කරුමේද මගේ...

Thursday, March 3, 2011


රට්ටුන්ට කාලකන්නි වෙච්චි
මුණ මගේ...
ගම්මුන්ට මුසල වෙච්චි
මුණ මගේ...
නුඹට පුන් සද සේ පෙනේන්නේ...
කිමද යැයි නොදන්නේමි මම....

දරුවෙකුද නොලැබුවා කරුමේද මගේ..
බේබදු මිනිහත් මිය ගියා එයත් කරුමේද...
නැන්දම්මා හෙන ඉල්ලන්නේ එයත් කරුමේද ...
අකාලයේ වැන්දඹුව වු මම කරුමයක්ද ලොකේටම...

හිගන මගේ ලෝකෙට..
ලං වුන ...
හදන්න හදන හිගන හිත
මගේ ඔබ....
මිය ගිහින් නින්දා අපහාස වලටම...
හැර දමන් මා...
සුදුසු නැ මා හින ලෝකෙට..
නුඹ තනන

දැනෙනවා මටත් ලෝකයාට සේම..
ගැහැනියක් මමත්...
ලේ මස් ඇට නහර දක්වා දිවෙන...
හැගේනවා හැගිම් ලෝකයාට සේම...
වැන්දඹුව වුවත් ලොකේට...
ගැහණියක් මමත් ....

16 ප්‍රතිචාර:

  • ItalyDilan says:
    March 3, 2011 at 2:21 AM

    හිත ගිය තැන මාළිගාව කියනව නේ,ඉඩ දෙන්න හීන ලෝකෙට ඈතුල් වෙන්න...

  • ඉශ්වි says:
    March 3, 2011 at 2:24 AM

    ලෝකයාගේ කටුක කම් වලට ඔබ..
    මූසලියක් සේ පෙනුනත්..
    කාලකන්නියක් සේ පෙනුනත්...
    එසේ නෑ මට...
    ගැහැණියක් ඔබත් අන් ලදුන් සේම...
    ලොව තනා ගත් බැදුම් බිදුනත්..
    ගොඩ නගනු බැරි නෑ යලි ඒ බැදීම්...
    ලොවට වහල් නැති සිතක් හමුවු කල....

    :) :) :) :)

  • Bunny says:
    March 3, 2011 at 6:53 AM

    හුහ්..ඉශ්විට කොලු සිතක් පහල වෙලා ඇහ්... :D

    ....
    ඔහොම තමා නියම කොල්ලො :-D

  • මාරයාගේ හෝරාව says:
    March 3, 2011 at 6:58 AM

    ඉබාගාතේ ඇවිද ආවෙමි..
    යනෙන මගකුඳු හැදින නොම ගති..
    කෙරුනු වරදද අපමණම වෙති..
    අතීතය යළි ගොඩ නගනු බැරි..

    වීදී අතරින් අඳුරු මංපෙත..
    සැරි සරා වන කටු ලැහැබ් තුල..
    කිසිඳු දින නොලැබෙන මිරිඟුදිය..
    සොය සොයා බොහො දුරක් ආවෙමි..

    පාළු ඝණදුරු මගේ දිවියට..
    පහන් සිලකුඳු මෙතෙක් නොදිළුනි..
    නමුත් දිනකදි ඔබව හමු උනි..
    එතැන් සිට ඔබ පුන් සඳක් විණි..

    පුරා සඳ මත අඳුරු ලප ඇති..
    නමුත් එළියේ කිසිත් අඩු නැති..
    අඳුරු ලප දෙස බලා කුමටද..
    නුඹේ එළියෙන් ලොව දකින්නෙමි..

    විෂම ලොව තුල සුසිරිතෙන් පිරි..
    කිසිදු කෙනෙකුන් ඉපදිලා නැති..
    තිබෙන රොඩු බොඩු අතැර දා අපි..
    අපේ ලොවකට පා නගමු නිති..

    ලොවට ඔබ මූසල නමුත්..
    ලොවට මා පාදඩ උවත්..
    අපට අප සිටිනවා නම් ලොව..
    අපේ ලොව හෙට මල් පිපෙනු ඇති..

  • MaRLaN says:
    March 3, 2011 at 7:52 AM

    fRaTtAr......... :)

  • Observer says:
    March 3, 2011 at 8:35 AM

    මුල් පැදි පෙළ වගේම, මාරයගේ පිළිතුරත් ඉස්තරන්.

  • නිශා says:
    March 3, 2011 at 9:00 AM

    නියමෙට ලියනව නංගි ඔයා.මගෙන් සුබ පෑතුම්!!!

  • සෝරෝ says:
    March 3, 2011 at 9:03 AM

    වෙනස් විදියකට හිතවන්න උත්සාහ කරලා...
    ඉස්තරම්...

    ජය වේවා...!!

  • පිණිබිඳු... says:
    March 3, 2011 at 9:08 AM

    වැන්ඳඹුවක් කියන්නෙත් මනුෂ්‍යයෙක්.

  • pavithra weerapperuma says:
    March 3, 2011 at 10:22 AM

    ලොල්ය.. ඔලුවෙන් හිටගෙන ඉන්න මිනිස්සුන්ට කෙලින් හිටන් ඉන්න මිනිස්සුන්ව පේන්නෙ ඔල්ය්වෙන් හිටන් වගෙලු... ගන්න ගන්න එප ඔවා. ඔය මූසල විදියට දකින, කලකන්නි විදියට දකින් හෑමෝමත් ඔලුන්හිටගෙන වෙන්ඩෑ....

  • සංකල්ප says:
    March 3, 2011 at 10:56 AM

    අද කාලේ තනිකඩව ගැහැනියකට ජීවත් වෙන්න මේ සමාජය ඉඩ දෙන්නේ නෑ නංගි !!!!

  • හිස් අහස says:
    March 3, 2011 at 7:27 PM

    ....

  • Anonymous says:
    March 3, 2011 at 7:48 PM

    බය දැනෙයි මට මං ගැන
    මන්ද,
    මමත් ගැහැනියක නිසා...
    සමාජය වෙනස් නොවන නිසා...

    එකග නෑ මම සමාජය දකින මූසල බවට, මන්ද ගැහැනිය මවක විය යුතුම නැත.ජීවිතය විදින්න ගැහැනියටද අයිතියක් ඇත.

  • රත්ගමයා says:
    March 3, 2011 at 9:26 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • Anonymous says:
    March 4, 2011 at 1:26 AM

    @italydilan:හා ඉඩ දෙන්නම්...හිත ගිය හැමතැනම මාළිගා ම වෙන්නේ නැ ... :)

    @ඉශ්වි : තැන්කු ඉශ්වි...එහෙම හැමදාටම හිතන් ආදරේ කරනවා නම් හොදයි නේ මිනිස්සු...

    @pirate bunny: එක නෙන්නම් මමත් මේ බැලුවේ..ඉශ්විට කොලු සිතක්..ඕක එන්නම ඔනේ නැ මේකි කොල්ලෙක් වගේ තමයි වෙලාවකට...

    @මාරයාගෙඋ හෝරාව : මගේ කවි මොනාද අයියේ..මේ තියන්නේ කවි අනර්ඝම...සුපිරියි.. :) ගොඩාක් ස්තුතියි පිලිතුරු කවියට..

    පුරා සඳ මත අඳුරු ලප ඇති..
    නමුත් එළියේ කිසිත් අඩු නැති..
    අඳුරු ලප දෙස බලා කුමටද..
    නුඹේ එළියෙන් ලොව දකින්නෙමි

    මේ කොටසට ආසා හිතුනා හුගාක්..

  • Anonymous says:
    March 4, 2011 at 1:52 AM

    @marlan: හා හාකො..තැන්කු..

    @obsrever: තැන්කු අයියේ...

    @නිශා :ගොඩාක් තැන්කු ඔයාටත්..

    සොරෝ : තැන්කු අයියේ :) වෙනස් විදියටම හිතමු හැමදේම .

    @පිණිබිදු: ඔව් අක්කා වැන්දඹුවත් මනුශ්යයෙක්..නම් දාලා කොන් කරලා ගන්න හදන සතුට ...තමන්ට උනා නම් ..දැනෙයි හිතින් මනුස්සෙක් විදවන තරම්..වැන්දඹුවටම හැමෝටම පොදුයි..

    @සුලැගිල්ල : වෙන්ඩ ඇති ඔලුවෙන් හිටන් ඉන්න උදවියට වෙන්න ඇති ඔවා පෙන්නේ..:)

    @මධුරංග: එකයි වෙනස් වෙන්න ඔනා අයියේ..කොට ගවුම් තහනම් කරලා නෙමේ..මේවායි වෙනස් වෙන්න ඔනා මිනිස්සුන්ගේ හිත් වලින්..

    @හිස් අහස : ඇයි අයියේ ?

    @ඉෂ්: ඔව් මවක් වෙන්න ඔනා ..හැම මනුස්සයයෙක්ටම හිතක් පපුවක් තියෙනවා..හැමොටම වගේ දැනෙනවා..සමාජය වෙනස් වෙන්න ඔනා...

    @රත්ගමයා : මොකෝ රත්ගමයෝ.. ?

Post a Comment