මට දෙන්න අවසර

Sunday, April 17, 2011


පාවී යන අදර සිත
කෙසේනම් සිර කරම්ද නුඹ
සිහිනයක් වුවද ආදරය
මතු දිනෙක එය...
සැබෑවක්ම වනු ඇත

වෙනතක් බලන ඔය නෙතු
මා, ඔබ දෙස බලනා බව...
කෙසේ නම් දැන ගන්නද
ඔබේ හදවතද රවටමින.....

විහි‌ලුවට කළ ආදරය....
සැබෑවක්ම වූ කළ
අද මා එය අයැදින විට...
ඇගෙ හදවත ගොලුවී ඇත

ආදරයට පිටුපා.....
හැර යන්නේ කෙලෙසද නුඹ
ආදරයෙදි ඇතිවන...
පෙම් හැගුම්ද තෙරපාගෙන...

අප දෙදෙනා මායිම් දෙකක...
සිටිනා බච නම් සිත ගොලු වීමට හේතුව
ඔබ දෙන්න මට අවසර
එන්නෙමි මායිම් සුනු විසුනු කරගෙන.....

එම අවසරය ලැබෙනා තෙක්
හිදින්නෙමි මග බල බල...
එය ආත්ම ගණනක් වුවද...
කම් නැත,
මෙයයි ඇත්ත ආදරය.....

24 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    April 17, 2011 at 7:51 PM

    ලස්සනයි.

  • Bunny says:
    April 17, 2011 at 8:34 PM

    එළ.. :-)

  • Anonymous says:
    April 17, 2011 at 9:23 PM

    ලස්සනයි අයියේ..

  • Anonymous says:
    April 18, 2011 at 9:42 AM

    ලස්සනයි අයියේ.. මේවා දැක්කාම මට ඔයාට ආදරේ හිතෙනවා... ඇත්තමයි!

  • ඉශ්වි says:
    April 18, 2011 at 5:49 PM

    ලස්සනයි...

  • චතුවා says:
    April 18, 2011 at 7:19 PM

    @Anonymousඅයියේ?

  • නදී says:
    April 18, 2011 at 7:19 PM

    සීතල කවියෙක් වෙලා.ලස්සනයි!

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:10 PM

    @මධුරංග ගොඩක් ස්තූතියි යාලුවා.

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:13 PM

    @Bunny තැන්කූ මචං

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:14 PM

    @නිම්ශා තැන්කූ වේවා

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:16 PM

    @ඉශ්වි ඇත්තටම ලස්සනනම් ගොඩක් තැන්කූ.

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:17 PM

    @නදී... තැන්කියූ තැන්කියූ

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:17 PM

    @චතුවා (ළමයා) දුකයි බං එයා ගැන.

  • සීතල අයියා says:
    April 18, 2011 at 8:27 PM

    @Anonymousඔයා හරියට post එක කියවලා නෑ වගේ.තේරුම් අරගෙන කියවන්න.
    ඔයාගෙ බලාපොරොත්තුවනම් කවදාවත් වෙන්නෙ නැති වැඩක් හලෝ.සොරි වේවා.
    මොනා උනත් ලස්සනයි කියපු එකට බොහොමත්ම ස්තූතියි.

  • චතුවා says:
    April 18, 2011 at 9:51 PM

    හප්පුච්චියේ.. මමත් දැන්නේ හරියට කියෙවුවේ මේක.. ඇඩෙනවා බං..! මේකනම් බොක්කෙම්ම ලියලා ආහ්..!

  • චේ උන්නැහේ... says:
    April 18, 2011 at 11:25 PM

    (කදුළු පිසිමින්) ඇඩෙනවා බොල.... ඒ උනත් ෆට්ට ඇ.......

  • Bunny says:
    April 19, 2011 at 7:02 AM

    @Anonymous හැක් හික් හුක් හික් :P

  • Prabhath says:
    April 19, 2011 at 2:43 PM

    ආ................ව්. සීතලය දැං කවිකාරයෙක් වෙලා. මේ පහලවෙලාතියෙන්න පෙම් සිතේ රෝග ලක්සන නොවැ. හිහ් හිහ්...ලියල තියෙන කෙනා කියෙව්වද මංද....

    හැබැයි සීතලයො එකම අවුල ඇනොනිමස් කොමෙන්ටුවක් දමාගන්න එක...... හිහ් හිහ්

  • සීතල අයියා says:
    April 19, 2011 at 4:57 PM

    @Prabhath Darshana පිස්සුද බං.මම මේ හොදට ඉන්නෙ.මට ඉහෙන් බහින රෝගයක් නෑ.

    anonymous comments ගැන මම උඹට යෝජනාවක් කලා.ඒක කට්ටියත් එක්ක කතා කරලා තීරණයක් ගනිං.

  • සීතල අයියා says:
    April 19, 2011 at 4:58 PM

    @චේ උන්නැහේ... තැක්කූ තැන්කූ

  • සීතල අයියා says:
    April 19, 2011 at 4:59 PM

    @චතුවා (ළමයා) උඹ නම් මාර යකෙක්නෙ.කියවන්නෙ නැතුවද මෙච්චරකල් comment කලේ?

  • Nimesh Delan says:
    April 23, 2011 at 11:09 AM

    Sirra patta Ah1

  • පිටස්තරී says:
    April 23, 2011 at 7:11 PM

    vihiluwata kala adare
    sebewak u kala
    eya ma ayadina wita
    ege hadawata golu v ata
    mona karanna da aia
    dukai et lassanai

  • සීතල අයියා says:
    April 24, 2011 at 7:29 PM

    @පිටස්තරකාරි
    නගා blog ලියන්න අලුත් කෙනෙක් වගේ.හොදයි හොදයි.සාදරයෙන් පිළිගන්නවා.comment එකට බොහොමත්ම ස්තූතියි.

    @ඩොටී-thank you බං

Post a Comment