මතකද යුගයක..
සටහන් කල අපි..
පියවැල් වෙරලක...
අත්වැල් පැටලුන..
මතකද ඒ දින...
වින්ද දසුන් අපි..
සොදුරු වෙරල ඉම..
තරුණ දෙහදක..
මියුරු මතකයන්..
ගෙවුන පැයවල්..
මේ වෙරල දිග..
මැකුනත් පියවැල්..
නොමකෙන පැතුමන්..
පැතුවා මතකද..
ක්ෂිතිජය සේ දුර..
අදත් එලෙසමයි..
ප්‍රේමය පෙර සෙයි..
ගෙවී ගොස් දින..
මහලු වී අප..
යොමමු නෙත් යුග...
පුරුදු ක්ෂිතිජෙට...
තබමු සටහන්..
පිවිතුරු ප්‍රේමෙක...
නියමයි කිව්වා.නොනිමෙන ආදරය ගැන ලියලා තියෙන්නෙ.මටනම් ඒ මාතෘකාව ගැන හරියටම කියන්න බෑ.කියන්න තියෙන්නෙ අම්මගෙයි තාත්තාගෙයි ආදරය වගේ කියලා තමා
රළ කැටි පාවෙයි
ඉවුර තෙමාලයි
මතකය දිව යයි
ක්ෂිතිජ ඉම තෙක්.
ක්ෂිතිජය නොම වේ
එහි මුලු සයුරයි
සයුරේ ජල කඳ
සේ සිතිවිලි ගලා යයි.
ඔබ සමගින් මා
අතිනත පටලා
එදා ඇවිද ගිය
වෙරළම අදදින
හෝ හඬ මැද්දෙන්
රළ බිඳි හඬා වැටේ
දිවිමග කෙලවර
අපි දෙදෙනා අද
තවමත් ඒ ලෙස
පෙම් බස් දොඩමුද....
සැරයැටියෙන් අපි යනෙන තුරා
සංසාරෙන් අපි එකට ඉමු...
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු.
මම ආසම සිංදුවක් කමෙන්ට් කලා මේ මාතෘකාවට හරි යනම ලස්සනයි මේ විදිහටම ඉස්සරහට යමු
ලස්සනයි. ආදරය කවියක ගොනු කරලා !!!!
patta..niyamai..yantham "love" gena liyala :D:D