පුදසුන අභියස...

Friday, March 25, 2011



සමිදු පුදසුන අභියස...
රුවැති යුවතියක්..
දිලෙන දිගු නෙතු..
දැල්වු පහන් සේ..
මුහුණ පින්බර...
පිදු මලක් සේ..
දැවටූ සුසුදු සලුවක්..
දෙව් දුවක සිරි සේ..
නගයි පියවර...
ආසිරි වැසි මැද..

සිටියි කුමරෙකු මග අයා නෙතු..
මලක් පැලදු හදවත අද්දර..
පිරිසිදුයි ඒ සුහද හදවතත්..
පැලදු සුදුවූ මල් කිණිති සේ...

පියවර පටලන සීනු හඩ මැද..
සමවදින්නට ආදර දැහැනේ..
දිවි ඇති තෙක් නොබිදෙනා පැතුමක..
සටහන් තබනට දෙවිදු අභියසේ...

එක් කල අතැගිලි..
සිත එක පැතුමකි..
දිවි ගෙවන්නට සැප දුක එක සේ..
එකම වහල යට සැමදා මෙලෙසේ...

11 ප්‍රතිචාර:

  • සීතල අයියා says:
    March 25, 2011 at 5:23 PM

    යේහ්....මමනම් ෆට්ට ලයික්... :D :D :D

  • සෝරෝ says:
    March 25, 2011 at 5:27 PM

    ලස්සනයි...

  • නෙරංජි සුලක්ඛනා says:
    March 25, 2011 at 5:28 PM

    ලස්සනයි අනේ....හරීම ලස්සනයි. :)

  • ඉශ්වි says:
    March 25, 2011 at 6:02 PM

    @සීතල අයියා -ලයික් නම් හොදා... හැබැයි මේක පිලිතුරු කවියක් නම් නෙමේ ඕං ... :P

    @සෝරෝ - ගොඩාක් ස්තූති... :)

    @නීනු නෙරංජි -අනේ ශෝක්... ගොඩාක් ස්තූති අක්කේ... :)

  • Unknown says:
    March 25, 2011 at 8:35 PM

    හරිම කැතයි.... ;)

  • චතුවා says:
    March 25, 2011 at 8:38 PM

    මෙන්න අරයට උත්තර දීලෝ......... හා හා.... එල එල ඉශ්වි...... ♥ ♥ :))

  • Anonymous says:
    March 26, 2011 at 2:46 AM

    ලස්සනයි... :) ( කිව්වත් වගේ අපේ සීතල අයියාට උත්තරක්ද මන්දා.. :p )

  • සීතල අයියා says:
    March 26, 2011 at 8:23 AM

    @ පොඩ්ඩා-මේ එන්න එපා හරි කැතයි කියන්න.මම හරි වසයි හලි
    @ ළමයා, නිම්ශා-ආයෙත් අහලා

  • පන්සල් හංදිය says:
    March 26, 2011 at 10:58 AM

    එල එල...........

  • Prabhath says:
    March 26, 2011 at 1:01 PM

    හිකිස්...සීතලේ මං නොදන්නවෑ උඹෙ වස...
    හා හා එව්වයිං කාරි නෑ දාං දීපං ගොඩපාටිය... 
    නිම්ෂෝ, ඉස්සිගෙං ඉතාලියෙදි පාටිය ගන්න... අපි සීතලයගෙං ගමු

  • ඉශ්වි says:
    March 28, 2011 at 5:04 PM

    මේ මේ පොඩි ඇස් ගහන් එන්න එපා හරි :P

    අනේ මේ මගෙන් මොකුත් අහ ගන්න එපා නිම්ශෝ...

    @කල්හාර දිසානායක - තැන්කූ අනේ.. :D

Post a Comment