අමාවක රැය.

Monday, May 30, 2011


කාලය දුවනා බව.....
මට නොවැටහෙන තරමට
දවසක් කල්පයක් වී ඇත
මගෙ සිතට දරා ගත බැරි තරමට......

සැමදා පායන පුං සද
අද පායා නොමැති විට...
මහ පාලු සිතුවිලි මැද......
කාලය යයි ඉබි ගමනක

අදුරු රාත්‍රිය ගෙවෙයි හෙමිහිට......
මගෙ හදවත සොහොනක්කර
නැවත කවදා දිලෙයිද ඒ සද.....
කියා ම'සිතේ ප්‍රශ්ණයක්ද සමගින

16 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    May 30, 2011 at 11:16 PM

    සීතල අයියත් මාරම කවි කාරයෙක් නේ. ලස්සනයි සීතල අයියා මේ කවි සෙට් එක. කාලය නම් දුවනවා නෙමෙයි ඉගිල්ලෙනවා වගේ.

  • Bunny says:
    May 30, 2011 at 11:25 PM

    මාසයක් ඉදපං යකෝ තව..!

  • චේ උන්නැහේ... says:
    May 30, 2011 at 11:38 PM

    සීතලේ..... හැමදාම හොද කියන එකේ අද වරදක් කියන්නම්....

    "හැමදාම පායන පුං සද" ඕක පුං නෙමෙයි පුන් කියලා එන්න ඕනා....
    "පුන්" කියන්නේ පරිපූර්ණ නැත්නම් පිරිපුන් කියන එක.
    හැබැයි පුතෝ "පුං" කියන්නේ පිරිමි කියන එක. එහෙම උනොත් මුලු නිර්මාණයේම තේරුම අසම්මත එකක් වෙනවා. හරියට ඒක උඹෙ ලෝකෙට පිරිමියෙක් ඇවිල්ලා වගේ අර්ථයක් එන්නේ. අකුරු හරඹයේදි පරිස්සමෙන් කොලුවෝ..

    anyway නයිස් පෝස්ට් මචං.....

  • චතුවා says:
    May 31, 2011 at 8:19 AM

    සීතලයෝ.. මටත් මෙහෙමයි බං.. :( :( :'( :'(

  • චතුවා says:
    May 31, 2011 at 8:21 AM

    @චේ උන්නැහේ... මේකේ වරදක් නෑ බං.. හරියටම ලියලා.. :)) :))

  • සිතුවිලි නිහඬයි says:
    May 31, 2011 at 9:13 AM

    ලස්සනයි කවි පෙළ

  • Anonymous says:
    May 31, 2011 at 4:18 PM

    http://antithetic-you.blogspot.com/

    හුදු දැන ගැනුම සඳහාම පමණි. ෆේස්බුක් නැත, සින්ඩි ගත වී නැත, සැමදා මෙසේ වන්නේද නැත. මේ දැන ගැනුම සඳහාම පමණි. ඉතිරිය විඳිය යුත්ත සොයව, බලව, කියවව.

  • සීතල අයියා says:
    May 31, 2011 at 7:24 PM

    @මදු- ස්තූතියි සහෝ.
    @හාවා- මොන මාසයක්ද බං? :\
    @චේ- ඔව් නේ බං.එතෙන්ට එන්න ඕන "පුන්" කියලා තමයි.
    @ළමයා- ඇයි උඹට මොකද උනේ?නෑ බං චේ හරි.මදුර එකේ ගහලා බලපං.
    #සිතුවිලි නිහඩයි- ස්තූතියි යාලුවා.

  • චතුවා says:
    June 4, 2011 at 5:13 PM

    @Anonymousෆේස්බුක් නෑ, සින්ඩි ගත වී නෑ කියන්නේ ඔයාට ඔයාගේ බ්ලොග් එකට පාඨකයෝ අවශ්‍ය නෑ වගේනේ.. ඉතින් මොකටද මේ ඇඩ් දාන්නේ..?

    @සීතල අයියා මචං මේක "අක්ෂර ගෲප් එකේ ස්ටයිල්" එකට කියෙවුවොත් උඹ හරි. "උඹෙ ලෝකෙට පිරිමියෙක් ඇවිල්ලා" මම ඒකයි කිවුවේ.. :)) :))

  • නදී says:
    June 4, 2011 at 10:00 PM

    හ්ම් හ්ම්ම් ...ඉවසන්න වේනව තව ටික කාලයක්.හද පායනකම්.

  • Unknown says:
    June 4, 2011 at 11:30 PM

    සීතලයො දැනගනිං.... හඳට ආලෝකය ලැබෙන්නෙ ඉරෙන් වග.... සූර්යෙක් නැති ලොවක අහවල් මගුල්ද බොල.

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 1:48 PM

    මොනා ලියනවද මන්ද ........
    කොහොම උනත් එල ......

  • සීතල අයියා says:
    June 15, 2011 at 3:08 PM

    @ළමයා- අනේ මං ඉතිං කියන්නෙ නෑ. :P
    @ නදී- එහෙමෙයි. :-(
    @පොඩ්ඩා- ඒ උනාට බොල හදනෙ ලස්සන. :ඵ්
    @කල්හාර- කවියක්නෙ හලෝ ලිව්වෙ. :)

  • Unknown says:
    June 15, 2011 at 3:40 PM

    තොට විකාර... හැමදාම ප්‍රෝඩාවක ලස්සනට රැවටිලා දුර ඉඳං ලස්සනයි කිය කියා බලා හිටු. ලං කරල බැලුවම තොට පෙනේවි හඳේ ආවාට... ගල් ගොඩැලි... කඳූ.... ඒ විතරක්යැ, සූර්ය ර්ශ්මියෙන් දැවී යන අයුරු. තො මේ ඇත ඉදං බලාගෙන ලස්සනයි කිය කියා මැරෙන්න හදන්නෙ මිරිඟුවක් වැනි ප්‍රෝඩාවකට වග. ආදරේ කරපිය ඉරට... නැත්තං ලඟ පාත තියෙන ගහ කොල ඇළදොල සතා සීපාවට.... පෘතුවියට. 
    පොලවෙ පය ගහල ජීවත් විය.

  • සීතල අයියා says:
    June 15, 2011 at 4:49 PM

    @ පොඩ්ඩා- හා හා. :P

  • හැමදාකම ,
    පෑයුවත් පුන් සඳ . . .

    අමාවක ලද
    එකම දවසට
    හඬනවා ඇතිවෙන්න
    අඳුරු නුබ ගැබ . . .

Post a Comment