නොදැන මෙන් ...

Monday, May 2, 2011


හැකි නම් දිමට මට..
මා දෙනයන නුඹ හට..
දකිවි නුඹ..
මා දකින ලෝකය ගැන..

පුලුවන් වුනා නම් පෙන්වන්නට..
මා හිත..
වටහා ගනිවි නුඹ ..
මා හිත ..මා හැගුම්..
නුඹ නොදකින...

පුදන්නට හැකි නම් මා අත..
දැනෙවි නුබට මගේ උනුසුම..
නුඹම මට දායාද කල ...
නුඹට නොදැනුන...නොතේරුන

මම ඉන්නවා නුඹ ලගම ..
නුඹ තුලින් විදමින් ලෝකයම ..
නමුදු නුඹ ඉන්නවා ..
දුර ඇතක අනන්තයක. ..
නොදැන මෙන් ...
මා හිතම..

12 ප්‍රතිචාර:

  • සීතල අයියා says:
    May 2, 2011 at 5:22 AM

    මාගේ මෙම
    කීරි ගැහෙන හදවත
    දුටුවානම් නුඹ
    හැර යන්නේ නෑ
    කිසි කලෙක

    රකුසෙකු සිට
    අප දෙදනා අතරට
    එන්නට දත නියවා බලා සිටින විට....
    කඩුව අතට ගෙන
    රැකවරණය දීමට
    සිදුව ඇත

    කඩුව ඇගෙ අත...
    කාහට දෙයිදෝ කිව නොහැක
    මම පතමි අවසර
    දෙන්න කඩුව මා හට..

    ලස්සනයි නිම්ශා.ඔයාගෙ පද පේලි වලට මේක ගැලපෙනවද දන්නෙ නෑ.හිතට හිතුන එක ලිව්වෙ.ඔයා ඔය කොහෙන්ද pics හොයා ගන්නෙ?ලස්සන pics.

  • නදී says:
    May 2, 2011 at 7:21 AM

    ලස්සනයි

  • රත්ගමයා says:
    May 2, 2011 at 10:19 AM

    ලස්සනයි සහෝදරී

  • සංකල්ප says:
    May 2, 2011 at 10:39 AM

    ලස්සන කවි පෙළක්.

  • චතුවා says:
    May 2, 2011 at 12:58 PM

    ලයික් ;)
    ලස්සනයි..!

    බට් සම්තින්ග් වෙන්ට් රෝන්ග් මෙයා..

  • ඉශ්වි says:
    May 2, 2011 at 6:20 PM

    ලස්සනයි..... ගොඩා........ක්.... !! :)

  • අනුරාධ says:
    May 3, 2011 at 1:32 AM

    හැකි නම් දිමට මට..
    මා දෙනයන නුඹ හට..
    දකිවි නුඹ..
    මා දකින ලෝකය ගැන..

    පුලුවන් වුනා නම් පෙන්වන්නට..
    මා හිත..
    වටහා ගනිවි නුඹ ..
    මා හිත ..මා හැගුම්..
    නුඹ නොදකින...

    පුදන්නට හැකි නම් මා අත..
    දැනෙවි නුබට මගේ උනුසුම..
    නුඹම මට දායාද කල ...
    නුඹට නොදැනුන...නොතේරුන

    මම ඉන්නවා නුඹ ලගම ..
    නුඹ තුලින් විදමින් ලෝකයම ..
    නමුදු නුඹ ඉන්නවා ..
    දුර ඇතක අනන්තයක. ..
    නොදැන මෙන් ...
    මා හිතම..

    මේකට මට දෙන්න පුලුවන් එකම පිලිතුරු කවියත් ඕකමයි.

    ප.ලි-
    අවස‍රයකින් තොරව උපුටා ගැනිම පිලිඹද සමාව දෙන්න. :D

  • Anonymous says:
    May 3, 2011 at 5:37 AM

    සීතල අයියා : හොදයි ඔයාගේ කවියත්.. :) ෆොටෝ නම් අයියේ ගුගල් දෙයියන්ගේ න් තමා හම්බවෙන්නේ..

    නදී : තැන්කු අක්කි..

    හිරු කුමරු : තැන්කු ඔයාටත්..

    මධුරංග: තැන්කු අයියේ..

    ළමයා : මොකද රොන්ග් මෙයා... :O

    ඉශ්වි : තැන්ක් ඩලා..

    අනුරාධ : නඩු දානවා ඔන්න අනු අයියේ කොපි කරනවට..

  • Bunny says:
    May 3, 2011 at 6:59 AM

    බිකෝස් හෙන ලස්සනයි :P

  • සිතුවිලි නිහඬයි says:
    May 3, 2011 at 12:29 PM

    ලස්සනයි නිම්ෂා

  • මාරයාගේ හෝරාව says:
    May 3, 2011 at 3:43 PM

    නුඹේ නෙතු යුග තුළීන්..
    දකින්නට ලොවක සිරි..
    නුඹේ සිතුවිලි මතින්..
    ලබන්නට පෙමක් රිසි..
    පතන්නට රිසි නමුත්..
    දකින්නේ කෙලෙසින්ද..
    නුඹේ නෙතු තුලින් මතු..
    කඳුළු වැල් ගලයි නම්..
    උණුසුමේ රැඳීලා..
    නුඹ ළගින් දැවටිලා..
    සැලෙන හදවත පුරා..
    පෙම් කවක් ලිය ලියා..
    සිටින්නේ කෙලෙසින්ද..
    පතන්නට අහිමි සඳ..
    හිමි නොමැති සිහිනයක්..
    දකින්නට උරුම නැත..
    ඔබ ඔබේ ලෝකයේ..
    මම මගේ ලොකයේ..
    අපේ දෙලොවට මැදින්..
    අනන්තය රැඳී ඇත..

  • හිස් අහස says:
    May 4, 2011 at 10:24 PM

    ලස්සනයි ...

Post a Comment