වැරදීම භුගතයි ( By චේ උන්නැහේ )

Saturday, June 11, 2011

විශාලිත physics ලෝකය
විශ්වය වූ කලී...
මා වන්නට සිතුවෙමි
කුඩා මානයක්....
සැමවිට ඒකකයක් පසුපස ඇත,
නැ ගැලවීමක්....

ආලෝක කිරණයක් වී
සැමට රශ්මිය දෙමින්,
සතුටින් ගියා ගමනක්...
මහත් ප්‍රිස්මයෙකි මග.....!
වර්තනය කලා එදින,
ඔබ ඒ ලෙසින්.....

බැරිම තැන මා....
ඒකලිත වී,
සිත්සේ සැරුසැරූ කල...
පැමිණියා එදිනත්....
ඔබ ගුරුත්වය විලසින්...


කලකිරී මා,
පෘශ්ඨයක් දිගේ...
චලනය වුනෙමි,
නැත මට සැනසීමක්,
එතැනත් ඔබ ඇත...
ඝර්ෂණයක් ලෙසින්.....

විමසුවා මා,
මෙසේ ඇයි දැයි......
කලින් නොදුටුවද,
මෙහි විභව අනුක්‍රමණයක්...
පිළිතුරද එයයි...
නමුත්...
සැමවිටම,
වැරදීම භූගතයි.....








මේකත් මිසිස් (වෙන්ඩ) චේ උන්නැහේගේ නිර්මාණයක් හරිය..... තේරුනේ නැත්නම් සොරි වෙන්න ඕනා.. :) අඩුම තරමේ සයන්ස් කරපු අයටවත් තේරේවි මං හිතන්නේ.... :D :D :D


සැ.යු. මේකේ ලියලා තියෙන්නේ මං ගැනලු.... ලොල්.... :D

12 ප්‍රතිචාර:

  • පන්සල් හංදිය says:
    June 11, 2011 at 2:43 PM

    අඤ්ඤකොරොස් ..........

  • නදී says:
    June 11, 2011 at 3:25 PM

    මොකද්ද බොලව් මටනම් නොතේරේ.

  • සීතල අයියා says:
    June 11, 2011 at 4:48 PM

    අන්තිම එකනම් පද ටිකනම් හොල්මං.අනිත් ඒවනම් සහතික ඇත්ත කියලා තියෙන්නෙ.

  • තාරක Dilsh@n says:
    June 11, 2011 at 5:34 PM

    අන්තිම එක මඤ්ඤං

  • චතුවා says:
    June 11, 2011 at 8:16 PM

    බොරුවට නෙවේ මට නම් සුට්ටක් තේරුණා..

    වැරදීම භූගත නිසා චේ උන්නැහේ ජීවතුන් අතර කියන එක තමා මේකේ සරළම තේරුම මං හිතන්නේ.. :)) :))

  • චේ උන්නැහේ... says:
    June 11, 2011 at 8:43 PM

    @ කල්හාර... මටත් එහෙමයි සහෝ... :P

    @ නදී..... මොකක් හරි බොලව්

    @ සීතල අයියා..... උඹ ඒක එයාගෙන්ම අහගනින්... :D

    @ තාරක... මටත්...

    @ චතුවා (ළමයා)... පොඩ්ඩක් හරි තේරුන එක ලොකුදෙයක්.... දෙවනි ප්‍රකාශයට මුකුත් නොකියමි. හෙට නුවරදි හව්වෙයංකෝ

  • Unknown says:
    June 11, 2011 at 9:16 PM

    මිසිස් වෙන්ඩ චේ නෝනා PHYSICS කාල වතුරද කොහෙද බීල තියෙන්නෙ. ඈ බං එහෙව් කොට උඹට PHYSICS කජු ඇට කොස් ඇට ගානට තියෙන්න එපැයි. :) :) :) නිර්මාණය නං ඉස්තරම්.

  • ayesha says:
    June 12, 2011 at 9:36 PM

    හරි අපූරු නිර්මාණයක්

  • සංකල්ප says:
    June 13, 2011 at 7:57 AM

    ලස්සන නිර්මාණයක්. වෙන්ඩ මිසිස් චේ ටත් ලස්සනට කවි ලියන්න පුලුවන් නේ

    චේ උන්නහේගේ මිසිස්ටත් අක්ෂරයට කතා කළා නම් හොද නැද්ද. අපට ලස්සන නිර්මාණයක් දෙකක් කියවන්න පුලුවන් නේ. අක්ෂරේ බලධරයිනි, මේ ඔබේ අවධානය පිණිසයි !!!!!

  • සිතුවිලි නිහඬයි says:
    June 13, 2011 at 11:13 AM

    ලස්සන නිර්මාණයක්.......චේ අයියා ඝර්ෂණයක් වෙලා අක්කගේ ගමනට බාධාවක් නොවී ශක්තියක්ම වෙන්න...............

  • නෙතුපිය says:
    June 15, 2011 at 12:49 AM

    නිර්මාණය ලස්සනයි තේරුම් ගන්න ටිකක් වෙලා ගියා.

  • ප්‍රාර්ථනා says:
    June 23, 2011 at 11:04 AM

    Mrs.(වෙන්ඩ)චේ උන්නැහේ : ටිප් ටොප්... ^_^
    මම ආසම පද කීපය තමා,

    මානයක් සමඟ ඒකකයක්
    ඒකලිත වන්නට නොදෙන ගුරුත්වය
    පෘෂ්ඨයේ නියත වේගෙන් චලනය වෙන්න නොදෙන ගර්ෂණය..
    හෙ..හෙ..කොහෙන් මොලේට මෙච්චර ලස්සන කවි සිතුවිලි පහල වෙනවද මංදා..

Post a Comment