Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
Home » Posts filed under ආදරය
Wednesday, January 11, 2012
Tuesday, December 20, 2011
ඔබ , ඔබේ පෙම්වතිය හෝ බිරිඳ ත් මේ වගේ ආදරේ කරනවාද..
ඔබේ විහිලුවලට කාට නැතත් මට මහ හයියෙන් සිනාසිය හැක.
ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.
ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමි
ඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි.
පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.
මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය මම වෙමි.
අන් අය කියනා දේ නොඅසා ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරන්නිය මම වෙමි.
මා ඔබේ පෙම්වතිය ලෙස ඔබ ඔබේ මිතුරන්ට හඳුනාවා දෙනවාට ඉතාමත් කැමති ඔබේ පෙම්වතිය මමයි.
කිසිත් නොදොඩා ඔබ හා අත්වැල් අල්ලා යන්නට කැමති මම ඔබේ පෙම්වතියයි
මම ඔබේ උරහිසේ හිස හොවාගෙන සිටිමි. ඒ මට නිදි මත නිසා නොව මාට ඔබේ උණුසුමට වී සිටින්නට ඇවැසි බැවිනි.
ඉටිපහන් එලියෙන් එලිය වුනු නිදක කාමරයේ හෝ රාත්‍රී කැම මේසයේදි ඔබ මා සිට ගන්නවාට වඩා සීතල හිරි පොද වැස්සක ඇවිදන් යද්දි ඔබ මගේ කොපුල් තල සිපගන්නවාට කැමති වෙමි.
මම ඔබට ගැතිවී සිටිමියි කියමි, ඒ කවට කමට නොවේ. මම සැබැවින්ම ඔබෙන් ඇවැසි වේ. ඒ ඔබ අසලට වී බොහෝ කාලයක් ගත කිරීමයි.
මම ඔබට විශ්වාස කල නොහැකි තරමේ කරදරකාරියකි. නමුත් මා ආදරය කරන තැනත්තාගේ බාහු අතර ගුලිවී රැය පහන් කරන්ට ලෝබ වෙමි.
ඔබ මා වෙනුවෙන් කරන පුංචිම දේ පවා මම මහමෙරක් සේ මතකයේ තබා ගනිමි. .
ඔබට මගේ හදවතට පැමිනෙන්නට ඉඩ දුන්නිය මම වෙමි. මගේ හදවතේ ඔබේ නම විසල් අකුරින් ලියවී ඇත. ඔබෙන් දුරස් වි කලක් ගත කලත් මට මොහොතකට හෝ ඔබව අමතක නොවේ.
ඔබේ ප්‍රේමණිය වැලඳ ගැනිම හාදුවකින් අවසන් කරන්නට තරම් ඔබට පෙම් කරන තැනැත්තිය මම වෙමි.
ඔබට මා හා සිටින විට කුමක් හො කියමින් සිටින්නට උනන්දු කරන්නිය මම වෙමි. අපි කෙදිනකවත් ගොළුවන් සේ නොසිටිමු.
ඔබට මා එපාවී. අපේ පෙම් කතාව නිමා කලහොත් ඔබේ හොඳම මිතුරිය වන්නට පෙරුම් පුරන්නිය මම වෙමි.
Monday, November 21, 2011
වසන්තය එන තුරු...
ගොඩාක් කාලෙකට කලින්...
එක වසන්ත කාලෙක හමුවුණ ඔයා,
මගේ ආදරේ වුනා...
ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්ච ඔයාට
ඔයාගේ ලෝකේ ඇතුලේ මම,
පුංචිම පුංචි තරුවක් වුනා...
හ්ම්ම්ම්ම්......
ඔයා මට කිවුවා, තෝරගන්න...
ආදරයද, කැමැත්තද...
මං තෝරගත්තා...
කවදාවත්ම නොලැබෙන මගේ ආදරය,
දෙවෙනි කරා මගේ කැමැත්තට...
ගොඩක් කල් ගියා...
මගේ කැමැත්ත මගෙන් දුර ගිහින්...
ඒත් මගේ ආදරය...
මං බලාගෙන ඉන්නවා...
ආයිමත් වසන්තය එනකල්ම..
කවදාම හරි.... කවදාම හරි.....
Thursday, November 10, 2011
Friday, August 12, 2011
සුසුම් උණුසුම් 2
''මොකද බං මේ අද උදෙන්ම මුණ එල්ලන්..අදත් මාලින්ද එක්ක වලියක්ද ..'' හොදම මිතුරිය මෙන්ම සොයුරිය වු සඳලි පැවසුවේ කවට කමටය ..එනමුදු එලෙස විය හැකි බවද ඇය සහසුද්දයෙන්ම දැන උන්නාය ..
''ඇත්තමයි මෙච්චර යාලුවෝ වෙච්චි මට බැරි උනානේ තාම ඔය ගිනි කුකුලාව බලා ගන්න..''
''එක්කෝ උඹ කලින් යනවා..නැත්නම් මම කලින් යනවා..අපේ ටර්න් එක ඉවර වෙද්දි කවුරු හරි ඉන්නම එපැයි ෆයිල්ස් අතටම දෙන්න ...''
අප දෙදෙනාම වැඩ කලේ පෞද්ගලික ආයතනයකය ..පාසල් කාලයේ මෙන් කෙලිලෝල් දගකාරකම් කාර්යාලේ මිතුරන් ඇසුරේ නොවැඩුනද මමත් සඳලිත් අතර වුයේ දැඩි මිත්‍රත්වයකි..
''ඇත්තටම අද මොකද බං මුණ ...''
''ඇයි '' දහවල් කැම වේලේහිදි මා තනිකර ගත් සඳලි මා දෙස සංවේගයෙන් බලා හිදින්නට විය ..
''මාලින්ද එක්ක ඉදලා මට එපා වෙලා..මට හිතෙනවා මේ එෆෙයාර් එක නවත්තලා දාලා ඉන්න ..''
''ඉතින් නවත්තන්න..ඇයි බොරුවට හිතින් දුක් විදින්නේ..''
''මාලින්ද එකට ඉඩ දෙන්නේ නැහැ මාව මරයි''
''පිස්සු..මාලින්ද ඇයි එහෙම කරන්නේ..''
ඇය නොදන්නා කොතෙක් නම් දැ අප ජිවිතයේ ඇත්ද..මා හුදෙක් මාලින්දගේ පෙම්වතියම නොවන වග ඈ ට මා කෙලෙස කටක් ඇර කියන්නද..ඈ මා ගැන කෙලෙස සිතනු ඇත් දැයිද කියා මා බිය උනෙමි..
''එ සැරේ පිළිකුල් භාවනාව කරනවද''
''අනේ මන්දා බං සඳලි මට මාව පැටලිලා කියලා විතරයි හිතෙන්නේ..මට ඉස්සර තිබ්බ එ ආදරේ මාලින්දට නැ ..නැහැමත් නෙමේ..මහා මොකක්දෝ දෙකින් මාවයි මාලින්දවයි ඇත් කරලා''
ආදරයක් වුවද කල් ගත වන විට පුස්වෙන වග මා අසා නොතිබුනද මගේ ආදරයට වි තිබුනේ එය යැයි මට සිතුනි..මම ඔහුට පෙම් නොකරනවා යැයි කිවොත් බොරුය ..මම ඔහුට මහත් සේ පෙම් බඳිමි..නුමුත් ඔහු හා මගේ ගති සිරිත් අහස පොලව බඳුය ..මෙතරම් කලක් මා ඉවසන් උන්නද තව දුරටත් එය කල හැකිද කියා මම නොදනිමි..ඔහු මට ලෙසියෙන් යන්නට ඉඩ නාරින බවද මම දනිමි..
''ඔච්චර හිතන්න එපා අන්න උඹේ අකුසල් මේ පැත්තට එනවා ටිකක් හිනා වෙයන්..''
''කොහොමද සිතාරි''
''වරදක් නැ කුසල් වෙනදා වගේමයි..''
කුසල් යනු අප වැඩපලේම ඉහල අංශයේ නිළධාරියෙකි..නමුත් ඔහුත් අපත් අතර වුයේ සේවක සබදතාවට ඉහලින් ගිය හිතේශි හැඟිමකි..ඔහුට නම කියා මිස ගරු ලෙස කතා කිරිමට අප පුරුදු වි නොසිටි අතර ඔහුද එය ගනනකට ගත් අයෙකුද නොවේ.. කුසල් මමත් සඳලිත් සමාගමට වැටුනු කල අනෙක් අයගේ දැස් වලට එය කටු ඇනෙනාක් බඳු විය .
''අද සීතාරි ඉන්නේ ලොකු කල්පනාවක'' විමසුම් ඇසින් මා දෙස නිරික්ශනය කරන වග හැගවෙන දැසකින් බැලු ඔහුගේ දැස් ත් මා දැස් එක් වු තැන ඉක්මනින් මා බත් පතට නෙත යොමු කලේමි..
''සීතාරි මේ වෙඩින් එක ගැන හිතනවා.''
එක්විටම කමින් සිටි බත්කට ඉස්මොල්ලේ ගිය කුසල් මා දෙස බලන් උන්නේ අසරණ වු මුවපොව්වෙකු ලෙසය ..
''සීතාරි බඳිනවද'' ගොත ගසමින් මෙන් ඔහු ඇසු පැනය මා හිතට මහත් දුකක් ඇති විය ...
''නැ නැ සීතාරි නෙමේ දසුනි..ඇයි ඔයාට වෙඩින් එක කිව්වේ නැද්ද'' බොහෝ අමාරුවෙන් සිනාව විකාගත් සඳලි එය ඇසුවේ මහත් බැරැරුම් කමින්ය..මටත් සිනා ආ මුත් ඇගේ විලාසය දැක තව තවත් ඔහු අසරණ කෙරුමට සිත් නොවිය ..
''මම යනවා'' අඩක්වත් නොකැ බත් මුල අසල වු කුණු බක්කියට දමා නැගිට ගත් කුසල් ඉක්මන් ගමනින් යන යුරු බලා සිටි අප දෙදෙනා මහා හයියෙන් හිනා වුනද මට මහත් දුකක් ඔහු ගැන දැනුනි..
''පව් බං අසරණයා'' මම සිනාව යටපත් කරගනිමින් කිවේමි..මෙතක් වු දුක්ඛ දොම්නස් කොහේ පාවුනේදැයි සිතා ගත නොහැක ..
''දැක්කානේ ඇති යාන්තම් උඹේ මුඩ් ෆික්z උනා..හෙහේ..වරෙන් වරෙන්..යමු..ඕක කුසල් ට හෙට උදේ වෙද්දි අමතකයි''
Sunday, July 24, 2011
මගේ සමනලයෝ..
හීන මන්සලින් එහාට පියාඹන් යන්න
අත්තටු අරන් එන්නේ කවදද
හින සුපුපෙන මේ නෙතු පියන් අගට
රසදුනක් වෙන්නේ කවදද
කියන්න මගේ සමනලයෝ..
තුහින මල් වැස්සට මා එක්ක තෙමෙන්න
ඔයා එන්නේ කවදද
වසන්තය නිම වෙන්න කලියන් එනවද
ගිම්හානෙදි වියලි සුළගක් වෙලා වත්
සිසිරයේ හිම කැටික නැගිලා
හේමන්තයට යන සුලං පොදක් වෙලා
ඔයා එන දවසට
දෙවිලොවින් රෝස මල් වැහි වැටෙයි...
පියවෙනා තුරු මේ දෙනත..
බලා ඉන්නම් දින ගැන ගැන
අත්තටු අරන් එන්නේ කවදද හින සුපුපෙන මේ නෙතු පියන් අගට
රසදුනක් වෙන්නේ කවදද
කියන්න මගේ සමනලයෝ..
තුහින මල් වැස්සට මා එක්ක තෙමෙන්න
ඔයා එන්නේ කවදද
වසන්තය නිම වෙන්න කලියන් එනවද
ගිම්හානෙදි වියලි සුළගක් වෙලා වත්
සිසිරයේ හිම කැටික නැගිලා
හේමන්තයට යන සුලං පොදක් වෙලා
ඔයා එන දවසට
දෙවිලොවින් රෝස මල් වැහි වැටෙයි...
පියවෙනා තුරු මේ දෙනත..
බලා ඉන්නම් දින ගැන ගැන
Saturday, July 23, 2011
ඉතින් සමුගනිමි...

අතීතයේ එක් විරාමයක් ලඟ
නුඔද මාද තනිවූ එක් මොහොතක
අත් අල්ලා ඇවිදන් ගිය බෝ දුර
අද තනිවී දෙතැනක අපි දෙදෙනම
හඩන්න නුඔ ලග නොමැත වරම් අද
සිනා සලපු මතකය පමනද මට
නුඹද මාද නැති මේ අවකාශය
මටම පිටස්තර වී මගෙ ලෝකය
යා නොහැකිය අප දෙදෙන එක මඟම
නුඔ ලෝකය තව දුරයි මගෙ නෙතට
නික්ම යනු පිණිස මතකය බොඳකර
අවසරද ඔය හිතින් සමුගෙන යන්නට....
Saturday, July 16, 2011
විවාහය
විවාහය කියද්දි හැමෝම බලනවා ඇති සුදු හංසිත් විවාහ වෙන්න යනවද කියලා.. හී.. හී. තාම නෑතෝ.. අද මම කියන්න යන්නේ මම බලපු ලස්සනම ලස්සන හින්දි චිත්‍ර්‍පටයක් ගැන.. හින්දි කීවම ගොඩක් අය මුහුණ අකුල ගනියි.. ඒත් රස වින්දනයට අර්ථවත් මොකක් උනත් මොකෝ..
මම අද කියන්න යන්නේ විවාහා ෆිල්ම් එක ගැන ඒකේ කියන්නේ A journey form engagement to marriage කියලා සුන්දර ආදර කතාවක් වගේම තරුන අයට ගන්න පොඩි පොඩි ආදර්ශ ටිකකුත් තියෙනවා..
මම ගොඩක් කතා කරනවට වඩා ෆිල්ම් එක ඔයාලටම බලන්න අවස්ථාවක් දෙන්නම්
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
Tuesday, July 12, 2011
සිතට දැනුන සිතුවිල්ලක්.
මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.
ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඕක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.
ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.
ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.
කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.
දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.
තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.
ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.
එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර ඒ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......
අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔව්. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.
ප.ලි: බොහෝම ඉස්සර හිතට ආපු සිතුවිල්ලක් ගැන යළි සිහිකැඳවීමකි. :)
Saturday, July 2, 2011
සුසුම් උණුසුම්...
වායුසමනය කර තිබු කාරයේ සීතල පරදවමින් හදේ පිරි තිබු උණුසුම් හැගිමෙන් හිත වෙව්ලමින් තිබුනි..තවදුරටත් මෙලෙස නිහඬව සිටිමි මට කල නොහැක්කක් විය ..
''මාලින්ද නවත්වන්න ඔතනින්..ඔතන හෝල්ට් එකෙන් බහිනවා..''
එහෙත් ඔහු නොනවත්වාම වේගයෙන් කාරය පදවන යුරු ගිනිගත් දැසින් මා බලන් හිටියේ ඔහු නො නැවතු වුවහොත් පියාසලන කාරයෙන් පනිනවා හෝ සිතාගෙනය ..
''එක්කෝ තමුසේ මේ කාර් එක නවත්තනවද..නැත්නම් මම නවත්තන්නද..''
එක්විටම මහා හඬින් පාරයේ නැවත් වු කාරයෙන් එලියට බැස ආ ඔහු රියේ වුන් මා එලියට ඇද ගසන්නට ගත් අත පසෙක ලා මා දෙසම මහත් වේදනාවකින් මෙන් බලන් උන් අයුරු..
''මොකක්ද සිතාරී ඔයාට වෙලා තියෙන්නේ..මොන පිස්සුවක්ද මේක..''
''අහ් ,මේක..මේකද පිස්සුව..මට නෙමේ ඔයාටයි ..ඔයා කෙල්ලෝ දාන් අදින කරත්තේ මාවත් දක්කන්න හදන්න එපා..''
''මොන කරත්තයක්ද..දෙයක් තෙරෙන්න කියන්න ''
''ඔව් ඔයාට දැන් මොනාවත්ම තෙරෙන්නේ නැනේ මාලින්ද ..එක වෙන්න ඇති කෙල්ලොත් එක්ක කාර් එක රස්තියාදු ගහන්නේ..''
''මම කෙල්ලෝ එක්ක රස්තියාදු ගැහුවේ නැ සිතාරී..එ මගේ නැන්දාගේ දුව ..පොඩි කෙල්ල .. පොත් වගයක් ගන්න ආවා ටවුමට..ඔයා ඕකටද මෙච්චර වෙලා දැඟලුවේ.. ''
''ඇයි එහෙනම් සිකුරාද දවසම ෆෝන් එක ඔෆ් කරලා තිබ්බේ..මම කොච්චර කොල් කරාද.. කාගෙන්ද ඔයා මේ හැංගෙන්න හදන්නේ ''
''සිතාරි දෙයියන්ගේ නාමේට එකක් කියන්නම්..මගේ ෆොන් එක මම කැඩිලා හදන්න දුන්න ..මේ මගේ යාලුවෙක් ෆෝන් එකක් දැන් කරන්නේ..අර දැක්කේ මගේ නැන්දගේ දුව..ඇහුනද... ...එන්න එන්න ඔයාව මම ගෙදරට දාන්නම්..තවත් ඔලුව කැක්කුම් ඇති කරගන්න බැහැ..''
නිවසට ආ මා හැඳ වුන් ඇදුමෙන්ම ඇඳේ දිගා වි සිටියෙමි.. ගත වෙලා උන් තෙහෙට්ටුවවට සිසිල් බිමක් ඇත්නම් යන්න දැනුනද එය සදා ගැනිමටවත් අම්මාට කියා වැල් දොඩම් විදුරුවක් සදා ගැනිමට හිත තිබුනිද ඇගේ දහසක් ප්‍රශ්න වලට පිළිතුරු බැදිමට මා හට නුවමනා විය ..
අද මාලින්ද සමට ගෙවුනු කාලය සිහිපත් වන විටද නෙතට කටු අනින්නා සේය ..මිට අවුරුදු තුනකට පමන උසස් පෙල පන්තියේදි ඇරඹි අප පෙම එකල මා හට දැනෙන්ට වුයේ මහා සම්පතයක් බදුය .. පිරිමි යහලුවන් රැසක් මා අවට සිටියද ඔවුන්ගේ ආදර හුටපට වලට මා කොතෙක් උදව් දුන්නද ඔවුන්ගෙන් මා සිත් ගත් එකෙකුදු හෝ සිටියෙද නැත.. උපතින්ම පැහැපත් රු සපුවකර උරුම කි මා හට කොල්ලන්ගෙන් ආ ඉල්ලිම නම් සුලුපටුද නැත..ඔවුන් මා වෙනුවෙන් ගුටි හරඹ ද කරන්න ට පෙලෙඹුනේ එකෙකුට හෝ මගේ කැමත්ත නොවුන තැනය ..විටක ඔවුන්ගේ ක්‍රියා කාරකම් මගේ පිරිමි යහලුවන්ගේන් මා අසා දැන ගන්නා කල සිනාසි අහක දැම්මා මිස ඔවුන්ද මගෙන් එ පිලිඹද අසන්නට නොපෙලෙඹුනේ මගේ කෙන්තිය කොතරම් සෙක්ද එලෙසම පොලිස්වරයෙකු වු මගේ පියාගේ ප්‍රෞර්ෂත්වයට ද බියෙන්ය ..
මාලින්ද පිලිඹද මා සිතේ සෙනෙහසක් සිතුනේ ඔහුගේ දඟකාර එහෙත් කෙල්ලකු පිලිඹද තැකිමක් නොකරනා විලසයෙන්ය ..සති අන්ත පංතියක මගේ යහලුවන්ගේ යහලුවෙක් වු මාලින්ද බොහෝ ප්‍රියමනාප තරුණයෙක් වු හේතුවෙන් ඔහු නොමැති සංගමය නිරස වන තරමට ඔහු අප සිත් ඇද බැද ගන්නට සමත් වු අයෙකි..
ඔහු සමග කල් ගෙවු සති අන්ත පන්ති ජිවිතයේ යන එන හැම ගමනට ඔහු සමග යන්නට මම ප්‍රිය වුනෙමි..කොල්ලන් හා බැඳි මිත්‍රත්වට ගෙදරින් කිසි කලක තහංචියද නොවුන නිසාවෙන් මෙතෙක් කලක් බැදි යහලුකම් හුදෙක් යහලුකමේ සිමාව නොගියෙන් මා පිලිබද සැකයක්ද නොවිය ..
දිනෙන් දින ඇරඹි ඔහුගෙත් මගේ ත් යහලුකම ආදරයක් බවට පත් වු විට මා බොහෝ සතුට ට පත් වුනේමි.නමුත් මිතුරු වෙස් ආදර වෙස් ලෙස හැරු විට වෙනස් වෙන්නට ගත්තේ කුමක්ද යන්න මටත් සිතා ගත නොහැක..සැබැවින්ම මට සිතා ගත නොහැක ..එය ඇරඹුනේ අප පාසල් ජිවිත හැර දමා අපේ ලෝකවල් වල තනි වෙන් ගත් විටය .
Tuesday, June 28, 2011
මං අමතක කලා ( by චේ උන්නැහේ )
කම්පිත අකම්පිත බවේ,
වෙනස අද්දර......
රුධිරය පීරා,
ජය සොයා......
බියකරු උණ්ඩ,
ගිණි පුපුරු,
ඔබේ නෙතට
ගෙනෙන නිලංකාරය.....
කදුළු කැට කැට,
සේ මගේ නෙතින්.....
වැටි වැටී ,
අකුරක් අකුරක් ගානේ......
බොද කලා......
ඉතින්,
කෙසේ ලියම්ද,
කෙසේ බලම්ද....
විභාගය මං........
අමතක කලා......
ඔව් ඔව් මේකත් මිසිස් චේ ලිව්ව එකක් තමා, :) මේ දවස් වල මට වැඩ වැඩි නිසා මිසිස් චේට කියලා ලියවගෙන පෝස්ට් කරනවා. ඕං බලන්ට ලියන්න දන්න මිසිස් කෙනෙක් ඉන්න එකේ වාසිය...... :D :D :D
වෙනස අද්දර......
රුධිරය පීරා,
බියකරු උණ්ඩ,
ගිණි පුපුරු,
ඔබේ නෙතට
ගෙනෙන නිලංකාරය.....
කදුළු කැට කැට,
සේ මගේ නෙතින්.....
වැටි වැටී ,
අකුරක් අකුරක් ගානේ......
බොද කලා......
ඉතින්,
කෙසේ ලියම්ද,
කෙසේ බලම්ද....
විභාගය මං........
අමතක කලා......
ඔව් ඔව් මේකත් මිසිස් චේ ලිව්ව එකක් තමා, :) මේ දවස් වල මට වැඩ වැඩි නිසා මිසිස් චේට කියලා ලියවගෙන පෝස්ට් කරනවා. ඕං බලන්ට ලියන්න දන්න මිසිස් කෙනෙක් ඉන්න එකේ වාසිය...... :D :D :D
Saturday, June 11, 2011
වැරදීම භුගතයි ( By චේ උන්නැහේ )
විශාලිත physics ලෝකය
විශ්වය වූ කලී...
මා වන්නට සිතුවෙමි
කුඩා මානයක්....
සැමවිට ඒකකයක් පසුපස ඇත,
නැ ගැලවීමක්....
ආලෝක කිරණයක් වී
සැමට රශ්මිය දෙමින්,
සතුටින් ගියා ගමනක්...
මහත් ප්‍රිස්මයෙකි මග.....!
වර්තනය කලා එදින,
ඔබ ඒ ලෙසින්.....
බැරිම තැන මා....
ඒකලිත වී,
සිත්සේ සැරුසැරූ කල...
පැමිණියා එදිනත්....
ඔබ ගුරුත්වය විලසින්...
කලකිරී මා,
පෘශ්ඨයක් දිගේ...
චලනය වුනෙමි,
නැත මට සැනසීමක්,
එතැනත් ඔබ ඇත...
ඝර්ෂණයක් ලෙසින්.....
විමසුවා මා,
මෙසේ ඇයි දැයි......
කලින් නොදුටුවද,
මෙහි විභව අනුක්‍රමණයක්...
පිළිතුරද එයයි...
නමුත්...
සැමවිටම,
වැරදීම භූගතයි.....
මේකත් මිසිස් (වෙන්ඩ) චේ උන්නැහේගේ නිර්මාණයක් හරිය..... තේරුනේ නැත්නම් සොරි වෙන්න ඕනා.. :) අඩුම තරමේ සයන්ස් කරපු අයටවත් තේරේවි මං හිතන්නේ.... :D :D :D
සැ.යු. මේකේ ලියලා තියෙන්නේ මං ගැනලු.... ලොල්.... :D
විශ්වය වූ කලී...
කුඩා මානයක්....
සැමවිට ඒකකයක් පසුපස ඇත,
නැ ගැලවීමක්....
ආලෝක කිරණයක් වී
සැමට රශ්මිය දෙමින්,
සතුටින් ගියා ගමනක්...
මහත් ප්‍රිස්මයෙකි මග.....!
වර්තනය කලා එදින,
ඔබ ඒ ලෙසින්.....
බැරිම තැන මා....
ඒකලිත වී,
සිත්සේ සැරුසැරූ කල...
පැමිණියා එදිනත්....
ඔබ ගුරුත්වය විලසින්...
කලකිරී මා,
පෘශ්ඨයක් දිගේ...
චලනය වුනෙමි,
නැත මට සැනසීමක්,
එතැනත් ඔබ ඇත...
ඝර්ෂණයක් ලෙසින්.....
විමසුවා මා,
මෙසේ ඇයි දැයි......
කලින් නොදුටුවද,
මෙහි විභව අනුක්‍රමණයක්...
පිළිතුරද එයයි...
නමුත්...
සැමවිටම,
වැරදීම භූගතයි.....
මේකත් මිසිස් (වෙන්ඩ) චේ උන්නැහේගේ නිර්මාණයක් හරිය..... තේරුනේ නැත්නම් සොරි වෙන්න ඕනා.. :) අඩුම තරමේ සයන්ස් කරපු අයටවත් තේරේවි මං හිතන්නේ.... :D :D :D
සැ.යු. මේකේ ලියලා තියෙන්නේ මං ගැනලු.... ලොල්.... :D
Friday, May 27, 2011
Thursday, May 12, 2011
ආදරේ වෙන්නැති ඔබට සදා මන්..

ගෙවෙන්නට ඇති පැය ගනන්..
ඔබත් මාත් හමු වුන දිනයක..
ගොතන්නට ඇති කතා දහසක්..
එකට ඇමිණූ වචන මුසු කර..
මනින්නට ඇති පියවර ගනනින්..
දෑත් පටලා එකට එක් කල...
හිදින්නට ඇති පැය ගනන්..
යොමා නෙතු ඔය නෙතු අද්දර...
මවන්නට ඇති සිහින දහසක්..
හිදින්නට ඔබ ලගම සදහට..
විදින්නට ඇති ගෙවුන මතකයන්..
ඔබෙන් ලද සතුට සිහි කර..
නැතිව යන්නැති ඔබෙන් තොර ලොවක්..
බැරිව යන්නැති නොදැක ඔය නෙත්..
නොහැකි වෙන්නැති වලකනු හැගුමන්..
ආදරේ වෙන්නැති ඔබට සදා මන්..
Saturday, April 23, 2011
ඔයා විතරක්ම නිසා... (by චේ උන්නැහේ)
මම හීන දකින්නේ,
හැබැහින් දකින්න බැරිනිසා නෙමෙයි.....
හීනෙන්,
හැම තිස්සෙම ඔයා මගේ ලඟ නිසා........
ඔයා බලයි කියලා නෙමෙයි.....
ඔයාගේ ඇස්,
අහක නොබලයි කියලා.........
මම ආදරයට ආදරේ කරන්නේ,
වෛර කරන්න බැරි නිසා නෙමෙයි......
මගේ ආදරය,
ගොඩක් අවංක නිසා........
මම බලාපොරොත්තු ඇති කරගන්නේ,
ඔයා ගැන නෙමෙයි........
ඔයා මට නැතිවෙයි කියලා,
මට බය හිතෙන නිසා............
මම ජීවත් වෙන්නෙ,
මැරෙන්න බැරි නිසා නෙමෙයි......
මැරුනොත්,
ඔයාව මට නැති වෙන නිසා........
සංසාරේ පුරාවටම,
ඔයාව විතරක්ම පතන්නේ.........
පැතුම් ගොඩක් නැති නිසා නෙමෙයි,
මගේ හැම ප්‍රාර්ථනයකම ඉන්නේ........
ඔයා විතරක්ම නිසා............
Subscribe to:
Posts (Atom)




