පෙම ගැන මා දන්නේ...
    පවුල කැඩුනොත් නම් වග නොකියන්නේ...
    මම නම් නෑ අනේ අම්මේ... muahaha .... :P

    both : තොපි දෙන්නා ඇන කොට ගන්නේ..
    මොන එහෙකටද නොම දන්නේ... o.O
    hehe :P

  • චතුවා says:
    February 9, 2011 at 3:50 PM

    හ්ම්ම්ම්ම්ම්.... :-<

  • ඉශ්වි says:
    February 9, 2011 at 4:40 PM

    මොකෝ ලමයෝ මූණ??? o.O

  • MaRLaN says:
    February 9, 2011 at 5:26 PM

    @ ඉශ්වි නංගි

    මා උදයේ මෙහි ආව...
    ඔබේ කවිය නෙත ගැ‍ටුනා...
    මඩක් ගහන්නට සිතුනා...
    ඉරුවව මා ඇද ගත්තා...

  • ඉශ්වි says:
    February 9, 2011 at 5:43 PM

    අහෝ දුකකි... මාගේ කවියට මඩ ගසයි... :((

  • චතුවා says:
    February 9, 2011 at 5:47 PM

    අහෝ දුකකි ඉරකි තිතකි ඉශ්වි.. :(

  • ඉශ්වි says:
    February 9, 2011 at 5:56 PM

    ළමයා මොකෝ අඩන්නේ... මූණ එල්ලගෙන..

  • MaRLaN says:
    February 9, 2011 at 5:58 PM

    කවියට නෙමේ නංගි මඩ ගැහුවේ...

  • ඉශ්වි says:
    February 9, 2011 at 6:05 PM

    අහ්හා... එහෙම තේරෙන්න කියන්න එපැයි... දන්නවා දන්නවා... :)

  • ItalyDilan says:
    February 9, 2011 at 7:07 PM

    අඩෝ රත්ගමයා මේ අපේ ගම් වලට අහල පහල ඉන්න නගා කෙනෙක් හරිය,,බොලාට නෙමේ අයිති මේ නගාව බලාගන්න,,ඔන්න මාලනයටත් අයිතියක් තියනවා මේ නගාව බලා ගන්න,,,මොකද ඌත් අපේ එකෙක් හින්දා....මතක තියාගනිල්ලා ඒක හොදට....
    ඉශ්වි නගා කුරු‍ටු ගෑම නම් නියමෙට තියනවා ,,ඔන්න දැනුයි ඔයාගේ වැඩ එලියට එන්නේ

  • Anonymous says:
    February 9, 2011 at 7:55 PM

    හිත රිද්දන ඒ මතකයද...
    හද රිද්දන ඒ අතීතයද...
    ඇස් හඩවන ඒ අහිමිවිමද...
    හඩවලා යාවි පෙරදා සෙම...
    අහිමි බව හැගුනත් නුඹව...
    දහසක් වදන් නුඹේ සිහිපත් කලද..
    අහිමි බව දන්නව අද හෙටද...
    අද හෙටද මුලු සසර භවේ
    හමු නොවෙවා අපි අතරමගේ....

    ලස්සනයි ඉශ්වී කවි ටික.. දිගටම ලියන්න... :)

  • ඉශ්වි says:
    February 9, 2011 at 8:52 PM

    @ නිම්ශා :
    දෑසේ පිරි කදුලු අතර..
    මතකයේ පිරි දසුන් අතර...
    හදවතේ පිරි ප්‍රේමය අතර...
    ඉතිරි වූ පැතුම එය පමනයි...
    ගොඩක් ස්තූති ඩලා... :)

    @ ItalyDilan අයියා : ගමේ කම තියන එක ලොකු දෙයක්.. අහන්නත් සතුටුයි... මේ ඉන්නේ අයියලා මදි නොකියන්න... හෙහේ..
    ගොඩක් ස්තූති කොමෙන්ට් එකට...

  • MaRLaN says:
    February 9, 2011 at 9:11 PM

    @ ItalyDilan අයියා : බොහොම පිං අය්යා....

Post a Comment