මහත්වරු අස්සේ අප්සට් චරිත...

Thursday, March 31, 2011

මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ටොපික් එකක් තමයි ක්‍රිකට් කියන්නේ..මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා සුද්දා හදුන්වා දීපු ක්‍රිකට් අපේ රටේ ජාතික ක්‍රීඩාවටත් වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ..මේ ලිපියේ මූලික අරමුන තමා මේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රීඩා කරන එක එක රට වල මට පුද්ගලිකව පේන්න බැරි ක්‍රීඩකයන් ගැන සහ සැබැවින්ම මහත්වරු විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගැන පොඩි විස්තරයක් කිරීම.
අපේ අසල්වැසි රට,ඉන්දියාවේ ක්‍රිකට් ගත්තොත් මට පේන්නම බැරි කන්ඩායමක් තමා ඒ..සහිර් ඛාන්,හර්බුජාන්,යුවරාජ් තව කීප දෙනෙක් ඉන්නවා ඔලුව පොඩ්ඩක් වැඩි සහ අතිශයින්ම පඩත්තල..ගොඩක් වෙලාවට ඉන්දියන්කාරයෝ පරදිනවට මම පුද්ගලිකවම කැමති ඒක වෙන්න ඇති...ඒත් දෝණි ,සචින් ශේවාග් සහ නේරා කියන කට්ටිය ක්‍රීඩා කරන විදිහට නම් ඉන්දියා කන්ඩායමට සපෝට් එක නොදී ඉන්න හිතෙන්නේම නැති තරම්..කොයි වෙලෙත් කල්පනාකාරිව ඉන්න අර්ජුනගෙන් පස්සේ කැප්ටන් කූල් කියලා හදුන්වන දෝණි,කවදත් සුපිරි සචින්,ගැහුවොත් නවත්තන්නේ නැති ශේවාග් වගේම හතරක් ගැහුවත් දත් සෙට් එකම පෙන්නලා හිනා වෙන නේරා ඉන්දියානු කන්ඩායමේ මම ආසම ක්‍රීඩකයෝ තමා..අනිති උන් නම්...ඉකේයියා.....
  පකිස්තානේ ගත්තොත් වැඩි හරියක්ම කැමති නැති උන් ඉන්නේ...යූනිස් ඛාන්ට චුට්ටක් කැමති උනාට අනිත් උන්ට නම් එච්චරම කැමැත්තක් නෑ...හැබැයි පොඩි අක්මාල් කොල්ල ක්‍රීඩා කරනවා බලන්න නම් ගොඩක් ආසයි...ඒත් කැමති නෑ හොදේ..
 ඕස්ට්‍රේලියාවේ කැමති එකෙක් වත් නෑ..පොන්ටින් කියන්නේ දෑහැට පේන්න බැරිම එකෙක්..ඔය ටීම් එකේ මට මතක ඇති කාලෙක මහත්මයෙක් විදිහට ඉදියේ ගිල්ක්‍රිස්ට් විතරයි..අවුට් එකක් දෙන්න කලින් ඇත්තටම අවුට් උනා කියලා ඉවත් වෙන ඒ වගේම අලුත් ක්‍රීඩකයන්ට හොදින් සලකන ක්‍රීඩකයෙක් තමා ගිලී..මට මතකයි මාලිංගගේ මුල්ම මැච් එකේදි මාලියට කියවල බෝලෙකට අත්සන අරන් තිබ්බා..
 කවදත් අහිංසක බටහිර ඉන්දීය කොදෙව්වොත් කියන්න තරම් වරදක් නෑ...එන්ගලතේ ගැනත් ටිකක් කියන්නම් ඕනා..මේ ලගදි ඉදලා මම ගොඩක් ආසම කන්ඩායමක් තමා එංගලන්තේ..සුද්දා තමා..ඒත් ගොඩක් විනීතව ක්‍රීඩා කරලා තියෙනවා පහුගිය ටිකේම..මට මතකයි වර්ල්ඩ් කප් මැච් එකකට කලින් මැතිව්ස් දුවන්න ගිහින් බෝල් කරපු කෙනාගේ ඇගේ හැපුන නිසා දැවී ගිය අවස්තාවක්..එදා ස්ට්‍රාවිස් ආයේ මැතිව්ස්ට පිටියට කතා කරලා පහර දෙන්න අවස්තාව දුන්නා..
නවසීලන්තේ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඔක්කොමලා කැමති ක්‍රීඩකයෝ තමා..රොස් ටේලර් වගේම විටෝරි ඉන්නේ ප්‍රියතමයන් ගොඩේ..
දකුනු අප්‍රිකා කණ්ඩායමේ එකක් දෙන්නෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොමලා වගේ හොදයි..මගේ ප්‍රියතම ක්‍රීඩකයා තමා ඒ.බී ඩිවිලියර්ස්..
සිරිලංකාවෙත් ඉතින් කතා කොරන්න දෙයක් නෑ නේ..මහේල නම් ඉදලා හිටලා පොඩ්ඩක් උඩින් යනවා කියලා තමා හැගෙන්නේ...බනින්න නම් එපා එහෙම කිව්වට..මට හිතෙන විදිහ තමා..බහුතරයක් හොදයි..


ලෝක කුසලානේ අවසන් මහා තරගේ තියෙන්නේ මගේ උපන් දිනේ දවසේ..ඔන්න එදාට කප් එක අපි ආයෙම ගෙනාවොත් මට සුබ පතපියව්..සිහින උලෙලදි එකක්වත් පාටි ඉල්ලනවා එහෙම නෙමේ ඕන්..අපි හරි දුප්පත් මිනිස්සු හරිය..

8 ප්‍රතිචාර:

  • ගොඩක් දුරට එකඟයි - යුවරාජ් ආඩම්බර චරිතයක් උනත් හරිබජන්ල සහීර් ලගේ ගොඩට අයිති නැ , මොකද අනික් පිලේ ක්‍රීඩකයින්ට කුණුහරුප කියනව වගේ දේවල යුවරාජ් කරන්නෙ නැ . ඒ වගේම ගහනකොට බලන්න ලස්සන විදිහට සෙල්ලම් කරනව . අනේ මහේලය අහිංසකයි බන්.. ඔතන ඉන්න ප්ඩත්තරයින්ගෙ ගොඩට දාන්න එපා

  • pavithra weerapperuma says:
    March 31, 2011 at 10:07 PM

    මමනම් ඉලන්නෙ නෑ පර්ටි.. උබ මට අද දුන්නු පාර්ටිය හොදටම ඇති.. ලොල්ය.. මගේනම් හිස කකියනව බන් මේ ක්‍රිකට් ගැන පෝස්ට් ම කියවල..

  • Nadeeka Welenawewa says:
    March 31, 2011 at 10:16 PM

    අපි කාගෙත් පෑතුම ලංකාවට කප් එක ගන්න ලෑබේවා කියන එක.

  • හිස් අහස says:
    March 31, 2011 at 11:24 PM

    ලංකාව කප් එක ගෙනාවොත් . එදාට මම ........ හරි මමත් කප් රෙඩි කරගෙන බොට්ල් රෙඩි කරගෙන ඉන්නේ . ලංකාව දින්නොත් ගසනවා නැති වෙන්න . පැරදුනොත් ගසනවා කුනු වෙන්න ! . රත් ගමයා නම් මාරම වාසනාවන්තයි ලංකාව දිනොත් ඒක අමතක නොවෙන සිහිවටනයක් වේවි . ලැබුන සුපිරිම උපන්දින තෑග්ග වේවි .!

  • This comment has been removed by the author.
    jhothishalanka says:
    March 31, 2011 at 11:57 PM

    This comment has been removed by the author.

  • සංකල්ප says:
    April 1, 2011 at 8:33 AM

    ආන් සදරු මල්ලි දත කට මැදගෙන ඉන්නේ බොන්න.
    කොහොමහරි ලංකාවට කුසලානේ ගෙනාවොත් එදා අපි කාටත් සතුටු වෙන්න පුලුවන් !!!!

  • theekshana says:
    April 1, 2011 at 8:53 AM

    මාර වැඩේනෙ බන් මමත් අකමැති ඔඋන්ටම තමා ලන්කාවෙ ටීම් 1එ අර උබ කියපු එකානම් මට ඉස්සර ඉදලම පේන්ට බැ අනිත් උන් ඩෙන්න තම චාමර ඩබල.අනික පකිස්තනේ උන්. මමනම් උන්ට කැමති ලන්කාවෙ තම්බියො ටික එදා (SL vs PK match 1) ලන්කවෙ කොඩිය පාගපු දවසෙ ඉදන්නම් මට උන් පේන්ට බෑ.අනික් එවා ඔක්කොටම මම උබත් එක්ක එකගයි. මම අද තමා ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවෙ බන් උබ මේක මරුවට ලියල තියනවා.

  • Buddhika Krishanha says:
    April 3, 2011 at 9:25 PM

    ඇයි බන් නවසීලන්තෙ මැකලම් පොඩි එකා..

Post a Comment