ඇය තමයි

Sunday, March 6, 2011


අඩ අදුරු ..
නියොන් එලි අග...
සුන්දර සලුපිලි...
දිදුලනවා සද එලියටත් ...
පැරදුම් නොවන සේ...

දිදුලන සලුපිලි තුල..
කුණු වි දිරා හැලෙන...
කිලිටු ඇටසැකිල්ල...
නොහැඩුවත් කාසියට..
හඩනවා ආත්මය ...
සල්ලියට යට නොවුන..

මහලු වි ගිය..
දෙමාපිය දෙදෙන.
තාත්තෙකු නොමැති..
පැටියෙකු බෝවුන..
ඉගෙනුමට සරිලන...
රස්සා නොමැති තැන..
බැස්සේ මහ-පාරට..

ආත්මයේ මොර හඩගැම..
බඩගින්දර තරම් නොදරුණුයි,,
ගිනි රස්නෙකින්...
ඇය පෙලෙන තරමට.....
සල්ලියයි ... හිගමනයි...
එක ට ඇය යා කෙරුණු...
ගණිකාව ඇය තමයි...
ලෝකයා නමකින්..
පට්ට ගැහුව...

13 ප්‍රතිචාර:

  • සීතල අයියා says:
    March 6, 2011 at 9:33 PM

    මෙහෙ මේ දවස්වල වැඩියෙන්ම කථා කරන මාතෘකාවක්.කියලා වැඩක් නෑ.නියමයි.

  • ItalyDilan says:
    March 6, 2011 at 9:51 PM

    ළදුනේ.....ළදුනේ......ඔබේ දෑස දැකගත්තෙමි සැදෑ කලක.... ළදුනේ....
    දෙනෝදහක් අතගත්තද සැමියෙක් නැති ළදුනේ..... ළදුනේ....

    ඔයත් දැන් ටැබූ කවි ලියන්න අරගෙන...

  • pavithra weerapperuma says:
    March 6, 2011 at 10:08 PM

    හ්ම්ම්ම්... කුහුඹුවෙකුට වරදක් නෑති වෑරෑදිකාර ලදුනේ.... ලොල්ය...

  • තාරක Dilsh@n says:
    March 6, 2011 at 10:24 PM

    ළැම පමණක් ලොවට පෙනෙක
    ලය නොපෙනෙන ලඳුනේ...

  • ඉශ්වි says:
    March 6, 2011 at 10:25 PM

    හැඩුවත් ආත්මය..
    කාසියට යට නැති..
    දුප්පත් නැතිකම..
    අසරණ කලා ඇය..
    කාසිය අබියස....
    විකිණුන ශරීරයට...
    නොවිකිණුන ආත්මය..
    පමණයි සරණය...
    අසරණ ඈ හට...

    හ්ම්ම්ම්ම්...

  • Bunny says:
    March 6, 2011 at 11:06 PM

    අපේ ඈයැන්ගේ "බඩු"...

  • මාරයාගේ හෝරාව says:
    March 6, 2011 at 11:06 PM

    *****

  • Observer says:
    March 7, 2011 at 5:34 AM

    නියමය්

  • MaRLaN says:
    March 7, 2011 at 7:59 AM

    මම තාම පොඩී... ඒක හිංදා බැලුවේ නෑ... හම්....

  • පිණිබිඳු... says:
    March 7, 2011 at 10:07 AM

    හ්ම්ම්.. තිත්ත ඇත්ත

  • සංකල්ප says:
    March 7, 2011 at 11:24 AM

    අහිංසක ජීවිත අකාලයේ විනාශ වෙන හැටි...

  • Anonymous says:
    March 7, 2011 at 5:40 PM

    කියලා වැඩක් නෑ.
    නියමයි!
    නියමයි!!

  • Anonymous says:
    March 8, 2011 at 1:57 AM

    ප්‍රතිචාර හැම එකකටම ගොඩාක් ස්තුතියි යාලුවනේ.... :)

Post a Comment