X-mas cake

Sunday, December 25, 2011


සීතලේගෙන් ඔන්න තවත් කෑමක්. අද හදන්න යන්නෙ X-mas cake එකක්. පරක්කුදත් මංදා. කමක් නෑ. ඊලඟ නත්තලටවත් හදන්නකො ;) මේක හදලා තියෙන්නෙ කෑලි 40 කට. රු.1600 ක් වගේ යයි.
හදපු එකෙන් මට ලැබුන පංගුව. :(

අවශ්‍ය ද්‍රව්‍ය :-
චව් චව්- 225g
ස්ට්‍රෝබෙරි ජෑම්- 100g
ජින්ජර් ප්‍රිසව්- 125g
කජු- 75g
පලම්ස්- 225g
රේසින්ස්- 100g
ඇස්ට්‍රා මාගරින්- 12g
සීනි- 100g
රුලං- 100g
පුහුල් දෝසි- 250g
චෙරි- 125g
කැන්ඩ්ල් පීල්ස්- 125g
බිත්තර- සුදු මද- 2, කහමද- 6
ආමන්ඩ් එසන්ස්- තේ හැදි 1
රෝස් එසන්ස්- තේ හැදි 2
වැනිලා එසන්ස්- තේ හැදි 2
කරදමුංගු- 3.3g
කරාබුනැටි- 3.3
කුරුඳු- 3.3g
බ්‍රැන්ඩි- අවු. 0.5

සියලුම පලතුරු ටික ටිකක් ලොකු ප්‍රමානවලින් කපා ගන්න.
කජු, රුලං ඇර අනිත් සියලු ද්‍රව්‍ය කවලං කර එයට සියලුම එසන්ස්වලින් බාග දමන්න. පැය 24ක් විතර හොඳට වහලා තියන්න.
කපා අනාගත් පලතුරු

ඊලඟ දවසෙ බිත්තර සුදු මඳ හොඳට ගසා ගන්න. (හොඳට පෙන එනකං)
ඇස්ට්‍රා මේස හැදි 1ක් දමා දිය වුනාම මඳ ගින්නෙ රන්වන් පාට වන තෙක් රුලං කබල් ගා ගන්න.
කහමඳ ටිකයි ඇස්ට්‍රයි, සීනියි දමා සීනි දිය වෙනකං බීට් කර ගන්න. ඊට පස්සෙ ඉතිරි එසන්ස් ටිකයි අනාගත් පලතුරුයි,කජුයි, රුලනුයි, බ්‍රැන්ඩි දමා කවලං කර ගන්න. අන්තිමට හොඳින් ගසා ගත් සුදු මද කලවංකර බේක්කර ගන්න.

ප.ලි- බේක්කරන වෙලාවයි උෂ්නත්වයයි නම් නොදනී. මොකද කියනවනම් මේ වගේ කේක් එකක් හදනකොට ගොඩක් හදන නිසා අපි බේකරියට දෙන්නෙ. අනික අම්මගෙ මුල්ම කුකරි පොත නැති වෙලා. ඕගොල්ලොත් බේකරියට දෙන්න. ඇත්තම කියනවනම් ඒක ලාබයි.


ප.ප.ලි- මේ හැම දෙයක්ම කරන්න ඕන වතුර පොඩ්ඩක්වත් ගාව ගන්නෙ නැතුව හොඳේ. මොනාහරි අවුලක් වුනොත් හාවගෙ මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක හදන් බොන්නකො. ;)

5 ප්‍රතිචාර:

  • නදී says:
    December 25, 2011 at 2:13 PM

    මම් නම් මේ දවස් වල කෑම සුවද බලනව විතරයි.:(

  • නදී says:
    December 25, 2011 at 2:14 PM

    රෙසිපි එකට ස්තූතියි.

  • සංකල්ප says:
    December 25, 2011 at 8:13 PM

    මාත් හරිම ආසයි නත්තල් කේක් කන්න. හදලම බලන්න ඕනා.
    මල්ලිට සුබම සුබ නත්තලක් වේවා !!!!

  • Unknown says:
    December 25, 2011 at 11:57 PM

    කේක් කෑව මේ දැං පාටිය ඉවර උනේ....

  • වර්ණා says:
    December 26, 2011 at 12:18 PM

    අපිනම් හැදුවා. හදලා කෑවා. ඔය විදියම තමයි. මරු.

Post a Comment