Showing posts with label -ඉරු-. Show all posts
Showing posts with label -ඉරු-. Show all posts

Sunday, July 1, 2012

හිනාවෙන් මැණික......(by රත්ගමයා)

10 ප්‍රතිචාර | Read more...

ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ


පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා


කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

Thursday, June 21, 2012

මතකය........

4 ප්‍රතිචාර | Read more...
 
 
වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව
වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම සදහටම

Wednesday, March 16, 2011

සිරිපා ගමනේ මතක සටහන්...............

10 ප්‍රතිචාර | Read more...


මේ ඉන්නේ අපේ සිරිපාද වන්දනා කරපු කට්ටිය..ඕන් වීඩියෝ එකෙන්ම බලාගන්නකෝ.....





මේ තියෙන්නේ බූරුවා කවුද එපිසොයිඩ් එක....සීතලයද හාවද......
කවුද මුන් දෙන්නගෙන් බූරුවා වෙන්නේ






මේ තියෙන්නේ බූරුවා කවුද හම්තුමයි චේ උන්නැහෙයි අතර සටන...






අම්මෝ...තව නම් මහ ගොඩක් තියෙයි දාන්න...ඒත් මේ ටික දැම්මේ එක පාරටම ඒ දවස් මතක් උන නිසා...
ඔන්න සයිබර් සැනකෙලියෙදි අපි ආයේ හම්බෙනවා.....
එතකල් ජය වේවා!!!!

Sunday, March 13, 2011

රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි

28 ප්‍රතිචාර | Read more...
රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි..---------------------------------------------------------------------------------------------------------
  ඒ මොකක්ද මේ........හැක් වෙලා නේද....
මේ ලගදි ඉදලා ඔය වචනේ කුජීත කුප්ප තුප්පහි වෙලා තියෙන්නේ...එක එකා හැක් වෙනවා..ආතල් එකට හැක් වෙනවා...ප්‍රසිද්ද වෙන්න හැක් වෙනවා,,,බ්ලොග් අවකාෂය අසූචි වෙලා කොහේවත් යන ගොබ්බ රැලක් නිසා..ජාතිවාදියෝ,ආගම්වාදියෝ පිරිලා මේකේ..එකෙක් එක ආගමකට බනිනවා..තව එකෙක් තව ආගමකට බනිනවා...බ්ලොග් වලින් බැන ගන්නවා...මීට වඩා හොදයි නේ බොලව් උඹලා ෆෝන් නම්බර් හුවමාරු කරගෙන බැනගනිව්...අර හච් කපල් පැකේජ් එක තියෙන්නේ..අන්න ඒක ගනින්..ලාබයි..පේල්න්ටියක් ගහගෙන උඹලගේ ආගම් ප්‍රශ්න සාකච්චා කර ගන්න පුලුවන්...ඊට පස්සේ බොලාම එකතු වෙලා ත්‍රිපිටකේ හර කුරානේ හරි වෙනස් කරානම් හරි..
යකෝ....බ්ලොග් එකකින් කුප්ප ආතල් ගන්නේ නැතුව මිනිහෙකුට වැදගත් වෙන දෙයක් දාපියව්...මොහොමඩ් කියලා එකෙක් ඉදියා....ටැබූ කියලා එකෙක් ඉදියා...රාල කියලා එකෙක් ඉන්නවා..
මම නම් මේ එකෙක්ගෙ වත් බ්ලොග් එකක් බලලා නෑ...මුන් මෙච්චර වැඩකාරයෝ නම් ඇත්තටම තමන් කවුද කියලා පේන්න ලියන්න එපැයි...
ඔන්න ඉතින් බ්ලොග් අවකාෂටෙ ආතල් සපයන මමත් අක්ෂරේ හැක් කොරා.....අපිටත් යමක් කමක් තේරෙනවා....
දැන් දැන් මේකේ මහ ලොකු පොරවල් ඉන්නේ...හැක් කොරන්න හෙන බරකින් ඉන්න එවුන් ඉන්නේ
               වැඩකාරයෙක් වෙයන්.....පඩ වලින් නෙමේ වැඩ වලින්.....

Saturday, March 12, 2011

වෙඩි හඩ නො ඇසුනාවේ.............(by රත්ගමයා )

13 ප්‍රතිචාර | Read more...

''පොඩ්ඩි,ගෙට වරෙන් බන්..බලන් ඉදියට තේරුමක් වෙන්නේ නෑ.අද එන පාටකුත් නෑ..''
මැණිකාගේ හඩ පොඩ්ඩිට ඇසුනාදැයි නොදනිමි.පොඩ්ඩි නොසෙල්වී ගුරු පාර බලා උන්නාය
"උඹලගේ අයියා කියන දේ අහන ජාතියේ එකෙක් නෙමේ නේ..ඕක මටයි උඹටයි වඩා අදරේ මේ රටට..පෙට්ටියකින් ආවත් හමුදාව දාලා එන්නේ නෑ"
''මූසල කතා කියන්න එපා අම්මේ."
පොඩ්ඩිගේ හඩ දරුනුය
''පෙරේදා ආමි ජීප් එක ගුරු පාරෙන් එනකොට මම හිතුවේ අපේ ගෙදරට කියලා..පැතුම් කොල්ලත් අහින්සකයා ..පව්ල ගොඩ ගන්න හිටපු එකා..කරනේලිසා අඩනවා දැක්කම වාවාන්නේ නෑ බන්..''
''අනේ අම්මේ..මේ ඉර බැහැගෙන යන වෙලාවේ ඔය කතා නොකිය ගෙට යන්න.මම තව ටිකක් බලලා එන්නම්..''
''දැන් උඹ කීයේ ඉදල ඔතනද පොඩ්ඩියේ..මට දුකයි දෙයියනේ උඹ ගැන.''
'' හ්ම්ම්ම්ම්ම්....යමු යමු ඇතුලට.අම්මා මෙතන ඉදලා මගේ ඔලුවට විකාර දානවා.''
පොඩ්ඩි මවගේ අතින් අල්ලා ගෙට ගොඩ වූවාය..
උලමෙකු කෑගසන හඩ ඇසේ.වැහි බර අහසේ විදුලි ඉරක් ඇදි ක්ෂනයෙන් නොපෙනී යයි.....
ඈත ගුරු පාරෙන් දූවිලි මැදින් ආමි ජීප් රථයක් මතු වුනි...

(මේක මම ලිව්වේ 100 ට දාන්න හිතාගෙන..ඒත් මේකේ වචන 125 ක විතර තියෙනවා කියලා එවලා තිබුනා...මේකේ වචන තව අඩු කරන්න මට තේරෙන්නේ නෑ..ඒක නිසා රත්ගමයා බ්ලොග් එකේ හරි අක්ෂරේ හරි තමා දාන්න ඉතුරු වෙලා තිබුනේ...අන්තිමට හිතුවා මේක රත්ගමයගේ පන්නයේ කතාවක් නෙවෙයි කියලා...ඉතින්.....අක්ෂරේ තමා හොදම තැන )

Saturday, February 12, 2011

දෙපැත්තක්................

18 ප්‍රතිචාර | Read more...


හෙලෝ.....
හ්ම්ම්ම්ම්ම්ම්
කොහොමද වස්තු,හොදින් නේද?
හ්ම්ම්ම්ම්ම්ම්ම්
එහෙනම් එල..අම්ම උදේ වැඩද?
හ්ම්ම්ම්ම්ම්ම්
හපුච්චේ...දැන් අදත් කෑවේ කඩෙන්ද?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මල කෙලියයි නේ...ඔය කෑම ඉකේයියා නේ පැට්ටෝ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්
ඊයේ ගොඩක් රෑ වෙනකල් පාඩම් කරාද?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඒක තමා මේ කට හඩ අමුතු වෙලා
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
යකෝ නිදා ගනින් රත්තරනේ..ලෙඩ වෙයි
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ඇයි බබෝ හැම එකටම හ්ම්ම්ම්ම් කියන්නේ
මලිතු,
ඔය තියෙන්නේ...ඔහොම කතා කරන්න එපැයි මෙන්ටලේ...කියන්න
අපි මේක නවත්තමු........

Tuesday, February 8, 2011

The ජෙටා vs මුණසිංහ මයා..............

16 ප්‍රතිචාර | Read more...


රත්ගමයා ඉස්කෝලෙ ගිහිල්ලා අහවරයි නේ..ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියලා රත්ගමයා දන්නවා..පුලුවන් හැම වෙලාවෙම රත්ගමයත් හොරෙන් හිත හදිස්සියෙන් දුවනවා ආදරණීය ඉස්කෝලෙ හොයාගෙන..මේක රස කතාවක්..කතාවක් කිව්වට කතා දෙකක්..
      රත්ගමයලට භෞතික විද්‍යාව විෂය ඉගැන්නුවේ මුණසිංහ කියලා සර් කෙනෙක්..ගාල්ලෙ ඉන්න උන් නම් දන්නවා කව්ද කියලා...නිතරම කාට හරි කුප්ප කතාවක් කියල හිනැස්සුවට භෞතික විද්‍යාව නම් එල කිරට උගන්නනවා...සර්ට තියෙනවා කාර් එකක්..අලුත්ම භන්ඩේ..කාර් එක රතු පාටයි..මාර ආඩමබරෙන් තමා ඉන්නෙ කාර් එක ගැන..
    කතාවට සම්භන්ධ අනිත් චරිතේ තමා ජෙටා...නමින් අකිල උනාට ආදරේට කියන්නෙ ජෙටා...නම හැදෙන්නත් හේතු තියෙනවා..ඒව මෙතන කිව්වොත් මේක කියවන්න එන කට්ටිය ආයෙ මේ පැත්තෙ එන්නෙ නෑ.
                           .ඔන්න මුණසිංහ සර් උගන්නනවා...ජෙටා ඉන්නෙ ඉස්සරහම පේලියේ සර්ගේ කට දිහා බලන් ඉන්නවා..පාඩම බලය.. ..සර් කියල දෙනවා රූප බෝර්ඩ් එකේ ඇද ඇද.."කාර් වල ශොකට් තියෙනව නේදැකලා තියෙනවද..ඒකෙන් රෝදෙ මත යෙදෙන බලය අඩු වෙනවා..මේ විදිහට තමා ක්‍රියාත්මක වෙන්නේ...රායිට්..".ජෙටා පොපිය පොපිය ඉදියේ..සර්ට කියල 1 දාගන්න.මූට මතක් උනා සර්ගේ කාර් එක ගැන.මූ පැනපු ගමන් සර්ගෙන් අහපි."සර්.සර්ගේ එකෙත් එහෙම ශොකට් තියෙනවද.කොල්ලො හිනා වෙනවා..සර්ටත් දැන් නෝන්ඩි..මෑනුත් අත අරියෙ නෑ..දුන්නා ජෙටාට ආයේ කට නොඅරින්න ටෝර්ක් එකක්."මගේ එක...මගේ එක පෙන්නනවා මම මෙතන කොල්ලො ඉදියෙ නැති නම්"
  එදා ඉස්කෝලෙ ඉවර වෙනකල් ජෙටා කතා නෑ...කොල්ලෝ අහනව ඉතින් උගෙන්.."ඒ බන් සර් ගෙ එකේ ශොකට් තියෙනවද කියල"
           මේ තමා දෙවෙනි කතාව..එදත් පුරුදු විදිහට සර් උගන්නනවා..අපේ පන්තිය තියෙන තැනට ඉස්කෝලේ ඇතුලෙ තියෙන ප්‍රධාන පාර හොදට පේනවා..ජෙටා ඉදියේ ජනේලේ ලග..මූ ජනේලෙන් එලිය බලන් ඉන්නවා කම්මුලට අතකුත් තියාගෙන..පාරෙ යනවා ටිකක් විතර වයස (60-65 විතර ) ආච්චි කෙනෙක්..මූ ඒ දිහාම බලන් ඉන්නවා..මෙලෝ සීහියක් නෑ...සර් දැක්කා මූව...මෙච්චර පණ දාගෙන උගන්නනවා..මේ යකා පාරේ නාකි ආච්චිලා දිහා බලන් ඉන්නවා."..කොහෙද බලන් ඉන්නෙ..මම මෙහේ උගන්නනවා..තමුසේට ඉතින් නාඩි වැටෙනව නම් ඕන එකක් නේ ඕයි....."..
හික්....සර් එදා කියපු කතාව නම් සහතික ඇත්ත..ඌට නාඩි වැටෙනව නම් ඕන එකක්....
මොන මොන පිස්සු ආතල් ගත්තත් අපේ කොල්ලෝ සෙට් එක එලට ඉගෙන ගන්න එක නම් කරා...

Sunday, January 30, 2011

රත්ගමයා ආයේ ඇවිල්ලලු..........

5 ප්‍රතිචාර | Read more...

රත්ගමයා බ්ලොග් කෙරුවාවට ඇවිල්ලා මාස 6ක් විතර ඇති මයේ හිතේ.මීට සති 3කට විතර කලින් ලමයා මුහුනු පොතේදි රත්ගමයට හම්බ උනා...උඹ ආයේ ලියන්නේ නැද්ද? ඕක තමා මුලින්ම අහපු ප්‍රශ්නේ."ලියනව නම් කියපන්.අපි අක්ෂරය කියලා බ්ලොග් එකක් ලියනවා කැමති නම් වරෙන්." එදා මම අක්ෂ‍රයට ලියන්න කැමැත්ත දුන්නා..එදා ඉදලා අක්ෂරයට ලියනවා.''කලින් බ්ලොග් එකට මොකද මලයෝ, උනේ'' කියලා ගොඩක් අය මගෙන් අහනවා.
ඒක ගොඩාක් දිග කතාවක්..රත්ගමයා ලියපු මාස 3 මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන මාස කීපයක් තමා..ජීවිතේ විදින්නේ කොහොමද කියලා බ්ලොග් ලියන කාලේ ඉගෙන ගත්තා.ඉස්සර සමහර විට මාසෙකට බ්ලොග් පෝස්ට් 20ක් විතර දානවා.මාස 3ක් ඇතුලත ගොඩාක් යාලුවෝ හම්බුනා.එයාල තාමත් බ්ලොග් එක ලියනවා..ඒත් රත්ගමයා බ්ලොග් එක නැවැත්තුවා..නැවැත්තුවම ගොඩක් අය හෙව්වා..ඊමේල් ආවා ගොඩාක්..මුහුනු පොතේ දන්න දන්න හැම කෙනාම ඇහුවේ මොකෝ යකෝ ලියන්නේ නැද්ද කියලා.මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..මාසයක් ඇතුලත 10,000 ක් බ්ලොග් එක බලලා තිබ්බා.. 100ක් විතර යාලුවෝ රොත්තක් හිටියා..
මෙච්චර කට්ටිය රත්ගමයට ආදරේ කරනව කියලා මම දැනන් ඉදියේ නෑ..අඩුම ගානේ මම වත් දැනන් ඉදියේ නෑ මට ලියන්න පුලුවන් කියලා.ඒත් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් වැඩටෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..දැන් රත්ගමයා අලුතෙන් බ්ලොග් එක පටන් අරන්...ඒ නමින්ම වෙනස් තැනක..ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඒක...ආයේ බ්ලොග් එක පටන් ගන්න අක්ෂරය ලොකු උදව්වක් උනා කියලා හිතෙනවා..ආයේ ලියන්න කැමැත්ත ඇති කරේ අක්ෂරය..ලියන්න ඕනකම ඇති කරේ අක්ෂරය...මාව මේකට එකතු කරගත්ත ලමයට පින්..ඒ වගේමයි අක්ෂරය ලියන අනිත් යාලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූති.රත්ගමයා කියන්නේ තව දුරටත් මගේ බ්ලොග් එකක් නෙමේ..ඒක බ්ලොග් කියවන ඔයාලගේම බ්ලොග් එකක්...
                          ඉස්සර රත්ගමයව ඉස්කෝලේ යාලුවෝ හිතන් ඉදියේ නිකම්ම නිකම් කොල්ලෙක් කියලා..ඒත් රත්ගමයා මට වටිනා කමක් දුන්නා...දැන් මොකක් හරි ලියමනක් ලියව ගන්න උනාම කියන්නේ...''අඩෝ. අරූට ලියන්න පුලුවන් ඔය වැඩේ ඌට බාර දෙමු කියලා....ඉතින් මේ රත්ගමයා මට වටිනවා...දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න කාලේකියලයි මම හිතන්නේ..මගේ ඉස්සර යාලුවෝ ඔක්කොම ආයේ රත්ගමයා පැත්තේ එයි කියලා හිතනවා.......
මෙන්න බ්ලොග් ලිපිනය මෙතනින් යන්න
                                                       රත්ගමයා
(     ප.ලි     -    මම ලියපු පරණ පෝස්ට් ඔක්කොම රත්ගමයට ඉම්පෝර්ට් කරා...)

Sunday, January 16, 2011

අවසන් නිසැදැස.......

12 ප්‍රතිචාර | Read more...

මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
 ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්‍රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....

Wednesday, December 29, 2010

ආදරේ කාටද?????

12 ප්‍රතිචාර | Read more...




වෙලාව රෑ 7ට විතර ඇති..ජන්ගම දුරකථනය නාද උනේ කෙටි පනිවිඩයක් ලැබුන නිසා..කාගෙන්ද කියල දැන දැනත් මම බැලුවා...ආහ්.....මගේ යාලුවෙකුගෙන්..හොද යාලුවෙකුගෙන්.එයාගෙන් ලොකුම ලොකු ප්‍රශ්නයක්..

ඉරුට වඩා අපි සදුට ආදරේ කරන්නේ මොකද අහනවා..අනේ මන්දා මොනවා කියන්නද කියලා.ඇත්ත්ටම අපි ආදරේ ඉරුටද,සදුටද?

ගොඩක් අය කියයි සදුට කියලා.සදු ලස්සනයි..හැඩයි...ඉරුට වගේ නෙමේ සදුට ගොඩාක් ලන්වෙන්න පුලුවන්.

තරු ගොඩාක් වට කරන් පුන්චි එලියක් විහිදගෙන කොච්චර ලස්සනට අහසේ පායනවද,,,ඒ ලස්සන කියලා නිම කරන්න බෑ...අපේ බ්ලොග් ලියන කට්ටියත් කොච්චර දෙනෙක් සදු ගැන නිසැදැස් ලියල තියෙනවද?

හැමෝමලා සදුට ආදරේ කරන්නෙත් ඉරුට නපුරුකම් කරන්නෙත් ඇයි?

මෙන්න තව ටිකකින් ආයෙත් මැසේජ් එකක්.. ඒත් සදු ගැනමයි....සදුට ආදරේ හිතිලද කොහේද...

මම ඉරු...මම සදුට වඩා ඉරුට ගොඩක් ආදරේ...එයාට මම ඒක කිව්වා...මම ආදරේ කරන්නේ ඉරුට කියලා...මට ඒකට හේතු කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ....සල්ලි ඉවරටම ඉවර වෙලානේ අප්පා ෆෝන් එකේ....

ඊට පස්සේ එයා එක දිගට මැසේජ් එව්වා..මම අසරණ වෙලා බලන් ඉදියා...සදු ගැන ගොඩක් අගේ කරලා...මේක ඔයා කියවනවා..මම දන්නවා ඒ බව......මේ ඉරු...ඇත්තම ඉරුට ආදරේ කරන්නේ මොකද කියලා කියන්නම්...

ඔව්..ඔයා කියනවා සදු ලස්සනයි..ගොඩාක් ලස්සනයි..සදුට ලන් වෙන්න පුලුවන්..ඔව්..ගොඩාක් ලන්වෙන්න පුලුවන්..සදේ එලිය ගොඩාක් අඩුයි...ඔව්..සදු ලස්සනයි...සදුගේ එලිය අයිති කාටද කියලා ටිකක් හිතුවද...අනුන්ගේ එලියෙන් බැබලි බැබලි ඉන්න සදු ඔච්චරම වටිනවද? ඉරුට ලන් වෙන්න බැරුව ඇති..ඒත් ඉරු නිසා ඔයා..මම..අපි හැමෝමලා හුසම ගන්නවා..ජීවත් වෙනවා...ලස්සන කියන දේ අපි හැමෝම කොච්චර ලේසියෙන් රවට්ටනවද? ලස්සනට රැවටෙන්නේ නැතුව වටිනාකමෙන් කෙනෙක්ව මනින්න...

ඒක තමා මේ ඉරුට..මේ රත්ගමයට කියන්න ඕන....හිතන්න...තාමත් ආදරේ සදුටද?

(මේක ඉරුයි...සදුයි ගැන ලිව්ව උනාට හැබෑ ජීවිතේටත් අදාල වෙනවා කියලා අමතක කරන්න එපා....)

Sunday, December 26, 2010

අමිහිරි මතකයන් - දෙසැ 26

12 ප්‍රතිචාර | Read more...
අද තමා රත්ගමයා අක්ෂරයට ලියන මුල්ම දවස..මොනවද මුලින්ම ලියන්න ඕන....කිසිම දෙයක් හිතා ගන්න බෑ....ලමයා මාව මේකට එකතු කරගන්න ඇත්තේ රත්ගමයා මොකක් හරි කට කැඩිච්ච කතා ටිකක් ලියයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඇති...ඒත් අද ඒ බලා පොරොත්තුව කැඩෙනව...මට සමාවෙන්න...


                    අද දෙසැම්බර් 26..මීට අවුරුදු 6කට කලින් අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා කාටවත් අමතක නැතුව ඇති..සුනාමි කියන දේ කනට පලවෙනිපාරට අහන්න ඇත්තේ එදා වෙන්න ඕන..

මුහුදට අපි ගොඩක් ආදරේ කරා..හැමදාම මුහුදු වෙරලේ සෙල්ලම් කරන එක මගේ ජීවිතේ කොටසක් වෙච්ච කාලයක් තිබුනා.

එදා නත්තල් දවසට පස්සේ දවස..අපි හැමෝම සතුටින් ඉදියේ..ඒත් උදේම වෙනදා නැති විදිහේ අමුතු සද්දයක් මුහුද පැත්තෙන් ඇහුනේ මොකක් හරි වෙන්න යනවා වගේ..රත්ගමයත් එලියට බැස්සේ මේ සද්දේ මොකක්ද බලන්න...

විශ්වාස කරන්නත් බැරි දෙයක්...ලොකු රැලක් මුහුද පැත්තෙන් එනවා..මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා...දුවන්නද...නැවතිලා බලන් ඉන්නද...

හිත හිතා ඉන්න වෙලාවෙදි ඉන වෙනකල් වතුර පිරිල්;ටික වෙලාවකින් පාවෙලා යනවා දැනුනා....ඒත් කකුල් පොලවේ ගහගෙන අමාරුවෙන් හරි ඉන්න පුලුවන්...ඔය වෙලාවෙදි තමා ගහක් හරි මොකක් හරි එකක් අතට අහු උනේ...වතුර පාර බැහැලා යනකල්ම ඒකේ එල්ලිලා ඉන්න පුලුවන් උනා...යන්තම් වතුර අඩු වෙනකල් ඉදලා දුවලා ගියේ ගෙදර අනිත් අයට මොනවා උනාද කියලා බලන්න..දෙවි පිහිටෙන් කාටවත් කරදරයක් වෙලා නෑ...ආයේ ටිකකින් තව රැල්ලක් ආවා...ඒක නම් එනවා ඈත තියාම දැක්ක නිසා දුවන්න පුලුවන් උනා...කොහොම කොහොම හරි දිව්වා,....හති හල හල දිව්වා...අපි දුවනවා හිනා වෙවී බලන් ඉදපු කට්ටියකුත් ඒ අතරේ ඉදියා...එයාල අපිව විහිලුවකට අරන්..මුහුද ගොඩ ගලන්නේ නෑ ලු...එහෙම කී දෙනෙක් මග ඉදලා කිව්වද..

ටිකක් දවල් වෙලා මමයි තාත්තයි ආයේ ආවේ ගෙදර බලන්න....ගේ වටේම තාප්ප බිම වැටිලා..ජනෙල් බිදිලා..දොරවල් නෑ...බිම අඩිය තියන්න බෑ මඩ තට්ටුව අඩි 3ක් විතර ඇති..

        ගේ දිහා බලාගෙන අඩනවා ඇරෙන්න එදා වෙන වැඩක් කරේ නෑ..ඒත් ඊට පස්සේ දවසේ ආයේ ආවා..මුල ඉදලා වැඩ පටන් ගත්තා...කුනු ගද ඉවසගෙන මඩ තට්ටුව අයින් කරා..ගේ ඇතුලේ අපේ කියලා කිසිම බඩුවක් නෑ..අදින්න ඇදුමක් වත් නෑ...නෑදෑයොන්ට පින් සිද්ද වෙන්න අදින්න ඇදුම් ලැබුනා..අපි දුක් උනේ නෑ...අපේ ජීවිත වලට දෙවි පිහිටෙන් කිසිම කරදරයක් උනේ නැති නිසා.ගෙදර යම් තත්වෙකට සුද්ද කරත් ගෙදරට කරන්ට් නෑ...

               මාසයක් විතර යනකොට අපිට ගේ පදින්චියට එන්න පුලුවන් වෙන්න හදා ගන්න පුලුවන් උනා..

දැන් නම් අඩුවක් නැතුව අපි අපේ ජීවිත හදා ගෙන...ඒත් ඒ දවස කවදාවත් අමතක වෙන එකක් නෑ..

            ගොඩක් ජීවිත නැති උනා...සමහර විට සුනාමියට අහු උන ජීවත් වෙලා ඉන්න ගොඩක් අය ගේ කතාවත් මේ වගේම වෙන්න ඇති. 

හැබයි තාමත් අපි මුහුදට ආදරෙයි....ඉස්සර වගේ හැමදාම මුහුදට යන්න වෙලාව නැති උනත් පුලුවන් වෙලාවට ගිහින් ඉර බහිනවා බලන්න ආසයි...
   
"සුනාමි උවදුරින් අප අතරින් ව්යෝ ඌ සියලු දෙනාගේ සසර ගමන කෙටි වේවා"යි අක්ෂර‍යේ පැතුමයි