
ගෙවෙන්නට ඇති පැය ගනන්..
ඔබත් මාත් හමු වුන දිනයක..
ගොතන්නට ඇති කතා දහසක්..
එකට ඇමිණූ වචන මුසු කර..
මනින්නට ඇති පියවර ගනනින්..
දෑත් පටලා එකට එක් කල...
හිදින්නට ඇති පැය ගනන්..
යොමා නෙතු ඔය නෙතු අද්දර...
මවන්නට ඇති සිහින දහසක්..
හිදින්නට ඔබ ලගම සදහට..
විදින්නට ඇති ගෙවුන මතකයන්..
ඔබෙන් ලද සතුට සිහි කර..
නැතිව යන්නැති ඔබෙන් තොර ලොවක්..
බැරිව යන්නැති නොදැක ඔය නෙත්..
නොහැකි වෙන්නැති වලකනු හැගුමන්..
ආදරේ වෙන්නැති ඔබට සදා මන්..






