විවාහයේ දුක් ගැනවිල්ල

Saturday, March 5, 2011

විවායේ දුක් ගැවිල්



ලස්සන වුවත් රෝස මල
එහි අග තෙක් ඇත කටු ඉඹුල
නෙලා ගන්ට හැකි වුවහොත්
ගෙනදෙයි සිතට නොනිමි සුවය

දුක් කදුලක අවසානය
පෙර නිමිති ගෙනදෙයි ආදරය
සතුරු කඳවුරු බිඳගෙන
බන්ධනයෙන් බැදෙන්නටයි ආසාව

ගතවෙයි කාලය දීග බැඳ
කම්කටොලු එයි පහර පිට පහර දීගෙන
දෙදෙනාට දෙදෙනා බැන බැන
පෑලදොරින් යයි ආදරය දුව දුව

6 ප්‍රතිචාර:

  • Prabhath says:
    March 5, 2011 at 12:12 PM

    ලයික්...

  • සංකල්ප says:
    March 5, 2011 at 12:47 PM

    දුක් ගැනවිල්ලක් උනත් ලස්සනට ලියලා තියෙනවා. ලස්සනයි !!!!

  • නිශා says:
    March 5, 2011 at 12:56 PM

    කොයිදේත් ඔහොමයි පහුපහු වෙනකොට කොහු කොහු වෙනවා.

  • Bunny says:
    March 5, 2011 at 7:54 PM

    මොකො බං උබ විවාහයේ දුකම ලියන්නෙ ? සපත්තුවක් කැවද ? :P
    සතුටු පැත්තත් ලියහං ඩිංගක්..

  • Anonymous says:
    March 6, 2011 at 2:15 AM

    තේරුම් ගත හැකිනම්...
    ආදරයෙහි අරුත දනි නම්..
    සබද හැකිවේයි ...
    බැදිමෙන් සිටින්නට...
    කිරි-පැනි සේ කියන්නන් ලෙස...
    බාධා වුවද නැති නැ කිසිවිට...
    තෙරුම් ගැනිමයි උවමනා හැමවිට..
    ගැලපිම්-නොගැලපිම් ඇති තැන් වුවද...
    හැකි නම් සිටින්නට ඉවසා ආදරයෙන්..
    නොයාවි කිසිවිට..
    ආදරය පැල් දොරින් කිසිකලක..

    සීතල අයියා දැන් ලියනවනේ ඔය හොදට..ඔහොම යන්නකෝ ..ඔය තියෙන්නෙ... තව තව ලියන්න...ලස්සනයි පද ටික..

  • pavithra weerapperuma says:
    March 6, 2011 at 3:07 PM

    ලොල්ය..
    ආදරේ කියන්නෙ ඉතින් ඇඹුල් අඹයක් නොවැ. හිකිz. ආදරයයි විවාහයයි සර්ව සම නොවුනට් යටකී කතාව විවාහෙටත් අදාලයි. දකින්නට කෙල හැලේ.. කන්නගෙ දත් හිරි වැටේ..

Post a Comment