සොඳුරිය මා පොරොන්දු වෙමි

Monday, March 14, 2011







ඔබ හඳනම්
මම එහි සදු මඩල වෙන්නම්
ඔබ හිරුනම්
මම එහි රැස් වලල්ල වෙන්නම්
දුකේදි ඔබ ලගින්ම් ඉන්නම්
ඔව් සොඳුරිය මං ඔබ ලගින්ම ඉන්නම්

මට තවම මතකයි
මා ඔබ දුටු මුල් දිනයේ
මගෙ හද ඔබ සතු වූවා
ආඩම්බර නුඹෙ සිත
මා සතු වෙන දින
එන්නේ කවදාදැයි සිතමින් උන්නා

ඔබ ආඩම්බරකම් පා
මා මග හැරියා
එනමුත් මගෙ සිත තව දැඩි වූවා
කවදා හෝ ඔබෙ සිත
මා සතුවේයැයි සිතමින් කල් ගෙව්වා
ඔව් සොඳුරිය මා සිතමින් කල් ගෙව්වා

එම සොඳුරු සිහිනය
අද එලි වෙනවා
මෙය ඇත්තක්ද නැතිනම් මායාවක්ද
ඔව් මෙය ඇත්තක්
ඔබ ඔබේ පියා සමග අල්තාරය දිගේ ඇදී එනවා
මට දැන් පේනවා

මා ඔබගේ සුකුමල අත ගෙන
අද මා පොරොන්දුවක් වෙමි
දුකේදිත් සතුටෙදිත්
එකසේ එකට හිද
ඔබට රැකවරණය දෙමි
මීට අයේෂ් ප්‍රනාන්දු

ප.ලි- මම අද ලිව්වේ මට පුරුදු නැති ආරෙකට.මම පොඩඩක් L.P. ගෙ style එක බලලා ලිව්වෙ.මට එක්කෙනෙක් කිව්වා නිසදැස් ලියන්න කියලා.මම ඉතිං නිසදැස් ගැන දන්නෙ නැති නිසයි බැලුවෙ.අනේ මංදා හොදද දන්නෙ නෑ.ලියන්නකො හිතෙන දේ

10 ප්‍රතිචාර:

  • Bunny says:
    March 14, 2011 at 6:33 AM

    මේ තරහා ගන්න එපා බං.. මේක එළ :D
    පොඩි කෙශ් එකක්..
    මේක නිසදැසක්ද ? කවියක්ද?
    දෙකේම සම්මිශ්‍රරණයක් වගේ..
    මේ අලුත් වර්ශන් එකට නමක්දෙතැහැකි, "කවිනිසදැස්" කියලා :D

    කෝම උනත් විවාහයේ - පැත්තම ලිව්ව එකා අද + පැත්ත ලියලා.. හොදා හොදා :D

  • සංකල්ප says:
    March 14, 2011 at 9:00 AM

    මේකේ කිසිම අඩුපාඩුවක් මටනම් පෙනුනේ නෑ. ලස්සන කවි පද ටික.
    ආදරය කියන්නේ ඕකට වෙන්න ඇති දුකේදියි සැපේදියි දෙන්නා සතුටින් එකට ජීවත් වෙන එක.

  • pavithra weerapperuma says:
    March 14, 2011 at 10:52 AM

    ලොල්ය.. මොන ගෑනුද බොල.. මෙන්න මෙහාට වෙලා හිටු... :P

  • රත්ගමයා says:
    March 14, 2011 at 11:17 AM

    උඹ නිසදැස් ලියන්නේ සීතල වේලාවකද අව්ව වෙලාවකද?
    කෙල්ලෝ දෙන්නගේ නම් දාල අනුකම්පාව ගන්න බලන්නේ මු...
    මම නොදන්න සීතලයා

  • ප්‍රාර්ථනා says:
    March 14, 2011 at 12:12 PM

    ලස්සනයි..

  • චතුවා says:
    March 14, 2011 at 2:39 PM

    මේ සීතල අයියා බැන්දලාද? මලා..!

    ඉරු.. මේකේ කෙල්ලන්ගේ නම් දෙකක් නෙවෙයි තුනක් තියෙනවා.. හොඳට බලාපංකෝ..

    ආ.. සී.. පට්ටයි හොදේ... :)

  • සීතල අයියා says:
    March 14, 2011 at 3:55 PM

    @ හාවා-අනේ මංදා බං.හිතුන එක ලිව්වා.L.P. ගෙ ඒවා වලිනුත් පොඩ්ඩක් ඉගෙන ගත්තා.උඹ ගිය පාර කියලා තිබ්බනෙ මම දුක හිතෙන ඒවමයි කියන්නෙ කියලා.මම පොරොන්දු උනානෙ සතුටු හිතෙන එකක් ලියනවයි කියලා.ඔන්න මම ලිව්වා

    @ මධුරංග- එහෙම වෙනවනම් හොදයි තමයි

    @සුළඟිල්ල- මොකක්ද මේ ගෑණු හුටපටේ?

    @රත්ගමයා- ඒ මොකක්ද බොල ඒ හරුපෙ?

    @ප්‍රාර්ථනා - තැන්කූ වේවා

    @චතුවා (ළමයා)- කොහෙද බොල ගෑණුන්ගෙ නම් මෙතන.මම නම් තාම බැන්දෙ නෑ.එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නෑ

    @ හැමෝම- කට්ටියටම බොහොම ස්තූතුයි

  • Anonymous says:
    March 14, 2011 at 5:56 PM

    හරිම ලස්සනයි සිතල අයියේ.. ලස්සනට ලියලා තියෙනවා නිසිදැස් එක... ඔය විදියටම දිගටම ලියන්නකෝ..

    ප:ලි : ෆොටො එක කොහොමද... එක ලස්සනයි... :)

  • සීතල අයියා says:
    March 14, 2011 at 10:09 PM

    @ නිම්ශා-තැන්කූ වේවා.pic එක නියමයි.

  • පන්සල් හංදිය says:
    March 15, 2011 at 10:00 PM

    නරකයි කියලා හිතන්න එපා ඇත්තටම හොඳයි..........

Post a Comment