Showing posts with label හිතුවක්කාර සිත... Show all posts
Showing posts with label හිතුවක්කාර සිත... Show all posts

Monday, June 25, 2012

නුඹ සතුටින් නම්

26 ප්‍රතිචාර | Read more...


එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්..
ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්..
කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්..
ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්..

එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්..
නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්..
ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්..
අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්..

හති වැටෙමින් මේ රැ මා හඩන සෝ  සුසුම්..
නුඹට ඇහෙන් නැති බව මම දනිමි මේ හැඩුම්..
ගව් ගණනක් නුඹ දුර ගොස් මම දනිම් මේ සිතුම්..
හිත හැඩුවත් කම් නැ ඉතින්  නුඹ සතුටින් නම්..



Sunday, April 22, 2012

ඇයි නොදනි..

12 ප්‍රතිචාර | Read more...

තරුවක් වුවත් ආකසේ දිලෙන්නට..
මලක් වුවත් අතු අතරේ රැදෙන්නට..
කවියක් වෙලා තනුවක් හොයන්නට..
කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට..

නිල් අහසේ තනිකම විදින්නට..
අතු අතරේ තනිකම හුරුකමට..
තනු අතරේ පද අතරේ රැදෙන්නට..
හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම..

තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි..
දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී..
පද අතරේ ඔබේ හුරු පහසේ සුවද දැනි..
නෙතු අතරේ සිර වු කදුලක් බිමට පනි..

Friday, August 12, 2011

සුසුම් උණුසුම් 2

5 ප්‍රතිචාර | Read more...

''මොකද බං මේ අද උදෙන්ම මුණ එල්ලන්..අදත් මාලින්ද එක්ක වලියක්ද ..'' හොදම මිතුරිය මෙන්ම සොයුරිය වු සඳලි පැවසුවේ කවට කමටය ..එනමුදු එලෙස විය හැකි බවද ඇය සහසුද්දයෙන්ම දැන උන්නාය ..

''ඇත්තමයි මෙච්චර යාලුවෝ වෙච්චි මට බැරි උනානේ තාම ඔය ගිනි කුකුලාව බලා ගන්න..''

''එක්කෝ උඹ කලින් යනවා..නැත්නම් මම කලින් යනවා..අපේ ටර්න් එක ඉවර වෙද්දි කවුරු හරි ඉන්නම එපැයි ෆයිල්ස් අතටම දෙන්න ...''

අප දෙදෙනාම වැඩ කලේ පෞද්ගලික ආයතනයකය ..පාසල් කාලයේ මෙන් කෙලිලෝල් දගකාරකම් කාර්යාලේ මිතුරන් ඇසුරේ නොවැඩුනද මමත් සඳලිත් අතර වුයේ දැඩි මිත්‍රත්වයකි..

''ඇත්තටම අද මොකද බං මුණ ...''

''ඇයි '' දහවල් කැම වේලේහිදි මා තනිකර ගත් සඳලි මා දෙස සංවේගයෙන් බලා හිදින්නට විය ..

''මාලින්ද එක්ක ඉදලා මට එපා වෙලා..මට හිතෙනවා මේ එෆෙයාර් එක නවත්තලා දාලා ඉන්න ..''

''ඉතින් නවත්තන්න..ඇයි බොරුවට හිතින් දුක් විදින්නේ..''

''මාලින්ද එකට ඉඩ දෙන්නේ නැහැ මාව මරයි''

''පිස්සු..මාලින්ද ඇයි එහෙම කරන්නේ..''

ඇය නොදන්නා කොතෙක් නම් දැ අප ජිවිතයේ ඇත්ද..මා හුදෙක් මාලින්දගේ පෙම්වතියම නොවන වග ඈ ට මා කෙලෙස කටක් ඇර කියන්නද..ඈ මා ගැන කෙලෙස සිතනු ඇත් දැයිද කියා මා බිය උනෙමි..

''එ සැරේ පිළිකුල් භාවනාව කරනවද''

''අනේ මන්දා බං සඳලි මට මාව පැටලිලා කියලා විතරයි හිතෙන්නේ..මට ඉස්සර තිබ්බ එ ආදරේ මාලින්දට නැ ..නැහැමත් නෙමේ..මහා මොකක්දෝ දෙකින් මාවයි මාලින්දවයි ඇත් කරලා''

ආදරයක් වුවද කල් ගත වන විට පුස්වෙන වග මා අසා නොතිබුනද මගේ ආදරයට වි තිබුනේ එය යැයි මට සිතුනි..මම ඔහුට පෙම් නොකරනවා යැයි කිවොත් බොරුය ..මම ඔහුට මහත් සේ පෙම් බඳිමි..නුමුත් ඔහු හා මගේ ගති සිරිත් අහස පොලව බඳුය ..මෙතරම් කලක් මා ඉවසන් උන්නද තව දුරටත් එය කල හැකිද කියා මම නොදනිමි..ඔහු මට ලෙසියෙන් යන්නට ඉඩ නාරින බවද මම දනිමි..

''ඔච්චර හිතන්න එපා අන්න උඹේ අකුසල් මේ පැත්තට එනවා ටිකක් හිනා වෙයන්..''

''කොහොමද සිතාරි''

''වරදක් නැ කුසල් වෙනදා වගේමයි..''

කුසල් යනු අප වැඩපලේම ඉහල අංශයේ නිළධාරියෙකි..නමුත් ඔහුත් අපත් අතර වුයේ සේවක සබදතාවට ඉහලින් ගිය හිතේශි හැඟිමකි..ඔහුට නම කියා මිස ගරු ලෙස කතා කිරිමට අප පුරුදු වි නොසිටි අතර ඔහුද එය ගනනකට ගත් අයෙකුද නොවේ.. කුසල් මමත් සඳලිත් සමාගමට වැටුනු කල අනෙක් අයගේ දැස් වලට එය කටු ඇනෙනාක් බඳු විය .

''අද සීතාරි ඉන්නේ ලොකු කල්පනාවක'' විමසුම් ඇසින් මා දෙස නිරික්ශනය කරන වග හැගවෙන දැසකින් බැලු ඔහුගේ දැස් ත් මා දැස් එක් වු තැන ඉක්මනින් මා බත් පතට නෙත යොමු කලේමි..

''සීතාරි මේ වෙඩින් එක ගැන හිතනවා.''

එක්විටම කමින් සිටි බත්කට ඉස්මොල්ලේ ගිය කුසල් මා දෙස බලන් උන්නේ අසරණ වු මුවපොව්වෙකු ලෙසය ..

''සීතාරි බඳිනවද'' ගොත ගසමින් මෙන් ඔහු ඇසු පැනය මා හිතට මහත් දුකක් ඇති විය ...

''නැ නැ සීතාරි නෙමේ දසුනි..ඇයි ඔයාට වෙඩින් එක කිව්වේ නැද්ද'' බොහෝ අමාරුවෙන් සිනාව විකාගත් සඳලි එය ඇසුවේ මහත් බැරැරුම් කමින්ය..මටත් සිනා ආ මුත් ඇගේ විලාසය දැක තව තවත් ඔහු අසරණ කෙරුමට සිත් නොවිය ..

''මම යනවා'' අඩක්වත් නොකැ බත් මුල අසල වු කුණු බක්කියට දමා නැගිට ගත් කුසල් ඉක්මන් ගමනින් යන යුරු බලා සිටි අප දෙදෙනා මහා හයියෙන් හිනා වුනද මට මහත් දුකක් ඔහු ගැන දැනුනි..

''පව් බං අසරණයා'' මම සිනාව යටපත් කරගනිමින් කිවේමි..මෙතක් වු දුක්ඛ දොම්නස් කොහේ පාවුනේදැයි සිතා ගත නොහැක ..

''දැක්කානේ ඇති යාන්තම් උඹේ මුඩ් ෆික්z උනා..හෙහේ..වරෙන් වරෙන්..යමු..ඕක කුසල් ට හෙට උදේ වෙද්දි අමතකයි''

Monday, July 25, 2011

මට මතක නැ එක පොදක්..

13 ප්‍රතිචාර | Read more...

මට මතක නැ එක පොදක්..
මතක ඇති දැ වත් නිකම්වත්..
මතක් කෙරුවත් හාරා ඔලුව..
නැනේ මතක මට එක පොදක්..

සෙව්ව මුත් අමතක දැ මොනාද කියා..
හිත පමණකි පිලිතුර මොළයට නැ ඉඩා..
පුදුමයකි මෙය මහත් පුදුමයක් ලෝව දනා.
අමතක වි ඔලුව සිදුරු වි මතකය මා හැර ගියා..

බිලා ඊයේ රැ මංමත්ව රස්තියාදුකරුවෙකු විලස..
මහත්මා ගති බලු වි හැර ගියා නොදැනිම මා අසල..
තොපුලමින් කෙන්තියෙන් මා බිරිද කියන විට ලඟින් හිද...
අදහනු බැ නුමුත් මතකය නැ.. අරන් ගිහින් බෝතලය හිස් ලෙසට..

Saturday, July 2, 2011

සුසුම් උණුසුම්...

10 ප්‍රතිචාර | Read more...
වායුසමනය කර තිබු කාරයේ සීතල පරදවමින් හදේ පිරි තිබු උණුසුම් හැගිමෙන් හිත වෙව්ලමින් තිබුනි..තවදුරටත් මෙලෙස නිහඬව සිටිමි මට කල නොහැක්කක් විය ..

''මාලින්ද නවත්වන්න ඔතනින්..ඔතන හෝල්ට් එකෙන් බහිනවා..''

එහෙත් ඔහු නොනවත්වාම වේගයෙන් කාරය පදවන යුරු ගිනිගත් දැසින් මා බලන් හිටියේ ඔහු නො නැවතු වුවහොත් පියාසලන කාරයෙන් පනිනවා හෝ සිතාගෙනය ..

''එක්කෝ තමුසේ මේ කාර් එක නවත්තනවද..නැත්නම් මම නවත්තන්නද..''

එක්විටම මහා හඬින් පාරයේ නැවත් වු කාරයෙන් එලියට බැස ආ ඔහු රියේ වුන් මා එලියට ඇද ගසන්නට ගත් අත පසෙක ලා මා දෙසම මහත් වේදනාවකින් මෙන් බලන් උන් අයුරු..

''මොකක්ද සිතාරී ඔයාට වෙලා තියෙන්නේ..මොන පිස්සුවක්ද මේක..''

''අහ් ,මේක..මේකද පිස්සුව..මට නෙමේ ඔයාටයි ..ඔයා කෙල්ලෝ දාන් අදින කරත්තේ මාවත් දක්කන්න හදන්න එපා..''

''මොන කරත්තයක්ද..දෙයක් තෙරෙන්න කියන්න ''

''ඔව් ඔයාට දැන් මොනාවත්ම තෙරෙන්නේ නැනේ මාලින්ද ..එක වෙන්න ඇති කෙල්ලොත් එක්ක කාර් එක රස්තියාදු ගහන්නේ..''

''මම කෙල්ලෝ එක්ක රස්තියාදු ගැහුවේ නැ සිතාරී..එ මගේ නැන්දාගේ දුව ..පොඩි කෙල්ල .. පොත් වගයක් ගන්න ආවා ටවුමට..ඔයා ඕකටද මෙච්චර වෙලා දැඟලුවේ.. ''

''ඇයි එහෙනම් සිකුරාද දවසම ෆෝන් එක ඔෆ් කරලා තිබ්බේ..මම කොච්චර කොල් කරාද.. කාගෙන්ද ඔයා මේ හැංගෙන්න හදන්නේ ''

''සිතාරි දෙයියන්ගේ නාමේට එකක් කියන්නම්..මගේ ෆොන් එක මම කැඩිලා හදන්න දුන්න ..මේ මගේ යාලුවෙක් ෆෝන් එකක් දැන් කරන්නේ..අර දැක්කේ මගේ නැන්දගේ දුව..ඇහුනද... ...එන්න එන්න ඔයාව මම ගෙදරට දාන්නම්..තවත් ඔලුව කැක්කුම් ඇති කරගන්න බැහැ..''


නිවසට ආ මා හැඳ වුන් ඇදුමෙන්ම ඇඳේ දිගා වි සිටියෙමි.. ගත වෙලා උන් තෙහෙට්ටුවවට සිසිල් බිමක් ඇත්නම් යන්න දැනුනද එය සදා ගැනිමටවත් අම්මාට කියා වැල් දොඩම් විදුරුවක් සදා ගැනිමට හිත තිබුනිද ඇගේ දහසක් ප්‍රශ්න වලට පිළිතුරු බැදිමට මා හට නුවමනා විය ..

අද මාලින්ද සමට ගෙවුනු කාලය සිහිපත් වන විටද නෙතට කටු අනින්නා සේය ..මිට අවුරුදු තුනකට පමන උසස් පෙල පන්තියේදි ඇරඹි අප පෙම එකල මා හට දැනෙන්ට වුයේ මහා සම්පතයක් බදුය .. පිරිමි යහලුවන් රැසක් මා අවට සිටියද ඔවුන්ගේ ආදර හුටපට වලට මා කොතෙක් උදව් දුන්නද ඔවුන්ගෙන් මා සිත් ගත් එකෙකුදු හෝ සිටියෙද නැත.. උපතින්ම පැහැපත් රු සපුවකර උරුම කි මා හට කොල්ලන්ගෙන් ආ ඉල්ලිම නම් සුලුපටුද නැත..ඔවුන් මා වෙනුවෙන් ගුටි හරඹ ද කරන්න ට පෙලෙඹුනේ එකෙකුට හෝ මගේ කැමත්ත නොවුන තැනය ..විටක ඔවුන්ගේ ක්‍රියා කාරකම් මගේ පිරිමි යහලුවන්ගේන් මා අසා දැන ගන්නා කල සිනාසි අහක දැම්මා මිස ඔවුන්ද මගෙන් එ පිලිඹද අසන්නට නොපෙලෙඹුනේ මගේ කෙන්තිය කොතරම් සෙක්ද එලෙසම පොලිස්වරයෙකු වු මගේ පියාගේ ප්‍රෞර්ෂත්වයට ද බියෙන්ය ..

මාලින්ද පිලිඹද මා සිතේ සෙනෙහසක් සිතුනේ ඔහුගේ දඟකාර එහෙත් කෙල්ලකු පිලිඹද තැකිමක් නොකරනා විලසයෙන්ය ..සති අන්ත පංතියක මගේ යහලුවන්ගේ යහලුවෙක් වු මාලින්ද බොහෝ ප්‍රියමනාප තරුණයෙක් වු හේතුවෙන් ඔහු නොමැති සංගමය නිරස වන තරමට ඔහු අප සිත් ඇද බැද ගන්නට සමත් වු අයෙකි..

ඔහු සමග කල් ගෙවු සති අන්ත පන්ති ජිවිතයේ යන එන හැම ගමනට ඔහු සමග යන්නට මම ප්‍රිය වුනෙමි..කොල්ලන් හා බැඳි මිත්‍රත්වට ගෙදරින් කිසි කලක තහංචියද නොවුන නිසාවෙන් මෙතෙක් කලක් බැදි යහලුකම් හුදෙක් යහලුකමේ සිමාව නොගියෙන් මා පිලිබද සැකයක්ද නොවිය ..

දිනෙන් දින ඇරඹි ඔහුගෙත් මගේ ත් යහලුකම ආදරයක් බවට පත් වු විට මා බොහෝ සතුට ට පත් වුනේමි.නමුත් මිතුරු වෙස් ආදර වෙස් ලෙස හැරු විට වෙනස් වෙන්නට ගත්තේ කුමක්ද යන්න මටත් සිතා ගත නොහැක..සැබැවින්ම මට සිතා ගත නොහැක ..එය ඇරඹුනේ අප පාසල් ජිවිත හැර දමා අපේ ලෝකවල් වල තනි වෙන් ගත් විටය .

Saturday, June 25, 2011

දයාබර නැගණිය..

19 ප්‍රතිචාර | Read more...

සැඟවෙන හිරු රශ්මියෙන්..
නැගෙන සඳ තොපුලනා රහසෙන්..
විකසිත වු මලක සුගන්ධයක් සේ..
දයාබර නැගණිය නුඹයි සෙනෙහසේ..

වදන් දොඩවමින් කිරිල්ලියක සේ..
නැගණිය වුවත් නුඹ මා මිතුරියක සේ..
සතුටේදි ලඟ හිදින දුකේදි මා දුක දරන ..
නුඹ නොමැති හිස් ලෝකය නොහැකි වේ විඳින්නට..

ආදරියයි නුඹ සිත සතන් තුල ..
නොහඬ නොක්කාඩු මා සිතට එක් කල ..
රණ්ඩු වි නුඹට දුන් පහරකින් රිදේව්වද..
දෝණියයි අප එක මව්කුස වෙන් නොවෙන සේ සදා..

Thursday, May 19, 2011

දිලුම් අයියේ ඔබට නිවන් සුව..

11 ප්‍රතිචාර | Read more...

නොදැන සිටියත් කවුරුද ඔබ ..

ලෙංගතු උනා හුරුපුරුදු ලෙස..
කතා නොකරත් කවුරුද නුඹ..
සිතක හැගි දහසක් දැනුනා නුඹ ..
පද බදින කවි පෙළි ලෙස..

සොහොයුරෙක් නොවුනද එක් මව් කුසක..
සොහොයුරෙක් නුඹ හිත දහසක් මැද ...
නොදින්නත් නුඹ හෙට දවස හිරු දිලෙන දවසක --
දිනයි නුඹ ලෝකයක් මතු ඉපදෙන ආත්මයක

දිලුම් අයියේ ඔබට නිවන් සුව..


Monday, May 2, 2011

නොදැන මෙන් ...

12 ප්‍රතිචාර | Read more...

හැකි නම් දිමට මට..
මා දෙනයන නුඹ හට..
දකිවි නුඹ..
මා දකින ලෝකය ගැන..

පුලුවන් වුනා නම් පෙන්වන්නට..
මා හිත..
වටහා ගනිවි නුඹ ..
මා හිත ..මා හැගුම්..
නුඹ නොදකින...

පුදන්නට හැකි නම් මා අත..
දැනෙවි නුබට මගේ උනුසුම..
නුඹම මට දායාද කල ...
නුඹට නොදැනුන...නොතේරුන

මම ඉන්නවා නුඹ ලගම ..
නුඹ තුලින් විදමින් ලෝකයම ..
නමුදු නුඹ ඉන්නවා ..
දුර ඇතක අනන්තයක. ..
නොදැන මෙන් ...
මා හිතම..

Monday, April 11, 2011

වටිනාකම

10 ප්‍රතිචාර | Read more...
කදුලු නෙතු අදුරු කර..
දෙතොල් වියලි කර,,
දැත් සිතල කර..
ගලා ගොස් ..
නොනවතින කිසිදින...
මේ දැස් කදුලු බිදු..
නොනවතියි කිසිදින..


කලෙක උන්නා කෙනෙකු..
පිහිදන්නට කදුලු දැගිලි මතින් ගෙන ..
අද නොමැත ඔහු ලගින් මා...
පිහිදන්නට නොනවතින මේ කදුලු බිද..
හිදිනවා අද කෙනෙකු..
පිටස්තරයෙකු මෙන් නොදැනි..
ඔහුට නොදැනෙනවා මා කදුලු..
දැනුනද හිදිනවා ඔහු...
නොදැනුනා සේ....
කලක අගයක් කෙනෙකු හට දැනුනද..
අද හිදින්නා හට..
අරික්කාලක වටිනාකමක් නොමැති වි..

Tuesday, March 22, 2011

ගලපනා මා පද..

12 ප්‍රතිචාර | Read more...

දිගු නෙතු බරකර...
දෙ ඇස් අගින් ඇය බලන..
හිතුවක්කාර නෙත් දැහැන..
තපස් හිතක් වුවද ..
බිදලනවා මනරම් ඇ දෙනයන ...

පා තබන හින්සර පියවර..
කුහුඹුවෙකුටද නො ඇසෙන..
ඇසෙනවා පා සලඹ ලෙලදෙන...
නාදය වුවද මා පිනවන..

ගලපනා මා පද..
ගැහැනියකට උපමනා..
නොහැකි වේ දිනුමට..
ගැහැනියයි රු සිරි දෙනා
..

Wednesday, March 9, 2011

උවමනාවට වඩා ... ආසාව.... :)

13 ප්‍රතිචාර | Read more...

හීනියට අඩියක් ගැහුවේ...
ආසවට...
අඩියෙන් අඩිය ඉවර වි..
නිමා වි බෝතලයම...
සිල් අරක්කු කාලකින්..
හමාර උනේ ගල් බෝතෙලෙකින්..

පඩිය අතට ගත්තේ...
ගැනිගේ අතට දෙන්න...
විදුලි,ජල.,වියදම...
තියෙනවා ගෙවන්න ..
පඩිය මෙන් දෙගුණයක්..
හමාර කරන්න ..

උවමනාවට වඩා...
ඉක්මන් වුනේ..
ආසාව ..
ආසාව නික්ම ගොස්..
මැවුනේ.....
ගැනිගේ රොස් මුන..



Sunday, March 6, 2011

ඇය තමයි

13 ප්‍රතිචාර | Read more...

අඩ අදුරු ..
නියොන් එලි අග...
සුන්දර සලුපිලි...
දිදුලනවා සද එලියටත් ...
පැරදුම් නොවන සේ...

දිදුලන සලුපිලි තුල..
කුණු වි දිරා හැලෙන...
කිලිටු ඇටසැකිල්ල...
නොහැඩුවත් කාසියට..
හඩනවා ආත්මය ...
සල්ලියට යට නොවුන..

මහලු වි ගිය..
දෙමාපිය දෙදෙන.
තාත්තෙකු නොමැති..
පැටියෙකු බෝවුන..
ඉගෙනුමට සරිලන...
රස්සා නොමැති තැන..
බැස්සේ මහ-පාරට..

ආත්මයේ මොර හඩගැම..
බඩගින්දර තරම් නොදරුණුයි,,
ගිනි රස්නෙකින්...
ඇය පෙලෙන තරමට.....
සල්ලියයි ... හිගමනයි...
එක ට ඇය යා කෙරුණු...
ගණිකාව ඇය තමයි...
ලෝකයා නමකින්..
පට්ට ගැහුව...

Thursday, March 3, 2011

කරුමේද මගේ...

16 ප්‍රතිචාර | Read more...

රට්ටුන්ට කාලකන්නි වෙච්චි
මුණ මගේ...
ගම්මුන්ට මුසල වෙච්චි
මුණ මගේ...
නුඹට පුන් සද සේ පෙනේන්නේ...
කිමද යැයි නොදන්නේමි මම....

දරුවෙකුද නොලැබුවා කරුමේද මගේ..
බේබදු මිනිහත් මිය ගියා එයත් කරුමේද...
නැන්දම්මා හෙන ඉල්ලන්නේ එයත් කරුමේද ...
අකාලයේ වැන්දඹුව වු මම කරුමයක්ද ලොකේටම...

හිගන මගේ ලෝකෙට..
ලං වුන ...
හදන්න හදන හිගන හිත
මගේ ඔබ....
මිය ගිහින් නින්දා අපහාස වලටම...
හැර දමන් මා...
සුදුසු නැ මා හින ලෝකෙට..
නුඹ තනන

දැනෙනවා මටත් ලෝකයාට සේම..
ගැහැනියක් මමත්...
ලේ මස් ඇට නහර දක්වා දිවෙන...
හැගේනවා හැගිම් ලෝකයාට සේම...
වැන්දඹුව වුවත් ලොකේට...
ගැහණියක් මමත් ....

Friday, February 25, 2011

අයිති නෑ මා නුඹට....

14 ප්‍රතිචාර | Read more...


හිත දෙමංසලක තනිවි..
නුඹ එක පසක ...
ඔහු එක පසක...
කුමක් මම කරන්නද...
සිතත් මගේ දෙමංසලක...

ඇරඹුම ගත්තේ නුඹ....
නිමාවෙහි තත් ගත්තේ ඔහු..
ඇරඹුමට පෙම් කරත්...
අද නිමාවට වශි වි මම

කලක් පෙම් කලා නුබට...
හැරගියා නොකියාම..
ඔහුට පෙම් නොකලද..
අහම්බෙන් මාපිය යෝජනාවක..
ප්‍රථිපලය වි ඔහු අද...

නොසිතුවත් පෙම් කරන්නට...
ලං වුනා ඔහු හෙමිහිටම...
හිත මතට සොදුරු සිත්තමක්ම විලසින..
පිලිවෙල කලා දුහුවිලි වු මා සිතම...

එදා හැරගිය නුඹ ...
අදත් ඇවිදින් කලඹනවා මා තුන් හිතම..
එනමුදු මිනිස් වෙස් ගත් ඔහු හැරදමා...
පිටුපාන්නට බැ පලාගිය අයෙක් වෙනුවෙන...
ඉතින් හැර දමන් මා..
අයිති නැ මා නුඹට....

Wednesday, February 23, 2011

නුඹේ හිතුවක්කාරි...

14 ප්‍රතිචාර | Read more...

හඩන හිත මගේ සනසන්න..
සනසා ලගින් හිදින්න...
කදුලු තෙරෙපෙන දැස මගේ..
පිහිදා හිනාහෙන්න...
නුඹ තරම් වෙන කෙනෙකු...
දන්නේ නැ නේද..


උණුසුම් නුබේ හුස්ම පොද ලග...
ගැහෙන හිත තදකර...
ආදර කතාවක පාට තවරන්න...
ලංවී හිනැහෙන්න...
ආදරයෙන් මා අමතන්න...
නුඹ තරම් වෙන කෙනෙකු නැ මට...


වෙන කෙනෙකු ගැන හිත හිතන්න...
ලංවි නුඹ හැරදමා හිනාවෙන්න..
නුඹේ දුක සතුට කර පා කර යවන්න...
දන්නේ නැ නුඹේ හිතුවක්කාරි...
දන්නේ නැ කෙදිනකවත්..

Saturday, February 19, 2011

පිටු අතර සැගවුන..

8 ප්‍රතිචාර | Read more...

කුරුලු පියාපත් තටු ....
ඉස්සර හරි ගෙත්තම මගේ...
සැගවිච්ච පොත් පිටු අතර සැගවුන...
දැනුදු සිත් දකින..
හිත ඉස්සර අර පාසල් කාලය වෙත දුව යන..
ආසයි අන්න ඒ මතකය...
ලස්සනට පිටු අතර සැගවුන...
ආසයි දුවන්න අන්න ඒ කාලය වෙතට...
නොහැකි වුනත් ලගට ගන්න...
ආසයි හැමදාම අන්න ඒ මතකයේ පිටු අතර සැගවෙන්න...

Wednesday, February 16, 2011

සුබ පතමිද මා...නොම වැටහෙන්..

17 ප්‍රතිචාර | Read more...

දෛවය සරදම් රුදුරු ඇයි මෙතරම්...
කලක් මා එක්කල..
පෙම් කරපු ඔහු...
අද ත් වෙන කෙනෙකු හා
පෙමින් බැදුනද...
නොහැගෙනා සිත්තම නම්...
බැදුනේ ඇයි නුඹ..
සොහොයුරිය මෙන් ලගින් හිදි
මා මිතුරියම සමගින්...


මා සමග නුඹ...
පියවර තැබුව
මං මාවත්..
ඇය සමග
නොහදුනනා සේ ...
ඇවිද යන්නේ කෙලෙසක දැයි...
වටහා ගන්නේ මා කෙලෙසින්...


හිත තැලු නුඹටත්...
ලගින් හිද සොරා ගත් ඇයටත්..
නොහැකි වුවද..
සුබ පතිමිද මා...
නොම වැටහෙන්..

Monday, February 14, 2011

ඔයා මගේ නෙමේ

14 ප්‍රතිචාර | Read more...

හඩන කදුලු මගේ ඇස් වලට බර වුනාට...
එ කදුලු ඔයාට දුකක් වෙන්න දෙන්න මට බැ...
මගේ හැම සුසුමක්ම ඔයාව ඉල්ලුවට...
ඒ ...ආසාව මට දෙන්න ඔයාට බැ...
ඔයා මගේ නෙමේ ...
මම ඔයාගෙත් නෙමේ..
අපි අපේත් නෙමේ...


අපි දෙන්නෙක්..
එක මාර්ගෙක මම ඉන්නව..
එක සන්ධියක ඔයා ඉන්නවා...
රෙල්පිලි දෙකක් වගේ...
ලං වෙන්න කවදාවත් බැරි...


හඩන හිත හිත් ගැඹුරට ගෙන..
නුඹට නොපෙන්න මගේ උනුහුමේ..
මගේ ආදරය වලලා ගන්නම්..
නුඹට නොහැගෙන මගේ ආදරය...
නොතෙරෙන්නම මියැදවන්නම්...
ඒ රිදුම් මට සේ නුඹට නොහැගෙන්න...

Friday, February 11, 2011

හිරු නුබයි ඉරු අයියේ..සිංහල අහස් ගැබේ

18 ප්‍රතිචාර | Read more...

එලිය වු හිරුගේ ලෝකයට...කලු වලුකුලු ඇවිදින්...
අදුරුකර හඩවා දමා ගොසින්..
හිරු නොමැති හිස් අහසම
අදුරේ පාවි හඩනවා දුකින්..
හිරු එලිය කල ඒ අහස් ගැබ..
හිරු සැනසු දහසක් හිත් වලාගැබ..
හිරුගේ හිත තැලුවේ නොහිතා නේද...


හිරු නුබයි ඉරු අයියේ..
සිංහල අහස් ගැබේ...
එලිය ඔබයි ඉරු අයියේ...
සොහොයුරු හිත් අතරේ..
වැලපුනු දෙනෙත් හතර වටේ..
සැනසුවේ නුබයි ..
වදනින් දහස්වරේ...


සතුට ලග නොහිටියාට..
දුක ලග නුබ නිරුතුරු අප
අසලම නේද...
දසක් වදන් දොඩවන ඔය හදවතට..
ඵල ඇති රුකට ගල් වදිනා බවට--
නොම තේරුනේ මන්ද....


අක්ෂර අපි කවුරුත් හිතලා නම් වරදක් ඔයාට කලේ නෑ.. නොහිතා වුනු වරදක් තියෙනවා නම් සමාවෙන්න...



Sunday, February 6, 2011

කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..

28 ප්‍රතිචාර | Read more...

දහසක් දෙනෙක් ඉල්ලන මුත්..
එකෙකුට පමනක් දිය හැකි මුත්...
නමසිය අනුනමයකගේ හිත රිදෙන්නට හැකිමුත්...
කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..


හැකි නමුත් දී සනසන්නට දහසක් දෙන හට...
එක් සිතින් පෙම් කරන අය නම් එකෙකුටමය..
ඉල්ලුවත්..ගහ මරාගත්තත්...
කඩු කිනිසි පෙන්වා බිය ගැන්වුවත්...
නොහැකිවෙයි වෙනස් කිරිමට...
කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..


දුක් වි පලක් නොමැත සිතා...
ලොව සැමට ඇත එකෙකු මවා ...
කල වයසට හොයා ...
සිත් බැන්දොත් හොදට හොදා...
සිත් බැදිමෙන් යසට හිතා...
කලවහත් ඉක්මන් කරනු හොදා..
නැතිනම් කැමත්ත යයි ඉගිලි වෙන කෙනෙකුට නුඹට හොරා...