මට මහන්ශියි..! - tiredness

Monday, March 14, 2011

කවියක් ලියන්න හැදුවා.. උඩ පදේ හොදයි.. යට පදේ දත් නැති වහු පැටියෙක් තණකොල කාලා වගේ...
නිසදැසක් ලියන්න හැදුවා.. අනේ මගේ කට..


ටොපික් එකේ හැටියට නැත්නම් අපි හැමෝම දන්න ඉංගිරිසියෙන් කිවොත් මාතෘකාවේ විදියට මං ඉන්නෙ හම්බානෙක හෙම්බත් වෙලා.. අද තමා ගෙදරට සැපත් උනේ.. මං ගියා නෙවැ.. රට. අපේ ලොක්අක්කලයි ගෙදර පැත්තෙ... එහේ පිරිත් ගෙයක්. ඉතිං ඒ වැඩකටයුතුත් අහවර කොරලා ගෙදර එන්න ආවා..


අහ් කියන්ටම ඔනී.. එහේ තිබ්බානේ දළදා මෝට ක්‍රෝස් කියලා මොකක්ද රෙස් පදින මගුලක්.. මේ කියන්න සතුටුයි මට ඒකට යන්න බැරි උනා :D අපරාදේ සපුමල් කුමාරයාද. නාමල් කුමාරයාද කවුදෝ ආවාලු ඔය රෙස් කාර් එකක් පදින්ට.. අනේ හැබැට අප්පච්චිට කියලා මේ කොල්ලාට රිමොට් කොන්ට්‍රොල් කාර් එකක් ඇරං පදින්ට තිබ්බානේ ගේ වටේ.. අර දළදා වීදි වලම වැලිකොට්ට දාලා රෙස් පැද්දෙ.. කමක් නැ ආයිබෝවන්ඩ.. උන්දැලාගේ රට.. උන්දැලාට ඔනි මගුලක් කොරාම අපිට මොකදැ ?


ඕං  තිං මට කියන්න කියලා කිසිම මගුලක් නම් නැ.. නිකං ඔහේ දොඩවලා යන්ට තමා ආවේ..


මේ කියන්නම් මං අද එන ගමන් වෙච්චි දේවල් ටිකක්..


උදේ පාංදරම, කුකුලත් කරේතියාන 11 ට  විතර ගෙදර බලා පිටත් වෙන්න ආවා..


ඕං ප්‍රථම බිය කරු හිත් මෙව්වා කරන අනතුර වෙලා.. කාර් එකක් කානුවක වැටිලා.. හිහ් හිහ් හිහ්.. ඒ කේ උන්ට අබසරණයි..


2 ක තිරීවීල් එකක් පල්ලමකට ගිහිල්ලා.. එකේ උන්දැලැට නම් මොනා වෙලාද මංදා..


3 තඩීම තඩි උස ලොකු ඩිමෝ බට්ටෙක්ගේ රෝදයක හුලං බැහැලා..


4 කොළම නුවර A-1 පාරේ..දිගම දිග කන්ටෙනර් පටවන සයිස් එකේ අලි ලොරියක් ඉස්සරහා චිරිප්පන් වෙලා ගිහින්.. හැබැයි මොකක හැපිලාද දන්නැ.. ඉස්සරහා රෝදේ හොරු ගලවලාද කොහෙද..ඒක තිබ්බෙ නැ..


5 මෝඩ..මැටි හරක් බුරු වහු ගොන් ත්‍රිවිල් කාරයෙක්.. මංතීරු 4 ක පාරේ ත්‍රීවිල් එක හරහාට දැම්මා.. පිටිපස්සෙන් පියාඹලා ආපු පල්සර් බයික් මල්ලියෙක්.. තිරිවිල් එකේ දිඩිං ගාලා හැප්පිලා.. ආසයි මං පියාබන්න ජවනිකාවක නිරත උනා.. ඉතිං බනී කොලුවාට මෙව්වා හෙනම හෙන ත්‍රාසය ජනක අත්දැකීමක් උනා.. ඇයි හත්තිලව්වේ මෙහෙම ෆිල්ම් පාරේ මැද්දේ පේන කොට.. හෙන සිරියාවියිනේ.. (අනේ මගේ කට..) ඒ කොලුවා ජිවතුන් අතරදැයි මට සිතාගත නොහැක...


ඉතිං මේ සියලුම දේ දැක දැකත් අඩුම වේගය 60 ත් උපරිම 90 වත් අතර ඉතාමත් අඩු වෙගයකිං බනියා ගෙදරට සැපත් උනා.. ඉතිං මට දැන් නම් ඔලුවත් කැක්කුමයි..
සමහරුන්ට ගමන් වෙහෙසට ඔලුවේ කැක්කුම..හැදෙනවාලු.. මටත් හම්බානෙක ඔලුව කැක්කුමයි..


ඇයි 7 දෙයියනේ
තාත්තලා වාහනේ ඉස්සරහාම යන්ටෝනද ?


අනේ සමාවෙන්ටෝන.. ඇඩ්මින් කොලුවාට වස් කවි ලියලත් මදි මුන්දැ මට කල අපරාදෙට.. මේකාඅ අද මාව ඇදලා අරං බල කොලා නෙවැ ලියන්න කියලා.. ඉතිං මෙච්චර දවස් කට්ටි පැනලා.. අද ලියන්ටම උනා :-/


මොනා කරන්නද .. වල් පල් ටිකක් ලියලා දැම්මා..ඔය බොලාලාගේ බැට්රිකැල්ලක් වටින කාලයා කාදැමුවාට බෝම ස්තුතියි... :D


මේ මොකක් හරි විසෙසයක් තියෙනවාද කොහෙද.. මං මෙච්චර කල් මෙකේ පොස්ට් එකක් දාලා නැ :D




සුදු හාවා ....

9 ප්‍රතිචාර:

  • Anonymous says:
    March 14, 2011 at 9:16 PM

    ලිව්ව්ත් ලිව්වා පලවෙනි ලිපියම අනතුරක්.. ( අනේ මගේ කට )

  • චතුවා says:
    March 14, 2011 at 9:17 PM

    කවුද කීවේ හාවෝ අද ලියපං කියලා.. මං කිවුවේ නම් හෙට ලියාපං කියලා...

    කොහොම වුනත් ඕං උඹත් අක්ෂරයට සාදරයෙන් පිළිගන්නවා.. :)

  • pavithra weerapperuma says:
    March 14, 2011 at 10:01 PM

    ලොල්ය. උබ හැප්පිච්ච බයිසිකලේ කෝ...??

  • සීතල අයියා says:
    March 14, 2011 at 10:07 PM

    අපෝ පුදපු ගමං කාපි යකා කිව්වලු.වෙන එකක් තිබ්බෙ නැද්ද බොල මෙහෙම එකක් දැම්මෙ.කොහොමෙන් හරි welcome 2 අක්ෂරය හාවෝ

  • රත්ගමයා says:
    March 14, 2011 at 10:16 PM

    අයි ලවු යූ මයි ලිටිල් බ්‍රදර් (ලමයාට අනුව )
    වෙල්කම්ටු ද කුප්පා පාටි....

  • හිස් අහස says:
    March 14, 2011 at 10:34 PM

    බනියට ජය ...!

  • Bunny says:
    March 15, 2011 at 7:54 AM

    @නිම්ශා.. හික් හික් හික්.. මෙතෙක් කාලයකට මරණය ගැන ලියලා නැති නිසා ලියව්වා :D :D

    @චතුවා (ළමයා) .. හෙනගහපිය උබ කිවේ මේ දැන්ම ලියාපං කියලානේ ? :-S

  • Bunny says:
    March 15, 2011 at 7:57 AM

    @සුළඟිල්ල | pinkie.. මං හැප්පුනා නම් මේක ලියන්ටෝන මගේ හොල්මන.. ඒ වෙන්නත් බැ මොකද ඒකා පාශ්වර්ඩ‍ එක දන්නැ :-E

    @සීතල අයියා.. ආයේ පික්සුවක් ඇතැ.. මං හම්බානෙක නැහිහිලා උන්නෙ මේක ලියද්දී :D

    @රත්ගමයා තැන්කූ සෝමච් මයි ඩියර් කුප්ප බ්‍රදර්.. (ළමයාට අනුව)

    @හිස් අහස.. තැන්කු තැන්කු :D

    @මේක බලලා බැන බැන ගිය උදවියටත් ස්තුතියි :D

  • චේ උන්නැහේ... says:
    March 15, 2011 at 8:38 AM

    වට් අ යූස්ෆුල් කුප්ප පෝස්ට්..... රියලි යූ ආ වෙරි නයිස් (මංචි) බනියෝ........ අක්සරේට වෙල්කම් වේවා........

Post a Comment