ආදරේ වෙන්නැති ඔබට සදා මන්..

Thursday, May 12, 2011


ගෙවෙන්නට ඇති පැය ගනන්..
ඔබත් මාත් හමු වුන දිනයක..
ගොතන්නට ඇති කතා දහසක්..
එකට ඇමිණූ වචන මුසු කර..
මනින්නට ඇති පියවර ගනනින්..
දෑත් පටලා එකට එක් කල...

හිදින්නට ඇති පැය ගනන්..
යොමා නෙතු ඔය නෙතු අද්දර...
මවන්නට ඇති සිහින දහසක්..
හිදින්නට ඔබ ලගම සදහට..
විදින්නට ඇති ගෙවුන මතකයන්..
ඔබෙන් ලද සතුට සිහි කර..

නැතිව යන්නැති ඔබෙන් තොර ලොවක්..
බැරිව යන්නැති නොදැක ඔය නෙත්..
නොහැකි වෙන්නැති වලකනු හැගුමන්..
ආදරේ වෙන්නැති ඔබට සදා මන්..

9 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    May 12, 2011 at 5:39 PM

    ආදරේ කරන කාලෙට කිලෝ මීටර් පහ හයක් උනත් පයින් ගියෑකි කිසි ගින්නක් නැතිව.ඒ වගේම තමා කතා කරන්න පුලුවන් වචන දාස් ගානක්ම එක දිගට

  • සීතල අයියා says:
    May 12, 2011 at 6:11 PM

    ලස්සනයි :-)

  • පිටස්තරී says:
    May 12, 2011 at 7:00 PM

    නංගියෝලස්සනයි

  • Tharinda Dilochana Bandara says:
    May 12, 2011 at 8:39 PM

    ලස්සනයි ඉශ් <3

  • Unknown says:
    May 12, 2011 at 10:20 PM

    ඉකේයියා මේ මොකද්ද මේ... හප්පෝ... සෑටර්.... වෙන අවමගුලක් ඇත්තෙම නැද්ද ලියන්න... :P

  • පන්සල් හංදිය says:
    May 14, 2011 at 10:36 AM

    ලස්සනට ගොතලා තියනවා ..........

  • MaRLaN says:
    May 14, 2011 at 11:35 AM

    හා

  • Unknown says:
    May 14, 2011 at 12:49 PM

    ගෙතුම සුපිරි
    what evr da thng hhppnd, it hs keep up ur ability in ths kind f wrtngs.keep it up more.actualy suprb!

  • සිතුවිලි නිහඬයි says:
    May 16, 2011 at 9:31 AM

    නියමයි ....ලස්සනට ලියල තියනවා

Post a Comment