රෝමියෝ - නදීක ගුරුගේ

Thursday, March 17, 2011

වේදිකාවේ අසුනකට බරවී...
දහසක් නෙතු අතරේ... අතරමන් වී...
ආදරේ කියාදෙන්න බෑ... රෝමියෝ...

ශිෂ්ටාචාරේ මානවයා හා...
ශිෂ්ටාචාරේ ගැහැණී... එක්වෙලා...
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා...
වැගිරෙයි දියවී ආදරේ... රෝමියෝ...

දෙතොලෙ ඔබෙ රැදී... දහසක චුම්බන පිසදා...
කොපුලේ... ඇගෙ තැවරුනු දහසක ඛේටය පිසදා..
සිපගනිම් දහසකුත් පලමු නැවුම් චුම්බනයෙන්...
ගොඩගනිම් ආයෙමත් මැද ඉදන් ජීවිතේ... රෝමියෝ...


4 ප්‍රතිචාර:

  • චතුවා says:
    March 17, 2011 at 1:00 AM

    මේක මම ආසාම සිංදු වලින් එකක්.. නදීක ගුරුගේ ගේ සිංදු වලට මම කෝමත් කැමතියි..

  • Prabhath says:
    March 17, 2011 at 8:29 AM

    නදීකගෙන් තවත් සොඳුරු නිර්මාණයක් දැම්ම බාගන්නෝන

  • නදී says:
    March 17, 2011 at 9:45 AM

    නදීක ගුරුගේ මම් ගොඩක් ආස කරන නිර්මාණකරුවෙක්.

  • සංකල්ප says:
    March 17, 2011 at 4:22 PM

    ලස්සන සිංදුවක්

Post a Comment