ගලපනා මා පද..

Tuesday, March 22, 2011


දිගු නෙතු බරකර...
දෙ ඇස් අගින් ඇය බලන..
හිතුවක්කාර නෙත් දැහැන..
තපස් හිතක් වුවද ..
බිදලනවා මනරම් ඇ දෙනයන ...

පා තබන හින්සර පියවර..
කුහුඹුවෙකුටද නො ඇසෙන..
ඇසෙනවා පා සලඹ ලෙලදෙන...
නාදය වුවද මා පිනවන..

ගලපනා මා පද..
ගැහැනියකට උපමනා..
නොහැකි වේ දිනුමට..
ගැහැනියයි රු සිරි දෙනා
..

12 ප්‍රතිචාර:

  • This comment has been removed by the author.
    MaRLaN says:
    March 22, 2011 at 3:00 AM

    This comment has been removed by the author.

  • MaRLaN says:
    March 22, 2011 at 3:09 AM

    කියන්නට වචන නැත... එළමායි....

    තපසෙකු නොවෙමි
    ඉතින්, ඉවසන්නේ කෙසේද?
    ඔය ලස්සන දෙනෙතින්
    මා වෙත හෙලන බැළ්ුම්

    හිත හිරි වට්ටන
    දෙසවන පිනවන
    වීන වැයුමක් මනසේ අන්දන
    නුඹේ ඔය කටහඩ
    මා,
    වශී කරයි...
    දෙඇස් පිනවන
    නුඹෙ ලැසි ගමන
    පිනවයි සිතම
    නොසිතූ ලෙසම...

    සම කෙරුමට
    නුඹේ රූ සිරි
    කිසිවක් නැත මට උපහැරනක් ලෙස
    ඉතින් නුඹ නුඹම පමනකි
    මගේ සිත හිරිවට්ටන

  • සෝරෝ says:
    March 22, 2011 at 7:36 AM

    පා තබන හින්සර පියවර..
    කුහුඹුවෙකුටද නො ඇසෙන..

    හපොයි... ආයෙත් මෙහෙම කෙනෙක් දැක්කොත් වහාම මම අමතන්න..... :D

  • සීතල අයියා says:
    March 22, 2011 at 9:36 AM

    නියමයි.මේ පාර track එක වෙනස් කරලා වගේ.තව මේ විදියෙ ඒවා ලියමු.
    පොඩි ප්‍රශ්නයක්.ගෑණු විතරද ලස්සන?ඇයි අපි කලුද?

  • pavithra weerapperuma says:
    March 22, 2011 at 9:43 AM

    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවෙහි මා
    සම වැදී හුන් දැහැන බිදුනා

    :D :D මම නෙවේ ඕන් ලිවුවේ.. හිච්චි කොපියක්.. ලොල්ය.. අමරදේව අන්කල් කියන 1ක් නොවැ.. :P

  • මාරයාගේ හෝරාව says:
    March 22, 2011 at 10:24 AM

    සිහින් සිනිදු පාද තබා..
    හීන් සැරේ ඇ‍‍ඳෙන ලදේ..
    යාන්තමින් නෙත් විහිදා..
    මුව හසරල් හෙලන ලඳේ..
    කොළ බැළුම් දසත හෙලා..
    හිත් මායම් කරන නගේ..
    එක් දිනකදි නුඹේ සිතත්..
    ආතුර වෙයි සැකක් නැතේ..

  • Bunny says:
    March 22, 2011 at 11:36 AM

    The connection has timed out

  • Prabhath says:
    March 22, 2011 at 12:46 PM

    බනියට මොකක් හරි වෙලා....

  • චතුවා says:
    March 22, 2011 at 4:53 PM

    This post has been removed by the author.

  • සංකල්ප says:
    March 22, 2011 at 6:09 PM

    මොකේ මේ කට්ටියට ම වෙලා තියෙන්නේ. !!!!
    ලස්සනයි නිම්ෂා නගා මේ කවි පද ටික

  • Anonymous says:
    March 23, 2011 at 2:48 AM

    @marlan: : තැන්කු මාලන් අයියා... ඔයාගේ පිලිතුරු කවියත් ලස්සනයි..

    @සෝරෝ : ආහ් එ මොකටද..

    @සීතල අයියා : ආයි...ආයි.යා...නැ..නැ මම එහෙම කිවේ නැ.. කවුද කලුයි කිවෙ...කලු නැ..දැකුම්කළුයි..

    @සුලැගිල්ල: හෙහ්....හාකෝ...

    @මාරයාගේ හෝරාව : අලේ...එක ගති... :)

    @bunny: මොකක්... බනියාට මොනා වෙලාද..

    @prabhath: මමත් මේ එක තමයි බැලුවේ..

    @මධුරංග : අක්ශරේට මොනා උනාද මන්දා අයියා.. :( තැන්කු මොනා උනත් කොමෙන්ටුවට...

  • මාරයාගේ හෝරාව says:
    March 23, 2011 at 7:11 AM

    අඩේ..දැන්නේ දැක්කේ..අරකේ වචනයක් අප්සාට් ගෙහුන් නෙව.
    "කොළ" නෙවෙයි.."කෝල" "කෝල"..හරිද..?

    "කොළ" නහී
    "කෝල" බා..බා..‍"කෝල"

Post a Comment