පොදු වැසිකිලියක් ඉකි බිදියි...(by රත්ගමයා)

Monday, March 7, 2011


වීදියේ අදුරු මුල්ලක..
බස් නැවතුමේ මැදට වන්නට....
නහය හකුලවන පල් ගදින්....
වැටහේවි මා සිටිනා බව.....

කවි ලියයි මහතුන්.....
මල් ගැන ආදරය ගැන....
අනේ නෑ කිසිවෙකුත්....
ලියන්නට වැසිකිලිය ගැන........

හිනා වෙයි පෝස්ට‍ර්....
මාගේ මුහුන පුරාම....
ගදක් නොදැනේ මුන්ට....
ඡන්දේ උනුසුම් ඒ තරමට.......

බලන්නට ලැජ්ජාය.......
රුපියල් දහයකට විස්සකට....
විකිනෙනවාලු.....
අපේ මිනිසුන්ගේ....
මුත්‍රා බර......
                        

24 ප්‍රතිචාර:

  • Observer says:
    March 7, 2011 at 4:26 PM

    කියල වැඩක් නැහැ රත්ගමයෝ, චු බර හතක් = පොල් ගෙඩියය් කියල උඹ කිව්ව එකට අපේ ගෑනි තවම හිනාවෙනව. ඒ වුනාට හිනාවෙන්න නෙමෙය් ඇත්තටම අඬන්නය් ඕනෙ කියල අපි දෙන්නම දන්නව.

  • සීතල අයියා says:
    March 7, 2011 at 4:27 PM

    ඒ උඹ කවදද බං වැසිකිලියක් වුනේ?

  • රත්ගමයා says:
    March 7, 2011 at 4:36 PM

    Observer
    අම්මෝ......ඒ කොමෙන්ට් එක නම් මට මාර හැපි....ලියපු එකේ ඔක්කොම සතුට දැන් තමා දැනූනේ.....:))
    පොල් ගන්න ගිහින් අඩන්න...:))

    සීතල අයියා
    උඹට කතා කොරන්න කට ඇරපු දවසේ ඉදලා

  • pavithra weerapperuma says:
    March 7, 2011 at 5:34 PM

    හික් ය. නියමය. ඒත් වෑසිකිලියට වඩා දුක් විදින් දෙවල් මේලෝකෙ තියෙනවනෙ මචන්... කොහොම උනත් මේක නම් ලොල්ය. ලොලේ ලොල්ය.

  • Anonymous says:
    March 7, 2011 at 5:37 PM

    ela ne

  • Bunny says:
    March 7, 2011 at 5:56 PM

    ඉටිස් අ "හුරිජ්ජා" පොයම් :P

  • මාරයාගේ හෝරාව says:
    March 7, 2011 at 5:57 PM

    අන්න ගැලපෙන මාතෘකාවක් හොයාගෙන කොළුවා...
    කාලද ඉන්නේ සුදු පුතේ..?

  • Anonymous says:
    March 7, 2011 at 6:02 PM

    එල රත්ගමයෝ...මරු අයියේ.. ඇත්ත ඇති සැටියෙන්.. ..

  • ඉශ්වි says:
    March 7, 2011 at 6:15 PM

    එල එල.... මුවහහ්හා.... :))

  • රත්ගමයා says:
    March 7, 2011 at 6:24 PM

    සුළඟිල්ල | pinkie
    අන්න උඹ ගැබුරින් හිතලා තියෙනවා කකුස්සිය ගැන..මීට පස්සේ වැදලා වාඩිවෙයන් කොමඩ් එකේ

    Anonymous
    මේකද නැති නම් සල්ලි වලට මුත්‍රා කොරන එකද?

    Bunny
    යා යා....හුරිජ්ජා නිල ගීතය

    මාරයාගේ හෝරාව
    මාරේ අයියාට ගැපෙන ටොපික් එකලු...ඔව් ඔව් මම කෑවා සුදු අයියේ

    නිම්ශා
    මේ ඉතාලියේ කීයක් ගන්නවයි මේවට??

    ඉශ්වි
    ඉකේයියා.......

  • සංකල්ප says:
    March 7, 2011 at 6:42 PM

    ඉකේ යි යා බං රත්ගමයෝ මොනාද මේ ලියන කවි. කවද්ද යකඩෝ උබ ලැට් එකක් උනේ. ඒ උනාට එල කවි සෙට් එක බං. නුවරත් තිබ්බා ඔය කියන වගේ පොඩු වැසිකිලියක් ලගට යන්න බෑ ගදට....

  • මුදියන්සේ says:
    March 7, 2011 at 7:04 PM

    මරු රත්ගමයෝ

  • dinesh says:
    March 7, 2011 at 7:10 PM

    යකෝ හුජ්ජ කරන්න රුපියල් සල්ලි ගන්න එකම රට ලංකාවද කොහෙද බං.

  • Rajitha Abeysinghe says:
    March 7, 2011 at 7:36 PM

    කලුතර අපි නම් ඒ අතින් වාසනාවන්තයි.
    "සිරිපා වැද එන කලුගo දිය කද සයුරට යා වෙන මෝය ඉමේ
    සමවත් සුවයෙන් හිමි වැඩ සිටිනා කලුතර මහ බෝ සමිදු පෙනේ"

  • Anonymous says:
    March 7, 2011 at 9:11 PM

    dinesh on March 7, 2011 7:10 PM said...

    යකෝ හුජ්ජ කරන්න රුපියල් සල්ලි ගන්න එකම රට ලංකාවද කොහෙද බං.


    ඔන්න ඉතින් අපේ එවුන්ගේ දැනුම!!!

  • This comment has been removed by the author.
    jhothishalanka says:
    March 7, 2011 at 10:44 PM

    This comment has been removed by the author.

  • jhothishalanka says:
    March 7, 2011 at 10:45 PM

    ආ සොරි.. පින්තුරෙකුත් දාලා නේද?

  • Unknown says:
    March 7, 2011 at 11:57 PM

    අපිනම් කියන්නේ කක්කුස්සිය ..! මම කෑම කන අතරේ තමයි මේක දැක්කේ . මාර සුන්දර කවි පන්තිය .

    ඇත්තටයි මචං උඹ අමුතු විදිහට හිතන එකෙක් ..

  • Prabhath says:
    March 8, 2011 at 1:01 AM

    රත්ගමයට යේ වැසිකිලි කවි පෙළට ඕං මගෙ මනාප තුනම

  • ItalyDilan says:
    March 8, 2011 at 2:36 AM

    කොහොමද රත්ගමයගේ අලුත් බිසිනොස් එකට නොමිලේම ඇඩ් දාන විදිහ,,රතෝ මේක දිවයින පුරා විසුරවා හරින බිසිනොස් එකක්ද?

  • dinesh says:
    March 8, 2011 at 4:10 AM

    රුපියල් type උනේ වැරදීමකින්.

  • ``` Outsider``` says:
    March 8, 2011 at 8:45 AM

    බලාගෙන ගියාම රටම වැසිකිළියක් වගේ.

    නියමයි කොල්ලො අදහස..

  • Kusal says:
    March 8, 2011 at 2:39 PM

    යකෝ සිරා බන් උබනන්

    මේක ඇවිල්ල බන් හැමදේම විකිණෙන ලෝකෙනෙ :D

  • piyal says:
    March 21, 2011 at 9:32 AM

    atta atta chu karanna salli ganna ekama rata ape lankawa tamai

Post a Comment