කාටද ඕනි පුඩින්?ඕනි නම් මෙහෙට එන්න..

Friday, December 23, 2011

       
   ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ අදත් ආඩම්බරකාරි ආව චූටි කෑමකුත් උස්සගෙන.කෑමක් කියුවට,කෑමක් හදන හැටි හොදේ....මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ නත්තල් කාලෙ නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි.ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්,සිංහලෙන් පාන් පුඩිම..හිහී..

එහෙනම් වැඩි කතා ඕන නෑ මෙන්න මෙහෙමයි හදන්නේ..,


අවශ්‍යය ද්‍රව්‍ය


කිරි - මිලි ලීටර් 100
බිත්තර - 2
සීනි - ග්‍රෑම් 125
පාන් පෙති - 4
වියලි මිදි-ග්‍රෑම් 10
සාදික්කා-කුඩු චුට්ටක්(කැමති නම්,තියෙනව නම් විතරක්)


මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න,එකට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා,ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න. ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.


ඔන්න දැන් අපි හදලා ඉවරයි.විනාඩි 10ක්වත් ගියේ නෑ නේද?දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න.ඒක බේක් වෙනකන් උයනකොට කුස්සිය අනිත් පැත්ත පෙරලන අය ඉන්නව නම් කුස්සිය අස් කරන්න.විනාඩි 25න් විතර බේක් වෙලාද බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් එක ටූත් පික් එකේ ඇලෙනවද කියල එහෙම ඇලෙන ගතියක් නැත්නම් අපේ බ්‍රෙඩ් පුඩින් එක රෙඩි.


(මෙන්න තියෙනවා හදලා ඉවර උනාම.මේකට වේලපු මිදි දාල තියෙනවා,උඩින් තියෙන පින්තූරෙ එකට නම් දාලා නෑ.මේ පින්තූර දෙකම ගත්තේ අන්තර්ජාලයෙන්.මම හදපු එකක පින්තූරයක් මගේ ළග නෑ.. )


දැන් තියෙන්නෙ එළියට අරන් නිවෙන්න තියල කන්න තමා.මේක නිකන් කන්නත් පුළුවනි.ගොඩක් වෙලාවට හෝටල් වල එහෙම නම් දෙන්නෙ නිකන්.මම නම් හැදුවොත් කන්නෙ මගේ ප්‍රියතම කෑම එක්ක.අයිස් ක්‍රීම් එක්ක.එතකොට රසයි.පැණි එක්කත් රසයි.හදලා බලන්නකෝ ලේසියි වගේම සාක්කුවටත් බරක් නෑ...


එහෙනම් යාළුවනේ..ඔයාලටත් අක්ෂරේ මගේ සහෝදර,සහෝදරියන්ටත් සුබම සුබ නත්තලක් වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා..!අළුත් අවුරුද්දෙ හැමෝටම අළුත් කෑමකුත් අරගෙන මම එන්නම්කෝ..හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා..! :)

15 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    December 23, 2011 at 10:10 PM

    බත් කාලා ආවා විතරමයි. මටත් ඕනා පුඩිං !!!

  • Loku John says:
    December 23, 2011 at 10:11 PM

    බඩ පැලෙන්න කත හැකි ඒත් ඉතින් හදන්නත් එපැයි .

  • චතුවා says:
    December 23, 2011 at 10:12 PM

    ෂේප් එකේ අම්මට කියන්නෝනි හදලා දෙන්න කියලා. මං හැදුවොත් ඉතින් අලුත් කෑමක්නේ හැදෙන්නේ..

  • මනු says:
    December 23, 2011 at 10:44 PM

    පුඩින් කිව්වම චතුවා ..
    චතුවා කිව්වම පුඩින්.. මේ දෙකම එකට යන වචන 2 ක් නේ ...එල එල "පුඩිම්"...

  • චතුවා says:
    December 23, 2011 at 10:53 PM

    අඩොව් ජෙරී...... පල පල මෙතන ඇවිල්ලා කෑ නොගහා.. ඔයිට වඩා හොදයි කාපං මාව.. :D :D

  • Anonymous says:
    December 23, 2011 at 10:55 PM

    මටත් ඕනේ පුඩිං............. :D

  • නදී says:
    December 24, 2011 at 7:04 AM

    මේ දවස් වල මම් නම් කෑම අඩු කරලනේ .අක්කට කියන්නම්කො බබාට හදලා දෙන්න කියල.එයා තමයි ඔය සුකුරුත්තන් කෑම ගොඩක් හදන්න දන්නෙ :))ස්තූතියි රෙසිපි එකට.ඔයාටත් සුබ නත්තලක්!!! අලුත් අවුරුද්දෙ තව තවත් කෑම පෝස්ට් දාන්න ලැබේවා!!!

  • සජී says:
    December 24, 2011 at 7:06 AM

    @ජෙරි- චතුව ඉතින් පුඩුම ව වගේනේ :ඩි

  • Miyuru says:
    December 24, 2011 at 8:43 AM

    මාත් හරිම ආසයි බ්‍රෙඩ් පුඩිංවලට.... බොහොම ස්තුතියි රෙසිපියට... ඉස්කෝලෙ නිවාඩුකාලෙ පොඩි උන්ට හදල දෙන්න ඕන...

  • පණුවා says:
    December 24, 2011 at 10:46 AM

    ඉතින් ඔයත් ඒ වගේනේ සජී.... ඔයා මාරි පුඩිමක් වගේ.. <3 <3

  • Anonymous says:
    December 24, 2011 at 5:04 PM

    අානේල+පිං සිද්ද වෙනව අෑ! හෙට හදන්න ඔ්න! :) :) :)

  • මනු says:
    December 24, 2011 at 8:36 PM

    මාරි පුඩිමෙකුත් හිටියනේ..අපේ..

  • බට්ටි says:
    December 25, 2011 at 11:54 AM

    ස්තූතියී අක්ෂර. හරිම පුංචි වියදමක් යන්නේ නේද? මාත් හදලා බලන්න ඕන.

  • පෙත්තප්පු says:
    December 25, 2011 at 5:21 PM

    කවුරු හරි හැදුව නං මටත් ඩිංගක් දීපල්ලා.

  • Unknown says:
    November 11, 2014 at 11:43 AM

    මොන කිරි ද ගන්නේ මේක හදන්න?

Post a Comment