වෙඩි හඩ නො ඇසුනාවේ.............(by රත්ගමයා )

Saturday, March 12, 2011


''පොඩ්ඩි,ගෙට වරෙන් බන්..බලන් ඉදියට තේරුමක් වෙන්නේ නෑ.අද එන පාටකුත් නෑ..''
මැණිකාගේ හඩ පොඩ්ඩිට ඇසුනාදැයි නොදනිමි.පොඩ්ඩි නොසෙල්වී ගුරු පාර බලා උන්නාය
"උඹලගේ අයියා කියන දේ අහන ජාතියේ එකෙක් නෙමේ නේ..ඕක මටයි උඹටයි වඩා අදරේ මේ රටට..පෙට්ටියකින් ආවත් හමුදාව දාලා එන්නේ නෑ"
''මූසල කතා කියන්න එපා අම්මේ."
පොඩ්ඩිගේ හඩ දරුනුය
''පෙරේදා ආමි ජීප් එක ගුරු පාරෙන් එනකොට මම හිතුවේ අපේ ගෙදරට කියලා..පැතුම් කොල්ලත් අහින්සකයා ..පව්ල ගොඩ ගන්න හිටපු එකා..කරනේලිසා අඩනවා දැක්කම වාවාන්නේ නෑ බන්..''
''අනේ අම්මේ..මේ ඉර බැහැගෙන යන වෙලාවේ ඔය කතා නොකිය ගෙට යන්න.මම තව ටිකක් බලලා එන්නම්..''
''දැන් උඹ කීයේ ඉදල ඔතනද පොඩ්ඩියේ..මට දුකයි දෙයියනේ උඹ ගැන.''
'' හ්ම්ම්ම්ම්ම්....යමු යමු ඇතුලට.අම්මා මෙතන ඉදලා මගේ ඔලුවට විකාර දානවා.''
පොඩ්ඩි මවගේ අතින් අල්ලා ගෙට ගොඩ වූවාය..
උලමෙකු කෑගසන හඩ ඇසේ.වැහි බර අහසේ විදුලි ඉරක් ඇදි ක්ෂනයෙන් නොපෙනී යයි.....
ඈත ගුරු පාරෙන් දූවිලි මැදින් ආමි ජීප් රථයක් මතු වුනි...

(මේක මම ලිව්වේ 100 ට දාන්න හිතාගෙන..ඒත් මේකේ වචන 125 ක විතර තියෙනවා කියලා එවලා තිබුනා...මේකේ වචන තව අඩු කරන්න මට තේරෙන්නේ නෑ..ඒක නිසා රත්ගමයා බ්ලොග් එකේ හරි අක්ෂරේ හරි තමා දාන්න ඉතුරු වෙලා තිබුනේ...අන්තිමට හිතුවා මේක රත්ගමයගේ පන්නයේ කතාවක් නෙවෙයි කියලා...ඉතින්.....අක්ෂරේ තමා හොදම තැන )

13 ප්‍රතිචාර:

  • pavithra weerapperuma says:
    March 12, 2011 at 6:28 PM

    :O

  • නිශා says:
    March 12, 2011 at 6:40 PM

    කීදෙනෙක් ඔහොම බලා ඉන්න ඈත්ද?

  • සංකල්ප says:
    March 12, 2011 at 6:48 PM

    රත්ගමයා ලංකාවේ කොහේ ලිපි පල කලත් ඒවා අනිවා කියවන්න එනවා.
    මේකේ ඉතුරු ටිකත් ලිව්වා නම් තමා හොද...

    මලා ආමි ජීප්පුවක් එනවා නේ ? ඒ එන්නේ අර ගෙදරටම ද දන්නේ නෑ....

  • රත්ගමයා says:
    March 12, 2011 at 7:26 PM

    සුළඟිල්ල | pinkie
    මොහොමඩ්

    නිශා
    ආයේ කීදෙනෙක් එන්න ඇද්ද?

    මධුරංග
    මේ කෙටි කතාවක්..මෙච්චරයි...ඉවරයි.....උඩ දාන්න එපා බොලේ මාව

  • MaRLaN says:
    March 12, 2011 at 7:35 PM

    ලස්සනයි බං මේක

  • ප්‍රාර්ථනා says:
    March 12, 2011 at 7:39 PM

    ඔන්න රත්ගමස්... අපේ කට්ටියට යුද්ධයක් තිබුනද..දැන් අපි නිදහස් නේද.. ඒකෙ සනීපෙ කොච්චරද කියලා වත් මතක නැති කාලෙක ඔයාගෙ මේ ලිපිය ලිවුව එක නම් ලොකු දෙයක්..
    ම්ම්... අනේ ඕකෙ කියවෙන අයියා අය එනවාලු.. නේද..?:(

  • Bunny says:
    March 12, 2011 at 7:54 PM

    මං මේක වචන 100 ක් කලා..
    හැකිනම් දාපං onezerozero එකට

    ..............
    පොඩ්ඩි යේ.
    ගෙට වරෙන් බන්.
    බලන් ඉදියට තේරුමක් වෙන්නේ නෑ.
    අද එන පාටකුත් නෑ.

    පොඩ්ඩිගෙ සිත මංමුලා වෙලා.

    උඹලගේ අයියා කියන දේ අහන ජාතියේ එකෙක් නෙමේ.
    ඕක මටයි උඹටයි වඩා ආදරේ මේ රටට.
    පෙට්ටියකින් ආවත් හමුදාව දාලා එන්නේ නෑ

    අනේ අම්මේ මේ..

    පෙරේදා ආමි ජීප් එක එනකොට මම හිතුවේ අපේ ගෙදරට කියලා.
    පැතුම් කොල්ල අහිංසකයා ..
    කරනේලිසාට උන්නෙ ඕකා විතරයි..ඒකා අඩනවා දැක්කම වාවාන්නේ නෑ බන්.

    අම්මේ.. මුසල කතා නොකිය ගෙට යන්න.
    මම බලලා එන්නම්.
    දැන් උඹ කීයේ ඉදල ඔතන පොඩ්ඩියේ.

    යමු ඇතුලට.
    අම්මා මෙතන ඉදලා මගේ ඔලුවට විකාර දානවා.

    ගුරු පාරෙ දූවිලි මැදින් එක වර මතූ වුනේ
    ආමි ජීප් රියක්..

  • මලිත් says:
    March 12, 2011 at 7:55 PM

    නියමයි රත්ගමයෝ .. තව ලියමු

  • හිස් අහස says:
    March 13, 2011 at 12:14 AM

    වෙඩි හඬ ...තාම කන්දෙකේ දෝංකාර දෙනවා .කාමරේ පැලිච්ච බිත්තිත් ඒ බව මතක්කරනවා ..

  • Anonymous says:
    March 13, 2011 at 2:19 AM

    ම්ම්ම්ම්.......

  • චතුවා says:
    March 13, 2011 at 3:43 AM

    කියන්න වදන් නෑ පුතේ.. විචාර දෙන්න දන්නෙ නෑ මේකට...

  • ඉශ්වි says:
    March 13, 2011 at 11:03 PM

    ඉවරද ඉතින්?? හ්ම්ම්ම්ම්...

  • Thishura (Cartoon) says:
    April 5, 2011 at 3:03 PM

    තව කීදෙනෙක් මෙහෙම බලන් ඉන්න ඇත්ද?

Post a Comment