අද තමා රත්ගමයා අක්ෂරයට ලියන මුල්ම දවස..මොනවද මුලින්ම ලියන්න ඕන....කිසිම දෙයක් හිතා ගන්න බෑ....ලමයා මාව මේකට එකතු කරගන්න ඇත්තේ රත්ගමයා මොකක් හරි කට කැඩිච්ච කතා ටිකක් ලියයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති...ඒත් අද ඒ බලා පොරොත්තුව කැඩෙනව...මට සමාවෙන්න...
අද දෙසැම්බර් 26..මීට අවුරුදු 6කට කලින් අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා කාටවත් අමතක නැතුව ඇති..සුනාමි කියන දේ කනට පලවෙනිපාරට අහන්න ඇත්තේ එදා වෙන්න ඕන..
මුහුදට අපි ගොඩක් ආදරේ කරා..හැමදාම මුහුදු වෙරලේ සෙල්ලම් කරන එක මගේ ජීවිතේ කොටසක් වෙච්ච කාලයක් තිබුනා.
එදා නත්තල් දවසට පස්සේ දවස..අපි හැමෝම සතුටින් ඉදියේ..ඒත් උදේම වෙනදා නැති විදිහේ අමුතු සද්දයක් මුහුද පැත්තෙන් ඇහුනේ මොකක් හරි වෙන්න යනවා වගේ..රත්ගමයත් එලියට බැස්සේ මේ සද්දේ මොකක්ද බලන්න...
විශ්වාස කරන්නත් බැරි දෙයක්...ලොකු රැලක් මුහුද පැත්තෙන් එනවා..මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා...දුවන්නද...නැවතිලා බලන් ඉන්නද...
හිත හිතා ඉන්න වෙලාවෙදි ඉන වෙනකල් වතුර පිරිල්;ටික වෙලාවකින් පාවෙලා යනවා දැනුනා....ඒත් කකුල් පොලවේ ගහගෙන අමාරුවෙන් හරි ඉන්න පුලුවන්...ඔය වෙලාවෙදි තමා ගහක් හරි මොකක් හරි එකක් අතට අහු උනේ...වතුර පාර බැහැලා යනකල්ම ඒකේ එල්ලිලා ඉන්න පුලුවන් උනා...යන්තම් වතුර අඩු වෙනකල් ඉදලා දුවලා ගියේ ගෙදර අනිත් අයට මොනවා උනාද කියලා බලන්න..දෙවි පිහිටෙන් කාටවත් කරදරයක් වෙලා නෑ...ආයේ ටිකකින් තව රැල්ලක් ආවා...ඒක නම් එනවා ඈත තියාම දැක්ක නිසා දුවන්න පුලුවන් උනා...කොහොම කොහොම හරි දිව්වා,....හති හල හල දිව්වා...අපි දුවනවා හිනා වෙවී බලන් ඉදපු කට්ටියකුත් ඒ අතරේ ඉදියා...එයාල අපිව විහිලුවකට අරන්..මුහුද ගොඩ ගලන්නේ නෑ ලු...එහෙම කී දෙනෙක් මග ඉදලා කිව්වද..
ටිකක් දවල් වෙලා මමයි තාත්තයි ආයේ ආවේ ගෙදර බලන්න....ගේ වටේම තාප්ප බිම වැටිලා..ජනෙල් බිදිලා..දොරවල් නෑ...බිම අඩිය තියන්න බෑ මඩ තට්ටුව අඩි 3ක් විතර ඇති..
ගේ දිහා බලාගෙන අඩනවා ඇරෙන්න එදා වෙන වැඩක් කරේ නෑ..ඒත් ඊට පස්සේ දවසේ ආයේ ආවා..මුල ඉදලා වැඩ පටන් ගත්තා...කුනු ගද ඉවසගෙන මඩ තට්ටුව අයින් කරා..ගේ ඇතුලේ අපේ කියලා කිසිම බඩුවක් නෑ..අදින්න ඇදුමක් වත් නෑ...නෑදෑයොන්ට පින් සිද්ද වෙන්න අදින්න ඇදුම් ලැබුනා..අපි දුක් උනේ නෑ...අපේ ජීවිත වලට දෙවි පිහිටෙන් කිසිම කරදරයක් උනේ නැති නිසා.ගෙදර යම් තත්වෙකට සුද්ද කරත් ගෙදරට කරන්ට් නෑ...
මාසයක් විතර යනකොට අපිට ගේ පදින්චියට එන්න පුලුවන් වෙන්න හදා ගන්න පුලුවන් උනා..
දැන් නම් අඩුවක් නැතුව අපි අපේ ජීවිත හදා ගෙන...ඒත් ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ..
ගොඩක් ජීවිත නැති උනා...සමහර විට සුනාමියට අහු උන ජීවත් වෙලා ඉන්න ගොඩක් අය ගේ කතාවත් මේ වගේම වෙන්න ඇති.
හැබයි තාමත් අපි මුහුදට ආදරෙයි....ඉස්සර වගේ හැමදාම මුහුදට යන්න වෙලාව නැති උනත් පුලුවන් වෙලාවට ගිහින් ඉර බහිනවා බලන්න ආසයි...
"සුනාමි උවදුරින් අප අතරින් ව්යෝ ඌ සියලු දෙනාගේ සසර ගමන කෙටි වේවා"යි අක්ෂරයේ පැතුමයි