තරුවකට ආදරේ... (by හිරු කුමරු )

Monday, April 25, 2011



එක පාලු දිනයක..
මුලු හිතම හිස් වූ මොහොතක.
දෙනෙත් අල්වන ලස්සනම ලස්සන
පුංචි තරුවක්
හිනැහුනා මා එක්ක..
ආලෝක වර්ෂ ගනනක්...
ඈත අහසේ ඉදගෙන..
දුර වැඩියි කුමරියේ
කෙසේ ලංවෙමිද නුඹට..
පොලෝතලයේ ඉදගෙන..
කියා ගත නොහැකි තනිකමින්..
සුසුමක් පිටකරමින්..
තැබුවා පියවරක් ඉදිරියට...
ඉන් පසුව තවත් පියවරක්
එසේ පියවර තුනක්..
................................
පුදුමයක්මය..
නැවතුනේ මම මගේ පුංචි තරු කුමරිය ලග....
හිනාවක් නැගුනා සොදුරුම...
අමතක උනා මට
මම ආලෝකය බව...
සැමදා එලිය කරමි ඔබේ ලෝකය...

11 ප්‍රතිචාර:

  • MaRLaN says:
    April 25, 2011 at 8:47 PM

    ෆට්ටා....

  • පිටස්තරී says:
    April 25, 2011 at 9:01 PM

    ගති ඉරුවෝ...

  • සීතල අයියා says:
    April 25, 2011 at 9:32 PM

    අනේ මාත් ආලෝකය උනා නම් :'(

  • සංකල්ප says:
    April 26, 2011 at 12:07 AM

    ලස්සනයි. හිරු කුමරු ලියපු ලිපියක් කියවපු මුල්ම අවස්තාව.

  • පිණිබිඳු... says:
    April 26, 2011 at 9:11 AM

    ලස්සන කවිය.

  • Rv says:
    April 26, 2011 at 9:47 AM

    හ්ම්ම්ම්ම්ම්ම්ම් ...... ගොඩක් හොඳයි ......
    මටත් පියවර තුනකින් බරිනම් දාහක් හරි තියලා ලගට යන්න පුලුවන්නම් ....... :'(

  • නචියා says:
    April 26, 2011 at 5:00 PM

    හිරු කුමරු = රත් ගමයා.........

  • චතුවා says:
    April 26, 2011 at 10:22 PM

    @නචියාහිරු කුමරු != රත්ගමයා

    හිරු කුමරු කියන්නේ රත්ගමයා නෙවේ. රත්ගමයා ගියාට පස්සේ අක්ෂරයට ගත්තු අලුත් කෙනා..

  • සංකල්ප says:
    April 27, 2011 at 10:51 AM

    @චතුවා (ළමයා) :
    චතුවෝ රත්ගමයා අක්ෂරය දාලා ගියාද ???? අපරාදේ බං. දැන් රත්ගමයා බ්ලොග් එකෙත් නෑ. ඒක ලියන්නෙත් නෑ.

  • Anonymous says:
    April 27, 2011 at 3:56 PM

    හරිම ලස්සනයි.

  • ඉශ්වි says:
    April 27, 2011 at 7:18 PM

    ඇත්තටම ලස්සනයි මේක නම්... :)

Post a Comment