Showing posts with label සීතල අයියගෙ අස්පට් කෑම. Show all posts
Showing posts with label සීතල අයියගෙ අස්පට් කෑම. Show all posts

Sunday, December 25, 2011

X-mas cake

5 ප්‍රතිචාර | Read more...

සීතලේගෙන් ඔන්න තවත් කෑමක්. අද හදන්න යන්නෙ X-mas cake එකක්. පරක්කුදත් මංදා. කමක් නෑ. ඊලඟ නත්තලටවත් හදන්නකො ;) මේක හදලා තියෙන්නෙ කෑලි 40 කට. රු.1600 ක් වගේ යයි.
හදපු එකෙන් මට ලැබුන පංගුව. :(

අවශ්‍ය ද්‍රව්‍ය :-
චව් චව්- 225g
ස්ට්‍රෝබෙරි ජෑම්- 100g
ජින්ජර් ප්‍රිසව්- 125g
කජු- 75g
පලම්ස්- 225g
රේසින්ස්- 100g
ඇස්ට්‍රා මාගරින්- 12g
සීනි- 100g
රුලං- 100g
පුහුල් දෝසි- 250g
චෙරි- 125g
කැන්ඩ්ල් පීල්ස්- 125g
බිත්තර- සුදු මද- 2, කහමද- 6
ආමන්ඩ් එසන්ස්- තේ හැදි 1
රෝස් එසන්ස්- තේ හැදි 2
වැනිලා එසන්ස්- තේ හැදි 2
කරදමුංගු- 3.3g
කරාබුනැටි- 3.3
කුරුඳු- 3.3g
බ්‍රැන්ඩි- අවු. 0.5

සියලුම පලතුරු ටික ටිකක් ලොකු ප්‍රමානවලින් කපා ගන්න.
කජු, රුලං ඇර අනිත් සියලු ද්‍රව්‍ය කවලං කර එයට සියලුම එසන්ස්වලින් බාග දමන්න. පැය 24ක් විතර හොඳට වහලා තියන්න.
කපා අනාගත් පලතුරු

ඊලඟ දවසෙ බිත්තර සුදු මඳ හොඳට ගසා ගන්න. (හොඳට පෙන එනකං)
ඇස්ට්‍රා මේස හැදි 1ක් දමා දිය වුනාම මඳ ගින්නෙ රන්වන් පාට වන තෙක් රුලං කබල් ගා ගන්න.
කහමඳ ටිකයි ඇස්ට්‍රයි, සීනියි දමා සීනි දිය වෙනකං බීට් කර ගන්න. ඊට පස්සෙ ඉතිරි එසන්ස් ටිකයි අනාගත් පලතුරුයි,කජුයි, රුලනුයි, බ්‍රැන්ඩි දමා කවලං කර ගන්න. අන්තිමට හොඳින් ගසා ගත් සුදු මද කලවංකර බේක්කර ගන්න.

ප.ලි- බේක්කරන වෙලාවයි උෂ්නත්වයයි නම් නොදනී. මොකද කියනවනම් මේ වගේ කේක් එකක් හදනකොට ගොඩක් හදන නිසා අපි බේකරියට දෙන්නෙ. අනික අම්මගෙ මුල්ම කුකරි පොත නැති වෙලා. ඕගොල්ලොත් බේකරියට දෙන්න. ඇත්තම කියනවනම් ඒක ලාබයි.


ප.ප.ලි- මේ හැම දෙයක්ම කරන්න ඕන වතුර පොඩ්ඩක්වත් ගාව ගන්නෙ නැතුව හොඳේ. මොනාහරි අවුලක් වුනොත් හාවගෙ මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක හදන් බොන්නකො. ;)

Saturday, September 10, 2011

උඹේ කටෙත් කේක්, මගේ කටෙත් කේක්

19 ප්‍රතිචාර | Read more...



.මේ දවස් වල අක්සරේ කෑම රෙසිපි ගැන වැඩි අවදානයක් තියෙන එකේ මටත් හිතුනා ගෙදරදිම කෑමක් හදා ගන්න හැටි දාන්න.ඇයි බොලේ ගෑණුන්ට විතරද කෑම හදන්න පුලුවං. හ...මම හදන්න යන්නෙ අවන් එකක් නැතුව කේක් එකක් කොහොමද හදා ගන්නෙ කියලා. සමහර අය ඉන්නවනෙ අවන් එකක් නැති නිසා ගෙදරදි කේක් එකක් හදා ගන්න බැරි අය. හරිම ලේසියි අනේ.. :) දැන් බලමුකො කොහොමද හදාගන්නෙ කියලා. :)

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන් පිටි                                    100 g
සීනි                                          100 g
මාජරින්                                     100 g
බිත්තර                                      2
බේකින් පවුඩර්                            තේ හැදි 1
ජලයේ දියකර ගත් කිරි පිටි             තේ හැදි 2


සාදන ක්‍රමය:-
බිත්තරේ අරගෙන සුදු මදෙයි, කහ මදෙයි වෙන් කර ගන්න. සුදු මදේ පොඩ්ඩක් පෙන එනකං ගසාගෙන පැත්තකිං තියා ගන්න.(පෙන එන තරමට තමයි සොෆ්ට් වෙන්නෙ)
දැන් බෝල් එකකට මාජරිනුයි සීනියි දාලා හොදට අනා ගන්න. (සීනි දියවනතෙක්), එකම අතට (ඇත්තද බොරුද දන්නෙ නෑ මම නම් හැම අතටම ගැහුවා) :D ( සීනි ඔක්කොම දිය වෙන්න ඕනමත් නෑ.ඔක්කොම දියවනකං අනන්න ගියොත් ජීවිතේ එපා වෙයි.නැත්තං සීනි කුඩු කරලා ගන්න. එතකොට හරිනෙ.). දිය උනාට පස්සෙ බිත්තර කහ මද 2 යි, දියකර ගත් කිරි පිටි තේ හැදි 2 (හොදින් නිවාගත්) යි ඒකට දාලා සෙමෙන් ගසා ගන්න. ඊට පස්සෙ අර හොදට ගසා ගත්ත බිත්තර සුදු මද දාලා සෙමෙන් කවලං කර ගන්න. පෂ්ශෙ බේකින් පව්ඩර් දාලා අනා ගත්ත පාන් පිටි හිමින් හිමින් දාමින් හොදින් අනා ගන්න. කැමතිනම් චොක්ලට් පවුඩර් ටිකකුත් දා ගන්න. (හැබැයි මම ඒකනම් කරලා නෑ..)

දැන් නේද ලොකුම පුරස්නය :-\
කෝ අවන් එකක් ?????????









අනේ අපිට මොකටද අවන්. මගේ බල්ලටවත් ඕන නෑ අවන් :P කාගෙ කාගෙත් ගෙදර තියෙන ටොස්ටරේ තියෙන්නෙ. :D හැබැයි ඒකත් නැත්තං වෙන ක්‍රමේකුත් තියෙනවා. කාටහරි ඒක දැන ගන්න ඕනමනම් කියන්න. මම මේකට කමෙන්ට් එකක් විදියට විස්තර කරන්නම්.ඒක හැබැයි ටිකක් අමාරු වැඩක්. වැලිවලින් කරන්නෙ.


රි දැන් කතාවට එමුකො,


රත් වෙච්ච ටෝස්ටරේට අපි දැන් හදා ගත්තු මිශ්‍රනේ අරගෙන මේස හැදි 1 ගානේ ටෝස්ටරේට දාලා පොඩ්ඩක් හැම තැනම විසුරුවලා වහන්න. ටෝස්ටරේ ඇලෙන්න බලනවා නම් මාජරින් පොඩ්ඩක් ටෝස්ටරේ දෙපැත්තට ගාන්න. 
ටිකක් වෙලා ගියාට පස්සෙ පොඩ්ඩක් ඇරලා බලන්න හරිද කියලා.( ගෑරැප්පුවකින් මැදට ඇනලා බලන්න මැද තාම දියාරුද කියලා. දියාරුනම් තව ටික වෙලාවක් වහලා තියන්න) මට නම් වි.7 ක් විතර ගියා එකකට.
ටෝස්ටරේ ඇලෙනවනම් මිශ්‍රනේ, ටෝස්ටරේට දාන හැම වතාවකටම ඉස්සෙල්ලා ටෝස්ටරේට මාජරින් ගාන්න ඕන. (ටෝස්ටරේ, නෝනා ස්ටික් නම් ඕන නෑ මාජරින් ගාන්න)


හැබැයි හැම වෙලාවම අරින්නයි වහන්නයි යන්න එපා. එතකොට කේක් එක පිම්බිලා සොෆ්ට් එකට එන්නෙ නෑ.


දැන් තියෙන්නෙ හදා ගත්ත කේක් ටික කන්න. පුලුවන්නං මගේ පංගුව එවන්න. නැත්තං බඩ ගමේ යයි.   :D







(පැය භාගයකට පසු)

තව දවසක තවත් කෑමකින් එහෙනම් සෙට් වෙමුකො. (පුලුවං උනොත්). :)
එහෙනම් අපි ගියා...
bye..