Showing posts with label සුදු හංසි. Show all posts
Showing posts with label සුදු හංසි. Show all posts

Tuesday, December 20, 2011

ඔබ , ඔබේ පෙම්වතිය හෝ බිරිඳ ත් මේ වගේ ආදරේ කරනවාද..

29 ප්‍රතිචාර | Read more...
ඔබේ විහිලුවලට කාට නැතත් මට  මහ හයියෙන් සිනාසිය හැක.
ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.
ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමි
ඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි.
පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.
මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය මම වෙමි.
අන් අය කියනා දේ නොඅසා ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරන්නිය මම වෙමි.
මා ඔබේ පෙම්වතිය ලෙස ඔබ ඔබේ මිතුරන්ට හඳුනාවා දෙනවාට  ඉතාමත් කැමති ඔබේ පෙම්වතිය මමයි.
කිසිත් නොදොඩා ඔබ හා අත්වැල් අල්ලා යන්නට කැමති මම ඔබේ පෙම්වතියයි
මම ඔබේ උරහිසේ හිස හොවාගෙන සිටිමි. ඒ මට නිදි මත නිසා නොව මාට ඔබේ උණුසුමට වී සිටින්නට ඇවැසි බැවිනි.
ඉටිපහන් එලියෙන් එලිය වුනු නිදක කාමරයේ හෝ රාත්‍රී කැම මේසයේදි ඔබ  මා සිට ගන්නවාට වඩා සීතල හිරි පොද වැස්සක ඇවිදන් යද්දි ඔබ මගේ කොපුල් තල සිපගන්නවාට කැමති වෙමි.
මම ඔබට ගැතිවී සිටිමියි කියමි, ඒ කවට කමට නොවේ. මම සැබැවින්ම ඔබෙන් ඇවැසි වේ. ඒ ඔබ අසලට වී බොහෝ කාලයක් ගත කිරීමයි.
මම ඔබට විශ්වාස කල නොහැකි තරමේ කරදරකාරියකි.  නමුත් මා ආදරය කරන තැනත්තාගේ බාහු අතර ගුලිවී රැය පහන් කරන්ට ලෝබ වෙමි.
ඔබ මා වෙනුවෙන් කරන පුංචිම දේ පවා මම මහමෙරක් සේ මතකයේ තබා ගනිමි. .
ඔබට මගේ හදවතට පැමිනෙන්නට ඉඩ දුන්නිය මම වෙමි. මගේ හදවතේ ඔබේ නම විසල් අකුරින් ලියවී ඇත. ඔබෙන් දුරස් වි කලක් ගත කලත් මට මොහොතකට හෝ ඔබව අමතක නොවේ.
ඔබේ ප්‍රේමණිය වැලඳ ගැනිම හාදුවකින් අවසන් කරන්නට තරම් ඔබට පෙම් කරන තැනැත්තිය මම වෙමි.
ඔබට මා හා සිටින විට කුමක් හො කියමින් සිටින්නට උනන්දු කරන්නිය මම වෙමි. අපි කෙදිනකවත් ගොළුවන් සේ නොසිටිමු.
ඔබට මා එපාවී. අපේ පෙම් කතාව නිමා කලහොත් ඔබේ හොඳම මිතුරිය වන්නට පෙරුම් පුරන්නිය මම වෙමි. 

Tuesday, November 22, 2011

ඔබ කොතැනද?

11 ප්‍රතිචාර | Read more...
 මම පළමු රැකියාව කරන කාලේ අපේ සර් අපිට කියලා දුන්න කතාවක් අද මම ඔයාලා එක්ක බෙදාගන්න කල්පනා කලා. මේක සර්ට ලැබිලා තිබුනේ ඊමේල් පණිවුඩයක් මගින්. මුල් පිටපත තිබුනේ ඉංග්‍රිසි භාෂාවෙන් වුවත් මම ඒ දෙබස් සිංහලට පරිවර්ථනය කලා. 


කියවලා බලන්නකෝ කතාව 









දැනුම, කුසලතාවයන් හැකියාවන් සහ අත්දැකීම් වල නියමාකාර ප්‍රෙයෝජනය ඔබ හට ලබා ගත හැක්කේ ඔබ සුදුසු කාලයේ සුදුසු තත්වයේ සුදුසු තැනක සිටන්නේනම් පමණි..

ඔබ සිටින්නේ ඔබ සිටිය යුතු ස්ථානයේද? 

Smooth roads never make good drivers 
Smooth sea never makes good sailors 
Clear Skies never makes good Pilots. 

Problem and hassle free Life NEVER makes a strong person 
Be Strong enough to accept the challenges of Life 
Don't ask Life , 'Why Me ? . 
Instead say 'Try Me!' 

Saturday, November 5, 2011

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්

15 ප්‍රතිචාර | Read more...
වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන්වු දේශපාලනික වටපිටාවක් මැදින් ගලා යන බැවින්, තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ඇතැම් ක්‍රියාවන් විමසුමට ලක් කිරීමේදි මා හා උරන නොවන ලෙස මුලින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

මෙහි සටහන් වන කරුණු ඔනෑම අවස්ථාවක සංවාදයට විවෘත වන අතර තම තමන්ගේ අදහස් අඩුවැඩි ලෙස කමෙන්ටු මඟින් එක්කිරීමේ අවකාශයද ඔබ හට හිමිවනු ඇත.

තිස් වසරකට අධික කාලයක් පැවති ඊලාම් යුද්ධය අවසන්ව ගෙවී ඇත්තේ ඉතාමත් සුළු කාලයක් වුවද යුද්ධයේ කුරිරු මතක සටහන් මේවන විට හිරු දුටු පිණිබිඳුසේ වේගවත් සංවර්ධනය හමුවේ අප හට අමතකව ගොසිනි.. එසේම එක් දේශපාලන පක්ෂයකට හා  පුද්ගලයින් කිහිප දෙනෙකුට පමනක් යුද්ධය නිමා කිරීමේ ගෞවරයද හිමිවී අවසානය. මෙය සැබෑ වීරයන් සිරගත ව දුක් විඳින කල නිලදරුවන් සුරසැප විදින විස්මිත ලෝකයක් බවට පත්වු කැළල හැරෙන්නට යුද්ධයෙන් සිරිලකට වෙනත් කැලලක් ඇති වී නොමැත. පොදුරදමඩුලු සමුලුව එයට සාක්ෂියකි.

අනෙක් අතට කර්නල් ගඩාෆිගේ මරණය සිදුවු ආකාරය ලොව පුරා වීඩියෝ දර්ශන වලින් පෙන්වද්දි අප රටෙහි ත්‍රස්තයන් මර්දනය කල ආකාරය ඉතාමත්ම මානව හිතවාදීය.. එය අනෙක් කතාවකි. මා අද කතා කරන්නේ ඊලාම් යුද්ධයට පසු  අද සිරි ලක ගැනයි..

2009ට පෙර දකුණේ ගම්මාන වල දෙමාපියන්ගේ හදවත් ගින්නෙන් නොඇවිලුනු වෙලාවක් සොයන්නට බැරිවිය.. විශේෂයෙන් අවසන් සටන පැවති කාලයේ කොහේ කොයි මොහොතක හමුදා පුතෙකුගේ නිසල සිරුරක් රැගත් ජීප් රථයක් මතුවේවිදැයි ඔවුන් බියෙන් පසු වූවෝය, එමෙන්ම සියලූම ලක් වැසියන් කුරිරු යුද්ධයේ අවසනක් සොයන්නට වෙර දරණ වීර පුතුනට හදවත් වලින් ආශිර්වාද කරමින් කුරිරු ත්‍රස්ත නායකයාගේ මරණය ප්‍රාර්ථනා කලෝය.. එය එසේම සිදුවිය..

ඒ අප රට ලත් දෙවන නිදහස විය.. ලක් වැසියා ඒ නිදහස සැමරු ආකාරය මා ඔබට කිව යුතු නැත... විදේශයක සිට පැමිණ මාතෘ භුමිය වැඳ නමස්කාර කරමින් හරසර කල ජනපති තුමන්ට මෙන්ම  එවකට සිටි යුදහමුදාපති ඇතුලු ත්‍රිවිධ හමුදාවන්ද ජනතාවගේ සැබෑ විරයන්  බවට පත්වුවෝය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම නිදහසේ අසිරිය සැමරු හැටි සිහිකරන්නට මම මෙන්ම ඔබත් කැමති වනු ඇත..

එහෙත් අභාග්‍යයකි.. නීරස දේශපාලයේ අඳුරු හෙවනැලි විසින් ජාතික වීරයන් බිලිබා ගැනිමේ කූට ව්‍යාපාරයක් ඇතිවිය. යුධ ශිල්පයෙහි කෙල පැමිණි නමුත් දේශපාලනයේ ළදරුවකු වු හිටපු හමුදාපති වරයා අභාග්‍ය සම්පන්න ලෙස සිරගත වුවේ දේශපානයේ වරද නිසා මිසක ඔහු කල වරදක් නිසා නොවන බව ප්‍රසිද්ධ රහසකි.. බල තණ්හාව විසින් වීරයන් වනසයි යන්න මනාව පැහැදිලි කල අවසන් ජනපතිවරණය විසින් මිනිසුන්ගේ මිනිසත් කම පවා වෙනස් කරන්නට සමත්වී ඇත.. එක් උදාහරණයක් පමණක් කියමි.

ත්‍රස්තයන්ගේ ප්‍රධානතම ක්‍රියාකාරී ස්ථානයක් වු . කිලිනොච්චි නගරයේ ඉදිකරවා ඇති. රණවිරු ස්මාරකය ඉදිරියට එක් වරක් හෝ ඔබ ගොස් ඇත්නම් එහි ඉදිරිපස ගලෙහි කොටා ඇති අකුරු පෙල කියවන්නට ඇත.. ඔබ ඔබේ  හදවතින් විමසා බලන්න එහි එකම නමත් අමතක කොට ඇත... එය හිතා මතා කල බව පැහැදිලිය.. මන්ද වත්මන් හමුදාපති ඔවුනට මතක් වුවේනම් සැබැවින්ම යුධ ජයග්‍රහනයේ පුරෝගාමියෙකු වු හිටපු යුධ හමුදාපතිවරයා අමතක වීම අරුමයකි.
යුධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරුවත් දේශපාලුවන් හෝ ලේකම් වරුන් නොව සැබැවින්ම යුධබිමෙහි එඩිකම් පෑ රණවිරුවන්ය.. එය අමතක කල සමාජයක අපි අද නිදහසේ සිටීම ගැන සැබැවින්ම මම පුදුමයට පත්වෙමි.. එය සිදුවුයේ මෙසේය..
පසුගිය දිනෙක මම උතුරු ප්‍රෙද්ශයේ චාරිකාවක් ගියෙමි. එහිදි තවමත් රාජකාරියේ සිටිමින් සිවිල් ජනතාවගේ එදිනෙදා දිවිපැවැත්ම සාමකාමීව පවත්වාගෙන යෑමට උපකාර කරන සොල්දාදුවන් අතර විශේසිත කණ්ඩායමක්  නාගදීප පුදබිමට බෝට්ටුවට ගොඩවන ජැටියේදි මට මුණ ගැසුනි.. ඔවුන් අත පොත් කිහිපයක් විය බැතිමතුන්ට ඒවා පෙන්වමින් කතාකරන ඔවුගේ මුහුණු, ඔවුන් නොතකා යන බැතිමතුන් දැක අඳුරුවන සැටිය මම දුටිමි.. ඔවුන් අසලට යන්නට  සිත බල කලත්  මා යා යුතු බොට්ටුව පිටත් වීමට කාලය පැමිණි බැවින් ඒ හමුව පසුවට කල් තබා ගතිමි..




නාගදීප පුද බිමෙදීද අපූරු සිදුවීමක් සිදුවිය. එක් දමිල තරුණයෙක් යාපනය නගරයට යාමට බොට්ටුවක් පැමිනෙන තුරු එහා ජැටියේ සිටින අවස්ථාවේ හදිසියේ ඔහු රොගාතුර විය.. සැබැවන්ම ඔහු අපස්මාර රොගියෙකි.. හදිසියේ රෝගී වු ඔහුට අපේ නාවික සෙබලුන් උපකාර කරද්දි සහෝදර දමිල ජනතාව පිළිකුලෙන් අහකට වී බලා සිටියෝය.. කිසිවෙකු උදව්වට නොපැමිණි කල මදක් කෝප වු සෙබලෙකු බැන වැදුනේ මේ උඹලාගේ ගමේ එකෙක් ඉක්මකට බාරකාරයින්ට එන්න කියාපියව් මේ මනුස්සයා ගැන අපි දන්නේ නැහැනේ..  කියායි. ඒ හඩින් අවදි වු ගම් වැසියන් වහා තරුණයාගේ පියා කැඳවුවෝය.. සුවය ලබමින් සිටි ඔහු නැවත පියාට භාර දුන් සෙබලුන් සුපුරුදු ලෙස ගිනි අව්වේ තම රාජකාරියේහි යෙදුනෝය.

නැවත මෙගොඩ පැමිනි මා වහ වහා යටකී පොත්පත් විකිණු සෙබලුන් සිටි තැනට ගියෙමි.. හමුදා වීරයන්ට කවදත් ආදරය කල මාගේ සහොදරයාද මා හා එක්විය.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා යන්නෙන් ලියවුනු එම පොත, යුධ හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් තම අත්දැකිම් අලලා ලීයුවකි.. ඒ ඇසූ සැනින් වහා එය මිලදී ගන්නට මමත් මගේ බාල සොයුරාත් එකවිට තීරණය කලෙමු.. එසේම මොහොතක්  සුහදව ඔවුන්හා කතා කොට ඒ මුහුනු සිනාවෙන් බර කොට අප එතැනින් පිටත් වීමු..

නඩයේ සියල්ලන් අපට උසුලු විසුලු කලෝය.. ඔවුන් කීවේ දේශපාලුවන්ගේ  උදම් ඇනීම් බලන්නට අධික මිලක් ගෙවා නොවටිනා පොතක් මිලදී ගත් බවයි,  ඇතැම් විට හමුදා සොල්දාදුවන් පින්පත්තරකාරයන්ගේ තරමට බාල්දු කොට පොත දෙස රවා බලා පිටත්ව ගිය දේශමාමක ජනයා සිතන්නට ඇත්තේ එයම විය හැක .. ඒ ඔවුන්ගේ අවාසනාවයි.. නොබියව කිව හැක.. සැබැවින්ම මේ පොත දෙස නොබලා සෙබලුන් මගහැරගියවුන් සැබැවින්ම අවාසනාවන්තයෝය..
එහි සඳහන් අකුරක් අකුරක් ගානේ කකියන දේශප්‍රෙමිත්වය මා මේ සටහන ලියන්නට උනන්දු කරවන ලදි.

එහි කොටසක් උපුටා දක්වමි..

අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත්  විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
 -පිටු අංක 125-

 සත්‍යයකි ඔවුන් හැමවිටම වාගේ ක්‍රියාන්විතයන් කොට ඇත්තේ වනයේද ඇතැමි විට සතුරු බලමුලුවලට පහර දීමට ගොස් වනයේ අතරමන්වී බීමට ජලපොදක් නැතිව මුත්‍රා පානය කල බව ඔවුන් කියා ඇත. එසේම වරක වතුර හිඳුණු වැවක වලක් හාරා දින පහක් ජලය පානය කල ඔවුන් ආපසු යද්දි දිවි රැකදුන් වතුරු වලට දණගසා නමස්කාරකොට ගොස් ඇත.. මෙවන්වු අනුවේදනිය අත්දැකීම් රුසක් අකුරුකොට ප්‍රකාශ යටපත්කර ඇති මෙම වටිනා පොත කියවන්නට මා ඔබට ආරාධනා කරමි..

රඟමඩලෙහි රඟදෙන කලිහී
මහා තේජසින්
රංගධරයින් ....
කඩතුරාවට සැඟව
කළ මහඟු මෙහෙවර
දැකිය හැක්කේ
එබී බැලීමෙනි
ඇතුලාන්තයට......


මේ ඔවුන්ගේම වචනයි..  සැබැව්න් මෙම පොත ඇතුලානතයට එබී බැලීමට විවරවු කවුලුවක් වැන්න..
හිතවතුනි ඔබට කෙමෙන් අමතකව ගොස් ඇති සැබෑ ජාතික වීරයින් පුදන්නට කෙසේ හෝ මෙම පොත කියවන්න..
මෙය ඔබට පොත් හලකින් ලබා ගැන්මට අපහසු වීනම් මෙහි කමෙන්ටුවක් සටහන් කරන්න ඔවුන් හා සම්බන්විය හැකි මගක් මා සොයා දෙන්නම්.. එන්න මාහා පිදිය යුත්තන් පුදන්න......

Saturday, October 8, 2011

උපන්දා සිට

6 ප්‍රතිචාර | Read more...
ඔන්න මම ආවා කාලෙකින් මේ පැත්තේ.. (ඇත්තම කීවොත් අක්ෂර වාසින් මාව ගහලා පන්නන්න කලින් මම කල්පනා කලා ලිපියක් ලියන්න)
අද මම ආවේ හිස් අතින් නෙවෙයි මම ආවේ බාල මහලු කොයි කාටත්  එකම විදියට රස විඳින්න පුළුවන්  ලස්සන පොතක් ගැන තොරතුරුත් අරගෙන
ඒ පොත තමයි මේ තියෙන්නේ


මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ උපන්දාසිට කෘතියේ මුල් කොටස වන බාල විය නැමැති පොත. 

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් 1961 වසරේදි ලියා පල කල මේහි මුල් කෘතියේ බාල විය, තරුණ විය, මැදි විය ලෙසින් කොටස් තුනකින් සමන්විතයි. මේ වෙන කොට මට කියවලා ඉවර කරන්න පුළුවන් උනේ බාල විය පමණයි. ඒ කියවපු කොටසින් අතීත ගැමි දරුවන්ගේ ජීවිත පිළිබඳ පැහැදිලි අවබොධයක් ලබා ගන්න මට පුළුවන් උනා. ඒ වගේම නවීන සංකීරන සමාජ වට පිටාව තුල අපේ ළමා කාලය සහ අපෙන් පසු පරම්මරාවල ළමා කාලය ගෙවී යන අසුන්දර රිද්මය ගැන ලොකු කලකිරිමක් මගේ සිතේ ඇති උනා.

මේ කෘතිය කියවන් යද්දි මනසේ ඇඳෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ඉතාමත් සුන්දර ළමා කාලයක් ගත කරන ආකාරය. ඒ වගේම පසුකාලීනව එතුමා අතින් බිහිවන බොහොමයක් චරිත වල මුල් හිමිකරුවන් පිළිබඳ සොදුරු විස්තරත් දැන කියා ගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතින් බොහොමයක් කියවපු කෙනෙක්ට මෙහි කියැවෙන චරින හමු වී ඇතුවාට සැකයක් නැහැ .

පන්සලේ, ඉංග්‍රීසි පාසලේ, සිංහල පාසලේ මෙන්න මුහුදු වෙරලේ ගංඉවුරේ පවා කුඩා මාර්ටින් වික්‍රමසිංහයන් කල කිදෑ නෙත් අද්දර මවා පෙන්වන්නට තරම් සමත් මේ කෘතිය කියවන්න ඔබටත් ආරාධනා කරන ගමන් මම නවතිනවා.

ISBN 955-8415-04-9
ප්‍රකාශනය: සරස (පුද්ගලික) සමාගම
මිල:  රු. 140/=

Sunday, July 24, 2011

මගේ සමනලයෝ..

10 ප්‍රතිචාර | Read more...
හීන මන්සලින් එහාට පියාඹන් යන්න
අත්තටු අරන් එන්නේ කවදද 
හින සුපුපෙන මේ නෙතු පියන් අගට
රසදුනක් වෙන්නේ කවදද
කියන්න මගේ සමනලයෝ..
තුහින මල් වැස්සට මා එක්ක තෙමෙන්න
ඔයා එන්නේ කවදද
වසන්තය නිම වෙන්න කලියන් එනවද
ගිම්හානෙදි වියලි සුළගක් වෙලා වත්
සිසිරයේ හිම කැටික නැගිලා
හේමන්තයට යන සුලං පොදක් වෙලා
ඔයා එන දවසට
දෙවිලොවින් රෝස මල් වැහි වැටෙයි...
පි‍යවෙනා තුරු මේ දෙනත.. 
බලා ඉන්නම් දින ගැන ගැන

Monday, February 14, 2011

කවුද මේ වැලන්ටයින් සාමී..

7 ප්‍රතිචාර | Read more...
මට උදේ ඉදන් මෙයා ගැන හරි ඩවුට්.. කව්ද හැබෑට මේ... මම මෙයාට වැලා කව්වා කියලා ගූගල් බස් මගියෙක් කිව්වා එහෙම කියන්න එපා කියලා.. එයා සාමි වරයෙක්ලු.. ඉනිත් ගරු නම්බු දීල කතා කරන්නලු.. හප්පේ.. හැබෑ නේනනම්... ඉතින් මම හිතුවා මේයා ගැන ටිකක් හොයා බලන්න... ඉතින් කාගෙත් දෙයියා.. විකිපීඩියා ද ප්‍රී එන්සයික්ලෝපීඩියා එකය ගිහින් හෙවිවා...  සෑහෙන විස්තරයක් තියේ... ඔක උඩින් පල්ලෙන් තමා කිවන්න වෙන්නේ... ඒකෙන් යාන්තම් දැන ගත්තූ ටිකක් තමයි මේ
වැලන්ටයින් සැමිවරයා කියන්නේ රොමාණු කතෝලික පූජක වරයෙක් හිටියැයි කියන්නේ මෙන්න මේ ස්ථානවල
Roman Catholic Church
Eastern Orthodox Church
Anglican Communion
Lutheran Church - Missouri Synod

මිය ගියැයි කියන්නේ අද වගේ දවසක ඒ කියන්නේ පෙබරවාරි 14 වැනිදාවක... ඉතින් මේ සාමි වරයා ආදරය වෙනුවෙන් ඉමහත් සේවයක් කරාලුනේ.. ඒ කියන්නේ ඒ කාලේ රජා විවාහ තහනම් කරලා තියෙද්දි මේ උත්තමයා රජාට ඔරොප්පුවට විවාහ මංගල්ල කරලා දුන්නලු.. ඉතින් රජ මොකද කලේ මේ තුමාට මරණිය දණ්ඩනය දුන්නලු...

දැන් මට තියෙන ප්‍රශ්නේ මේ සාමි වරයා මිය ගිය දවස අද නම් ඇයි අපේ කට්ටිය.. රතු රොස මල් හුවමාරු කරගන්නේ..  හොටල් කාමර ගානේ මල්වතුගානේ නිවාඩු දාගෙන ගිහින් දුක් මහන්සියෙන් හම්ම කරණ තුට්ටු දෙක වියදම් කරන්නේ.. මේක මම තරහකට ඉරිසියාවකට කියන දෙයක් නෙවෙයි... ඉස්සර මට මතකයි පෙබරවාරි 14 වැනිදට ඉස්කෝලවල විනය භාර සර් ගාව එක එක ජාතියේ භාන්ඩ... චොකොලට්.. තෑගී... කාඩ්.... පව් දෙයියනේ.. අහිංසක අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරලා ළමයින්ට ඉස්කොලේ එවනවා උන් අතට හම්බ වෙන කීය හරි තේරුමක් නැතිදේකට වියදම් කරනවා.. ඇයි හත්දෙයියනේ.. වැලන්ටයින් සාමිවරයා සිහි කරලා.. හිගන්නෙක්ට බත් පාර්සලයක් අරන් දුන්නම්.. වැලන්ටයින් සාමිවරයටත් පිනක් අපිටත් පිනක්.
කස්ටිය මගේ අදහසට විරුද්ද වෙයිද මන්දා.. ඒත් හැමෝම කියන්නා වගේ ආදරේ මොකටද විශේෂ දවසක්... ආදරේට තැනක් වෙලාවක් නැහැ. දේශයක් වාසයක් නැහැ.. ඒ මගේ හැගීම...



උල්පතයි නුඹ
හදවතට සිසිල් පැන් පුදන
උමතු කවි සිත සනසවන
සිහින් ස්වරයෙන් හඩ නගන

සිසිලසයි නුඹ
ගිනියම් මද්දහන නිවාලන
සුවබර සුයාමය පිනවන
වස්සාන ඉසිඹුවක සැරිසරන

පන්හිදයි නුඹ
සෙනෙහසේ කවි කම් ගොතන
සැනසුමේ සත්සර වයන
නෙත් සරේ හැඩ කවි මවන


අන්න එහෙමයි මට ආදරේ කරණ කෙනාව මට වටින්නේ.. හැබැයි මේ වනකොට කිසිම කෙනෙක් ඒ වාසනාව සදාකාලිකව උරුම කරගෙන නැහැ.. (ඒ කියන්නේ වේකන්සි තියෙනවා කියලා නෙවෙයි ඔන්න)

අනේ ආදරවන්තයිනි අපේ මැසේජ් බොක්ස් පුරවන්න එෆා බොලව්... අපි පව්.... අපිට මල්සරා පරිවාසකාල දීල තියෙන්නේ.... හැම මොහොකතම හැම තත්පරේකම ආදරේ කරපියව්... පුළුවන් හැම වෙලාවෙම රොස මල් දියව්...  තෑගි දියව්...  ඒකයි වටිනේ... ඒ රොස මලයි තෑග්ගයි..  තවත් උපන්දියක් වගේ දවසකවත් දෙනවට වඩා අහම්බෙන් දෙන එකෙයි රසේ තියෙන්නේ...... එතකොට මෙන්න මෙහෙම කියයි...

"අනේ.... ලස්සන මලක්...... ඒත් ඇයි බබා.. අදම මේක මට දුන්නේ..... අද විශේෂ දවසක් නෙවෙයිනේ...."


"ඔයාට මට හැමදාම විශේෂයි වස්තූ... අද මට ඔයා ගැන ගොඩක් ආදරේ හිතුනා.... ඒකයි... මම දන්නවා ඔයා මේකට ගොඩක් ආසයි..."

අන්න ආදරේ ඇස්වලට සතුටු කදුලු පිරෙන ආදරේ.......

හිතන්න යාළුවනේ......

Saturday, February 12, 2011

අරුන්දතී 7 පියවර

7 ප්‍රතිචාර | Read more...

කියමු බලන්න නෝනා මහත්තයා නම එක් සිසුවෙක් ඉසුරිගේ ඉසුරිගේ මුහුණටම එබෙමින් ඇසුවේය..

......ඉසුරි...”

.............. ............... ................ඊසූරී...... මුලින් කීවේ ඉනීසියල්ද.” කොලුරැල හඩ නගා සිනාසුනෝය ඉසුරි වෙව්ලමින් බිම බලාගෙන උන්නාය වන්දනාද උන්නේ ගැහෙමිනි.

හොදයි ඊ..... ..... ඊසූරී... නෝනා ඔයාට තියෙනවා වැඩක්...” ඉසුරි හිස ඔසවා කටකාර කොලුවා දෙස බැලුවාය..

ඇයි...ඇයි......?? මොනාද බලන්නේ....බිම බලාගෙන අහගෙන ඉන්නවා....” ඔහු ඉසුරිට තරවමු කලේයඉසුරි ස්ව්‍යංක්‍රීයව නෙත් බිමට බර කලාය. තමන්ගේ දෙකොපුල් රත්වී දෙකන් රතුවනු වන්දනාටද දැනිනි. දෙනෙත කදුලින් පිරී යද්දී ඇය නොසෙල්වී දෙනෙත් බිමට බරකරගෙන උන්නාය.

අතන ගල් ගොඩෙන් සුදුපාට තිරිවානා ගල් කැට හතරක් හොයාගෙන මේ හෝල් එකේ කොන් හතරේ තියන්න ඔනි. හැබැයි වටේට යන්න පුළුවන් පැත්තට විතරයි, අනික් එක ඒ වැඩේ කරලා සද්ද නැතිව පන්තියට ටන්න ඔනිකාට හරි කම්ප්ලේන් කරලා තිබුනොත් ඉදිරියට කරදර වෙයි.......තේරුණාද.......”
ඉසුරි හිස සැලුවාය.

හා... යන්න පුළුවන් දැන්...” කටකාර සිසුවා නියොග කලෙන් ඉසුරි හා වන්දනා දෙදෙනාම ගල් ගොඩ දෙසට හැරුනෝය

"හා... හා... එක්කෙනාටයි යන්න කීවේ.....ඔයාට වෙන වැඩක් තියෙනවා නෝනා...ඔහොම ඉන්න" තව එකෙකු වන්දනාට මග අහුරමින්  කෑ ගැසුවේය .. වන්දනා උන්තැනම ගල් ගෑසි උන්නාය.

"ඔයා යන්න කියපු වැඩේ කරන්න.." වන්දනාව තනි කර යන්නට පැකිලෙමින් උන් ඉසුරිට තවත් නියොගයක් ලැබුණි ඇයි වයින් කල බොනික්කියක මෙන් ගල් ගොඩ දෙසට ඇදී ගියාය.

"මොකක්ද නම කීවේ...." තවත් කටකාරයෙකු  වන්දනාගේ මුහුණට එබෙමාන් ඇසීය ඇය ඊට පිළිතුරු දීමට අසාර්ථක උත්සහයක් ගනිම්න් උන්නාය. 

"ඇයි කයක් නැද්ද...??" එක් සිසුවෙකු තමා අතවු අඩි රූලෙන් වන්දනාගේ නිකට එසවුවේය.. සැනකින් ඇයිගේ කම්මුල හරහා කදුලු පේලියක් ඇදිනි.

"ආරංච් උනේනම් මෙයා ගල්රොලක් කියලා..හැබැයි ඉතින් කතා කරන්න කලින් අඩනවා..මේ... මේ... මැඩම්... අපි අඩන්න දෙයක් කීවේ නැ ඇහුවේ නම... මෙතන බොරුවට හුරතල් වෙන්න එන්න එපා..." කටකාර සිසුවා.. වන්දනාගේ මුහුණට එබෙමින් ගිගිරුවේය...

"ව...න්...ද......නා...."  දෙතොල්පට සෙලවුනත් හඩ පිට නොවිනි

"ඇයි කට ඇරලා කතා කරන්න අමාරුද.. නොනා මහත්තයාට...." දගකාරයා යලිත් ගිගිරුවේය..

"වන්දනා......." ඇඩි උත්සහයකින් පසු ඇය සිහින් හඩින් මිමිනුවාය.....
"වන්දනාද නම... අනේ.. අම්...මා.... ඉතින් ඔක කලින්ම කීවනම් අපි සැර දාන්නේ නෑ නොවෑ...." එකෙකු හුරතල් හඩින් කියද්දි සියල්ලොම කෙක් හඩලා සිනාසුනෝය.

"වන්දනාට කෙල්ලෙක් ඉන්නවද... අපි අහන්නේ... මේ ලිරිමි දරුවෙක් ඉන්නවද කියලා නෙවෙයි.. ලව් කරන්න කොල්ලෙක් ඉන්නවද කියාල..." යලිත් රළු හඩක් ඇසෙද්දී වන්දනා ගැස්සුනාය... නන්නාදුනන කොල්ලන් හත් අට දෙනෙකූ අතරේ වන්දනා උනනේ බියපත්වය. ඇය හිස දෙපසට සලා නැතැයි කිවාය....

"එහෙනම් වඩාත් හොදයි... හිටියත් අපිට ප්‍රශ්ණයක් නැහැ. ඒව නතර කරන එක සිම්පල්.. දැන් වන්දවා ඔයා.... අපි අට දෙනාගෙන් කැමති කෙනෙක්ව තොරගන්න ඔයාගේ බොයි ෆ්රෙන්ඩ් විදියට  තොර ගන්න විනාඩි දෙකක් දෙනවා  එච්චර වෙලා නැහැ මොකද බෙල් එක ගහනන ළගයි..."

තමනගේ හකු අස්ථින් අගුලු වැටී යන සෙයක් වන්දනාට දැනිනි. නොනවත්වා දෙනෙතින් කදුලු ගලා යදිදී ඇය හිරි වැටී බලා උන්නාය.. 

"ඉක්මනට ඉක්මනට..... අපිට මෙතන කදුලු පිහ පිහ ඉන්න වෙලාවක් නැහැ " එක සිසුවෙකු සැර වෙද්දී සියල්ලෝම දගකාර ලෙස සිනාසුනොය වන්දනාට මුළු පිට්ටනියම තමා වටේ කැරකෙන සෙයක් දැනිනි. ඇය එහෙමම තණ බස්සේ දෙදෙණ ඔබා ගත්තාය.

"චමියා... මොනාද ඔතන වෙන්නේ....." විවේක වේලාව අවසන් වන විට පන්ති කාහර වලට යන සිසු සිසුවියන් හසුරවන්නට යමින් උන් තාරුකට පිට්ටනියේ වු කලබලය ඉව වැටිනි.
එකවරම වන්දනා බිමට කඩා වැටීමත් තාරුකගේ හදිසි පැමිණිමත් නිසාඑතාන සිටි සියල්ලන්ගේම සිනහ හඩ නැවතී තිබුණි. 

"මොකක්ද මෙතන වෙන්නේ මචන්...හදිස්සියේ ධනේ සරිවත් ආවෙත් උඹලට ලේසි වෙන්නේ නැහැ.. උදේ විනය රැස්වීම මතකනේ....ඇයි බන් උදේ කියපු ටික මේ ටිකට අමතනද....යන්න ඇරපන් ඔය නංගිය... ඒකල්ලා පලයල්ලා මචන් පන්ති වලට....ප්ලීස්......"  තාරුක සන්සුන් හඩින් ඒත් නියෝගාත්මක ස්වරයෙන් නියොග කලේය.

"ආවනේ උඹ හතුරු කමට...හිටපංකෝ ටිකක් අපි කාටද හරියන්නේ බලන්න..." කියමින් කොල්ලන් රැල විසිර ගියෝය.

"චමී.... තව කෙනෙක්ව අඩවලාද උඹලා සතුටු  වෙන්නේ... ප්ලීස්... දැන් පලයල්ලා... නැත්නම්...මං  යාළුකම් අමතක කරනවා......" තාරුක තරමක් දැඩි හඩකින් කිවේය...

එසැනින්ම.. විවේක කාලය අවසන් කරණ සීනුව නාද වුයෙන් පිටිටනිය ටිකෙන් ටික හිස් වන්නට විය...

"නැගිටලා ක්ලාස් එකට යන්න නංගී...ඔයාට ආයෙත් කවුරුත් මුකුත් කිවන එකක් නැහැ..." තාරුක පහත් වී... කරුණාබර හඩකින් කීවේය...
"නංගී...." තාරුක තණ බිස්සේ දණ ඔබා ගනිමින් කතා කාලේය....

"කවුරත් නැහැ මෙතන මම ප්‍රිෆෙක්ට් කෙනෙක්  මං ඔයාට රැග් කරන්නේ නැහැ.." තාරුක යලිත් කරුණාබර හඩින් කීවේය... වනිදනා කදුලු පිසිමින් හිස එසෙව්වාය..තාරුක යුවතියගේ මුහුණ දුවුවේ එවිටයි...









Monday, February 7, 2011

අරුන්දතී 6 වන පියවර

4 ප්‍රතිචාර | Read more...
විවේක කාලය එළබෙත්ම පාසැල පුරා සිසු සිසුවියන් කඩිගුලක් මෙන් විසිරිණු නමුත්, වන්දනා ඇයගේ අළුත් යෙහෙලිය සමග පන්ති කාමයේ තනි වුවාය. "සීනියර් කට්ටිය හරි ගනන් වගේ නේද" ඉසුරි වටපිට බලමින් මිමිණුවාය.
"එයාලට ඉස්කෝලේ පුරුදුයිනේ අපිටත් තව ටික දවසක් යද්දි සේරම හරි යයි" වන්දනාද මද සිනා ඇතිව මිමිනුවාය
" අනේ මන්දා....මට වොෂ් රූම් යන්නත් ඔනි ඒත් එළියෙට යන්න මොකක්ද වගේ" ඉසුරි ඒ මේ අත ඇඹරෙමින් කීවාය වන්දනාට ඇය ගැන දුක සිතුණි.
"කමක් නැහැ අපි යමු ඉස්කෝලේ ඇරෙනකල් ඉන්න අමාරුයිනේ" වන්දනා ඉසුරි වෙනුවෙන් නැගී සිටියා
"අනේ වන්දනා.... ඔයා දන්නවද තියෙන තැන"
"මම දන්නේත් නැහැ ළමයෝ අපි කාගෙන් හරි අහමු" වන්දනා ඉසුරිගේ දෑතේ පැටලෙමින් පන්ති කාමරයෙන් පිටතට පැමිණියාය. දෙදෙනාටම දැණුනේ නුහුරු ආගන්තුක තැතිගැන්මකි

" අනේ කාගෙන්ද අහන්නේ වන්දනා...."
නන්නාදුනන ළමුන් අතරේ ඉසුරි අසරණව වට පිට බැලුවාය. වන්දනාද ඇය අනූව පිට්ටනිය වටට නෙත් දුවවද්දී හදිසියේම ඇය නෙත ගැටුනේ ඇත සිටන් තමන් දෙසට සිව එන ඉසංකවයි.. ඉබේටම ඇගේ මුහුණේ ආදරණීය සිනහ මලක් පිපුණි.


"සුදු නංගා කොහෙද මේ ඇවිදින්නේ..." ඔවුන් වෙත සිනහවෙන්ම පැමිණි ඉසංක වන්දනාගෙන් විමසුවේය.
"අ‍..නේ..අයියේ.. මේ මේ...." තමන් සොයන තැන කියාගන්නට වන්දනා වචන සෙවිවාය.
"ඇයි බබා ප්‍රශ්ණයක්ද.....??" ඉසංක සැනෙකින් කලබලවිය.. 

"නැ..හැ....අයියේ... මේ... අපිට ග්ර්ල්ස් වොෂ් රූම් එක තියෙන තැන පෙන්නන්කෝ..." වන්දනා දෙකම්මුල් රතුකරගෙන විමසුවාය... ඉසංකට එකවරම සිනහවක් නැගිනි ඉසුරි වහා බිම බලා ගත්තාය.
"ඔක අහන්නද පිස්සියේ මේ තරම් ඇඹරුනේ..ඔහොම ඉන්න මම නංගි කෙනෙක්ට කියන්නම් ඔයාලව එතනට එක්කන් යන්න කියලා..."
ඉසංක ආදරණිය ලෙස හිනැ‍හෙමින් පහළ පන්තියක සිසුවියකට වනාදනා හා ඉසුරි ඇයිට හදන්වා දුන්නේය.
"යමු අක්කී... මේ හොල් එක කෙලවරට යන්න ඔනි මං පෙන්නන්ම් තැන ඒතන තමා ඉතින් අපේ වල... දවසට දහපාරක්වත් යයි බොරුවටත් එක්ක." යි කියමින් කටකාර යුවතිය ඔවුන්ව කැදවාගෙන ගියාය..


"ගොඩක් ස්තූතියි නංගා... “ වන්දනා ඇයට ස්තූති කලාය.
“ස්තූතියි කියන්න තරම් මේකත් උදව්වක්ද අක්කියෝ එහෙනම් ඔයාල එන්න මම දුවනවා සෙල්ලම් කරන්න.” දගකාර කෙල්ලඈතට දුවන ගමන් කීවාය...


“හම්මේ.... නිවන් දැක්කා වගේ....” ඉසුරි සැහැල්ලුවෙන් කියද්දී වන්දනා සිනාසුනාය.


“ඒක නෙවෙයි කවුද ඒ අයියා...?” ඉසුරි දගකාර ලෙස හිනාහෙමින් ඇසුවාය..


“ආ.. ඒ අපේ අයියා කෙනෙක් මගේ නැන්දගේ පුතා.. මම එයාලගේ ගෙදර නැවතිලා ඉන්නේ...”
“අ..හා.... ඒ කියන්නේ මස්සිනා..” ඉසුරි දගකාර ලෙස කිවාය...
“මස්සිනෙක්ට වඩා මගේම අයියා කෙනෙක් වගේ...එහෙම හිතනින එපා...” වන්දනා අසරණ හඩින් කිවාය.. කුඩාකල සිටම ඉසංකත් අසංකත් මස්සිනාලා ලෙස නෙව සහොදරයන් ලෙසම ඇයගේ හදවතට ලංවී උන්නෝය..


“එහෙම හිතන්න එපා කියලා කීවේ ඔයා හිතුවේ මම කොහොම හිත්‍රවා කියලද ? ? ? “ දගකාර ලෙස සිනාසෙමින් ඉසුරි වන්දනාගේ මුහුණට එබුනාය.. වන්දනා ඇයට නියවා.. ඉක්මනින් ඉවත බලා ගත්තාය...


“ආ.. නංගිලා... ආපු ගමන්ම ගැන්සි හදාගෙන වගේ.....බලාපල්ලකෝ දෙන්නගේ මුකුලුව......”


යුවතියන් සිතන්නත් පෙර සිසුන් පිරිසක් ඔවුන්ව වට කොටගෙන සිටියෝය...කෙල්ලන් දෙදෙනා බියපත් මුවැත්තියන් මෙන් දෙදෙනාගේ දෑත් පටලවා ගත්තෝය...


Thursday, January 27, 2011

මවකගේ විලාපය

5 ප්‍රතිචාර | Read more...
නිවුණා ලෙස පහන ගෙයි මැද මා පුතුණි
නුඹ ගොස් හැරදමා සෙනෙහස මා තුරුලේ
නිවනක් නැහැ සිතට යලි නුඹ දකින තුරේ
දන්නෙම් යලින් නොඑනා බව මේ භවයේ


මා පුතු වෙලා එනු මැණ තුරුලට පෙරසේ
මතු සසරේ නුඹ උපදින හැම භවයේ
නොම දෙමි යන්ට නුඹ හට කිසිදින මෙලෙසේ
යලි නොම හඩමි නුඹ එනු ඇත හැම භවයේ

Sunday, January 23, 2011

අරුන්දතී - 5 වන පියවර..

5 ප්‍රතිචාර | Read more...
වන්දනා උදෑසනින් අවදි වුවාය... අද අළුත් පාසැලට ඇතුලත් වෙන දවසයි. රුහුණු දුම්රියේ නැගී නැන්දාගෙ නිවසට ආ දා සිට මේ වන තුරු සිදුවු සිදුවීමි සිනමාපටයක් මෙන් ඇය ඉදිරියේ මැවෙන්නට විය. 

නැනදාගේත් අයියලා දෙදෙනාගෙත් නොදම ආදරය කරුණාව ලැබුණද රන්දනාගේ නොරිස්සුම නිසා වන්දනා උන්නේ වේදනාවෙනි... 

වන්දනා මෙහි පැමිණි දා සිට මේ වනතුරුත් රන්දනා ඇය හා කිසිත් කතා නොකලාය 
වන්දනාව බනිනට බැරි විට රන්දනා ඇතැම්විට නපුරුලෙස නිවසේ මෙහෙකාරියට පවා තරවටු කලාය. සෘජුව තමා හා දබරයට  පැටලුනේ නැති වුවත් වන්දතා ඉන් විශාග ලෙස සිත රිදවාගත්තාය. 

ජනෙල් පියන් අතරින් පාන්දර මද ආලෝකය කාමරය තුලට එබෙන විට ඇදෙන් බැසගත් වන්දනා මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය 

"අනේ... මෙන්න සුදුබේබි උදෙන්ම නැගිටලා...මම මේ දුවන්න හැදුවේ ඇහැරවන්න කාලෙකින් ඉස්කොලේ යන නිසා චූටි බේබිවනම් ඇහැරවගන්න ට්කක් අමාරුවෙයි....." රන්දනාගේ කාමරය දෙසට යම්න් මාලිකා කීවාය.... නැවුම්ලෙස ඇය හා සිනාසුනු වන්දනා තේ හදමින් උන් නැන්දා අසලට ගියාය.

"ගුඩ්මොනිං සුදු මැණික......සීතලයිද....." නැන්දා ආදරයෙන් වන්දනා හා සිනාසෙමින් ඇසුවාය.

"චුට්ටක් ...ඒ..ත් ගානක් නැහැ..... පහුගිය දවස්වලත් මම උදේම නැගිට්ටා.... දැන් මෙහෙට පුරුදුයි වගේ...." 


"හොද කෙල්ල මේ වයසට කම්මැලි වෙන්න හොද නැහැ" 

චාරුණි වන්දනාගේ තේ කෝප්පය ඇය අතට දී  රන්දනාගේ කාමරය දෙසට ගියාය. 

"නොනා මහත්තයාව ඇහැරවන්න ඔනිනේ දැන්"

යම්න ගමන් නැන්දා කියු දෙයට වන්දනාගේ මුවට සිහින් සිනහ රැල්ලක් නැගුණි.

නිවසේ උදැසන කලබලයේ අවසානයත් රැගෙන චාරුණි වන්දනා සහ රන්දනා සමග පාසැල වෙත ගියේ අද ඔවුන් දෙදෙනාම උසස් පෙළ පන්තියට ඇතුලත් වන දවසයි. කලකට පසු මිතුරු මිතුරියන් අතරට යන බැවින් රන්දනා උන්නේ අමුතුම උදයොගයකිනි. එහෙත් නොදන්නා පිරිසක් අතරට යන වන්දනා මහත් ලෙස කැළඹි උන්නාය.

ලිපි ලේඛණ කටයුතු අවසන් කල චාරුණි පාසලෙන් පිට ගිය පසු වන්දනා නන්නාදුනන්න පිරිසක් අතරේ තනිවෙද්දී රන්දනා තම සුපුරුදු යෙහෙලියන් හා එක්වුවාය. තවත් නවක සිසුවියක් හා පන්තියේ කෙලවර  අසුනක තනිවු වන්දනා අළුත් පරිසරයට හුරුවන්නට උත්සහ දරටමින් උන්නාය. 

"හා....යි මම ඉසුරි......ඔයා....?"  යාබද අසුනේ උන් යුවතිය වන්දනා දෙසට හිතවත් ලෙසින් සිනාසෙමින් ඇසුවාය

" මම වන්දනා...." වන්දනාද ඇයට මිතුරු සිනාවක් පෑවාය....

"ඔයත් අළුතින් නේද......."

"ඔව්...."


"මට නම් කරකවලා අතඇරිය වගේ .....  මෙයාල අපිට ගොඩක් රැග් කරයි....."

"අනේ... මන්දා......" ආගන්තුක බියකින් හදවත පීරී යද්දී... වන්දනා මිමිනුවාය...






Thursday, January 13, 2011

ඔකිඩ්..... සුන්දර පේරාදෙනියෙන්

3 ප්‍රතිචාර | Read more...














Tuesday, January 11, 2011

අරුන්දතී සිව්වන පියවර

5 ප්‍රතිචාර | Read more...

නිවාඩු දිනයක් වුයෙන් තාරුකගේ උදය වරුවම ගෙවී ගියේ.. තමාගෙත් බාප්පාගේත් කිලිටි ඇදුම් සේදීමටත් කුඩා එපාර්ට්මන්ට් නිවස පිරිසිදු කිරීමටත්ය.

තාරුකට උපතින්ම මව් සෙනෙහස අහිම්විය. ඔහු හැදී වැඩුනේ තාත්තාත් බාප්පාත් සමගයි. තාරුකට දසවැනි වියේදී ඔහුට  පිය සෙනෙහසත් අහිමිවිය. ඒ තැන් පටත් ඔහුව රැක බලා ගත්තේ අවිවාහක බප්පාය. තාරුකගේ බාප්පා මහින්ද සංගීත ගුරුවරයෙකි. කාලයෙන් කාලයට පාසැලෙන් පාසැලට මාරුවීමට සිදුවු බැවින් ඔවුන් දෙදෙනාට ස්ථිර නවාතැනක් නොවීය. ‍බොහේවිට කුලී නිවාසවල හෝ ගුරු නිවාසවල  දිවි ගෙවන්නට ඔවුන්ට සිදුවිය. දෙදෙනා ගෙවු සරළ දිවි පෙවෙතේදි ඔවුන් දෙදෙනා එකිකෙනාට බොහෝ සෙයින් සමීප වුවෝය.

"පුතා මම යනවා.... ඔයා කන්න... මම  හවස් වෙයි.... එන්න.. රෑට උයන්න ඔනි නැහැ... මම කොත්තුවක් ගේන්නම්... ඔය ඇති දැන් වැඩ කලා.... මට පුළුවන් ඉතිරි ටික කරන්න  ඔයා කාල පාඩම් කරන්න දැන් දෙකත් පහු වෙලා...." පිටව යන්නට සැරසෙමින් මහින්ද කීවේය

" බඩගිනි නැහැ බාප්පි.... මේ ටික විතරයි තියෙන්නේ ඉවර කරලම ඉන්නම්..... ඇයි රෑ වෙන්නේ..... අහා..... අදත් පාට්යක්වත්ද........." තාරුක යටැසින් බලා සිනාසෙමින් කීවේය.


"ඇති උබේ පණ්ඩිත කම ......... උඹෙන් වැඩ ගන්න බැහැ.... ගිහින් පාඩම් කරපන්...... " මහින්ද හොර හිනාවකින් මුව සරසාගෙන කිවේය.


"හිනා වෙලා මග අරින්න එපා බාප්පී.... ඔයා තාම තරුණයි....  බබී නහස්ති වෙන්නේ නැතිව මට පුංචි කෙනෙක් ගේන්න........ මම පාඩම් කරන්නම්..... රැට තියෙනවනේ පැය දොළහක්ම....."


"හ්ම්ම්ම්ම්ම මම කවදද උඹත් එක්ක කතා කරල දිනුවේ.... මම යනවා...... " මහින්ද තාරුකගේ පිටට තට්ටුවක් දමාගෙනම පඩි පෙල බැස ගියේය.

සේදු රෙදි බැල්කනියේ වනමින් තාරුක මහින්ද යන දෙසම බලා උන්නේය.... බාප්පා තවමත් අවිවාහකව සිටින්නේ තමා නිසා බව තාරුක දනි... ඒකල ඔහුගේ පෙම්වතිය විවාහය හදිස්සි කරද්දි... තමන් වෙනුවෙන් කැපවී... ඇය වෙන කෙනෙකු හා විවාහවන තුරුත් සිට සිතින් විදවන බාප්පා වෙනුවෙන් ගෞරවනීය හැගීමකින් තාරුකගේ සිත පිරී ගියේය.‍
රෙදි වේලෙන්නට දමා අනතුරුව තාරුක දවල් අහාරයෙන් සප්පායම් විය.... පසුව බාප්පාගේ වයලීයත් රැගෙන බැල්කනියේ වු අරලිය සෙවනට ගොස් සුපුරුදු වාදවය ආරම්භ කලේය.... මෙය තාරුකගේ දින චරියාවේ කොටසකි . පාසැල නිමවී නිවස පැමිණ දවල් ආහාරයෙන් අනතුරුව වයලීනය හෝ ගිටාරයත් රැගෙන අරලියා සෙවනට යන තම ප්‍රියතම ගීත ගෙන්නක්ම වාදනය කරයි. තාරුකට ගායන මෙන්ම වාදන හැකියාවද සහජයෙන්ම උරුමව තිබුණි. 



සුපුරුදු ලෙස වාදනයේ යෙදෙමින් සිටින අතර තාරුකගේ නෙත් ගැටුනේ  යාබද සිරිවංශ නිවසේ සිට බැල්කනිය දෙසට නෙත් යොමා සිටින සුන්දර යුවතියකි..... ඔහු වාදනය මදනට නතර කොට ගල් ගැසි සිටියේය.

ඒ තාරුක දුටුවේ...  සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී... මිහිරි වාදනයකට සවන් දෙමින් උන් වන්දනායි... ඇය වාදනය ඇසී ජනෙල් පියන් අද්දරට විත් වාදකයා සොයා අරලියා පොකුරු අතර නෙක් ගෙන ගියත් ඇය තාරුකව නොදුටුවාය. වාදනය සැනෙන් නැවතුනෙන් ඇය   ජනෙල් පියන් වසා දමා.. ඇදට වැටුනාය....
තාරුකට යලිත් වාදනය කරන්නට සිත් නොවූයෙන්... බොහෝ වේලාවක් සිට පාඩම් මේසයට ගියේය... එහෙත් හිත පාඩමට නොරැදෙන බවක් ඔහුට දැනිනි.




Monday, January 10, 2011

අරුන්දති - තෙවන පියවර

3 ප්‍රතිචාර | Read more...
වන්දනා තම පොත් පත් ඇදුම් සියල්ල පිළිවෙලට ඇසිරුවාය.  පසුව කාමරයේ  දොර අසලට  ගොස් කාමරයේ හැඩ බලමින් සිනාසුනාය. 

“ලස්සනයි... ලස්සනයි.... පදිංචි වෙන්න යන කෙනා වගේම  ලස්සනයි” කණ අසලින්ම ඇසුණු සිහින් හඩින්  තිගැස්සුනු වන්දනා පිටුපසට හැරුණාය. 

“පොඩි අයියා.....” වන්දනා මුවින් හා දෙනෙතින් සිනාසෙමින් කියද්දී.... දගකාරයා මහ හඩින් සිනාසුනේය.

“මම ගැස්සුණා... කවුද කියලා.......” වන්දනා ඉසංකට කාමරයට ඇතුල් වන්නට ඉඩ දී දොර අසලින් මෑත් වුනාය....

“ඇත්තටම ලස්සනයි සුදු නංගා..... ඔයා කාමරේ ෂෝයි එකට ඇරේන්ජ් කරලා අනේ වෙලාවක මගේ කාමරෙත් මේ වගේ  ලස්සන කරල දෙන්න කෝ.....” ඉසංක කාමරය පුරා නෙත් දුවවමින් කීවේය..... වන්දනා හිස සලා සිනාසුනාය......

“ ඉතින් පාන්දරින්මද එහෙන් ආවේ.....” ඉසංක ඇද මත හරිබරි ගැසෙමින් ඇසුවේය.....

“හ්ම්ම්ම් ..... පාන්දර කොච්චියේ.....”

“ට්‍රේන් එකේ.......????? ඇයි නංගා.. අම්මා එක්ක  නෙවෙයිද ආවේ.... ඔයා... තනියමද ආවේ.....අහා.....” 

ඉසංක විමතියෙන් දෑස් දල්වාගෙන වන්දනා දෙසම බලා සිටියේය.
මුවින් පිළිතුරු නොදුන් වන්දනා හිසසලා කදුලු වලකා ගත්තාය... අද උදේ අම්මා කලේ මේ ලොව කිසිදු අම්මා කෙනෙකු සිහිනෙන් හො නොකරන වැඩකි...... ඇය මිතුරකු හා යන බව කියා... මුදල් දී ස්ටේෂන් එකෙන් බැස්සුවේ... වන්දනා නොසීතු ලෙසය... මෙතරම් දුරක් තනිවම  පැමිණියේ ජීවිතයේ ප්‍රතම වතාවටයි. තාත්තා ජීවත්ව සිටියේනම් කිසි දිනෙක තමා මෙලෙස අසරණ නොවන බව ඇය ‍වේදනාවෙන් සිතුවාය...

“කෝල් එකක් දෙන්න තිබුණ නේද....... එහෙමනම් මම ලොකු අයියත් එක්ක වාහනේ එනවනේ..... ඇයි තනියෙම ආවේ නංගියා..... ලොකු මාමා හිටියනම් ඔයාව කොයිම දේකටවත් තනියෙම ගෙදරින් එළියට යවනවද..... නැහැනේ...... ඇයි පණ්ඩිත ආච්චි අම්මේ... මේ වගේ වැඩක් කලේ........” ඉසංක බොරු අමනාපයක් දෙනෙතෙහි රදවාගෙන වන්දනා දෙස බලා සිටියේය...
“අන්තිම මොහෙත වෙනකල් මට ඒ ගෙදර ඉන්න ආස හිතුනා අය්යේ ඒකයි එදා මම නැන්දි එක්ක ආවේ නැත්තේ..... අද උදේ මම හිතුවේ අම්මි මාව මෙහෙට බස්සවයි කියලා.... ඒත් එයා මාව බැස්සුවේ ස්ටේෂන් එකට... මම මොනා කරන්නද......” වන්දනා සමාව අයදින සුළු ස්වරයෙන් කීවාය... ඉසංකගේ පපුව හිරි වැටී ගියේය..... තුෂාරි නැන්දානම් හිතක් පපුවක් නැති ගැහැනියකියි ඔහු තනිවම සිතුවේය.......

“ අපි පුංච් කාලේ සෙල්ලම් කරපු ගෙදර.... අපිට නැති වුනා නේද සුදු නංගා....”

 ඉසංක වේදනාත්මක හඩින් කීවේය.... ඔහු ගමේ මහ ගෙදරට බොහෝ සෙයින් ඇළුම් කලේය.. එසේම අසංකත් ඒ නිවසට මහත් ඇල්මක් දැක්වූ බව ඔහු දනී... තුෂාරි ඒ නිවස විකුනන්ට සූදානම් වන බව සැල වූ වහා.. ඉසංකත් අසංකත් එය මිලදී ගනිමුයි කියමින් සිංගප්පූරුවේ උන් තාත්තාට නිතර නිතර ඇවටිලි කරත් ඔවුන් තිරණයකට එන්නටත් පෙර තුෂාරි ඒ නිවස දේපල වෙලදාම් සමාගමකට විකුණා තිබුණාය. 

“තාත්තිගේ ආත්තම්මාගේ සුවද  ඉතිරි වෙලා තිබුණේ ඒ බිත්ති අතර... ...ඒ...ත්........ම...මම...අ...ද...ඒ හැම දෙය..ක්ම දා..ල....” වන්දනා ඉකිබින්දාය.... ඉසංක උන් තැනින් නැගිට විත් ඇයගේ හිස පිරි මදිම්න් සැනසුවේය..

“අනේ අඩන්න එපා මගේ නංගා....ඔයාට අපි ඉන්නවනේ... හැමදාම ඔයාට අපිත් එක්ක ඉන්න පුළුවන්..මතකද පුංචි දවස්වල ඔයයි රන්දුයි අයියයි මායි සෙල්ලම් කරපු හැටි.... අපි හතර දෙනා ආයෙත් එක් වුනා... ඒ ගැන හිතලා සතුටු වෙන්න බබා.....” ඉසංක ආත්මීය සෙනෙහසකින් වන්නනාගේ හිස පිරි මැද්දේය. වන්දනා පිටි අත්ලෙන් කදුලු පිස දමා අහිංසක ලෙස සිනාසුනාය.
ඇයගේ හිස පිරි මැදගෙනම ඉසංක කාමරයෙන් පිටවිය.... වන්දනා සහැල්ලු සුසුමක් හෙලා ජනෙල් පියන් අද්දහට ගියාය.


Tuesday, January 4, 2011

සමාවෙන්න

6 ප්‍රතිචාර | Read more...
හංසි කේල්ල හොදටම අසනීපෙන්... ඉරුවරාදේ හොදටම වැඩි වෙලා... මොස්තරේට කියන්නේ මිග්රේන් කියලා.......අන්න ඒ ලෙඩේ... ඔළුව උස්සන් ඉන්නත් අමාරුයි... පොඩි විවේකයක් අවශ්‍යමයි ඒ නිසා මට දවස් දෙකක් අරුන්දතිය ලියන්න වෙන්නේ නැහැ... මෙහෙම කියන එක ගොඩක් අසාධාරනයි  ඒත් මොනා කරන්නද... ඒත් මම පොරෙන්දු වෙනවා සිකුරාදට දවස් තුනටම හරියන දිගම දිග පෝස්ට් එකක් ලියන බවට.... 

ඔයාල හංසි එක්ක තරහ වෙන්නේ නැහැ නේද....

Monday, January 3, 2011

දෙවන පියවර

6 ප්‍රතිචාර | Read more...
නැන්දාගේ සුවිසල් නිවසේ ගේට්ටුව අසලන් ත්‍රීරෝද රිය නැවතුනි, වන්දනා තම ගමන් මළු ගේට්ටුව මුලින් තබා ගෙට්ටුවේ විදුලි සීනුව නාද කලාය. 

"හානේ... සුදු දුව....." විවර වු ගේට්ටු පියන් අතරින් නැන්දිගේ ආදරණිය සිනහව මතුවිය වන්දනාට හැඩිනි, උදේ පටන්ම දෝර ගලන්නට අර අදිමින් උන් කදුලු කැට වලට ඉඩදි ඇයි චාරුණී නැන්දාගේ උරහිසට වාරු වූවාය
" අනේ පුතේ ඇයි මේ.... ඔය තනියමද ආවේ...මම හිතුවා අම්මා එයාපෝට් යන ගමන් ඔයාව මෙහෙට ඇරලවයි කියලා.... ඇයි මට කෝල් එකක්වත් නොදුන්නේ.... මම පොඩි අයියව හරි එවනවනේ...." චාරුණි කෙල්ල ගේ හිස පිරිමදිමින් කීවාය.


"කෝ ඉතින් යමු ගේ ඇතුලට දැන් ඇති නේද පුතේ ඔය ඇඩුවා....මාස හතරක් එක දිගට අඩනවනේ...ඔහොම තමයි ජීවිතේ තාත්ති ඉන්න තැනක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති. " චාරුණි සැනසිලි වදන් කීයමින් වන්දනාව නිවස තුලට කැදවාගෙන ගියාය. නිවසේ උදව්වට උන් මාලිකා පැම්ණ වන්දනා ගේ ගමන් මළු ‍ඔසවාගත් බාවින් වන්දනා චාරැණිගේ වතට බරවීගෙනට නිවස තුලට ගියාය.


"වාඩි වෙන්න දූ... මම ඔයාට බොන්න මොනව හරි හදාගෙන එන්නම්..........තවම උදේට මුකුත් කාලත් නැතිව ඇති නේද....." වන්දනාව විසිත්ත කාමරයේ අසුන් ගැන්වූ චාරුණි මුළුතැන් ගෙය දෙසට ගියේ එසේ කියමිනි.

වන්දනා නැවතිල්ලේ ගලාගිය කදුලු පිස දමම්න් විසිත්ත කාමරය පුරා නෙත්  ගෙන ගියාය. උඩු මහලේ බරාදියට බරවීගෙන තමා දෙසම බලා සිටි රන්දනා ඇය කදුලු අතරින් රන්දනා හා සිනාසුනාය. නමුත් සැනෙතින් නෙත් මගහල රන්දනා වේගයෙන් පඩිපෙල බැස විත් විසිත්ත කාමරය හරහා මුළුතැන් ගෙය දෙසට ඇවිද ගියාය.
රන්දනා එහි  යනවිට චාරුණී වන්දනා‍ වෙනුවෙන් සිසිල් බීමක් පිළියෙල කරමින් උන්නාය, 


"කාටද ඔයා..... අර.. ගොඩේ කෙල්ලටද....."මේසය මතවු දොඩම් ගෙඩියක් ලෙලි ගසමින් වන්දනා අවක්ඥා සහගත ලෙස ඇසුවාය.


"ගොඩේ කෙල්ල......??? අනේ රන්දු... පව් ඒ කෙල්ල... ඇයි ඔයාට මතක නැද්ද පුංච් කාලේ සුදු නංගි ගාගෙන ඔයා එයාගේ පස්සෙමයි දැන් ඔයා ඔයාට ගොඩේ කෙල්ලක් උනාද.... ඔයත් ඒ ගොඩේ ඉදන් තමයි මෙහාට ආවේ...." චාරුණී රන්දනා දෙස නොරිස්සුමෙන් බලා කිවාය 


"විකාර...මේ අම්මේ ඔයා හද්නනේ මේ ගෙදර අනාථ නිවාසයක් කරන්නද... ?? කොහෙවත් යන උන්ව නවත්තගෙන...." රන්දනා තරමක් උස් හඩින් කියද්දී..‍


"රන්...දූ..." යි දත් මිටි කමින් කියා චාරුණි ඇය නිහඩ කලාය. 


"ඔව් රන්දු තමයි මේ  කියන්නේ... අම්මේ....එයා එයා මෙහෙ නතර කරගෙන අපිට නිදහසේ ඉන්න තියෙන එක නැති කරන්න එපා... දවසකට දෙකකට නෙවෙයිනේ...මුළු ජීවිත කාලෙටමනේ එන්නේ.... මොකෝ  දැන් මමා නැති ඒකේ තුෂාරි නැන්දා ආයේ ලංකාවට එන්නේ නැහැ....මෙයා සදහටම අපිට ඇනයක් වෙයි...අනික මහ මූසල කෙල්ලක්නේ....නැත්නම් ඔහොම යන එන මන් නැතුව අනාථ වෙන්නේ නැහැනේ....පේන්නේ නැද්ද හැටි විතරක් මලේ යාළුවෝ හිනාවෙයි සුදු ඇදගෙන දසසිල් අම්මා කෙනෙක් වගේ......" රන්දනා කේන්තියෙන් පිපිරෙමින් වන්දනාගේ පැමිණිම පිළිබද තම විරොදය ප්‍රකාෂ කලාය.  තම දියනියගේ ප්‍රකාෂයන් හමුවේ හිරිවැටී උන් චාරණිගේ දෙනෙත් කදුලින් බරවිය..


"ර..න්..දූ.... ඒ මගේ එකම සහොදරයගේ එකම දරුවා...මට උ‍ඹෙයි ඒ කෙල්ලගෙයි කිසිම වෙනසක් නැහැ....උඹගේ මැරුණු මාමාටත් එහෙමයි...උඹල දෙන්නා උපන්නේ  එකට.. කාලයන් හැදුනේ වැඩුනේ එකා වගේ... අපිට ඉස්සර මේ තරම් ඉතිරුවේ නැහැ... තාත්තා බසිකලේ නැගල ගිහින් බේල් රෙදි විකිනුවේ... හිගා නොකා හිගා කාපු ඒ කාලේ උඹලව ලොකු මහත් කරගන්න අත දුන්නේ ඒ මනුස්සයා....දැන් ඒ දරුවා අසරණ වෙලා ඉන්න වෙලාවේ අහක බලන්න කියලද උඹ මට කියන්නේ......... මේන් වැන්ද දුවේ.... කට ටිකක් පරිස්සම් කරන් ඉදින් ඒ අහිංසක කෙල්ලගේ හිත රිදවන්නේ නැතිව...." දෙඅත් එක්කර රන්දනාදෙසට වදිමින් චාරුණි කියදිදී ඇගේ කම්මුල් කදුලින් තෙත් විය...


" අපෝ.... මට වදින්න ඔනි නැහැ අම්මේ.... ඔයාට අහක බලන්න බැරිනම් බලාගෙනම ඉන්න.... හැබැයි ඔය එක එක කේස් වලට මගේ රූම් එකේනම් ඉඩ දෙන්නේ නැහැ... " රන්දනා දැඩි හඩින් කියා සිටියාය.


" මේ ගෙදර තියෙන්නේ එක කාමරයයිනේ... මම එයාට පහළ කාමරේ ලැස්ති කලා... ඒ ගැන ඔයා වදවෙන්න එපා...... " දැඩි ස්වරයකින් කියූ චාරුණි බිම වීදුරුවත් රුගෙන විස්ත්ත කාමරය දෙසට ගියාය. 


මවත් දියනියත් අතර වු දෙබස වන්දනාට නොඇසුනද රන්දනාගේ වෙනස් හැසිරිමත් නැන්දාගේ කනසුසලු මුහුණත් දුටුවිට වන්දනාට යමක් ‍තේරුම් ගත හැකිවිය.
"ම..ම..මම නැන්දිට ක...රදරයක් උනා..නේ...ද" බීම වීදුරුවේ පිටත බිත්තියේ වු තුෂර බිදු  ඇගිල්ලෙන් මකමින් වන්දනා කීවාය.


"අනේ රත්තරණේ ඇයි එහෙම කියන්නේ, ඔයා මගේනේ......... මට කවදාවත් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ .... මම හරි ආසාවෙන් උන්නේ... ඔයාවත් මෙහෙට ගන්න ... මෙහෙ ඉස්කෝලෙකට යවන්න.. ඒත් ඔයාව තාත්තිගෙන් ඈත් කරන්න මට හිත දුන්නේ නැහැ. ...ඔයාට ලැබුණේ හොද තාත්තා කෙනෙක් ඒ ආදරේ මගෙනුත් ඒ වගේම ඔයාට ලැබෙනවා... මම ඔයාගේ තාත්තගේ නංගීනේ............." වන්දනාගේ හිස පිරි මදිමින් චාරුණි ඉකි බින්දාය. 


අතීතයේ සදුවුබොහෝ දෑ වන්දනා සමග කීමට මේ සුදුසු කාලය වුවත් කිසිදු දිනයක ඒ සිදුවීමි වන්දනා හා නොපවසන්නට චාරුණි තමාටම පොරොන්දු වී උන්බැවින් ඇයි නිහඩ උවාය.....
වන්දනාට චාරුණිගේ උණුසුමේ දැනුනේ දැඩි ආරක්ෂාකාරී හැගීමක් වුවද රන්දනාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඇයට දරාගන්නට නොහැකි  තරම් විය...