ගියක් කරන්නට නොහැකි වූ කව

Saturday, March 19, 2011

සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්

පින්බ්මේ පිරිත් සඡ්ජායනෙන්
කෝවිලේ සීනු හඩ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමින් එක හඩින්

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්

ලොව සතර අත ඉදන් අත් බැදන්
නුඹ නමින් පෙළ ගැසිමු පියවරින්
නිහඩ ලොව බිද දමා සොයු දමින්
සවන් දෙන්නෙමු නුඹට ඉක්මනින්

සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්



ඉලන්දාරියා වෙනුවෙන් ලියන ලදි...............

3 ප්‍රතිචාර:

  • MaRLaN says:
    March 19, 2011 at 3:15 PM

    ලස්සනයි...
    ඔව් ඉලන්දාරි අයියව ඉක්මනට හොද කරගමු

  • සංකල්ප says:
    March 19, 2011 at 6:35 PM

    ඉලංදාරියාව ඉක්මනට සුව කර ගන්න කට්ටියම එකතු වෙමු.

  • Anonymous says:
    March 20, 2011 at 1:24 AM

    සවි ගෙනෙමු සවනට ඉක්මනින්
    නුඹ තනිව නැත අපි ළග ඉතින්

    හරිම ලස්සනයි අක්කියා.. ඉලන්දාරි අයියාට ඉක්මන් සුව

Post a Comment