දයාබර නැගණිය..

Saturday, June 25, 2011


සැඟවෙන හිරු රශ්මියෙන්..
නැගෙන සඳ තොපුලනා රහසෙන්..
විකසිත වු මලක සුගන්ධයක් සේ..
දයාබර නැගණිය නුඹයි සෙනෙහසේ..

වදන් දොඩවමින් කිරිල්ලියක සේ..
නැගණිය වුවත් නුඹ මා මිතුරියක සේ..
සතුටේදි ලඟ හිදින දුකේදි මා දුක දරන ..
නුඹ නොමැති හිස් ලෝකය නොහැකි වේ විඳින්නට..

ආදරියයි නුඹ සිත සතන් තුල ..
නොහඬ නොක්කාඩු මා සිතට එක් කල ..
රණ්ඩු වි නුඹට දුන් පහරකින් රිදේව්වද..
දෝණියයි අප එක මව්කුස වෙන් නොවෙන සේ සදා..

19 ප්‍රතිචාර:

  • MaRLaN says:
    June 25, 2011 at 2:00 PM

    මේකනම් ෆට්ටා... මම ලයික් මේකට

  • Bunny says:
    June 25, 2011 at 2:23 PM

    මාත් නංගියෙක් නැතිව අම්මා එක්ක අනන්තවත් රන්ඩු උනා.. මල්ලියෙක් ලැබුනාට පුල් මල :D

    කවියයි පිංටූරෙයි සිරා.. :D

  • මකුළුවා..... says:
    June 25, 2011 at 3:04 PM

    නියමයි නිම්ශා....ලස්සනයි....

  • Anonymous says:
    June 25, 2011 at 3:40 PM

    Lasssanai

  • Anonymous says:
    June 25, 2011 at 3:54 PM

    ලස්සනයි.... මෙන්න මල් *****

  • සංකල්ප says:
    June 25, 2011 at 3:57 PM

    ලස්සන කවි පෙළක්. මේ ටික කියලා තියෙන්නේ තමන්ගේ නංගිට නේද ?

  • Anonymous says:
    June 25, 2011 at 4:55 PM

    @marlan: තැන්කු මාලන් අයියා...

    @bunny: හෙක්..හෙක්...මල්ලිලා තමා හොද ..නංගිලත් හොදයි..මට ඔය දෙකම නැති නිසා දෙකම අගෙයි... :)

    @මකුළුවා : තැන්කු යාලු..

  • Anonymous says:
    June 25, 2011 at 4:58 PM

    @Ano :තැන්කු ඇනෝ...

    @බබා : ආහ් ගොඩක් ස්තුතියි බබෝ..

    @මධුරංග : අනේ නැ අයියා මට මගේම කියලා සහෝදරයෝ නැ ..මම විතරනේ..එත් ඉතින් හිටියා නම් මෙහෙම තමා... නැදැ වෙන අය ඉන්නවනේ එයාලත් එක්ක ත් මේ වගේ තමා..

  • නදී says:
    June 25, 2011 at 5:57 PM

    මටත් නංගිලා මල්ලිල නෑ,ඒත් මම් නම් ආස මල්ලියෙක්ට.හොදට රන්ඩු වෙන්න පුලුවන්.

  • චතුවා says:
    June 25, 2011 at 7:23 PM

    මට නංගිලා ඵලක් නැත. මට ඕනෙ අක්ක කෙනෙක්..

  • Anonymous says:
    June 25, 2011 at 8:34 PM

    @නදී : ඔව් මල්ලිලාත් මරු ..අනික හොද උදව්කාරයෝ..වාසිසහගතයි...හෙහෙහ්..

    @චතුවා : ඇයි අක්කෙක්...

  • චේ උන්නැහේ... says:
    June 25, 2011 at 10:06 PM

    එල නිම්සා කෙල්ලෙ.... සෝක් නිසදැස...... :P

  • ලස්සන පද පෙලක් . . .
    ඔබට ජය . . . :)

  • Janaranga Dewasurendra says:
    June 26, 2011 at 8:37 AM

    අමතක කලහැකිද කවදා ලයෙන් මෙන්ම ලෙයින්ද බැඳන් සොහොයුරුකම්..ලස්සනයි

  • Anonymous says:
    June 26, 2011 at 9:49 PM

    @චේ උන්නැහේ : තැන්කු අයියා.

    @සුශාන් : ස්තුතියි...

    @ජනරඟ: : එකනේ එව්වානේ අමතක කරන්න බැහැ.එත් අද කාලේ එහෙම්ම බැඳිම් හරි අඩුයි....

  • පන්සල් හංදිය says:
    June 27, 2011 at 1:46 AM

    ලස්සනයි .....
    හොඳට ලියලා තියනවා .......

  • Anonymous says:
    June 27, 2011 at 12:59 PM

    පන්සල් හංදිය : ස්තුතියි....

  • පිටස්තරී says:
    June 29, 2011 at 10:22 AM

    Godak lassanai nangio..mamath hodata nangith ekka randu karanawa.et eya gedara neti unahama mulu gedarama palui.Godak lassanai nangio..mamath hodata nangith ekka randu karanawa.et eya gedara neti unahama mulu gedarama palui.

  • Anonymous says:
    July 1, 2011 at 10:34 PM

    පිටස්තරී : ලඟ ඉද්දි අගයක් නැ වගේ.ලඟ නැති උනාම හුගාක් පාලුයි තමා.. :)

Post a Comment