සුනාමි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනෙට

Sunday, December 4, 2011


අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ නෑ. පස්සෙනෙ මට මතක් වුනේ මම සුනාමි වෝනිං එවන සයිට් එකක රෙජිස්ටර් වෙලා තියෙනවයි කියලා. එහෙම අනතුරක්නම් ඒකෙන් එවනවනෙ මැසේජ් එකක්. :D ( හැබැයි ඉතිං ඒක ඇත්තටම එහෙම හරියටම වෝනිං එක එවයිද කියන්න සහතික කරන්න බෑ. ඒත් ඒ සයිට් එක ගැන මම විස්තරේ නම් සොයා ගත්තෙ පත්තරේකින්)

ඉස්සෙල්ලම ඔයාලා
මෙන්න මේ සයිට් එකට යන්න. (එක පාරක් රෙජිස්ටර් වෙලානම් ආයෙ කරන්න ඕන නෑ) මේකෙ membership එකේ තියෙන become a member කියන එකේ register වුනාම සුනාමි තත්වයක් ආවොත් අපේ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා. register වෙන කොට ඒකෙ අපේ ස්ටේට් එක මොකක්ද කියලා අහනවා. ඒකට Sri Lanka කියලා දාන්න. Country වලටත් Sri Lanka කියලා දාන්න. ඊට පස්සෙ අපි හරියට විස්තර ඇතුලත් කලානම් අපේ ෆෝන් එකටයි ඊ මේල් එකටයි මැසේජ් එකක් එනවා අපි රෙජිස්ටර් වුනයි කියලා.( මටනම් හෙන වෙලාවක් ගියා මැසේජ් එක එන්න. හැබැයි තාත්තව රෙජිස්ටර් කරනකොටනම් ඒ වෙලාවෙම ආවා.)

10 ප්‍රතිචාර:

  • නදී says:
    December 4, 2011 at 6:28 PM

    බලමු රෙජිස්ටර් වෙලා

  • සීතල අයියා says:
    December 4, 2011 at 6:43 PM

    @ නදී අක්කා- මේකෙන් වැව් පිටාර ගලන කොට මැසේජ් එවන්නෙ නෑ. මුහුද ගොඩ ගලනවනම් විතරයි එවන්නෙ. =))

  • Anonymous says:
    December 4, 2011 at 6:46 PM

    Thanks Bro Mamath Register Wuna

  • සංකල්ප says:
    December 4, 2011 at 7:40 PM

    මාත් රෙජිස්ටර් වෙලා බලන්න ඕනා. දැන් සීතල මල්ලි රෙජිස්ටර් වෙලාද ඉන්නේ ?

  • Unknown says:
    December 4, 2011 at 10:04 PM

    ඔය සයිටි එක නමි සුනාමි අනතුරු ඇගවිමි නමි වෙලාවට එවන්නේ නැහැ. එක මම 100% විශ්වාසයෙන් යුතුව කියන්නේ. මම මෙතන පල්ලේහා දාන ලින්ක් වලින් ටිකක් ට්‍රයි කරලා බලන්න. මොකද මම ඒ ටික දාගෙන ඉන්නේ මගේ ෆොන් එකට. සි-වෙිවී කියන එකෙන් නමි දැන් අවුරුද්දක් වෙනවා මම රෙජිස්ටර් වෙලා. තාම එක සුනාමි අනතුරු ඇගවීමක් නමි ආවෙි නැහැ.

    www.gdacs.org
    www.usgs.org
    www.ptwc.weather.org

    මම මෙි කියන දේ නිසා පොස්ටි එක දාපු කෙනාට හිත් රිදවිමක් වුනා නමි සමාවෙන්න. ඔය වෙබි එක ගැන විශ්වාස තියන්න අමාරුයි කියන එක පුද්ගලිකව අත්දැකිමි ලබල තියන නිසයි මෙහෙම පොස්ටි එකක් දැමිමෙි.

    තවත් එකක් ඉදිරි කාලගුණ අනාවැකි හා සුලං තත්වයන් ගැන දැනගන්න මෙි සයිටි එක උපයෝගි කර ගන්න. පසුගිය සතියේ දකුණු ප්‍රදේශයේ ඇති වෙචිච සුලං තත්වය ගැන මෙි අය තමයි මුලින්ම දවස් දෙකකට කලිං අනතුරු ඇගෙවිවෙි. ඒත් අපේ කාලගුණ දෙපාර්තමෙින්තුවෙි අය ඒක විශ්වාස කලේ නැහැ.

    www.28storms.com

    ජයවෙිවා.....

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 5, 2011 at 6:49 AM

    එළ එළ ආසයි බයයි බෝට්‍ටුවේ සීඩිං මාමට කියන්නං.....

  • sudaraka says:
    December 5, 2011 at 9:15 AM

    thanks bro 4 da info...I received da sms & mail at da moment I registered....

  • දිල් says:
    December 5, 2011 at 9:56 AM

    අර සිහින දාලා තියෙන ලින්ක් වල එකක මගේ ෆෝන් එකත් රෙජිටර් කලා ගාල්ල පැත්තෙ වැඩ කරන දවස්වල...තාම නම් No Alert :)

  • වර්ණා says:
    December 6, 2011 at 4:27 PM

    ඔන්න මමත් රෙජිස්ටර් උනා

  • සීතල අයියා says:
    December 7, 2011 at 9:01 PM

    @ඇනෝ- එල

    @මදූ- මම රෙජිස්ටර් වෙලා හුඟක් කල් හලෝ

    @ෂිහාන්- අනේ කිසිම මෙව්වා එකක් නෑ හලෝ. ඒවාවල මමත් රෙජිස්ටර් වුනා

    @ඔබ නොදු‍ටු ලොවක්- මොකටද හලෝ බය වෙන්නෙ

    @Sudaraka- you're welcome bro.

    @දිල්- ඉතිං ඊට පස්සෙ සුනාමියක් ආවෙ නෑනේ :D

    @වර්ණා- නියමයි

Post a Comment