ඔබ , ඔබේ පෙම්වතිය හෝ බිරිඳ ත් මේ වගේ ආදරේ කරනවාද..

Tuesday, December 20, 2011

ඔබේ විහිලුවලට කාට නැතත් මට  මහ හයියෙන් සිනාසිය හැක.
ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.
ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමි
ඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි.
පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.
මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය මම වෙමි.
අන් අය කියනා දේ නොඅසා ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරන්නිය මම වෙමි.
මා ඔබේ පෙම්වතිය ලෙස ඔබ ඔබේ මිතුරන්ට හඳුනාවා දෙනවාට  ඉතාමත් කැමති ඔබේ පෙම්වතිය මමයි.
කිසිත් නොදොඩා ඔබ හා අත්වැල් අල්ලා යන්නට කැමති මම ඔබේ පෙම්වතියයි
මම ඔබේ උරහිසේ හිස හොවාගෙන සිටිමි. ඒ මට නිදි මත නිසා නොව මාට ඔබේ උණුසුමට වී සිටින්නට ඇවැසි බැවිනි.
ඉටිපහන් එලියෙන් එලිය වුනු නිදක කාමරයේ හෝ රාත්‍රී කැම මේසයේදි ඔබ  මා සිට ගන්නවාට වඩා සීතල හිරි පොද වැස්සක ඇවිදන් යද්දි ඔබ මගේ කොපුල් තල සිපගන්නවාට කැමති වෙමි.
මම ඔබට ගැතිවී සිටිමියි කියමි, ඒ කවට කමට නොවේ. මම සැබැවින්ම ඔබෙන් ඇවැසි වේ. ඒ ඔබ අසලට වී බොහෝ කාලයක් ගත කිරීමයි.
මම ඔබට විශ්වාස කල නොහැකි තරමේ කරදරකාරියකි.  නමුත් මා ආදරය කරන තැනත්තාගේ බාහු අතර ගුලිවී රැය පහන් කරන්ට ලෝබ වෙමි.
ඔබ මා වෙනුවෙන් කරන පුංචිම දේ පවා මම මහමෙරක් සේ මතකයේ තබා ගනිමි. .
ඔබට මගේ හදවතට පැමිනෙන්නට ඉඩ දුන්නිය මම වෙමි. මගේ හදවතේ ඔබේ නම විසල් අකුරින් ලියවී ඇත. ඔබෙන් දුරස් වි කලක් ගත කලත් මට මොහොතකට හෝ ඔබව අමතක නොවේ.
ඔබේ ප්‍රේමණිය වැලඳ ගැනිම හාදුවකින් අවසන් කරන්නට තරම් ඔබට පෙම් කරන තැනැත්තිය මම වෙමි.
ඔබට මා හා සිටින විට කුමක් හො කියමින් සිටින්නට උනන්දු කරන්නිය මම වෙමි. අපි කෙදිනකවත් ගොළුවන් සේ නොසිටිමු.
ඔබට මා එපාවී. අපේ පෙම් කතාව නිමා කලහොත් ඔබේ හොඳම මිතුරිය වන්නට පෙරුම් පුරන්නිය මම වෙමි. 

29 ප්‍රතිචාර:

  • බට්ටි says:
    December 20, 2011 at 4:05 PM

    ෂෝක්. මොනා කියන්නද මං ඔහොම වෙලත් නෑ. වෙන්නත් බැරි වෙයි.

  • ආඩම්බරකාරී says:
    December 20, 2011 at 4:29 PM

    හ්ම්ම් තව ඉතින් මෝනා කියන්නද?ඔබට තවමත් පෙම් කරන්නිය මම වෙමි.. :(

  • Anonymous says:
    December 20, 2011 at 4:42 PM

    attatama wena monawa kiyannada???? man nam me wagemai......

  • සීතල අයියා says:
    December 20, 2011 at 4:52 PM

    I like to give these things to my girl friend. but the problem is I haven't a girlfriend. :(

  • Harshana says:
    December 20, 2011 at 5:04 PM

    ඇත්තම ඇත්ත කතාවක්...

  • Shani (ශානි) says:
    December 20, 2011 at 5:29 PM

    ඔබ මා වෙනුවෙන් කරන පුංචිම දේ පවා මම මහමෙරක් සේ මතකයේ තබා ගනිමි...... :)

  • Kavindya says:
    December 20, 2011 at 5:45 PM

    උත්සහ කරන්න බට්ටී හැම කෙල්ලක් තුලම මේ වගේ ආදරවන්තියක් ඉන්නවා...

  • Kavindya says:
    December 20, 2011 at 5:47 PM

    මම දන්නවා ආඩම්බරකාරි ඒ වගේ හොඳ පෙම්වතියක් කියලා... keep it up නඟා

  • කපීකේකි says:
    December 20, 2011 at 5:50 PM

    මාත් මෙහෙම ආදරේ කරන්න ආසයි ඒත් ඉතින් කොයි?

  • Prabhath says:
    December 20, 2011 at 5:52 PM

    ඔයිට වඩා දේවල් දෙනව... ඒත් මොකෙක්වත් මගේ පෙම්වතිය වෙන්න කැමති නැති හැටියක් :P

  • Kavindya says:
    December 20, 2011 at 5:54 PM

    @ ඇනෝ... හැමදාම එහෙම ඉන්න..

    @ සීතල මල්ලි

    මම හොයා දෙන්නෙයි කෙල්ලක්

    @හර්ශන ස්තුතියි ඔයාට

    @ ශානි ඔහොම යමු ඔහොම යමු...

  • Anonymous says:
    December 20, 2011 at 5:57 PM

    ඔයා කොහොමද මගේ හිත කියෙව්වෙ?

  • වර්ණා says:
    December 20, 2011 at 6:33 PM

    ඔබට මා එපාවී. අපේ පෙම් කතාව නිමා කලහොත් ඔබේ හොඳම මිතුරිය වන්නට පෙරුම් පුරන්නිය මම වෙමි.
    ඔන්න ඕකට නම අකමැති මම නම. ආදරේ කරලා මට බෑ මිතුරියක්‌ වෙන්න.

  • Anonymous says:
    December 20, 2011 at 6:43 PM

    ලස්සනයි...
    ඇත්තටම මෙහෙම කෙල්ලො ඉන්නවා මයෙ හිතේ...

  • Anonymous says:
    December 20, 2011 at 7:32 PM

    ලස්සනයි!....
    (නමුත් හැම ලස්සනක් පිටුපසම..........................................................)

  • සීතල අයියා says:
    December 20, 2011 at 8:44 PM

    අනේ හොයලා දේකො. ලොකු පිනක් අප්පා. මේ ඒක නෙමෙයි. අපි දෙන්නා පැනලා යන්ද? ;)

  • Disanda Guruge says:
    December 20, 2011 at 10:47 PM

    Ill send this to her

  • ගිනි කුරුල්ලා says:
    December 20, 2011 at 10:49 PM

    පට්ට... ඔව් ඔව් මගේ පුචි සුරංගනාවිත් මෙහෙම තමයි කොරන්නේ...
    එල..

  • Loku John says:
    December 20, 2011 at 11:05 PM

    මෙකෙත් පොඩි කික් එකක් තියනවා

  • Kasun says:
    December 21, 2011 at 2:14 PM

    මේ ඔයාට නංගිලා එහෙම නැද්ද? :)

  • Anonymous says:
    December 21, 2011 at 3:51 PM

    "ඔබෙන් දුරස් වි කලක් ගත කලත් මට මොහොතකට හෝ ඔබව අමතක නොවේ......"හ්ම්ම්..ඇත්ත...

  • හිම හංසි says:
    December 21, 2011 at 6:06 PM

    අක්කි ඔය ඔක්කොම කරන්න පුළුවන්. ඒත් ඔය අන්තිම එක. මට නම් ආදරේ හිතේ තියන් යාළුවෙක් වගේ ඉන්න අමාරුයි. ඒත් උත්සාහ කරොත් බෑරි වෙන එකක් නම් නෑ.

  • This comment has been removed by the author.
    මනු says:
    December 21, 2011 at 11:45 PM

    This comment has been removed by the author.

  • සංකල්ප says:
    December 24, 2011 at 4:04 PM

    මාත් මෙහෙම ආදර කතාවකට ආසයි. ඒත් කොයි ????

  • ලහිරු says:
    December 24, 2011 at 6:11 PM

    අපූරුයි..ආයේ කියන්න වචන නෑ... මමත් ඔය හැඟීම විඳිනවා....

  • මනු says:
    December 24, 2011 at 8:38 PM

    අපිට කොයින්ද උණු බල්ලෝ..

  • Unknown says:
    January 20, 2012 at 4:51 PM

    ෂා..........
    ලස්සන නිර්මාණයක්.........
    ආදරේ ඇත්තටම සුන්දරයි.........................

  • Unknown says:
    January 20, 2012 at 4:52 PM

    ෂා..............
    ලස්සන`නිර්මාණයක්..................
    ආදරේ ඇත්තටම සුන්දරයි..................................

  • Anonymous says:
    April 12, 2013 at 7:27 PM

    http://www.youtube.com/watch?v=ZggNLsnxeAc

Post a Comment